Wednesday, March 21, 2012

ජාතික භින්නෝන්මාදය - part I



Schizophrenia නමින් භයානක මානසික රෝගයක් තිබේ. එයට සිංහලෙන් කියන්නේ භින්නෝන්මාදය කියායි. භින්නෝන්මාදය මානසික රෝග අතුරින් භයානයකම රෝගයයි. සුමනදාස සමරසිංහ වියතානන්ගේ "මිනිස් සිතේ හාස්කම්" පොත් පෙල කියවා ඇත්නම් මා මේ කියන්නට යනදෙය වඩාත් පැහැදිලිවනු ඇත.භින්නෝන්මාදයෙන් පෙලෙන්නන් විකාරරූපී හැසිරීම් රටාවන් පෙන්වයි. සමහරුන් දැඩි මානසික අවපාතයකින් පෙලෙයි. ඔවුන් ජීවිතය ගැන දැඩිලෙස කළකිරී සිටින අතර ජීවත්වීමෙන් වැඩක් නැතයි සිතා සියදිවි හානිකර ගැනීමට පෙළඹෙයි.  තවත් භින්නෝන්මාදකරුවන් වියරු මානසික රූප මැවී පෙනෙයි. සමරුනට භයානක යක්ශයින් සතුන් තමන්ව මරාගෙන කන්නට එන ලෙසක් පෙනෙයි. භින්නෝන්මාදකරුවන් වියරුවෙන් කෑගසමින් දුවන්නේ, කෝලහාල කරන්නේ එබැවිනි. ඔවුන් මෙම මනෝරූපී සතුන්ගෙන් බේරෙන්නට තැත්කරයි.

තවත් දරුණු භින්නෝන්මාද තත්වයක් නම් අසීමාන්තික සැකයයි. නෑසෙන මානයේ දෙදෙනක් කතාබහක යෙදී සිටිනවා යයි සිතන්න. භින්නෝන්මාද සැකයෙන් පෙලෙන්නා සිතන්නේ ඔවුන් ඒ කතාකරන්නේ තමන් ගැන කියාය. තමන් ගැන කතාකරමින්, තමන්ට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා යයි ඔවුන් සිතයි. කතාකරමින් සිටිනා දෙදෙනා සිනාසුනහොත් භින්නෝන්මාද රෝගියා සිතන්නේ ඔවුන් මේ සිනාසෙන්නේ තමන්ට අවඥාවට කියාය. මේ දරුණු සැකය නිසා භින්නෝන්මාද රෝගියා සෑම දෙනෙකු සමග ගැටුම් ඇතිකර ගනියි. තමන්ට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා, තමන්ව මරන්නට තැත් කරනවායයි කියමින් භින්නෝන්මාද රෝගියා අනෙකුන් හට චෝදනා කරයි.

අද ශ්‍රීලංකාවේ දේශප්‍රේමී සිංහල බෞද්ධ යයි කියාගන්නා මහින්ද රාජපක්ශ සරණගිය තලේබාන්කාරයින්ද මේ භින්නෝන්මාද රෝගයෙන් පෙලෙන බව දැන් ඉතා පැහැදිලිය. මේ භින්නෝන්මාදකාරයින් පුදුමාකාර සැකයෙන් වෛරයෙන් ජීවත්වෙයි. ඔවුන් සිතාගෙන ඉන්නේ මුලු ලෝකයම පමණක් නොව රටේම ඉන්නා තමන්ට මෙන් භින්නෝන්මාදය නැති සියලුදෙනා තමන්ව නැතිනම් තමන් බොහෝ ආදරය කරනවා යයි පෙන්වන සිංහල ජාතිය, ආගම සංස්කෘතිය විනාශකරන්නට කුමණ්ත්‍රණය කරනවාය යනුවෙනි. මේ දේශප්‍රේමී භින්නෝන්මාද රෝගින්ගේ සැකයට, වෛරයට සීමා මායිම් නැත. ඕනෑම කෙනෙකු කුමණ්ත්‍රණකරුවන් ගොඩට දාගන්නට ඔවුනට පුලුවන.

