Monday, March 26, 2012

උරුලෑවාගේ ආගමනය [The Skunk Returns]


ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගුදවාතය වූ උරුලෑවරිගේ මැරවින් සිල්වා නැවත සැඟවී සිටි පොල්කට්ටෙන් එලියට පැන සිය ගඳ පතුරුවන්නට පටන්ගෙන ඇත. මුන්නේස්වරම් දේවාලයේ කාලි මෑණියන්ගේ සාපය වදින්නට ඇතැයි බියෙන් ගණිකාවක් ලවා පූජා තබ්බවාගත් උරුලෑවා ඉන්පසුව කැළණියේ පැරණි ගෝලයන්ගේ විප්ලවය නිසා මදක් පසු බා සිටියේය.

එහෙත් යලි කරලියට පැමිනි මේ ගුදයා දැන් රටම යලිත් අපකීර්තියට පත්කොට ඇත්තේ ජීනීවා ගොස් රජයට විරුද්ධව ක්‍රියාකල මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අත පය කඩනවා අයයි කීමෙනි.

පාකියසොත්ති ඇතුලු පිරිස මෙය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර සිදුවන දෙය අපි බලා සිටිමු. එක්ස්ටසි විකුණන කොළුවාත් ලඟදීම දේශපාලනයට එනවාලු. එතකොට නාමලට හොඳ ගෝලයෙක් ලැබෙයි. උරුලෑවා තාත්තාගේ ගෝලයා. උරුලෑ පැටියා පුතාගේ ගෝලයා...


7 comments:

මාතලන් said...

මූවම මරන් කන්න නරකයි. එකම දේ මූ කිය කිය කරනවා. අනික් උන් අප්‍රසිද්දියේ ගේම ගෙනියනවා ජෝන් බාස් වගේ. මේ වත්මන් ලාංකීය දේශපාළණයේ සැබෑ මුහුණුවරයි...

Anonymous said...

මාතලන් ගමේ කමට අදිනවා නේද

Anonymous said...

මෙන්න එන් ජි ඔ මතය ජනතාවට පැතිරීමට කුලියට ලියන තවත් එකෙක් .මුන්ට මේවට ගෙවන්නේ ඩොලර් වලින්

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
මෙන්න එන් ජි ඔ මතය ජනතාවට පැතිරීමට කුලියට ලියන තවත් එකෙක් .මුන්ට මේවට ගෙවන්නේ ඩොලර් වලින්
-------------------------

ඇනෝ, නුඹලා වැනි අසරණ මන්දබුද්ධිකයින්ට අපි අනුකම්පා කරමු. මන්ද යත්;

1] නුඹලාගේ ආණ්ඩුවට විරෝධතාවයක් කරන්නටත් අරුක්කු, බත් පැකට් හා ගමන් වියදම් දිය යුතුය. උඹලා හිතන්නේ ආණ්ඩුවට විරුද්ධ මිනිස්සුත් ඒවගේම කාගේ හෝ ඩොලර් කොළයට ලියනවා කියලාය.

2] ඒ නුඹලාගේ හිඟන, දවස් කුලී මානසිකත්වය මිස වෙන කිසිවක් නොවේ. උඹලා සිංහ කොඩිය උස්සන්නේත් නාට්ටාමිලා මෙන් දවස් කුලියට බව අපි දනිමු.

3] නුඹලාගේ දුප්පත් කම, නැති බැරි කම ගැන ආපට දුකක් දැනෙන මුත් ඒ සඳහා අපට කල හැකි දෙයක් නැත. වෛර කිරීම දුප්පත් කමට විසඳුමක් නොවේ. වෛරකරමින් කාළය ගත නොකොට මහන්සිවී වැඩ කරපල්ලා...

4] නුඹලාගේ වීරයා වූ වීරවංසයා කේ.ෆ්.සී තහනම් කරනු, කොකා කෝලා තහනම් කරනු කියමින් බෙරිහන්දෙන්නේ එයින් ඇමරිකන් කාරයාට රිදෙන නිසා නොව, කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස් කන එවුන් දිහා බලමින් බඩ අතගගා හූල්ලන නුඹලා වැනි සිඟන්නන්ගේ කාළකන්නි සතුට පිනිසය.

5] කොකාකෝලා, කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස් තහනම් කල විට රිදෙන්නේ ඇමරිකාවටවත්, ඒවායින් කන බොන සල්ලි කාරයින්ටත් නොව ඒවා වල රැකියා කරන ගම්වලින් කොළඹ ආ දුප්පත් කොල්ලන් කෙල්ලන්ට පමණි.

6] උන්ගේ රස්සාද නැතිවී උන්ටත් උඹලා වගේම හිඟමනට වැටෙන්නට සිදුවෙනු ඇත. එතකොට දවස් කුලියට සිංහ කොඩු උස්සන්නට සූදානම් එවුන් වැඩිවනු ඇත.

7] උඹලා අදහන, පුක ඉඹින නායකයින්ට ඕනෑත් එයමය. උන්ට ඕනෑ කියන කියන වෙලාවට දවස් කුළියට කොඩි උස්සාගෙන උද්ගෝසනය කල හැකි උඹලා වැනි හිඟන්නන්ගෙන් රටම පිරවීමයි.

Anonymous said...

දිගට හරහට පෝස්ට් දාද්දී උරුලෑව ආගමනය වෙච්ච බව දැණුන!

Anonymous said...

//ඇනෝ, නුඹලා වැනි අසරණ මන්දබුද්ධිකයින්ට අපි අනුකම්පා කරමු. මන්ද යත්;//

නියමයි කණ්ඩුල well said

නරකයා....!! said...

පොස්ට් එකට වඩා උඩ කොමෙන්ටුව සිරා.. සමාජ ඊරිසියාව අවුස්සලා ආතල් එකක් දෙන එක තමයි එදා ඉදන් වමේ ය කියා ගන්න පක්ෂ කලේ