Monday, March 19, 2012

ඇමරිකන් සම්භාදක කතාවට ඉන්දියාවේ ප්‍රතිචාරය....

උත්තරය.....සැළකිය යුතු ප්‍රතිචාරයක් නැත යන්නයි.

මේ ප්‍රවෘත්තියට ඉන්දියාවේ මාධ්‍යවල පවා වැඩි ඉඩක් වෙන් නොවුනි. ඉන්දියාව් ජනප්‍රියම ඉංග්‍රීසි පුවත්පත වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි මෙයට සුලු ඉඩක් ලබුනු අතර රූපවාහිනි චැනල වලින් එන්.ඩී.ටී.වී නිවුස් චැනලය මෙයට යම් ඉඩක් දුන්නද එයද ප්‍රවෘත්තිය පලවුනු 16 වැනිදාට සීමා විය.

ඉන්දියාවේ දේශපාලන පක්ශවලටද මෙය ඈනුම් යවන ලද ප්‍රවෘත්තියක් මිස වැදගත් පෘත්තියක් නොවුනි.

මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ බලය හිමි කරගත් අන්ත ජාතිවාදී "ශිව් සේනා" පකශය පවා මේ ගැන කතාවක් වත් නොකරයි.

එහෙත් සිනහවට කාරනය නම් ඉන්දියාවට ඈනුමක් වුනු මේ ප්‍රවෘත්තිය වීරවංශතුමාගේ  Lanka C News වෙබ් අඩවියට උණුසුම් පුවතක් වීමයි. ඉන්දියාවේ පුවත්පත් හා නිවුස් වෙබ් අඩවිවලට මෙය පරණ පුවතක් වුවත් සී නිවුස් අඩවියේ මේ පුවත තවමත් මුල් පිටුවේ රජකරන්නේ විමල්ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජන (අප්සෙට්) කතාවට මෙයින් පොඩිපහේ තල්ලුවක් හෝ ලැබේදැයි සිතාගෙන වන්නට පුලුවන. 

මෙවැනි කතාවක් ඇමරිකාව ලංකාව පිලිබඳව කර තිබුණානම් මේවන විට මුලු ලංකාවම ගිණිගෙන හමාරය. රටපුරා තිබෙන අමෙරිකානු ව්‍යාපාර වලට පහරදී ඇමරිකන් පුරවැසියන්ට ජීවිත තර්ජන කරමින් ඔබාමාගේ පඹයන් පුච්චමින් මේ වනවිටත් වීරවංශ ඇතුලු නඩය ඇමරිකන් තානාපති කාරියාලය වටා කඳවුරු ඉදිකරගෙන උපවාස කරනු ඇත. එනම් මේවන විට සම්භාදක කතාව අන්තර්ජාතික දේශපාලන මාතෘකාවක් බවට රජතුමාට උපදෙස් දෙන (ඇත්තම කියනවානම් අමාරුවේ දමන) ගොන් නඩය පත්කරගෙන හමාරය.

එහෙත් ඉන්දියාවේ ඇළ් මැරුණු ප්‍රතිචාරයට හේතු මොනවාද? 

උඩින් ප්‍රතිචාරය ඇල්මැරුනාක් මෙන් පෙනුනාට, වසාගත් දොරවල් තුල ඉතා ඉහලින් මේ ගැන සාඛච්චා වෙයි. ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කරයි. ඒ සඳහා හැකියාව හා පලපුරුද්ද ඇති නිළධාරීන් හට වගකීම් පවරා ඇමරිකානු රජය හා කතාබස් කොට රටට වියහැකි අවාසිය ඉතා නිහඬව මග හරවා ගන්නට ක්‍රියාකරයි.

රට මුහුණ දෙන රාජ්‍යතාන්ත්‍රික ගැටලු රාජ්‍ය නායකයාගේ පෞරුශය පිලිබඳ ගැටලු බවට පත්කර නොගනී. 

