Friday, March 30, 2012

බැසිල් ඉන්දියාවේ ඔත්තුකරුවෙකු වීම හෙවත් රාජපක්ශ පාලනයේ Kolaveri Di - Part I

හම්මේ මාමේ....ඇයි මේ කොලවරි දී හැබෑට?

රාජපක්ශ පාලනය දැන් සැබෑවටම ශ්‍රී ලාංකේය "කොලවරි දී" එකක් වෙමින් තියෙන බව කියන්න පුලුවන්. "කොලවරි දී" යන්නෙහි තේරුම "මාරක වියරුව" යන්නයි.

සිංදුව ලියපු අනිරුද් මල්ලියි ගායනා කරන දනුශ් මල්ලියි කතාකරන්නේ එයාලව නන්නත්තාර කරපු සුදු කෙල්ලෙක් ගැන.අපේ කොලවරි දී එක ඊට වඩා බරපතලයි. අපිට කතාකරන්න වෙලා තියෙන්නේ රටම නන්නත්තාර කරන මහින්ද මාමා ගැන.  අපි අහමු සංවේදී මහින්ද මාමාගෙන් "මාමේ why this kolaveri di?".

ආණ්ඩුවේ ලොක්කන්ට මොනතරම් කොලවරි දී වැඩි වෙලාද කිව්වොත් දැන් හූ.ඇන්.පී කාරයෝ, ජේ.වී.පී කාරයෝ, දෙමෙල්ළු, තම්බි, වෙබ්සයිට් කාරයෝ, බ්ලොග් කාරයෝ, මාළු කාරයෝ, ඇමරිකන් පිටි වලින් රොටී පුච්චාගෙන කන අහිංසකයෝ , ගූගල් මේල් කොටන මල්ලිලා නංගිලා විතරක් නෙමෙයි බැසිල් බාප්පත් දේසද්‍රෝහියෙක් වෙලා. පුතණ්ඩියාම විස්තරේ ගෝලයින්ට කියනවා කියලා ආරංචියි. බාප්පි දේසද්‍රෝහී ඉන්දියන් ඔත්තුකාරයෙක් නිසා එයා ගැන "ඉන්ටෙලිජන්ස්" හොයන්න බ්ලූෆිල්ම් බලකායේ ගංජා මල්ලිලා සෙට් එකකට පවරලාලු.

ඒ කාලේ හෙන චන්ඩියා වගේ හැමෝටම සත්තම් දමමින් ආණ්ඩුවේ මොළකාරයා හා "ට්‍රබල් ෂූටර්" ලේබලේ ගහගෙන හිටපු 10% බාප්පිත් දේසද්‍රෝහියෙක් වෙනකොට, ඔත්තු කාරයෙක් වෙනකොට අනිත් එවුන්ට කාගේ පිහිටක්ද?

හම්මේ මාමේ....ඇයි මේ කොලවරි දී ?

බැසිල් ඔත්තුකාරයෙක් වෙන්ඩ ඉස්සෙල්ලා ගුණදාස සීයා අපේ අල්ලපු ගෙදර ලොකු අයියාගේ පන්ජාබි ලොකු සීයාවත් සී.අයි.ඒ ඔත්තුකාරයෙන් කෙරුවා. ගුණදාස සීයාගේ කොලවරි දී එක වයසෙ වැරැද්ද හින්දා එන මරු විකල්ල කියලා හිතන්න පුලුවන්.

මෛත්‍රී අංකල් ඒ අස්සේ කියනවා එයාලා නිහඬවෙලා ඉන්නේ කියනදේ අහන්නේ නැති එවුන් එක්ක ඉන්න ඕනෑ හොඳම ක්‍රමය කට පියාගෙන ඉන්න එක කියලා. එතකොට මෛත්‍රී අංකලුත් දේසද්‍රෝහියෙක් වෙන්ට ඕනෑ ජිනීවා විදුලිපුටු විදෙස් ආක්‍රමණ තර්ජන හමුවේ කටපුක වහගෙන ඇහුනේ නෑ වගේ ඉන්න හින්දා...හොර හිතනේ... එයා ඔත්තු බලන්නේ මොන රටටද දන්නේ නෑ. සමහර විට එන්ගලාන්තේ මහ රැජිණ වෙනුවෙන් පිටරටවල්වල ඔත්තු හොයන MI6 එකට වෙන්න ඇති. (MI6-Military Intelligence, Section 6) 


ඔය අතරේ තවත් හොඳ කොලවරි දී එකක් වෙන්නේ සාගර සේනාරත්න පැහැර ගැනීම. එයා කියනවා එයා බේරුණේ ජීවන් අයියා හතර වටේට කෝල් කරලා ජනපති හා ආරස්සක ලේකම් දැනුවත් කරපු නිසා කියලා. ඒ කියන්නේ ජනපතිගෙයි ආරස්සක ලේකම් ගෙයි ටෙලිෆෝන් ඇඩ්රස් බුක් එකේ සුදු වෑන් කාරයින්ගේ ටෙලිෆෝන් නොම්මර තියෙනවා ඇති. මීට පස්සෙ දන්න කියන කෙනෙක් පැහැරගෙන යනවානම් 119 අමතන්නේ නැතුව අරලියගහ මන්දිරේට කතාකරන්න ජනතාව වග බලාගන්න ඕනෑ.

දේසප්‍රේමී ජනතාවක් විදියට රට හමුවේ ඇති මේ අභියෝග නිවැරදිව හඳුනාගෙන බඩ අමතක කරලා රට ගැන හිතලා අරලිය ගහ මන්දිරේට කෝල් කරලා පණිවුඩේ දෙන්න.

ඒ අස්සේ රජකඩු නාඩගම....මාමේ....ඇයි..ඇයි..ඇයි මේ කොලවරි දී ?









4 comments:

Anonymous said...

සෙනසුරු මාරුව දරුණුවට වැඩ කරනවා වගේ..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

// එයා කියනවා එයා බේරුණේ ජීවන් අයියා හතර වටේට කෝල් කරලා ජනපති හා ආරස්සක ලේකම් දැනුවත් කරපු නිසා කියලා. ඒ කියන්නේ ජනපතිගෙයි ආරස්සක ලේකම් ගෙයි ටෙලිෆෝන් ඇඩ්රස් බුක් එකේ සුදු වෑන් කාරයින්ගේ ටෙලිෆෝන් නොම්මර තියෙනවා ඇති//

මේක තමයි ආතල්ම සීන් එක !

මාතලන් said...

සාගර සේනාරත්න කේස් එක ඩ්‍රාමා එකක්..

Anonymous said...

මෙතන අහන්ඩ ඕන why this kolavari da කියලා.අනික ඕක ලිව්වෙත් ධනුෂ්.