මොවුන් විවිධ ස්ථානවලදී සාඛච්චාවලදී රැස්වීම් වලදී දෙසාබානා ආකරයට සිංහල ජාතිය බෞද්ධ ආගම විනාශකන්නට කුමණ්ත්‍රණය කරන්නවුන්ගේ ලැයිස්තුවක් පහත දක්වා ඇත.එම ලැයිස්තුව දේශීය හා විදේශීය කුමණ්ත්‍රණකරුවන් ලෙස වර්ගකොට ඇත.

දේශීය කුමණ්ත්‍රණකරුවන්
  1. රනිල් වික්‍රමසින්හ 
  2. සියලුම දෙමළු (ඩග්ලස්, කරුණා, පිල්ලෙයාන් හා කේ.පී හැර )
  3. තමන්ට කඩේ නොයන සියලුම දේශපාලන පක්ශ හා සංවිධාන
  4. කෙලවරක් නැතුව වර්ගයා බෝ කරන මුස්ලිම්කාරයෝ
  5. බුදුදහමට වින කරන කතෝලිකයින්
  6. බුදුදහමට වින කරන ක්‍රිස්තියානි සභාකාරයින්
  7. බුදුදහමට වින කරන ක්‍රිස්තියානි මිශනාරීන්
  8. සියලුම එන්.ජී.ඕ ඩොලර් කාක්කන්
  9. කොන්ද පණ ඇති, කඩේ නොයන පත්තරකාරයින්
  10. කඩේ නොයන බ්ලොග්කාරයින්
  11. රටතුල ක්‍රියාත්මක වන බහුජාතික සමාගම්
  12. සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරමින් කොට ගවුම්, කලිසම් අඳින කෙල්ලන්
  13. සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරමින් කෙල්ලන් අතින් අල්ලාගෙන මුකුලු කරමින් යන කොල්ලන්
  14. මුහුදුවෙරලවල් වල, උද්‍යානවල පෙම්සුව විඳින ජෝඩු
  15. උපත්පාලන පෙති ගිලින ගෑනු
  16. රබර් කොපු පලඳින පිරිමි.
  17. ගෑනුන්ට පෙතියි, පිරිමින්ට කොපුයි බෙදන, උපත්පාලනය ප්‍රවර්ධනය කරමින් සිංහල ජාතිය වඳකරන්නට කැසකවන පවුල් සැළසුම් ආයතන.
  18. කිලී මහරාජාගේ සිරස
  19. සරත් ෆොන්සේකා වීරයෙකු යයි තවමත් සිතන හැම එකාම
විදේශීය කුමණ්ත්‍රණකරුවන්
  1. එක්සත් ජාතීන්ගේ සංවිධානය
  2. එජා මානව හිමිකම් කොමිසම
  3. ඇමරිකාව
  4. එන්ගලන්තය
  5. සුදු හම තියෙනා එවුන් ඉන්නා අනෙක් සියලු රටවල්
  6. ඉන්දියාව
  7. ජයලලිතා
  8. වයිකෝ
  9. කරුණානිධි
  10. දකුණු අප්‍රිකාව
  11. නවනීදන් පිල්ලේ
  12. බැං කී මූන්
  13. කොටි සංවිධානයට ආයුධ මිලදීගත් දෙමළුන් අතඩංගුවට ගත් ඇමරිකන් එෆ්.බී.අයි ආයතනය
  14. සී.අයි.ඒ
  15. ඊශ්‍රායල් මොසාඩ්
ලැයිස්තුව දිහා බැලුවහම භින්නෝන්මාද කාරයින්ගේ උමතුවේ තරම පේනවා ඇති. රටෙන් බාගෙකටත් වැඩිය මිනිස්සු දේශීය කුමණ්ත්‍රණකරුවන් ගොන්නට දාන්න පුලුවන්.

