Wednesday, March 28, 2012

අද හෙට ඉන්ධන, ගෑස්, පොහොර මිල වැඩි කරන්නේ නෑ – පී.බී. [ක්‍රිකට් මැච් එකක් දිනන කම් ඉන්නවා...]

ලෝකයේ ඉහල යන තෙල් මිල ගණන්වලට සාපේක්‍ෂව අද හෙට නැවත ඉන්ධන, ගෑස් හෝ පොහොර මිල වැඩි කිරීමේ සූදානමක් නැතැයි මහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. 


ඔව් ඉතින් ඔහොම වැඩි කරලා කොහොමද නේද? කලින් සැරේ වැඩි කරලා ගුටි නොකා බේරුනේ ජිනීවා සුද්දන්නට පින් සිද්ද වෙන්න නේ.... ක්‍රිකට් මැච් එකක් දින්නා වගේ සුබ නැකතක් ආවාම වැඩි කරන්නකෝ පොලියත් එක්කම........

1 comment:

Observer said...

අද මැච් එක දින්නා නේද? ඔන්න සුප්‍රීම් කෝට් ජයසුන්දර, තමුන්නැහෙට බඩු මිළ වැඩි කරන්න නැකත උදාවෙලයි තියෙන්නේ. කල දුටු කල වල ඉහ ගන්නවා, අයිසේ!