Monday, March 19, 2012

අමෙරිකානු යෝජනාව පිලිබඳ ඉන්දියාවේ ස්ථාවරයට බලපෑවේ තමිල්නාඩු සාධකය පමණක්ද?

1වැනි කරුණ
ප්‍රධානතම බලපෑම තමිල්නාඩු සාධකයයි. ඉදිරියට එළඹෙන්නේ ඉංදියාවේ මහ මැතිවරණ සමයයි. ඉන්දියාවේ ඔටුන්න හිමිකුමරා වන රාහුල් ගාන්ධිගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ශයට ලැබුනේ අන්ත පරාජයකි. ඉන්දියාවේ ධනවත්ම නගරසභාව වන මුම්බායි මහනගර සභා (වාර්ශික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 21,000කි ) චන්දයෙන්ද කොන්ග්‍රසයට ලැබුනේ ඉතා ලැජ්ජාසහගත පරාජයකි. මේ හේතු නිසා කොන්ග්‍රසයට තමිල්නාඩු දේශපාලනය ඉතා වැදගත් වී ඇත. ඒ නිසා ඔවුන් සතුටු කිරීමට කෙසේ හෝ ලංකාව පරාජයකල යුතුමය.

2වැනි කරුණ
ඇමරිකාව තරහකර ගැනීම ලංකාව තරහකර ගැනීමට වඩා ආර්ථික හා දේශපාලනමය වශයෙන් ඉන්දියාවට පාඩුවකි.

3වැනි කරුණ 
මහින්ද රාජපක්ශ ඉන්දියාවට කරන ලද අපහාස උපහාස වලට පිලිතුරු දීමට ඉන්දියාවට අවස්ථාවකි. මෙවැනි අපහාස උපහස කිහිපයක්;

i. ඉන්දියාවෙන් ලබාදුන් කැඩුනු රේඩාර් නිසා කොටි කුරුම්බැට්ටි වලට කොළඹට බෝම්බ දැමීමට ඉඩ ලැබීම - වීරංශගේ ශ්‍රී මුඛය ලවා කියවිනි. ඉන්දියාව අපහාසය ඉවසාගෙන දිගටම ලංකාවට තමිල්නාඩු විරෝධය මැද පුලුවන් විධියට ආධාර දුන්නේ රජීව් මැරූ ප්‍රභාකරන් මරාගැනීම වැදගත් වු බැවිනි.
ii. ඉන්දියාවේ ක්‍රිකට් මැච් බලන්නට ගොස් එතුමාගේ බුරුත්තට සීට් මදිවී වුනු අලකලංචිය - ඉන්දියාව ප්‍රධාන අමුත්තා වූ තමාට අපහාස කල බව මහින්ද රාජපක්ශ කියාසිටි අතර මහින්දාන්ද ඒ පිලිබඳව මහා ඝෝශාවක් කලේය - තරඟය සංවිධානය කලේ ICC එක වුවත් ඉන්දියාව කරබාගෙන ජනාධිපතිනි පටිල් මහත්මියට වෙන්කර තිබුණු ටිකට් වලින් කොටසක් මහින්දගේ නඩයට ලබාදී නිහඬවිය.
iii. ඉන්දියානු අයි.පී.එල් තරඟාවලිය කඩාකප්පල් කිරීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ආපසු කැඳවීමට ගත් තීරණය - ඉන්දියාවේදී වුනු අපහාස වලට වාඩුව ගන්නට කල ඒ ගොන් වැඩයෙන් ඇනගත්තේ ආණ්ඩුවමය. ඉන්දියාව එම අවස්ථාවේදීත් වැඩි සද්ද බද්ද නොමැතිව හීන් නූලෙන් තරවටුවක් කොට නතරවිය.
දැන් ඉතින් ඔය සියල්ලටම පොලියත් එක්කම වාඩුව ගන්නට ඉන්දියාව පොට පෑදී ඇත. රජතුමා ඉන්නේ කම්බි වැටේ පැටලී හෙලවෙන්නටවත් බැරිවය.

මෙයට එකම පිලියම තව තවත් ඉන්දියාවෙන්ම පූසාරීන් ගෙන්වා බලි තොවිල්, යාග හෝම බිලි පූජා, කන්‍යාවියන් ලව්වා තන කිරි පොවා ගැනීම (කන්‍යාවියන්ට තන කිරි කොයින්දැයි යන්න වෙනම ගැටලුවකි), බිලි පූජා, සතර වාහල්කඩ අමුඩ ඇඳගෙන බඩ ගෑම වැනි පූජා දවසේ පැය 24පුරාවටම ඉදිරි මාස 12 තුලම කල යුතුය.

එතකොට හෙනහුරු අපලය ගෙවෙන්නට ඌරු වෙස්ගෙන බටකොල කකා හිටපු විශ්ණු දෙයියා මෙන් රජතුමාටත් ...."කෝ උඹලා මාව දංගෙඩියට යැව්වාද?" කියා යුරෝපෙන් ඇමරිකාවෙන් අසමින් කෝචොක් දාන්නට පුලුවන...


8 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අනෙ මන්ද අන්තිමේදි ලොකු අය්යත් නැතුව ගියා . පහුගිය දවස් ටිකේ ඉන්දියාවේ ආණ්ඩුව චෝයි කියල බටර් ගාපු අයිටීන් එකේ පත්තර විචාරක ලලිත් ගොය්යයි , දිවයිනේ කතෘ තුමයි දැන් මොනවා කියාවිද ?