ලෝකයෙන් භාගයක් විතර  විදේශීය කුමණ්ත්‍රණකරුවන් ගොන්නට දාන්න පුලුවන්. ජනගහනය අනුව ඉන්දියාව, යුරෝපය හා ඇමරිකාව එක්කල විට ලෝක ජනගහනයෙන් භාගෙකට කිට්ටු කොටසක් ලංකාවට විරුද්ධයි. ආගම් අනුව ගත්තම මුලු ලෝකෙම අපිට විරුද්ධයි...


අලුත්ම අළුත් උදාහරණය.............
මන්මෝහන් සී.අයි.ඒ. නියෝජිතයෙක්, කුමන්ත‍්‍රණයට ඉන්දියාවත් හවුල්
 March 21, 2012 at 2:32 pm | Lanka C News.
ශ්‍රී ලංකාව හෙට දිනය වන විට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොටසක් බවට පත්වන බවත් ඊට ඉන්දීය සහායද නොමසුරුව ලැඛෙන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ සමගින්ම දශක දෙකක ඉන්දීය කුමන්ත්‍රණයද හෙළිවන බවත් ඒ සම්බන්ධයෙන් පුදුමවිය යුතු නොමැති බවත් එහි සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පැවසූයේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දියාවට අවශ්‍යවන්නේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැතැයිද පැවසූ ඒ මහතා අද වන විට කොන්ග්‍රස් පක්ෂ නායකත්වය ඉතාලි කාන්තාවක විසින් දරද්දී අග්‍රාමාත්‍ය ධූරය හාවර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ සී.අයි.ඒ. නියෝජිතයෙකු වන මන්මෝහන් සිං දරද්දී මෙවැන්නක් සිදුවීම ගැන පුදුමයක් නොමැති බවද සඳහන් කළේය.ශ්‍රී ජවහර්ලාල් නේරු වැනි තැනැත්තෙකු ඉන්දීය පාලනයේ නිරතවූවානම් මෙවැන්නක් සිදුනොවනු ඇති බවද සඳශන් කල ඒ මහතා ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව සමග ඉන්දියාව සිදුකළ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණය මේ වනවිට හෙලිවී ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.
 මේ මනුස්සයා භින්නෝන්මාදයෙන් පෙලෙන්නේ නෑ කියලා කාටහරි කියන්න පුලුවන්ද? මීට දවස් දෙකකට කලින් ඉන්දියාව අපේ ලොකු අයියා නොවැ කියාගෙන හිටපු කට්ටියම තමයි දැන් දශක දෙකක කුමණ්ත්‍රණය ගැන කතාකරන්නේ.....

පිස්සු නැත්නම් මේ හැටිද මෙයාලාගේ? 




10 comments:

ජයශ්‍රී said...

අතකින් කුවක්කුව ද අනෙක් අතින් බයිබලය ද ගත් පෘතුගීසීන් ලංකාවට ගොඩබැස අපි කුඏබඩු හා ක්‍රිස්තියානීන් සොයා ආවෙමු යි කීවේලු.යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට යටත් වූ බොහොමයක් අප්‍රිකාණු/ලතින් ඇමරිකානු/ඇමරිකානු රටවල් අද මුලුමනින් ම කතෝලික හෝ ක්‍රිස්තියානි රටවල්ය.කළකට පෙර බෞද්ධ රටවල් ව තිබූ බංග්ලාදේශය,පකිස්ථානය,ඇෆ්ගනිස්ථානය,මාලදිවයිනආදිය අද මුලුමනින්ම ස්ලාම් රටවල්ය.බුදුන් උපන් භාරතයේ අද බෞද්ධයන් අතිශය සුලුතරයකි.
ලංකාවේ සිංහල බෞද්ධයන් තෝරා ලෝකයම ඔවුන්ට පහරදෙතියි මම නොකියමි.නමුත් ලොව ජන බලයෙන් ද ආර්ථික බලයෙන් ද බලවත් රටවල් තම ආධිපත්‍ය සුලුතරයින් (අප වැනි) මත පැටවීමට යත්න දැරීම ස්වාභාවික (possible) සංසිද්ධියකි.

