Wednesday, September 1, 2010

[අපි නොදන්න තීන්දුව හෙවත්] 18වැනි ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට බාරදීම

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය තීරණය කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ රහසිගත තීන්දුව කතානායකවරයාට භාර දී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම රහසිගත තීරණය කතානායකවරයාට භාරදී ඇති බව එහි සඳහන්ය.  [ප්‍රවෘත්තියක්..]

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුග්ගල විනිස්චකාරයෝ දීපු තීන්දුව රහසේ දුන්නට, ඒකේ තියෙන්නේ මොනවාද කියලා අපි නොදන්නවයෑ නේද ආයුබොවං?

"දැනට බලයේ සිටින ජනාධිපතිවරයා තව නහුතවාරයක් ජනාධිපති වෙන එක මහින්ද චින්තනයට එකඟ බැවින්, එය මගින් ආණ්ඩුක්‍රම වියවස්තාවෙන් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යයට අබමල් රේණුවකවත් හානියක් සිදු නොවන බව ප්‍රකාශ කොට සිටිමු...."

එබැවින්,

1] මේ සංසෝදනය, පගාවදී හෝ ජෙනරාල්ට වුනු නස්පැත්තිය පෙන්වා බයකොට ගත් 2/3න් සම්මත වුනාම හොඳටම ඇතිය.

2] ගිය සැරේ සම්මත කරගත් ජනතා හිතවාදී 17වැනි සංශෝදනය මහින්ද චින්තනයට අහිතකර බැවින එය බල රහිත කිරීමේ 18වැනි සංශෝධන වලින් ජනතා පරමාධිත්වය තහවුරුවේ, එබැවින් එම සංසෝදනද වි‍යවස්තානුකූලය



3] නිතරම ආතතියෙන් සිටිනා, දැනටමත් "මට කිසි බලයක් නෑ, මං දෙන නියෝග පිලිපදින්නේ නෑ.." කියමින් හොටු පෙරන මැතිවරණ කොමසාරිස්ගේ ඉතුරු බලතලත් කප්පාදුකොට දැමීමේ සංසෝදනද වියවස්තාවට එකඟය.

4] මාසෙකට දෙකකට සැරයක් ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් මුලු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේම 
පැය 18කට 20කට කොමාන්ඩෝ බලකායේ හා ජනදිපති ආරක්ශක බලකායේ අත් අඩංගුවට පත්වී ජන ජීවිතය මුලුමනින්ම අඩාල කිරීම ඉමහත් ආස්වාදජනක ප්‍රගතිසීලී යෝජනාවක් බැවින් එයද වියවස්තාවට එකඟ බැව් කියමු.

5] වැඩිය වැඩගැම්මකට නැති, කැපුනාට කිසිම පාඩුවක් නැති වගන්ති දෙක තුනක් විතරක් වියවස්තාවට අනුකූල නැති බැවින් ඒවා සම්මත වීමටනම් 2/3
අමතරව ජනමත විචාරණයකින්ද සම්මතවීම අත්‍යාවශ්‍යය.

[.... ඕනෑ කරන ඔක්කොම පාස් කලා ඔන්න, රනිල්ට ලැබුණා වගේ වගේ පංච පුග්ගල අපිටත් අලුත්ම අලුත් වෙඩිනොවදින BMW පහක් ලැබුනොත් පිං .....] 

3 comments:

Ramachandra said...

ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චයකාරවරුන් පත් කරන්නේ ජනාධිපති.අග විනිසුරු පත් කරන්නේ ජනාධිපති.අමෙරිකා‍වේ මේ වගේ ඉහල පත්කිරීම් වලට සෙනෙට් සභාවේ අනුමැතිය ඕනෙ කරනව.නමුත් එවැනි කිසිදු පාලනයක් නැති නිසා මේ සමස්ථය ජනාධිපතිගෙ තනි අභිමතයට යටත්.ව්‍යවස්ථාදායකය විධායකය අධිකරනය අතර බලතල බෙදීම ගැන පැරනි පාඩම් විධායක ජනාධිපති ක්‍රමය ඇතුලෙ ජෝක් එකක්.මුලු රාජ්‍ය බලය විධායකය වටා සංකේන්ද්‍රිතයි.අඩුම තරමින් නිදහස ලැබූ අලුත ලංකාවෙ තිබුන ගෞරවනීය අධිකරන සේවය සහ සාපේක්ෂව සිය ‍වෘත්තිය ගෞරවය ආරක්ෂා කරගන්න විනිසුරන්ට ලැබුනු අවස්ථාවට සාපේක්ෂව වර්තමාන තත්වය ඉතාම කනගාටුදායකයි.

රංචාගොඩ මුදියන්සේ said...

රාමචන්ද්‍ර සොයුර, ඔබගේ අදහසට මම 100% එකඟ වෙමි. ඉතා ගෞරවාන්විතව සැළකියයුතු ශ්‍රේෂ්ඨාධිකරණය,එහි විනිසුරුවරුන් හා තීන්දු පිලිබඳව උපහාසයෙන් කතාකරන්නට සිදුවී ඇත්තේ ඔබ ප්‍රකාශකල පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් හා ජනපති අතර ඇති මේ conflict of interest හා එමගින් අපට ලැබී ඇති පූර්වාදර්ශ නිසාය

Anonymous said...

Mekath itin nariya midi titai kiwwa wage tamai