Thursday, March 22, 2012

ලජ්ජාසහගත පරාජයේ වගකීම කාටද?


ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයකට යොමුවී ඇත. මීට වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වුනු රටවල් අද පිටුපා ඇත. විශේෂයෙන්ම මැලේසියාව වැනි රටක සහය පවා අද ශ්‍රී ලංකාව අහිමිවී තිබේ.

මෙයට වගකිවයුත්තේ කවුද? වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාම පමණකි. ඔහුගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා රටම ආගාධයක වැටී ඇත.

මහින්ද රාජපක්ශ ජාත්‍යන්තරයේදී හැසිරෙන්නේත් මැදමූලන සීතල චන්ඩියා මෙනි. විශේෂයෙන්ම ඉන්දියාව අරභයා ඔහු ගෙන ගිය අදූරදර්ශී, හැමදෑම රවටමින්, කනෙන් රිංගාගෙන බොරුවෙන් ජය ගැනීමට උත්සහ කිරීමේ ප්‍රතිපලය අද මනාව දකින්නට හැකිය.

අද ලංකාව පිලිබඳව ඉන්දියාව සිටින්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ සිටි තත්වයේය. ප්‍රේමදාසගේ දැඩි ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තිය ඔහුට පාරාවලල්ලක් වුනේ ඉන්දියාව කොළඹ සාක් සමුලුව වර්ජනය කරමින් එය කඩාකප්පල් කිරීමෙනි. මහින්ද රාජපක්ශට ඊටත් වඩා ජාත්‍යන්තර පරාජයක් ලබාදීමට ඉන්දියාව සමත්වී ඇත.

මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට දැනට චීනයේ හා රුසියාවේ සහය ලැබෙන බව සැබෑය. ඒ චීනයට හා රුසියාව ලංකාව ආර්ථිකමය හෝ යුධමය/උපායමාර්ගිකමය ලෙස වැදගත් වන නිසා හෝ මහින්ද රාජපක්ශ වටිනා මිතුරෙකු නිසා නොව නොව ලෝකයේ වැඩියෙන්ම මානව හිමිකම් උල්ළංඝණය කරන රටවල් දෙක හැකියට තවත් රටක මානව හිමිකම් උල්ළංඝණය කිරිමේ චෝදනාවලට සහය දීමට ඇති නොහැකියාව නිසාමය. අනාගතයේ ඔවුනට විරුද්ධව මෙවැනි යෝජනාවකදී සහය ලබාගත හැකි ආයෝජනයක් ලෙසයි ලංකාවට චන්ද. ලබාදුන්නේ.

මේ සියල්ලටම වගකිව යුත්තේ මහින්ද රාජපක්ශ පමණකි.

ඔහු ජිනීවා චන්දය ජයගන්නට සිතුවේ කුලල් කාගන්නේ නැතුව එකට වැඩකල නොහැකි කොළපාට ලේ ඇති ඇමරිකන් පුරවැසියෙකු හා නාකි ප්‍රොපෙසරයෙකු සමග දඩාවතේ යන සුනඛයින් රැළක් ජිනීවා නුවරට යවමිනි. ඇමරිකන් පුරවැසියා හා ප්‍රොපෙසරයා එකිනෙකාගේ වැඩ කඩාකප්පල් කරමින් සිටි අතර සුනඛ රැළ එහි ගොස් කලේ හත්පොලේ ගාගනිමින් ගණිකා මඩම්වලදී කලිසම් අහිමිකර ගත්හ. ඉන්පසු මෙහෙයුම භාර දුන්නේ යුරෝපා රටවල නිල් කොලර රැකියා කර ජීවිතය ගැටගසාගන්නා ආර්ථික සරණාගතයින් රැළකටය.

ජිනිවා නුවර මහපාරවල්වල ශ්‍රී ලාංකේය සභ්‍යත්වය මොනවට ප්‍රදර්ශණය කල මේ නූගත් ආර්ථික සරණාගත රැල අද චන්ද විමසීම පවත්වන අවස්ථාවේ මහකොමසාරිස් කාර්‍යාලය අසලට රැස්වී කළබැගෑනි කරමින් රට තවත් පජාති තත්වයට ඇද දැමුවේය.

සිංහ කොඩිය උඩ මළමූත්‍රා පිටකල මේ රජපස ගෝලයින් විසින් ඉතුරුකර යන එකම දායාදය නම් මින් පසුව වැදගත් ශ්‍රී ලාංකිකයෙකුට වුවද ස්විට්සර්ලන්තයට ඇතුලුවන්නට නොහැකි වන තත්වයකි. ඒ තරමටම මහින්ද රාජපක්ශගේ මදාවි රැළ ජිවීවා නුවරදී අපේ කම හොඳින් ප්‍රදර්ශණය කොට ඇත.



14 comments:

Anonymous said...

Sahathika atta.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

+++++++++++

ඇටමැස්සා said...

