Friday, June 1, 2012

කුවේණිගේ රෝසපාට ජංගිය ජාතියන්තර කුමණ්ත්‍රණයක්ද?



බලන්ඩ අනේ අපේ නිර්මොල සන්ස්කෘතිය, සබ්බියත්වය හා ගැමි ලඳුන්ගේ සුන්දරත්වය විනාස කොරන්ට මුන් දැන් මහාවංසෙ ගැන රූගතවෙන චිත්තරපටිත් යොදාගෙන.

අපේ ජාතියේ ලොකු ඇන්ටී හා වැද්දන්ගේ ග්‍රේට්-ග්‍රෑන්ඩ් මදර් වන කුවේණිට මුන් රෝසපාට ජංගිත් අන්දලානේ. ඒකාලේ කොහෙද ජංගි තිබුනේ? කපු කැට්ටේ ජංගි මහන්නද? මොකෑ ඒකාලේ සුද්දියන්ට ජංගි මහන පැක්ටරි තිබුනායෑ මේ රටේ? එහෙම තිබුනානම් කුවේනි ඇන්ටිත් රටපටවන්න බැරි කොලිටි අඩු ජංගියක් ෆැසන් බග් එකෙන් හරි ෆැසන් හවුසියෙන්  හරි  ලාබෙට අරගෙන ඇන්දා කියන්න පුලුවන්නේ.

මේක තනිකරම ජාතියන්තර කුමන්ත්‍රණයක්.

1. එක්කෝ මේක ජාතියන්තරේ ලොකුම ජංගිය වෙන හිලරි ක්ලිටොන් මැඩම්ගේ වැඩක්. අනුන්ට ජංගි අන්දන එකම තමයි ඒ ගෑනිගේ වැඩේ.

2. නැත්නම් ගෑනු ජංගි විකුණීම වියාපාරෙ කරගත් වික්ටෝරියාස් සීක්‍රට් වගේ ඇමරිකන් බහුජාතික බූවල්ලෙක් උන්ගේ ජංගි ලංකාවේ විකුණගන්න අටවපු මාර්කැටින් කුමණ්ත්‍රණයක්. සන්නාම තානාපති විදියට මුන් අරගෙන තියෙන්නේ කුවේණි! කොහොමද කුමන්ට්‍රණේ?

3. එහෙමත් නැතිනම් ලංකාවේ ඉන්නේ මහ අසීලාචාර මිනිසුන්ය, ගෑනු ජංගි පෙන්නමින් උඩ පනිනවාය කියලා ලංකාව ජාතියන්තරව අපකීර්තියට පත් කිරීමේ ඇන්ජීඕ කොටි ඩයස්පෝරා කුමණ්ත්‍රණයක් වන්නටත් බැරිය.

කෙසේ හෝ මේ කුමණ්ත්‍රණය පරාජය කල යුතුමය!

 ජනපතිතුමනි, මේ අසීලාචාර ජංගි පෙන්වීම ඔබේ අවධානයට.... පපර පපර පාං....! (ඔබතුමා මේවගේ ප්‍රස්ණ විසදන්න හරි දස්ස බව අපි දන්නවනේ!)


ප.ලි. 

හොඳ වෙලාවට මේකි ජංගියක් ඇඳගෙන හිටියේ. බැරිවෙලාවත් කුවේණිගේ චරිතයට හොඳටම සමීපවෙන්න හිතලා ජංගිය නැතුව පැන්නානම් කොහොමද? අන්න කුමණ්ත්‍රණ!!

ප.ප.ලි.

අනේ බොලල්ලා වෙන වැඩ නැද්ද මේවත් පොලිටිකල් නිවුස් වෙබ්සයිට්වල දාගෙන ලොකුවට දඟලන්නේ?

දැන් ඉතින් ඕකෙ රඟපාපු ගෑනියි, කැමරාව අල්ලපු එකයි, ඩිරෙක්ටර් දුලානි අනුරාදා ගෑනියි, ඔය තත්පර ගාන කපලා අයින්කරන්න මොලේ නොතුබුනු (නැත්නම් කුපාඩිකම වැඩිවු) එඩිටර් ගොනයි, ප්‍රඩියුසරයයි ඔක්කෝම අමාරුවෙනේ.

මේවගේ දේවල් ලොකුවට පුප්පන අමන සුචරිත කාරයෝ ඉන්න  රටක වැඩක් කරනකොට පරෙස්සමට කරන්න මුන් දන්නෙම නැද්ද??

13 comments:

ජයශ්‍රී said...

@මේවගේ දේවල් ලොකුවට පුප්පන ......
එහෙම කරල තියෙන්නේ ඔයා ම නේ මුදියන්සේ?

ජයශ්‍රී said...

ඓතිහාසික කතාවක් සිනමාවට හෝ වෙනයම් මාධ්‍යකට නැගීමේදී සිදු කරන්නේ ප්‍රතිනිර්මාණයකි.මෙහිදී එදා තිබූ දේ ‍එලෙසම දිනමා පටය තුල දැක්වීමට නිර්මාණකරු උත්සහ කරන මුත් එය අපහසු වන අවස්ථා නැත්තේ නොවේ.බටහිර චිත්‍රපට වල පවා චිත්‍රපටයට පසුබිම් වූ කාළයට නොගැලපෙන දේ (උදා විදුලි කම්බි, ඇඳුම් වල ඇති වෙළඳ නාම ආදිය) දර්ශනය වූ වාර අපමණය.මේවා කෑගැසීම්ට (බ්ලොග් ලිවීමට) තරම් දේවල් නොවේ.අතීතයේ තිබූ ගස්වැල් පවා අද දක්කට නැත.

