Friday, March 16, 2012

ශ්‍රි ලංකා-යුරෝපීය සංවර්ධන බැංකුව විවෘතකෙරේ!

Wednesday, 02 January 2014 [ Financial Times - London]

පරිවර්තනය .....

යුරෝපීය රටවල සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට සහභාගිවී උපකාර කල හැකි යාන්ත්‍රණයක් ලෙස බිහිකල ශ්‍රී ලංකා-යුරෝපීය සංවර්ධන බැංකුව ඊයේ (1වැනිදා ) ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රාජපක්ශවාදී මිහින්ලන්ත ජනරජයේ වානිජ අගනුවර වන කොළඹදී උත්සවාකාරයෙන් විවෘත කෙරිනි.

මිහින්ලන්තයේ අග්‍රාමාත්‍ය තැන්පත් බැසිලස් රාජ්පක්ශ උතුමාණන් අතින් විවෘත වුන මේ බැංකුවේ අරමුණ අතිශයින්ම සමෘධිමත් මිහින්ලන්ත රාජ්‍යයේ සීග්‍රයෙන් වර්ධනය වෙමින් කඳු ගැසී ඇති ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සංචිත පලදායි කාර්යයකට යෙදවීමයි. දැන් ණය බරිනි මිරිකී පීඩා විඳින යුරෝපීය වැසියන් දුකින් මුදවාගෙන සුඛිතමුදිත කිරීමේ පුණ්‍යකර්මය වෙනුවෙන් මේ බැංකුව ආරම්ඹ කරන ලද බව බැසිල්ස් උතුමා උත්සව සභාව හමුවේ සිය පැය තුනහමාරේ දේශණයේදී පවසා සිටියේය.

යුරෝපයේ සියලුම රටවල්වල මුදල් ඇමතිවරුන් හා තානාපතිවරුන් සහභාගීවුනු මේ උත්සවයේදී බැසිලස් තුමා යුරෝපය තම රට බංකොලොත් කිරීමට හා ඔහුගේ සදාදරණීය නායක මහින්දතුමා දංගෙඩියට යැවීමට කුමණ්ත්‍රණය කල ආකාරය සිහිපත්කල අතර මහින්ද චින්තනය අනුව යමින් ඒ සියලු ගැටලු වලින් මිදී ශ්‍රී මිහින්ලන්තය ලෝකයේ සමෘද්ධිමත්ම රාජ්‍යය බවට ඉතා කෙටි කලකදී (වසර 2යි)පත්කල ආකාරය දීර්ඝවශයෙන් විස්තර කලේය. එදා තමා අනාගතයේදී මිහින්ලන්තය යුරෝපයට පවා ණය දෙන බව පැවසූවිට යුරෝපයට ගැති අධිරාජ්‍යවාදී වෙබ් අඩවි හා බ්ලොග්කාරයින් තමාව අවඥාවට ලක්කල ආකාරයද සිහිපත්කලේය.

මෙහිදී ස්තූතිකතාව සිදුකල යුරෝපා සංගමයේ සභාපති යුරෝපය විසින් ඇමරිකාවේ නොමග යැවීම මත මිහින්ලන්තයට විරුද්ධව කරන ලද කෙනෙහිලිකම් පිලිබඳව යුරෝපීය ප්‍රජාව වෙනුවෙන් සමාව අයදින ලද අතර යුරෝපය මින් මනතට මිහින්ලන්තයට විරුද්දව වචනයක් හෝ නොකියන කීකරු බලුකුක්කෙකු විලසින් සිටිනා බවට ප්‍රතිඥාදුන්නේය.

යුරෝපයට ණයදෙන බැංකුවේ සභාපති ලෙස පත්කොට ඇති මිහින්ලන්ත මහ බැංකුවේ ගවනර් තැන්පත් කබ්සිරාල් පිරමිඩ් තුමා යුරෝපයට ණය දෙන්නේ දැඩි කොන්දේසි මත පමණක් බව පවසා සිටියේය. යුරෝපීය රටවල නායකයින්ට ජවුසන් නටන්නට බොරු උත්සව නාඩගම් පෙන්වන්නට ණය නිකුත් නොකරන බවට අවධාරනය කල කබ්සිරාල්තුමා ණය දෙන්නේ පහත කොන්දේසි අකුරටම ඉටුකරන රටවල් වලට පමණක් බව පවසා සිටියේය. එම කොන්දේසි මෙසේයි.