මාතලන් said...

ආයෙත් ඉන්දීය භාන්ඩ වර්ජනයක් එයි වගේ.. වඳුරා ඉන්නවනේ..

මාතලන් said...

හෙට බන්ගලියන්ට පැරදිලා විරෝධය දක්කන්නත් පුළුවන්

නරකයා....!! said...

අනේ ඔහොම ගිහින් ඉන්දීය වර්ජනයක් ආවොත් ඔය හින්දි දෙමළ ජඩ නාට්ටි ෆිල්ම් වලින් අපේ නංගිලා අම්මලා බේරගන්න පුළුවන්... (බයික් ටිකයි මරුටි ටිකයි මොකද කරන්නෙ)

Anonymous said...

ඉන්දියානු සංස්කෘතික සහ ආර්ථික ආක්‍රමණය අදුනාගෙන සම්පුර්ණයෙන් ඉන්දියානු විරෝදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ( සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව) ඉදිරි අනාගතයේදී අපේ කුඩා රට ඉන්දියානු ප්‍රාන්තයක් වීමෙන් වලක් වා ගත හැක. ජිනීවා වලදී චන්දය දුන්නත් නැතත් මේ භයානක සර්පයා අදුනාගෙන ඔහුන්ට විරුද්දව එකාවන්ව සංවිධානය වෙමු ශ්‍රී ලංකාවේදී ඉන්දියානුඅධිරාජ්ජය වාදී සර්පයා පරාජය කරමු.දැනටමත් ඉන්දියානු අධිරාජ්ජය වාදී සර්පයා බාගෙට අපව වෙලා ඇත එහෙත් දැන්ම සර්පයා විනාශ කිරීම ඇරබුවහොත් අපේ ඔලුවට විෂ දළය ගැසීමට ප්‍රථම සර්පයා විනාශ කර ගත හැක .

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඉන්දියානු සංස්කෘතික සහ ආර්ථික ආක්‍රමණය අදුනාගෙන සම්පුර්ණයෙන් ඉන්දියානු විරෝදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ( සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව) ඉදිරි අනාගතයේදී අපේ කුඩා රට ඉන්දියානු ප්‍රාන්තයක් වීමෙන් වලක් වා ගත හැක. ජිනීවා වලදී චන්දය දුන්නත් නැතත් මේ භයානක සර්පයා අදුනාගෙන ඔහුන්ට විරුද්දව එකාවන්ව සංවිධානය වෙමු ශ්‍රී ලංකාවේදී ඉන්දියානුඅධිරාජ්ජය වාදී සර්පයා පරාජය කරමු.දැනටමත් ඉන්දියානු අධිරාජ්ජය වාදී සර්පයා බාගෙට අපව වෙලා ඇත එහෙත් දැන්ම සර්පයා විනාශ කිරීම ඇරබුවහොත් අපේ ඔලුවට විෂ දළය ගැසීමට ප්‍රථම සර්පයා විනාශ කර ගත හැක .
------------------------------

ඇත්ත කතාව.....ඉන්දියන් සරුපයා අපිව වෙලාගන්න ඉස්සෙල්ලා අපි චීන මකරාවයි රුසියන් වලහාවයි බදාගමු.....

ඉඟුරු වගේද මිරිස්?....හොහ් හොහ්

මිගාර said...

//ඇත්ත කතාව.....ඉන්දියන් සරුපයා අපිව වෙලාගන්න ඉස්සෙල්ලා අපි චීන මකරාවයි රුසියන් වලහාවයි බදාගමු.....

දැන් අපි මගුල් ගන්නෙත් චීන ක්‍රමයට නැත්ද? අනේ හු* (හුරුල්ලෝ)

රංචාගොඩ මුදියන්සේ said...

//ඇත්ත කතාව.....ඉන්දියන් සරුපයා අපිව වෙලාගන්න ඉස්සෙල්ලා අපි චීන මකරාවයි රුසියන් වලහාවයි බදාගමු.....

දැන් අපි මගුල් ගන්නෙත් චීන ක්‍රමයට නැත්ද? අනේ හු* (හුරුල්ලෝ)///
----------------------


මාමෙ, මාම වගේ හු* (හුරුල්ලෙක්) නොදන්නවා වුනාට ලංකාවේ මගුල් උත්සව ගන්නා ක්‍රම ගොඩක් තියෙනවා. ඔය එකක්වත් ඉන්දියන් ක්‍රමයට සමාන නෑ.

මුස්ලිම් එවුන් අරාබි ක්‍රමයට, කතොලික මිනිස්සු සුද්දාගෙ ක්‍රමයට. ස්ංහලයා මගුල් ගන්න ක්‍රමය උතුරු ඉන්දියන් ක්‍රමයට හෝ දකුණු ඉන්දියන් ක්‍රම්යට සමාන නැ. (හින්දු දෙමළ මගුල් ගෙදරකට ගිහින් බලන්න..... මම නම් උතුරු ඉන්දියන් මගුල් ගෙවල් වලටත් ගිහින් තියෙනවා.)

ස්මාන වුනත් ඒක ඉන්දියන් සංකෘතික ආක්‍රමණයක් කියන්න පුලුවන් හුරුල්ලෙකුටම විතරයි