යෝධයා said...

ලියන ලියන පෝස්ට් එකක් ගානෙ ඔයාම අනාගන්න එක දැන් පුරුද්දක් වෙලාවගේ...

මෙච්චර කාලයක් ඉන්නැත්තෙ කව්වරුහරි ඕක ගැන බැනලා ලිපියක් දානකම්.

ඉවසලා ඉවසලා බරිම තැන තමුංම බැනලා ලිපියක් දාගන්නවා.

ඊටපස්සෙ සමාජයට බනිනවා... ඕකද ප්ලෑන උන්නැහේ???

කාට කියන්නද?

රංචාගොඩ මුදියන්සේ said...

කට්ටියට තදවෙලා වගේ

@යෝධයා...

මම මගේ බ්ලොග් එකේ නෙ අනාගන්නේ.....ඔබතුමා නාගන්නේ නැතුව කියවලා අකමැතිනම් යන්නකෝ.....

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී said...
ඓතිහාසික කතාවක් සිනමාවට හෝ වෙනයම් මාධ්‍යකට නැගීමේදී සිදු කරන්නේ ප්‍රතිනිර්මාණයකි.මෙහිදී එදා තිබූ දේ ‍එලෙසම දිනමා පටය තුල දැක්වීමට නිර්මාණකරු උත්සහ කරන මුත් එය අපහසු වන අවස්ථා නැත්තේ නොවේ.බටහිර චිත්‍රපට වල පවා චිත්‍රපටයට පසුබිම් වූ කාළයට නොගැලපෙන දේ (උදා විදුලි කම්බි, ඇඳුම් වල ඇති වෙළඳ නාම ආදිය) දර්ශනය වූ වාර අපමණය.මේවා කෑගැසීම්ට (බ්ලොග් ලිවීමට) තරම් දේවල් නොවේ.අතීතයේ තිබූ ගස්වැල් පවා අද දක්කට නැත.
-----------------------------

කෑගහන්න කලියෙන් ලිපියේ දාල තියෙන ඔරිජිනල් ඊ නිවුස් ලිපියේ ලින්ක් එක කොටලා ඒක කියවලා හිටියොත් නරකද?

Anonymous said...

මුට පිස්සු ...........

රොබින් said...

අයියෝ සල්ලි කිව්වලු....

Anonymous said...

'jaya sri' kade yanna hapanaa!!!!!
dan buuruwanshata kade gehela ewaraida?kaleken awada anduwe bettata karagahanna?????

ජයශ්‍රී said...

@Anonymous June 1, 2012 2:52 PM :
කශේරුවක් තියෙනව නම් (බොරු හරි) නමකින් පෙනීසිටිනවද?
හැංගිල ඉදන් කෑගහන්නේ නැතිව.
මම කාටද කඩේ ගියේ?කොහෙදිද?කවුද ඔය කියන බූරුවහන්සේ? (සමහර විට ඒ ඔහේගෙ නම වෙන්නත් ඇති)
(සිංහල ටයිප් කරන්නත් ඉගෙන ගන්න)

Anonymous said...

පට්ට ගල් දෙක මචෝ...

ජයශ්‍රී said...

@"කෑගහන්න කලියෙන් ලිපියේ දාල තියෙන ඔරිජිනල් ඊ නිවුස් ලිපියේ ලින්ක් එක කොටලා ඒක කියවලා හිටියොත් නරකද?"

අමාරුවෙන් ඒකත් කියවගත්තා.ඒකෙත් තියෙන්නේ කලුවා (මේඝවර්ණ) ලියපු සටහනක් නේ.මගේ කොමෙන්ටුව නිශේදනය වන දෙයක් එතන නෑ.යෝධයා කියනව වගේ මුදියන්සේත් මේඝවර්ණත් තමුන්ම මනක්කල්පිත සතුරෙක් නිර්මාණය කරල ඌට පහර දීල සතුටු වෙනවා.

Anonymous said...

ජය ශ්‍රීට නම් පිස්සුම තමයි. වැරැද්ද පිළිගැනේ නැතුව බයිලා ගහනවා

Anonymous said...

ජයශ්‍රී

///.බටහිර චිත්‍රපට වල පවා චිත්‍රපටයට පසුබිම් වූ කාළයට නොගැලපෙන දේ (උදා විදුලි කම්බි, ඇඳුම් වල ඇති වෙළඳ නාම ආදිය) දර්ශනය වූ වාර අපමණය.මේවා කෑගැසීම්ට (බ්ලොග් ලිවීමට) තරම් දේවල් නොවේ.අතීතයේ තිබූ ගස්වැල් පවා අද දක්කට නැත.////

බටහිර රටවල FILM වල ඔහොම වැරදිච්ච තැන විනාඩි කිඉපයක ප්‍රචාරන දැන්වීමට දානවද?
මොලේ ඇබින්දක් තිබේනම් ඕනි කමින් දන එකයි වැරදිලා වෙටෙන් එකයි හදුනාගන්න