* යුරෝ මුදල් ඒකකය පාවෙන්නට හැරිය යුතු අතර යුරෝ සංචිත,ඩොලර් සංචිත පුච්චමින් බලෙන් වටිනාකම් රඳවාගෙන නොසිටිය යුතුය

* යුරෝපයේ පොලී අනුපාත වැඩිකොට ණය දීම් අඩුකොට උද්ධමනය පාලනය කල යුතුය.

* විදෙස් මුදල් සංචිත වර්ධනය වන්නට අපනයන දිරිමත් කල යුතු අතර ආනයන පාලනය කරගත යුතුය

* ණය දෙන්නේ මිහින්ලන්ත රජය අනුමත කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණකි

මෙම උත්සවයට ඇමරිකානු උප ජනාධිපති සහභාගීවී සිටි නමුත් යුරෝපීය නායකයින් ඔහුව මගහරිමින් නොදැක්කා සේ සිටියේ ඇමරිකන් ලනු නිසා නිරපරාදේ මිහින්ලන්තය වැනි වටිනා මිතුරෙකුට කෙනෙහිලිකම් කරන්නට යුරෝපයට අතීතයේදි සිදුවූ බව සිහිපත්කරමිනි.

"ඔය යකා එක්ක කතාබහ කරලා අපිට මිහින්ලන්තයේ නායකයින් තරහකරගන්නට බෑ..." යනුවෙන් යුරෝපීය නායකයින් කිහිප පොලක් ෆයිනෑන්ශල් ටයිම්ස් වාර්තාකරුවාට පවසා තිබුණි. 

කොන්වී සිටි ඔහු උත්සවය අවසානයේ පැවැත්වූ හැලප හා ප්ලේන්ටි සාදයට පවා නොසිට ත්‍රී වීලරයකින් ගුවන්තොටුපොල බලා යන ආකාරය මාධ්‍යවේදීන්ට දැක ගන්නට හැකිවිය.

මෙම උත්සවයට ශ්‍රී මිහින්ලන්ත ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමාට සහභාගීවන්නට නොහැකිවුනේ චීනය හා තායිවානය අතර උද්ගතවී ඇති අර්බුධය සමතයකට පත්කර දෙන ලෙස එම දෙරටේම නායකයින් කරන ලද ඉල්ලීමකට අනුව බීජීං නුවරට හදිසි සංචාරයක් සඳහා ගොස් සිටි බැවිනි. මිහින්ලන්ත ජනාධිපතිතුමාගේ චීන-තායිවාන සංචාරයට එතුමාගේ සහය පිනිස 350කට අධික පරිවාර නිළධාරී හා මැති ඇමතිවරු සේනාවක් සහභාගී වී ඇති බැවින් උත්සව සභාවේ පුටු විශාල ප්‍රමාණයක මැස්සන් ඇහිරි සිටිනු දක්නට ලැබුණි.










9 comments:

Anonymous said...

අපටද විශාල තෙල් සම්පතක් මන්නාරම් ද්‍රෝන්යේත් කාවේරි හීත් සහ හම්බන්තොට යන මුහුදු තීරයේ තිබේ. ඒවා ගොඩ ගත්කල අපිදු ජපානයකි.එවිට අපිද යුරෝපයට ණය දිය යුත්තේ අපට පෙරලා ප්‍රතිලාභ ලැබෙන්නේ නම් පමණි.ඉහත කාරණා සුද්ඩන්ට බැලමේහෙවර කරන නිවටයන්ට කවදාවත් නොතේරෙනු ඇත්තේ යුරෝපිය සම්ප්‍රදායෙන් ඔවුන් තුල ඇතිකල මෝහය නිසාය.

මාතලන් said...

