Thursday, March 8, 2012

ඇමරිකන් යෝජනාව සභාගත වනවිට ජිනීවා ගිය හොර දේසප්‍රේමි නරිරැළ ගෙදර ඇඳයට [ හෙවත් මිහින්ලන්තයේ කොන්ඩොම් ඩිප්ලොමසි ]


මිහින්ලන්තයේ ලොස්ට් ලීඩර් නොහොත් කිං බානට් දං ගෙඩියට හෙවත් විදුලි පුටුවට හෙවත් පෝරකයට යවන්න කුමන්ත්‍රණය කරන ඇමරිකන් යෝජනා පරද්දන්නට ඕනෑයයි කියමින් යෝජනාවේ පේලි කීයක් තියනවාදැයි පවා නොදැන යෝජනාව එන්නටත් කලියෙන්  ඇමරිකන් සිටිසන් සමරසිංහ හා ලූස් මෝශන් ප්‍රොපෙසර් ද සමග ගැටයා සන්දියේ අනුන්ගේ කාර් හොරන් විකුනා මාට්ටු වුනු සජින්ද වාසු ඇතුලු නඩයක් ජිනීවා දුවගෙන ගියේය.

වහසි බස් දෙඩුවේය, මාද්දිය සාකච්චා කරන්නට ගොස් අනාගත්තේය. ඒ අස්සෙ ජිනීවා බඩු ස්පොට් වලට ගොස් කලිසම් පවා නැතිකර ගත්තේය.

නඩය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානී නවනීදන් පිල්ලේ හමුවීමට ගියවිට ලන්කාවේ නිළ කැලෑපත්තරය වන දිණමින බැනර් හෙඩ්ලයින් දැම්මේ "ශ්‍රී ලංකා නියෝජිතයින් මානව හිමිකම් ලොක්කී හමුවෙයි" යන අපහාසාත්මක යෙදුමෙනි. ශ්‍රී ලංකාවද සාමාජිකයෙකු වන එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිළ කොමිසමක ප්‍රධානියා ලෙස නිතැතින්ම ලැබිය ලුතු අවම ගෞරවය පවා ලබානොදී දිණමින කතුවරයා සිය හෙළ බලු ගති මොනවාට ප්‍රදර්ශණය කලේ ලංකාවේ මහජන මුදල් කාබාසිනියා කරමින් යැවූ වැඩකට නැති බොරු කාර රැළ මහා වීරයන් ලෙස පුම්බමිනි.

අද සිදුවී ඇත්තේ කුමක්ද? අමෙරිකාව සිය යෝජනා කෙටුම්පත සභාගත කොට ඇත. එහෙත් යෝජනාව පරාජය කරන්නට අවි අමෝරාගෙන ගිය හොර හැත්ත අද ජිනීවා වල නැත. පරාජය කරන්නට ගිය යෝජනාව එන්නටත් කලියෙන් උන් ගෑනු හා හොර ගෑනුන් වෙනුවෙන් සාප්පු සවාරි ඉවරකරගෙන, කලිසම් පවා ගණිකා මඩම්වල උගසට තියා දැන් ආපහු පැමිණ ඇත.

දැන් බර අදින්නට වී ඇත්තේ ජිනිවා ඉන්නා තානාපතිනියටයි. ඇයට යෝජනාව පරද්දනවාට අමතරව මේ ගොන් රැළ ජිවීවා වලදී කරන ලද දහසක් අමන වැඩ නිසා සිදුවී ඇති හානිය හා අපවාදය මෙන්ම දුරදිග නොබලා සිදුකරන ලද කයිවාරු වලින් සිදුවී ඇති හානියට පිලියම් කරන්නටද සිදුවී ඇත.

තවත් කෝටි ගණනක් මහජන මුදල් කම්බස් වී ඇත. නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත.

Just another day in Mihinland...

2 comments:

මාතලන් said...

ලංකාවට පච් වෙලා ඉවරයි දැන් ලෝකෙට පච වෙනවා..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

තානාපති නෝනටම වැඩේ කරගන්න දුන්නා නම් වැඩිය හොඳයි , ඒ තියා සමරසිංහ ලොක්කා විතරක් ගියා නම් වැඩේ ඒත් ශේප් . ගෙනාපු යෝජනා තුනෙන් කොයි එකෙන්ද දන්නේ නෑ මස් කොක්කේ එල්ලන්නේ .

කොහොම වුනත් කලින් පාරවල වගේම යෝජනාවෙන් දිනයි කියලයි මට හිතෙන්නේ