ලැජ්ජාව තියෙන්නෙ අපිටනෙ කණ්ඩුල.
ආණ්ඩුව ලැජ්ජා නැතිව මේක විකුනගෙන කනව ( ඊයෙ ඩලස්ගෙයි ජනාධිපතිගෙයි කථා ඇහුවද?).
ලැජ්ජා නැති මිනිස්සු ටික කාලෙ කකා මෙහෙ පාරවල්වල විරෝදෙ පෙන්නනව.

Anonymous said...

1989 දී එවකට පැවති ප්‍රේමදාස රජයට විරුද්ධව ජිනීවා හිදී "කේළාම්" කීමෙන් "රටට ද්‍රෝහී වූ" මහින්ද රාජපක්ෂට ඉන් අවුරුදු 23 ක ට පසු ජිනීවාවෙන් ම කෙල වීම දෛවයේ සරදමක් නොවේද?

Porsche 959 said...

නිල් කොලර රැකියා කියන්නෙ මොනවද ?

රංචාගොඩ මුදියන්සේ said...

Porsche 959 said...
නිල් කොලර රැකියා කියන්නෙ මොනවද ?
-------------------

Blue collar jobs/Blue collar workers;

විකි ලින්ක් එක බලන්න

http://en.wikipedia.org/wiki/Blue-collar_worker

Anonymous said...

ඉන්දියාව නුදුරු අනාගතයේදිම දෙකඩ වෙනවා. ඒ ඇමරිකාවේ උවමනාවට. ශ්‍රි ලංකාවේ කොටි ප්‍රශ්නය ඇමරිකාවෙ අවශ්යතාවයට ආරම්භකලේ ඉන්දියාවේ බෙදීමක් ඇතිකරන්නයි. ඒත් පාරේ මලපහ කොරන අජූතකයින් සිටින මෝඩ ඉන්දියාවට මේක තේරුම් ගන්න බැරුව කොටින්ට උදව් කලා. අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙව්වා. මුං හිතාගෙන ඉන්නේ ඇමරිකාඅව මුංගේ ආර්ථිකයට තිරන කෑදර කමට මුංට ලංවෙලා ඉන්නව කියලා. වැඩිකල් යන්න කලින් ලංකාවට වැසිකිලිණාඩුව සමග යුද්ධකිරීමට සිද්ධවෙනවා. එතකොට අපිට උතුරු ඉන්දියාවෙන් ආධාර ලැබෙයිද කියන්න බැහැ. ඒටිකත් නිකන්ම ප්‍රාන්තවලට බෙදෙන නිසා. ඊළඟ ඇමරිකානු යුධ කඳවුර වැසිකිලිණාඩුවෙ

Namal said...

ලංකාවේ ආණ්ඩුව ජිනීවාහිදී පරාජයට පත් වූයේ එක ඡන්දයකිනි.(23-24).ඡන්දය දීමෙන් වැලකී සිටිනවා යනු අපට කැමති වුනත් ඇමරිකාවට බය නිසා පැත්තක් නොගෙන සිටීම

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඉන්දියාව නුදුරු අනාගතයේදිම දෙකඩ වෙනවා. ඒ ඇමරිකාවේ උවමනාවට. ශ්‍රි ලංකාවේ කොටි ප්‍රශ්නය ඇමරිකාවෙ අවශ්යතාවයට ආරම්භකලේ ඉන්දියාවේ බෙදීමක් ඇතිකරන්නයි. ඒත් පාරේ මලපහ කොරන අජූතකයින් සිටින මෝඩ ඉන්දියාවට මේක තේරුම් ගන්න බැරුව කොටින්ට උදව් කලා. අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙව්වා. මුං හිතාගෙන ඉන්නේ ඇමරිකාඅව මුංගේ ආර්ථිකයට තිරන කෑදර කමට මුංට ලංවෙලා ඉන්නව කියලා. වැඩිකල් යන්න කලින් ලංකාවට වැසිකිලිණාඩුව සමග යුද්ධකිරීමට සිද්ධවෙනවා. එතකොට අපිට උතුරු ඉන්දියාවෙන් ආධාර ලැබෙයිද කියන්න බැහැ. ඒටිකත් නිකන්ම ප්‍රාන්තවලට බෙදෙන නිසා. ඊළඟ ඇමරිකානු යුධ කඳවුර වැසිකිලිණාඩුවෙ
--------------------------

ඔහොම හිතාගෙන සැනසෙන්නකෝ ඉතින් මල්ලියේ.....

ඉන්දියාව අපිට චන්දෙ දුන්නා නම්, ඔය කියන විදියට ඒක දෙකඩ වෙන එක නවතිනවද?

ඔයා ඔය කොටපු කොමෙන්ටුව ඔය විදියටම කොටනවද?

මිදි තිත්තලු බාන්...

රංචාගොඩ මුදියන්සේ said...