ඔය කැළණි ගඟේ මෝය කටේ මහවැලි ගඟේ මෝය කටේ මැණික් තියෙනවලු තෙල් වලට වඩා ඒවා ගො ගත්තහම හරි. අනේ මෙහෙමත් ගොන්නු.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

//අපටද විශාල තෙල් සම්පතක් මන්නාරම් ද්‍රෝන්යේත් කාවේරි හීත් සහ හම්බන්තොට යන මුහුදු තීරයේ තිබේ. ඒවා ගොඩ ගත්කල අපිදු ජපානයකි.//

ඇනෝනිමස් වෘශභයානෙනි, මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් නිධි දැනටමත් මහරජා විසින් ඉන්දියාවට විකුනා ඇති බව නොදන්නේ මෝහය නිසාද නැතිනම් රජපස අසූචිත් රසවත් නිසාද?

//අපිත් ජපානයකි // - අනේ හුකේ!!

//ඉහත කාරණා සුද්ඩන්ට බැලමේහෙවර කරන නිවටයන්ට //

රජපස වලව්වට බැලමෙහෙ කරන ඉඳුල් කන නිවටයින් ගැන අපට ඇත්තේ ඔයිටත් වඩා පිලිකුලකි..

නරකයා....!! said...

@Anonymous බලන් හිටපන් අරූගේ පුක, දිහා තෙල් මතුවෙයි ගානට...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

// එදා තමා අනාගතයේදී මිහින්ලන්තය යුරෝපයට පවා ණය දෙන බව පැවසූවිට යුරෝපයට ගැති අධිරාජ්‍යවාදී වෙබ් අඩවි හා බ්ලොග්කාරයින් තමාව අවඥාවට ලක්කල ආකාරයද සිහිපත්කලේය.//

ශික් මටත් දැන් ලැජ්ජ හිතෙනවා !!

ජයශ්‍රී said...

පළමු ප්‍රතිචාරය දැක්කම සිංදු කෑල්ලක් මතක් වුණා,

මෝහෙන් මුලා වෙලා - මානෙන් උදම් වෙලා

Anonymous said...

නෝර්වේයි ජපනායි ආවේ තෙල් ටිකට කෙලින්න, එව්වා කොහෙද අපිත් එක්ක. අපි උන්ට රිදෙන්න තෙල් ටික දුන්නා ඉන්දියාවට[අපිට ලාබයක් තියෙන්න එපැයි හරිය]. එක කොටහක් චීනෙට ලාබේ අපේ පුද්ගලික එකවුන්ට් වලට, පොඩී ගානක් මිලියන් 20ක් වුන ගොන් රැළට.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
නෝර්වේයි ජපනායි ආවේ තෙල් ටිකට කෙලින්න, එව්වා කොහෙද අපිත් එක්ක. අපි උන්ට රිදෙන්න තෙල් ටික දුන්නා ඉන්දියාවට[අපිට ලාබයක් තියෙන්න එපැයි හරිය]. එක කොටහක් චීනෙට ලාබේ අපේ පුද්ගලික එකවුන්ට් වලට, පොඩී ගානක් මිලියන් 20ක් වුන ගොන් රැළට.
-----------------------------

මිලියන 20ක ගොන් රැළට කටින් තෙල් බෙදපුවාම ඇති. විරවංශලා වැඩේ ගාණට කරනවා...

නලින් said...

>>> මිලියන 20ක ගොන් රැළට කටින් තෙල් බෙදපුවාම ඇති. විරවංශලා වැඩේ ගාණට කරනවා... <<<
---------------------------------
1970 ගණන්වලත් එක්තරා රජයක් කටින් තෙල් බෙදුවානේ, දැන් ඔය විමල් වීරවංශ කරන විදියටම.....
ඒ කතාව කියවන්නකෝ මෙතනට ගිහිල්ලා --->
http://www.divaina.com/2012/03/26/mano01.html

ප.ලි. - 1960/70/80 ගණන්වල පුවත්පත් කතුවරයකු වුණු ගුණදාස ලියනගේ විසින් ලියැවුණු පොතක මේ සිද්ධිය මීටත් වඩා විස්තර ඇතිව ලියා තිබුණා.