Wednesday, March 7, 2012

රායප්පු ජෝසප්ලා ඉගෙනගත්තේ මහින්ද රාජපක්ශගෙනි


දැන් අලුත්ම බිල්ලෙක් සොයාගෙන ඇත. ඒ රායප්පු ජෝසප් ඇතුලු උතුරු නැගෙනහිර පියතුමන්ලා පිරිසකි. ඔවුන් ගැන ඊයේ විමල් වීරවංසද අද හෙළ උරුමයට ප්‍රවෘත්ති නිවේදන  නිකුත් කොට ඇත.

රායප්පුලාගේ කල්ලිය රටට විරුද්ධව ජිනීවා වලට ලියා ඇත.

පහත උපුටාගැනීම ලංකා සයිබර් නිවුස් අඩවියේ පලවුනු, ජාතික හෙළ උරුමය සිදුකලායැයි පැවසෙන පුවත්පත් නිවේදනයෙනි...

"රායප්පු ජොශප් පියතුමාගේ අතීත කි‍්‍රයාකලාපය රටට අමතක නැත. දෙමළ ජාතිවාදයටත්, බෙදුම්වාදයටත් අනුබල දෙමින් මතවාදීවත්, සමාජකි‍්‍රයාකාරිත්වය තුළත් පෙනී සිටියා පමණක් නොව කොටි ත‍්‍රස්තවාදයට හිතැතිව කටයුතු කළ අතර ශී‍්‍ර ලංකා රජයටත්, ආරක්‍ෂක හමුදාවන්ටත් එරෙහිව දේශීයවත්, ජාත්‍යන්තරවත් පෙනී හිටිමින් ගතු කේලාම් කීමට පසුබට නොවු රටට හා රටේ ඒකීයභාවයටත් ද්‍රෝහී වූ පූජකවරයෙකි. කොටි ත‍්‍රස්තවාදයට අනුබල දුන්නා පමණක් නොව ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා මඩු ශුද්ධ භූමීයත්, මඩුමෑණියනුත් ආවරණය කර ගැනීමට තරම් ත‍්‍රස්තගැතිව කටයුතු කළ පූජකතුමකි. ලංකා කතෝලික සභාවෙන් වෙන්ව වෙනම දෙමළ ඊළාම් කතෝලික සභාවක් සඳහා වු යෝජනාව පාප්තුමාට හා වතිකානුවට ගෙන ආ බව අපට අමතක නැත."

ජාතික හෙළ උරුමය මෙන්ම විමල් වීරවංශද උවමනාවෙන්ම අමතක කරන දෙයක් ඇත. මෙලෙස රටට, ආරක්ශක හමුදාවට ද්‍රෝහී වන්නට ජිනීවා වලට ලියන්නට, පැමිණිලි කරන්නට ඔවුන් ඉගෙන ගත්තේ, ඔවුනට ඉගැන්නුවේ කවුද යන්නයි.

රායප්පුලා හා අනෙකුත් අප්පුලා ජිනීවා පැමිණිලි සෙල්ලම් ඉගෙන ගත්තේ, 1988-1990 කාළයේ මහා මානව හිතවාදියෙකු මෙන් පෙනී සිටිමින් ජිනීවා බඩගාමින් රටේ එවක පැවති රජයටත් ආරක්ශක හමුදාවටත් විරුද්ධව, ද්‍රෝහීව පැමිණිලි කරමින්, රටට විදේශ ආධාර දෙන්නට එපා යයි සුද්දන්ගෙන් ඉල්ලීම් කරමින් පූර්වාදර්ශයක් ලබාදුන් මහින්ද රාජපක්ශ මහතාය. 