1/ අන්තර්ජාතික ගැටළු මහපාරේ කිළුටු රෙදි සෝදන්නාක් මෙන් පඹයින් පුලුස්සමින්, පෙලපාලි යමින් විසඳාගන්නට බැරි බව ඉන්දියාවේ රජය දනී - එමෙන්ම විපක්ශ දේශපාලන නායකයන්ද හොඳින් දනී. ඒ නිසා ඇවිලෙන ගින්න නිමන්නට හරිනවා මිස පිදුරු දැමීමක් නැත.

2/ ජාත්‍යන්තර තලයේදී ඉන්දියාව නියෝජනය කරන්නේ රාජ්‍ය නායකයාගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා හෝ විපක්ශයෙන් ආණ්ඩුවට පැනපු ඇමරිකන් සිටිසන්ලා නොව හොඳින් තෙම්පරාදු වුනු දක්ශ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ය. ඔවුන් ඉතා නිශ්ෂබ්දව සිය රට වෙනුවෙම්  වගකීන් ඉටු කරයි.

3/ ඉන්දියාවේ දේශපාලන නායකයින් කට වැඩනැති, ජාතිවාදී, ව්‍යාපාරයක් ලෙස දේශපාලනය කරන වාචාල පඹයින් පැත්ත පලාතකට වද්දාගන්නේ නැත. එවැනි වාචාලයින් සියලුම පක්ශවල නායකයින් පිලිකුල් කරයි. ඒ නිසා ජාත්‍යන්තර ගැටලු මහපාරේ ගැටලු බවට පත්වන්නේ නැත.

අපේ දේශපාලන නායකත්වයත් ඉන්දියාවේ දේශපාලන නායකත්වයත් අතර ඇති වෙනස එයයි. ඔවුන් පරිණත වන අතර අප නායකයින් ලෝකයටම අපත වී ඇත.








5 comments:

Anonymous said...

ඉන්දියාවේ දේශපාලන නායකයින් කට වැඩනැති, ජාතිවාදී, ව්‍යාපාරයක් ලෙස දේශපාලනය කරන වාචාල පඹයින් පැත්ත පලාතකට වද්දාගන්නේ නැත. එවැනි වාචාලයින් සියලුම පක්ශවල නායකයින් පිලිකුල් කරයි. ඒ නිසා ජාත්‍යන්තර ගැටලු මහපාරේ ගැටලු බවට පත්වන්නේ නැත.
-------
සිරාවට ? ඔය කතාකරන්නේ ඉන්දියාව ගැන කියල සුවර් ද ? නැත්තන් කොහෙහරි තිබ්බ එකක් ලවක් දෙවක් නැතුව අනික්පත්තට සිංහලෙන් ලිව්වද ?

රංචාගොඩ මුදියන්සේ said...

සිරාවට ? ඔය කතාකරන්නේ ඉන්දියාව ගැන කියල සුවර් ද ? නැත්තන් කොහෙහරි තිබ්බ එකක් ලවක් දෙවක් නැතුව අනික්පත්තට සිංහලෙන් ලිව්වද ?
-------------------------------

@anno, හොඳටම සුවර්,

මම මේ කතා කරන්නේ ඉන්දියාවේ ජාතික දේශපාලනය ගැන මිසක ප්‍රාන්ත දේශපාලනය ගැන නොවේ. ප්‍රාන්ත දේශපාලනයේ ඉන්නා වයිකෝලා, ජයලලිතලා ජාතික දේශපාලනයේ නැ.උන්ට ඉඩක් දෙන්නෙත් නෑ.

ඒ නිසා තමයි ලංකාවේ ප්‍රශ්ණය වුනත් තමිල්නාඩුවේ මහ පාරවල්වල දිග හැරුනට නවදිල්ලියේ මහ පාරේ රාජපක්ශලාගේ පභයින් පිච්චෙන්නේ නැත්තේ..නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාරියාලය වටලන්නට වයිකෝගේ කොටි හැත්තට පුලුවන් කමක් නැත්තේ.

