Friday, March 2, 2012

මරුවාගේ මරු කතා..

මරුවාගේ බ්ලොග් අඩවිය මම සෑහෙන කාළයක සිට කියවන්නෙමි. ඔහුගේ බොහෝ අදහස් හා එකඟ වන්නට නොහැකිවුවත් ඔහු ලියනා දෙය රසවත්ව ලුණු ඇඹුල් ඇතුව ලියයි.

ඔහුගේ අලුත්ම ලිපිය වන්නේ "ලංකාවේ මිනිසුන් නැත" යන ලිපියයි. එම ලිපියේ ඇති බොහෝ අදහස් හා මට එකඟවිය හැකි නිසාම ඒවා කිහිපයක් උපුටා ගන්නටත් ඌණ පූරණයක් කරන්නටත් සිතුනි.

උපුටාගැනීම...

 කොහෙමටත් ලංකාවේ මිනිසුන් නැත. මිනිසුන් සිටියේද නැත. කිසිවෙක් බිහිවන්නේද නැත. මේ මිනිසුන් නැති රටකි. ලංකාවේ සිටින්නේ හුදකලා පවුල් කේද්‍රීය අඟුටුමිටි මිනිසුන් පමනි. අතිශයින්ම සාමාන්‍ය කීයක් හරි හොයාගෙන බඩවියත රකිනා ඉතාම හුදකලා මිනිසුන් පමනි.

කතාව ඇත්තය. බොහෝ දෙනෙකුට හැඟීමක්, විචාර බුද්ධියක් නැත. නැවත නැවතත් රැවටෙයි. කියන්නේ බොරු බව දැනගෙනම විස්වාස කරයි. ඇමරිකන් යෝජනාවලට විරුද්ධව මරාගෙන මැරෙන්නට පෙලපාලි යද්දී ලංකාව නියෝජනය කරන්නට \\ කුප්‍රකට ඇමරිකන් යෝජනාව පරද්දන්නට \\ ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස ගිය මහින්ද සමරසිංහ ඇමතියා ඇමරිකන් පුරවැසියෙකි. විවාහවී සිටින්නේ ඇමරිකන් ගැහැණියක් සමගය. දරුවාට සිංහල වචනයක් බැරිය.  රට නියෝජනය කරන්නට සිංහල පුරවැසියෙකු හොයගන්නට බැරි අධෝමුඛ රටකි මෙය. 

දේසප්‍රේමි ජනපතිතුමා ඇමරිකන් යෝජනා පරද්දන්නට යවන්නේ දුඹුරු හම ඇති, ඇමරිකාව හා එහි ව්‍යවස්ථාව දිවිහිමියෙන් ආරක්ශා කරන බවට ප්‍රතිඥා දී ඇමරිකන් පුරවැසිකම ලබාගත් එකෙකි. යූ ඇන් පී කාරයෙකි. 

මහින්ද සමරසිංහ ඔය බයිලා කියවන අතරේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ ඒජන්තයෙකු ඔහුට ලංවී ඔහු අමෙරිකන් පුරවැසියෙකු බවත්, අමෙරිකාවට විරුද්ධව අදහස් දැක්වීම අමෙරිකාවට ද්‍රෝහී ක්‍රියාවක් බවත් මතක්කොට දුන්නොත් එවිට සමරසිංහ කරන්නේ කුමක්ද? ඔහු තෝරාගන්නේ අමෙරිකාවද ලංකාවද? ඔහුගේ ජිනීවා ප්‍රකාශයෙන්ම ඔහු තෝරාගෙන ඇත්තේ කුමණ රටද බව පැහැදිලිය. අමෙරිකානු යෝජනාවලට විරුද්ධ වචනයක්වත් කිව්වේ නැත. ඇමරිකන් පුරවැසියෙකු ලෙස ඔහු එසේ කියන්නටද බැරිය.

රට නියෝජනය කරන්නට පිරිසිදු සිංහල බෞද්ධ එකෙක්, ශ්‍රී ලංකා කාරයෙක් හොයාගන්නට බැරි සිංහල බෞද්ධ දේසප්‍රේමී රාජ්ජයකි මෙය. තවත් බොරු ඕනෑ නැත. 

උපුටාගැනීම...

කිසිවෙකු ලොකු වැඩ කරන්නේද නැත. මුන් ඉතාම ආත්මාර්ථකාමී මිනිසුන් වන අතර තමන් වෙනුවෙන් ඕනෑම ජරාවැඩක් සාධාරණය කරන මිනිසුන්ය. උන් තමන්ට කියා ගන්නා නම කලාකරුවන්ය. පාහර කැත කාලකන්නි ජාතියකි. උන්ගේ වන්දිබට්ටයෝ යනු මාධ්‍ය කාරයෝය.

