Wednesday, March 28, 2012

[මේ සිංහල බෞද්ධ දේශයයි!] භාතිය ගුවනින් පිරිත් පැන් ඉසියි....පැන් කළය භාරදුන්නේ දුන්නේ හාමුදුරු පාටියේ ගොන්මන්පිල!


මිහිකත සමුලුව ගැන ජනතාව දැනුවත් කරන්න අපේ දේසප්‍රේමී පාණ්ඩුවේ කස්ටිය අලුත් වැඩක් පටන් අරගෙන. ඒ බැලුන් වලින් ගුවනින් යන එක. මම හිතන්නේ ගුවනින් පත්‍රිකා වීසි කරලා මිහිකත දිනය වෙනුවෙන් පරිසරය අපිරිසිදු කිරීම, ඒවා මුද්‍රණය කරන්න ගන්න කඩදාසි වලට ගස් කපන්නට උනන්දු කරවීම වගේ මිහ්කිකත ප්‍රේමී වැඩ පිලිවෙලක් ඇති.

මේ වැඩේ හොඳින් කරන්නට දෙයියන්ගේ ආසීර්වාදය ගන්නට ඉස්සෙල්ලාම ගුවනට ඇරලා තියෙන්නේ අපේ රිගින්-ටෝන් භාතිය කොලුවා. ඌව යවලා තියෙන්නේ පිරිත් පැන් කළයකුත් එක්ක. කළේ දුන්නේ හාමුදුරු පාටියේ ගොන්මන් පිල. මුන්ට පිරිත් පැන් ඉහින්න භාතියට වඩා හොඳ වැදගත් එකෙක් හොයා ගන්න බැරිවුනාද? 

මහා ලොකුවට රට, ජාතිය, ආගම, සංස්කෘතිය ගැන දෙසාබාන එවුන් පිරිත් පැන් ඉස්සවන්නේ භාතිය ලව්වා.

ඊට වඩා හොඳ නැද්ද සුදු සාරියක් අන්දලා ඇනර්කලීව් හරි සෙකන්ඩ්-හෑන්ඩ් හින්දි නිළි උමා ශන්කර්ව හරි උඩට යැව්වානම්?

10 comments:

මාතලන් said...

එතකොට මේ වැඩේ මාකට් කරන්න අමාරියි නේ. භාතියලා නිකම් යන්නේ නෑ. හොඳ ගානක් චාර්ජ් කරලා ඇති..

Anonymous said...

හෙළ උරුමයේ ගොන් බොල් දැක්ම මෙයින් පෙනේ.ගොත ගසන්නන් ගායකයන් වූ රටක්නේ මේ.

Anonymous said...

මේ වැඩේට කිව්වා වගේ අනර්කලීව හරි අර ඉන්දියන් කෙල්ලව හරි යැව්වා කියල ලොකු වෙනසක් නෑ. මම දන්නේ නෑ මේ ලිපිය ලියපු මහත්තය හෝ මහත්මිය බලාපොරොත්තු වෙන්නේ මේ කලය රැගෙන යා යුත්තේ පන්සලේ ඉන්න ඇබිත්තිය විසින්ද කියලා. එහෙම උනානම් මේක news එකක් වෙන්නෙත් නෑ. මේ blog සටහන ලියවෙන්නෙත් නෑ. මම comment කරන්නෙත් නෑ. එහෙම බලනකොට ඉතින් "හාමුදුරු පාටියේ ගොන්මන්පිල!" ගේ තේරීම හරියටම හරි.
හැබැයි කිව්වා වගේ අනර්කලී නංගිට සුදු සාරියක් නෙමෙයි සුදු කොට ගවුමක් අන්දලා උඩ යැව්වනම් සුපිරි තමයි.

නරකයා....!! said...

කරපු වැඩේ යම් කිසි වටිනාකමක් තිබ්බනම් ඒකත් නැතිවුණා ඒකෙන්

Anonymous said...

මුන් ඔක්කොම කළු ඇඳුම් ඇඳන් ඉන්නෙ ඇයි?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

පිරිත් පැන් ඉස්සාය කියල අමුතු ආශිර්වාදයක් වෙනවා නම් බෞද්ධ දර්ශනයත් බොරු , කොහොම වුනත් භාතිය ගැන උඹේ තියන අවුල මොකක්ද , ?

ප.ලි - අනර්කලි කොට ගවුමක් ඇඳන් පැන් ඉහින්න ගියා නම් මරුම තමා

රංචාගොඩ මුදියන්සේ said...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
පිරිත් පැන් ඉස්සාය කියල අමුතු ආශිර්වාදයක් වෙනවා නම් බෞද්ධ දර්ශනයත් බොරු , කොහොම වුනත් භාතිය ගැන උඹේ තියන අවුල මොකක්ද , ?
----------------------------------
භාතිය ගැන හෝ සංතුශ් ගැන් පෞදගලිකව හෝ ඔවුන්ගේ සංගීතය ගැන මට කිසිම අවුලක් නැත. ඇත්තටම මම උන්ගේ නිර්මාණශීලීත්වයට හා භාදක මැඩගෙන ඉදිරියට යෑමේ ශක්තියට බොහෝ කැමතියි.

මට තියෙන ගැටලුව නූතනත්වයට බැඳගෙන බනින, කෙල්ලන්ගේ කොට ගවුම් ගැන පවා ගැටලුවක් තියෙන මහා සංස්කෘතික පොරවල් ලෙස පෙනී සිටින හාමුදුරු පාටියේ කයිවාරු කාරයෝ පිරිත් පැන් ඉහිනවා වගේ බෞද්ධයින් වැදගත් හා පූජනීය දෙයක් ලෙස සලකන වැඩකට මේ දෙකයි පනහේ කොල්ලාව යවපු එකටයි.

හෙළ උරුම හොරුන්ගේ දේශණාව හා සැබෑ ජීවිතය අතර තියෙන වෙනස ඕකයි. ආත්ම වංචාවෙන් බුදු දහම හා බෞද්ධකම චන්ද චන්ද කඩ යන්ත්‍රයක් විධියට විතරයි මුන් සලකන්නේ..

--------------------------
ප.ලි - අනර්කලි කොට ගවුමක් ඇඳන් පැන් ඉහින්න ගියා නම් මරුම තමා....

සහතික ඇත්ත... :D

නලින් ද සිල්වා said...

අඩේ මට කිව්වනං මම යනවනෙ බැලුමෙ නැගලා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඒක නම් එහෙම තමා

Anonymous said...

[කෙල්ලන්ගේ කොට ගවුම් ගැන පවා ගැටලුවක් තියෙන මහා සංස්කෘතික පොරවල් ලෙස පෙනී සිටින හාමුදුරු පාටියේ කයිවාරු කාරයෝ]

ඒ අය කොට ගවුම් ගැන කියා ඇත්තේ කොහේදීද? උදාහරණ එක්ක දෙන්න.