ඌට හරි ආසයි ඒවගේ අඩව්වක් අල්ලන්නට, ඒ උන්ට ඒවාට ඉඩක් නෑ. නටන නාඩගමක් තමිල්නාඩුවේ පාරවල්වල, දිල්ලියේ ඒවා බෑ.

Anonymous said...

එක නෙවෙය් මචන් හේතුව ... උතුරු ඉන්දියන් කාරයෝ ඔය දෙමලුන්ව තඹ සතේකට ගණන්ගන්නේ නෑ... මමත් එක්ක ඉගනගන්න ඉන්දියන් කාරයෝ ගොඩක් දෙනෙක් ලංකාවේ යුද්දේ තිබ්බ වෙලාවේ හිටියේ ලංකාවේ පැත්තේ ... අපේ රජීව් ගාන්දි මරපු එවුන් කියල තමය් කොටි ගැන කතා කරේ ... කොටින්ම එකදවසක් දෙමල කෙනෙක් මාත් එක්ක ඔය ගැන තර්ක කරන්න ආපුවෙලාවේ උන් හිටියේ මගේ පැත්තේ. කොටින්ම දෙමලුන්ව ඉන්දියන් කාරයෝ කියල කියනවටවත් ගොඩක් උතුරු ඉන්දියානුවෝ කැමති නෑ.

රංචාගොඩ මුදියන්සේ said...

එක නෙවෙය් මචන් හේතුව ... උතුරු ඉන්දියන් කාරයෝ ඔය දෙමලුන්ව තඹ සතේකට ගණන්ගන්නේ නෑ... මමත් එක්ක ඉගනගන්න ඉන්දියන් කාරයෝ ගොඩක් දෙනෙක් ලංකාවේ යුද්දේ තිබ්බ වෙලාවේ හිටියේ ලංකාවේ පැත්තේ ...
------------------------------

ඔය කතාව සම්පූර්ණ ඇත්ත. උතුරු ඉන්දියාවේ ඉන්න පන්ජාබි, ජට්, බෙන්ගාලි,මොන්ගෝලියන් සම්භවයක් තියෙන එවුන්ට දෙමෙල්ලු කියන්නේ පහත් ජාතියක්... තවමත් උතුරු ඉන්දියාව ලංකාවට ගොඩක් සලකනවා.

අපේ මිනිස්සු මේක තේරුම් ගන්නේ නෑ. හිතාගෙන ඉන්නේ හැම ඉන්දියන් කාරයාම දෙමෙලෙක් කියලා. මුලු ඉන්දියාවටම තමිල්නාඩුව කරදරක් කියන එක අපේ එවුන්ට කවදා තේරෙයිද මන්දා..

කොටින්ම අපි රාම කුමාරයාට බැන්නට, පහත් කරාට මාත් එක්ක කතාකරන හින්දු යාලුවෝ ලංකවේ රාවණට ගොඩක් සලකනවා. ඔවුන් කියන්නේ රාවණ කියන්නේ ගොඩක් බුද්ධිමත්, ඉතා දක්ශ, රණශූර රජෙක් කියලා. ඔහුගේ නුවනට සමකරන්න පුලුවන් බුද්ධිමතෙක් එදා හිටියේ නැතිලු...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අනුන්ට සම්බාධක දාන්න හදන එකේ අර ඊශ්‍රාල් කාරය කියනව වගේ නෙලලා දැම්මා නම් ඉවරනේ , කොහොම උනත් මම හිතන්නේ නෑ ඇමරිකාවත් ඉන්දියාව අමනාප කරගන්න තැනට කටයුතු කරන්න කැමති වෙයි කියලා . ඉන්දියාව විතරක් නෙවෙයි දකුණු කොරියාවත් ඉරානයෙන් බොරතෙල් අපනයන කරපු ප්‍රමානය වැඩි වෙලාය කියන්නේ , ඉරානය වෙනුවෙන් ආසියාවේ මිත්‍රයින් නැති කරගන්න තරම් එක්සත් ජනපදය මෝඩ වෙන එකක් නැහැ