මුන් සිංදුකියන්නේ පොත් ලියන්නේ පත්තර ගහන්නේ චිත්‍රපටි හදන්නේ උන්ට ගානක් කපා ගන්න මිස අපට කලා කෘති පෙන්නන්න දැනුම දෙන්න, තොරතුරුදෙන්න නොවේ. ලංකාවේ තවමත් රහක් ඇති පුදුමය දනවන කලා කෘති බිහිවී නැත. දැනුම දෙන යමක් වැදගත් ලෙස කියන පත්තර පොත්පත් නැත.

අද මහින්ද මහත්තයා වටකරගෙන ඉන්නා, රූපවාහිනී තිරවල පෙනීසිටිමින් මහින්දගේ ගුණවයමින් ජාතිවාදය වපුරන කළාකරුවන් කියාගන්නා එවුන් රටටම කරන්නේ ද්‍රෝහිකමකි. ඔවුන් අහිංසක ළමා පරපුර පවා වෛරයෙන් පුරවයි. ඔවුන් නොකරන්නේද කළාව පමණකි. සංගීත සංදර්ශනයකදී සිංදුකියන අනුපිලිවලට  කාකොටා ගන්නා, ටෙලිනාට්ටියක්, චිත්‍රපටයක් කරන්නට ගියත් මරාගන්නා කුළ කියාගන්නා, එකිනෙකාට කකුල්මාට්ටු දමාගනිමින් චරිත ඝාතනය කරගන්නා අමනයින් රැලකි. එකෙකා කාකොටා ගන්නා අතරම පෙරලිපෙරලී ජනපතිගේ කකුල් ලෙවකන්නේ ඒලෙවල් ෆේල් වුනු මෝඩ පුතාට පිටරට  ශිෂ්‍යත්වයක් (ජනාධිපති අරමුදලින්), දුවට පිටරට ඇම්බසියක, නැත්තම් රජයේ ආයතනයක ලොකු රස්සාවක්, බිරිඳගේ බිස්නස් එකට තල්ලුවක්,තමන්ටත් ගානක් දෙන හිතවතෙකුගේ කොන්තරත්තුවකට අත්සනක් ලබාගන්නටය. නැතුව කළාවට වැඩක් කරවාගන්නට නොවේ. කළාවට හෙණ ගැහුනත් උන්ට කමක් නැත.

පත්තරකාරයිනුත් එසේමය. දිවයින කාරයාට ජීවන බර, වෘත්තීය අයිතිවාසිකම් මතක්වන්නේ ශ්‍රී ලංකා එක විපක්ශයේ ඉන්නාවිටය. ශ්‍රි ලංකා ආණ්ඩුවක් තිබේනම් ඕවා ඉල්ලන එවුන් දේශද්‍රෝහීන්ය. අනිත් ඔක්කොම එවුන් ගෙනියන්නේත් ඩබල් ගේම්ය. ජනාධිපතිමන්දිරේට ගිහින් පැටිස් කාලා එහෙයි සර් කියමින් ඔලුව වන වනා ඉඳලා ඇවිත් කරන්නේ සල්ලිදීලා පත්තර ගන්නා එවුන් ගොනාට අන්දන එකය. පට්ට හොර වෙද්දු එලොවින් ආ ජීවකයින් කරති, ටෙලි නාට්‍ය නිශ්පාදනය කරන සල්ලිකාර වෙසඟනුන් සමග කරන වෛවර්ණ ඉන්ටර්විව් දමන්නේ ලෝක පූජිත කළා නිශ්පාදිකාවන් ඉන්ටර්විව් කරන ගානටය. මිනීමැරුම් නඩු ඇති ප්‍රාදේශීය දේශපාලකයින්ද උන්ගේ පත්තර පිටු අතර මහා වීරයින්, සමාජසේවකයින් වෙයි.

බස් එකක සිදුවෙන ඕපා දූප. මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික කාරනා, ගැහැනියකගේ නොදැනුවත් කමට ඉහලට එසවුනු සායක් ගැන කුණු කතා දාන්නේ "දෙයියෝ සාක්කි " වගේ කොළම් වලය. ඒවා කියවන විට ඒ පත්තර වල එඩිටර්ලා මොනතරම් නූගත්, අනුන්ගේ කුණුවලට ආශාකරන පෙරේත නරුමයින් දැයි සිතේ. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ගැන අබමල් රේණුවක ගෞරවයක් හැඟීමක් උන්ට නැත.