Namal said...
ලංකාවේ ආණ්ඩුව ජිනීවාහිදී පරාජයට පත් වූයේ එක ඡන්දයකිනි.(23-24).ඡන්දය දීමෙන් වැලකී සිටිනවා යනු අපට කැමති වුනත් ඇමරිකාවට බය නිසා පැත්තක් නොගෙන සිටීම
-------------------------------

අපි පරාදවුනේ එක චන්දෙකින් තමයි, රනිලුත් පරදින හැම චන්දෙදිම ඔහොමනෙ කියන්නේ...

චීනය පුක ඉරාගෙන කැන්වස් කරලත් (ආණ්ඩුව කියන විධියට හොඳේ) අටක්ම නිකන් හිටියනෙ ඉතින්...

නරකයා....!! said...

දැං මේ ඔක්කොම සිද්ධි ටික පිළිවෙලට බලපුවාම.... පේනවා මහින්දගේ අසාර්ථක බව... ඒත් ඉතිං මූව එලවලා කවු එතනට පත් කරන්නෙ කියන එකයි ගැටළුව.. මොකෝ කෝටු කැල්ලක් හරි නායක කමට ඉන්නම එපැ..

Observer said...

නිල් කොලර රැකියා ----

දී ඇති විකිපීඩියා සබැඳියට අනුව නිල් කොලර රැකියා වනුයේ පුහුණු හෝ නුපුහුණු හෝ නිමැවුම්, ආකර, ඉදිකිරීම්, යාන්ත්‍රික, නඩත්තු යනාදී ක්ෂේත්‍රවල තම කායික ශ්‍රමය දායක කරන්නන් ය.

මේ ලිපියේ සඳහන් ජිනීවා ගිය වෘශභ රැළ ඔය කියූ එකම ක්ෂේත්‍රයකවත් රැකියා කරන අය නොවේ. මුන් කරනුයේ වැසිකිලි පිරිසිදු කිරීම, ගෙවල්/කාර්යාල/කර්මාන්තශාලා අතු-පතු ගෑම, බර බඩු මුට්ටු එහා මෙහා ගෙන යෑම, කාර් සේදීම/පොලිෂ් කිරීම, සවස් සාදවල බීම ඇල්ලීම, ඇපල් මිදි වැනි පළතුරු කැඩීම, මිනී වලවල් කැපීම, කම්බිවල එල්ලී උස් ගොඩනැගිලිවල ජනේල සේදීම, කඩා දමනු ලබන පරණ ගොඩනැගිලිවල සුන් බුන් ඉවත් කිරීම, ආපනශාලාවල එලවළු කැපීම සහ පිඟන් සේදීම, සුපිරි මාර්කැට්ටුවලඉල්න් ඉවත දමන නරක් වූ එලවළු-පළතුරු හා අනෙකුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ බඳුන්වලට දැමීම ආදී ඒ රටවල ස්වදේශ ජනයා කිසි විටකත් කිරීමට ඉදිරිපත් නොවන රැකියා ය.

19වන ශත වර්ෂයේ ඉංග්‍රීසින් අප රටේ කෝපි සහ අනෙකුත් බෝග වතු ඇරඹීමේදී සිංහලයන් ඒවායේ වැඩ කිරීමට දැඩි සේ අකමැති වූ බව අපි දනිමු. ඒ නිසා දකුණු ඉන්දියාවෙන් කුල හීනයන් මෙහි ගෙන ඒමට සිදු වූ බවත් දනිමු. ඒ ආකාරයෙන් ම යුරෝපයේ ස්වදේශීය ජනයා, මා ඉහත සඳහන් කළ රැකියා කොහෙත් ම නොකරති. ඒ වැඩ කර ගැනීමටයි ලංකාව වැනි රටවලින් පැමිණෙන්නන් යොදා ගැනෙන්නේ.

මේ වෘශභයන්ට දින ගණන් ජිනීවා හි රැඳී සිටීමට හැකි වී ඇත්තේ ඔවුහු සැවොම ස්ථිර රැකියා නොමැති, දවස් පඩිකාරයන් වීම නිසා වෙනි.

රංචාගොඩ මුදියන්සේ said...

Observer said...
නිල් කොලර රැකියා
---------------------

ඇත්ත මචන්, මටත් ඔහොම දාන්න හිතුනා, ඉත් ඉතින් මනුස්සයෝනේ කියලා 'නිල් කොලර' කියලා දැම්මා...

Anonymous said...

මුන්ට මොන ලැජ්ජාවක්ද?

මාර්තු 25 ඉරිදා ලක්බිම පත්තරේට දීල තියෙන ඉන්ටර්වීව් එකකදී බසල තුමා අලුත් ගණිත සිද්ධාන්තයකුත් සොයාගෙන තියෙනවා නොවෑ!
ඒ තමයි...

(15 + 8) > 24

:-D