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී...

ඔයා කියනදේ ඇත්ත, ඒත් මම මේ කතා කරන්නේ දේශප්‍රේමී උමතුව ගැන. මම මේ කියන දේට උදාහරණයක් බලන්න...
----------------------------------
මන්මෝහන් සී.අයි.ඒ. නියෝජිතයෙක්, කුමන්ත‍්‍රණයට ඉන්දියාවත් හවුල්
March 21, 2012 at 2:32 pm | Lanka C News.

http://www.lankacnews.com/sinhala/news/52790/
----------------------------------

කවුද මෙහෙම කියන්නේ? : දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය ගුණදාස අමරසේකර.

නිරෝගී මනසක් තියෙන, වැඩිහිටි උගතෙකුට කියන්න පූලුවන්ද ඉන්දියාවේ අගමැති සී.අයි.ඒ කාරයෙක් කියලා?

මේකට තමයි භින්නෝන්මාදය කියන්නේ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කෝ ඔයි රනිල් වික්‍රම සිංහ , පොරත් ඔය ලිස්ට් එකේ ඉන්නම ඕනි කෙනෙක්නේ

රංචාගොඩ මුදියන්සේ said...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
කෝ ඔයි රනිල් වික්‍රම සිංහ , පොරත් ඔය ලිස්ට් එකේ ඉන්නම ඕනි කෙනෙක්නේ
-------------------------
පොහ්! වස වැරැද්දක් නොවැ....

``` Outsider``` said...

මානසික රෝග වල විශේෂත්වය එයින් පෙළෙන බව රෝගීන් නොදැන සිටීමයි. ඉතින් මේ ලියන වචනයක් පාසා කොටි හිතවාදියා කියන ලේබලය(ඔවුන්ට අනුව ඇමෙරිකාව ප්‍රමුඛ මුඵ මහත් බටහිරම කොටින්ට හිතවාදීය) බලාපොරොත්තු විය යුතුයි.
එහෙම නැතත් ඔය දේශප්‍රේමීන් විදියට පෙනී සිටින කාගෙත් රස්සාව දේශප්‍රේමය විකිණිමයි. ඒ සඳහා ඉහල වැටුප් හෝ දීමනා ලැබේ. ඒ අතින් බැලුවම උන්ට පිස්සු නැත. පිස්සු ඇත්තේ උන් කියන ඒවා අසන හෝ අසා හුරේ දමන උන්ටය.

Anonymous said...

ඔය ගුණදාසය රෑට හීනෙන් ඇඳෙන් බැහැල බිම අතගාල බලනව ඇති පොලොව තියෙනවද නැත්නම් කුමන්ත්‍රණකාරයෙක් ගෙනියලද කියල.

කතන්දර Kathandara said...

ඕක මොලේ නෙමේ දතේ රෝගයක්

පරණ දත් ගලෝලා අළුත් දත් දාන්න ඕනෑ!

Anonymous said...

Rata winasa wenawa dakkina kandula weni 2.50 blog karayannge kemaththa rata arbudayata lakdu memohothe dinayakata ekak begin blog post dameman penei.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
Rata winasa wenawa dakkina kandula weni 2.50 blog karayannge kemaththa. rata arbudayata lakdu memohothe dinayakata ekak begin blog post dameman penei.
-------------------------------
අර්බුදය තියෙන්නේ අපිටද නැත්නම් ඊයේ අපේ ලොකු අයියා කිය කිය අතගගා ඉඳලා අද හීනෙන් ඇහැරිලා වගේ දශක දෙකක කුමණ්ත්‍රණය ගැන දොඩවන පිස්සන්ටද?

Anonymous said...

ඕක මොලේ නෙමේ දතේ රෝගයක්

පරණ දත් ගලෝලා අළුත් දත් දාන්න ඕනෑ!

----------
කතන්දර කරය දන්නඉටිගෙඩිය ..... ඔය දන්න විදිහට චු කතාවක් කක්කි කතාවක් කියාගෙන හිටියොත් නරකද ?