හෙළ උරුමය " ජාත්‍යන්තරවත් පෙනී හිටිමින් ගතු කේලාම් කීමට පසුබට නොවු ...." යනුවෙන් නිවේදන ලියනාවිට, ඔවුන් දැන් රෙදි නැත්ව කඩේ යන, කිළුටු රෙදි අපුල්ලන මහින්ද රාජපක්ශ ඔවුන් දැන් චෝදනා කරන පරිද්දෙන්ම " ජාත්‍යන්තරවත් පෙනී හිටිමින් ගතු කේලාම් කීමට පසුබට නොවු" බව මේ රටේ බහුතර ජනතාවගෙන් සඟවති. ජනතාවට මතක නැතැයි සිතාගෙන සිටිති.



5 comments:

Anonymous said...

ලංකා කතෝලික සභාවෙන් වෙන්ව වෙනම දෙමළ ඊළාම් කතෝලික සභාවක් සඳහා වු යෝජනාව පාප්තුමාට හා වතිකානුවට ගෙන ආ බව අපට අමතක නැත.
----
අම්මප මු මෙහෙමත් කරලා ද ? ලංකාවේ දෙමළුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියල ඊළම හදන්න ගියා කියමුකෝ ... ලංකා කතෝලික සබාවේ මොන ප්‍රශ්නයක් හින්ද ද මුන් ඉලං කතෝලික සභා හදන්න ගියේ, මොකද ලංකා කතෝලික සභාවේ එවුන් මුන්ව අල්ලලා මරනවද ??? තිබ්බේ ප්‍රශ්නයක් නෙවි අභිප්‍රායක් බව පැහැදිලිය් නේ

Anonymous said...

හැමෝටම ඕනි රටේ පොඩි කෑල්ල්ලක් කඩලා අරගෙන එකේ ලොක්ක වෙන්න ... මේ වගේ පොන්න ඩයල් හිතන්න ඇති ඊළමේ කාදිනල් වෙන්න

මාතලන් said...

රායාප්පුටත් පිස්සු, ලෙමන් පෆ්ලටත් පිස්සු. ලොක්කා ඔච්චරම චන්ඩීයෙක්නම් විමලෙට චම්පිකට ඉල්ලන්න තියෙන්නේ 13 අහෝසි කරණු කියලා පාරට බහින්න.

ජයශ්‍රී said...

වැදගත් ප්‍රශ්නය විදේශයන්ට ගතුකීම පටන්ගත්තේ කවුද? යන්න නොවේ.අපගේ විවේචනයට ලක්විය යුතුතේ රායප්පු ජෝසප් ලාගේ දේශද්‍රෝහී ක්‍රියා කලාපයයි.
ඉස්සෙල්ලම විදේශයන්ට ගතු කීවේ කවුද යන්න critical සාධකයක් නොවේ.

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී said...
වැදගත් ප්‍රශ්නය විදේශයන්ට ගතුකීම පටන්ගත්තේ කවුද? යන්න නොවේ.අපගේ විවේචනයට ලක්විය යුතුතේ රායප්පු ජෝසප් ලාගේ දේශද්‍රෝහී ක්‍රියා කලාපයයි.
ඉස්සෙල්ලම විදේශයන්ට ගතු කීවේ කවුද යන්න critical සාධකයක් නොවේ.

---------------------------------


රායප්පුලාගේ ක්‍රියාව දේශද්‍රෝහී බව කිසිදු පැකිලීමකින් තොරව පිලිගන්නවා.

එහෙත් රායප්පුලා වගේම මහින්ද රාජපක්ශත් ඔය දේශද්‍රෝහී වැඩය කර තිබෙනවා. සුදු පිරුවට ඇඳගෙන බත්බැලයන් ලවා උද්ගෝශණ කෙරෙව්වාට එයා කලින් කල දේශද්‍රෝහී ක්‍රියාවන් අවලන්ගු වන්නේ නැ.

එදා රටම තමයි අදත් තියෙන්නේ. අද රටට විරුද්ධව සුද්දන්ට කේළාම් කියා මේ රටට වින කරන්නට හදන එකයි එදා එහෙම කරපු එකයි අතර වෙනසක් නෑ.

මගේ තර්කය මෙයයි.