උපුටාගැනීම...

ලංකාවේ දේශපාලන පක්ෂ නැත. දේශපාලනය ගැන ගැඹුරු අදහස් නැත. ඒවා නිකම්ම නිකං පීආර් වැඩය. මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සංවිධානය වුනු කන්ඩායම් නැත. කාටවත් ගොඩ යන්න බැරිය. හැමෝම එකම වලකය. මේ වලේ ඉන්නා උන් උන්ම කාකොටා ගන්නා හැරෙන්න කරන මගුලක් නැත. පිටරටක බූතයෙකුට පෙන්නන්න වත් මිනිහෙක් නැත. ඉන්නා සියළුම හැතිකරේ නළුවෝය. මීඩියා වල පස්ස පැත්ත ලෙවකන කාලකන්නි රැලකි.


දේශපාලකයින් ගැන කිවයුතු දෙය කියා තිබේ. ඌණ පූරණ අනවශ්‍යය. විරෝධතාවයකදීවත් රනිල් නාකියාටයි සජිත් නාම්බාටයි කොටාගන්නේ නැතුව එකට ඉන්නට බැරිය. උන් දෙන්නාගෙම වටේ ඉන්නා කාළකන්නි කරන්නේ ආණ්ඩුවේ කොන්තරත්තුවක් බව තේරුම් ගන්නට මේ පරයින් දෙන්නාටම බැරිය. ආණ්ඩුව මු දෙන්නාව එලිපිට හප්පන්නට කොන්තරත්තුවක් උන් දෙන්නා වටේ ඉන්නා බිස්නස් කාරයින්ට දී ඇත. මුන් දෙන්නා ඇණ ගන්නේ ඔය හිතවත් ආණ්ඩු කොන්තරත්කාරයින්ගේ ලණු ගිලලාය.

ආණ්ඩුවෙන් සල්ලිවලට කොන්තරත්තුව අරගෙන රනිල් සජිත් හප්පවන උන්ගේම හෙන්චයියන්ය. හෙන්ච්යියලා නියමට වැඩේ කරමින් ටීවී කැමරා ඉදිරියේම නායකතුමා හා උපනායකතුමා හප්පවයි.

රනිල් ඉන්නා තැන සජිත්ට අනාගත ජනාධිපතිට ජයවේවා කියා කෑගස්සවන්නේ කොන්තරත් කාරයෝ මිස යූ ඇන් පියට ආදරේ යූ ඇන් පී කාරයෝ වෙත්ද?. පක්ශයකට ආදරයක් ඇති එවුන් කවදාක්වත් මේ වගේ වැඩ කරයිද? 

මුන් දෙන්නාටම මහින්දගෙන්ද ඉගෙන ගන්නට පාඩම් ඇති බව පමණක් කිව යුතුය.

2 comments:

ජයශ්‍රී said...

මේ මරුවා නමින් ලියන අවාසනාවන්ත සර්ව අසුභවාදියා ළමා කළ දැඩි පීඩනයකට ලක්ව හිංසනයකට ලක්ව ජීවත් වූවෙකු බව පෙනේ.ඔහු මේ බ්ලොගය මගින් පිට කරන්නේ ඔහු දිනෙක ලැබූ පීඩාවේ වේදනාව විය හැක.සමාජය කෙරෙහි ඔහු දැඩි වෛරයකින් සිටින වබ පැහැදිලිය. කණ්ඩුල බඳු තර්කාණුකූලව ලේඛණයේ යෙදෙන බ්ලොග් කරුවෙක් මරුවා බදු පිස්සෙක් මරුවිකල්ලෙන් ලියන ලියැවිල්ලක් අගය කිරීම මට නම් තේරුම්ගත නොහැක.

රංචාගොඩ මුදියන්සේ said...

කණ්ඩුල බඳු තර්කාණුකූලව ලේඛණයේ යෙදෙන බ්ලොග් කරුවෙක් මරුවා බදු පිස්සෙක් මරුවිකල්ලෙන් ලියන ලියැවිල්ලක් අගය කිරීම මට නම් තේරුම්ගත නොහැක.
---------------------------------
සබඳ, මා මරුවා නම් බ්ලොග් කරුවා අගය කරනවා නොව, ඔහු ලියූ එක් ලිපියක ඇති සාධනීය කරුණු අගය කලා පමණකි.