Saturday, March 24, 2012

විමල්ගේ "Fcuk the USA" නාඩගමේ නිරුවත

විමල්ගේ Fcuk the USA නාඩගම


මේ දිනවල විමල් වීරවංශ මයික් බදාගෙන වේදිකාවල බෙරිහන්දෙන්නේ ඇමරිකාවට විරුද්ධවය. ඇමරිකන් භාණ්ඩ පාවිච්චි කරන්නට එපා කියූ ඔහු නොමිලේ ලැබෙන ගූල ඊමේල් සේවාව පවා අතහරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමාද මෙතෙක් කල් භාවිතා කල ගූගල් ඊමේල් ලිපිනය ඉවත්කරගත් බව කියමිනි. ඒ අතරම විමල් තමන්ට නැතුවම බැරි ශරීරාංගයක් මෙන් වූ ඇපල් අයිෆෝන් දුරකථනය හා අයිපෑඩ් ටැබ්ලටය සඟවා තැබුවේ මේ අස්සේ ඕවා පාවිච්චිකල හොත් පාරේ යන්නට අමාරු වන බැවිනි.


විමල්ගේ මේ රණගොස රටටම ගෙනියන්නේ ඔහුගේම වියදමින් (හෝ ව්‍යාපාරික අනුග්‍රාහකයින්ගේ වියදමින් ) පවත්වාගෙන යන ලංකාසීනිවුස් වෙබ් අඩවියයි. නිතර යාවත්කාල වන මේ වෙබ් අඩවිය විමල්ගේ හොරණෑව වන අතර විමල්ගේ ජාතිවාදී අනුගාමිකයින්ගේ තෝතැන්නක් බව එහි කොටා ඇති සිය ගණන් කොමෙන්ටු වලින් පෙනේ.

විමල් ඔහුගේ මෝඩ ඉල්ලීම අවඥාවෙන් විවේචනය කල ජනමාධ්‍යවලට පරිභවකලේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් එන දුරකථන ඇමතුම වලට නැටවෙන ඇමරිකන් ගැති මාධ්‍ය වශයෙනි. විමල්ගේ ගොන්කම් ප්‍රතික්ශේප කල ජනතාව "ඇමරිකන් අවජාතයින්" බව ඔහු නොකියා කිව්වේ සුපුරුදු වාචාල වාග් ප්‍රහාරයෙනි.

විමල්ගේ සී නිවුස්වත් ගූගල් ජීමේල් අත හැර නෑ!!

විමල්ගේ මේ මෝඩ ඇමරිකන් විරෝධතාවය ඔහුගේම හොරණෑව සීනිවුස් අඩවිය පවා අවඥාවෙන් බැහැර කොට ඇති බව පෙනෙන්නේ සීනිවුස් හි එඩිටර් මහත්තයා දැන්වීම විකුණන්නට සීනිවුස් මුල් පිටුවේ උඩින්ම දමා ඇති "place holder" වල සිය ඊමේල් ලිපිනය CNEWSEDITOR@GMAIL.COM ලෙස සටහන් කර තිබීමෙනි.

මුලු ජාතියටම ඇමරිකන් භාණ්ඩ වර්ජනය කරන්නට කියන මිනිහාට තමුන් පඩි ගෙවන එඩිටරයාට කියාවත් වර්ජනය ක්‍රියාත්මක කරන්නට බැරි හැඩක් පෙනේ. 


බොරු කියලා හිතනවානම් කොටලා බලන්නකො : http://www.lankacnews.com/sinhala/




එහෙමත් නැතිනම් සිනිවුස් එඩිටර් මහත්තයාගේ තාත්තාද විමල් කියූ පරිදි ඔබාමා හෝ ජෝර්ජ් බුශ් වන්නට පුලුවන. හැබැයි ඔය වගේ වැඩවලට හැබෑ දස්සයා වන්නේ ක්ලින්ටන් කාරයාය. මතකනේ මොනිකා...

100% දේසීය නිශ්පාදනයක් වන, ඇමරිකාව ගෑවිලාවත් නැති Microsoft Skype වලින් සීනිවුස් හා සම්බන්ධ වෙන්නට ඔබටත් පුලුවන්!!




ප.ලි : මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් 2011 වසරේදී ස්කයිප් සමාගම මිලදීගන්නා ලදී. දැන් එය 100% අමෙරිකානු සමාගමකි :D

5 comments:

මාතලන් said...

ඌට පිස්සූ කියලා අපිට පිස්සු නෑනේ. පුතා එංගලන්තේ. මෙහේ ඇමරිකන් බයිලා ගහනවා..

ඇටමැස්සා said...

හුටා...!

Anonymous said...

ඔය පර බල්ලා ඉන්දියන් බඩු වර්ජනය කරපල්ල කියලා කියන්නේ නැත්තේ ඌ ඉන්දියාවට වනස්පති පටවන නිසයි. ඒත් උගේ "චී නිවුස්" එකෙන් නම් ඉන්දියාවට පහර ගහනවා.

Anonymous said...

ඕව ඉස්මුදුනින් පිළිගන්න ගොන්නුත් සෑහෙන්න ඉන්නවා.

නලින් said...

මෙන්න විමොලයාගේ "චික්-නිවුස්" එකේ පදිංචි වෙලා ඉන්න එකෙකුගේ කොමෙන්ට් එක:-

"අප කල යුත්තේ වහාම 13 අවලංගු කර දැමීමත් කදුකරයේ තේ ගස් ගලවා විසිකර මහා ගස් වවා ගැනීමත් බව තේරුම් ගන්න අපිට බැරි ඇයි?"

ඔව්, ඉංග්‍රීසි සුද්දා ගෙනාපු තේත් එවා, රබරුත් එපා, ඌ හිටවපු පොලුත් එපා, අරාබි මුසල්මානුවා ගෙනාපු කෝපිත් එපා, ලන්දේසි සුද්දා ගෙනාපු කරබු නැටිත් එපා, දෙලුත් එපා, පෘතුගීසි සුද්දා ගෙනාපු මිරිසුත් එපා..... අපොයි, ලිස්ට් එක දිග වැඩියි.... මම මෙතනින් නවතිනවා.