Wednesday, September 21, 2011

දේශප්‍රේමී සිංහල නට්සි රයික පාලකයින් කලින් කලට හඳුන්වාදෙන දේශපාලන fads

Fad යන්න මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝශය විස්තර කරන්නේ

n.කාමතාව
Soc.පන්නකාමය
Soc.පන්නය
n.පිස්සුව
විශේෂ කැමැත්ත


යන යෙදුම් වලින්. මෙයින් පිස්සුව යන්න වඩාත් සරල තේරුම වෙයි. එනම් කලින් කලට මිනිසුන්ට වැළඳෙන (වඩාත් නිවැරදිව කියනවානම් උවමනාවෙන්ම හදාගන්නා) විවිධ උන්මාද මේ නමින් හඳුන්වයි. මුලදී මෙරට පැතුරුණු බොහෝ ෆෑඩ් විදේශ වලින් ආනයනය වුනු වානිජ අරමුනු වලින් විවිධ සමාගම් හා මාධ්‍ය මගින් ප්‍රචලිත කරන ලද ඒවා විය. ඇඳුම් පැළඳුම්, විලාසිතා, සංගීතය, චිත්‍රපට මේ ෆෑඩ් බොහොමයක උපත විය.

ෆෑඩ් එකක ඇති විශේෂත්වය එහි ඇති කෙටිකාලීන බවයි. දිගුකාලයක් ජනතා උනන්දුව රඳවාගෙන සිටීමේ හැකියාවක් මේ ෆෑඩ් සංසිද්ධියට නැත. අපේ අම්මලාගේ කාලේ තිබූ "හුලා-හූප්" උන්මාදයේ සිට වසර 2000 කාලයේ "ටයිටැනික්" චිත්‍රපටය හරහා රටවෙලාගත් ටයිටැනික් උන්මාදයක් වානිජ ෆැඩ් වලට උදාහරණ වේ.

ආගමික උන්මාද

බෝගස් වලින් බුදුපිලිම මතුවීමේ හාස්කම්, බෝගස් වල සුදු නාගයන් ලෙස පෙනී සිටිනා දෙවිවරු වන්දනාවටද වෑන් පිටින් බස් පිටින් කලින් කලට ජනීනයා දුවන්නට විය. ඒවා කළකින් අතරුදහන් වූ අතර ඒවා ගැන දැන් මතකයන් පවා ඇත්තේ බොහෝ කුණුකන්දල් හොඳින් මතක තියෙන අපවැනි බ්ලොග් කරුවන්ට පමණකි. පිල්ලෑවේ පංසල් යාම කළක් කොළඹ අවට උදවියට හොඳ ෆැඩ් එකක් විය. 

එහෙත් ආගමික ෆෑඩ් එකක් ලෙසින් මෑත කාලයේ හඳුනාගත හැකි ප්‍රධානම උන්මාදය දොළුකන්දේ උන්මාදයයි. එය කලක් ඉතා තදින් පැතිරී තිබුණු අතර එම උන්මාදය  ඉතා හොඳින් විකුණාගෙන කන ලද්දේ එදෙසට ගලා ආ මහා ජනසන්නිපාතයට පිරිත් පැන් බවුසර් පිටින් ලබාදෙන්නට ඉදිරිපත් වෙමින් කඩල ගොට්ටේ සිට සියලු දෑ වැඩිම මිලට විකුණාගත් පලාතේ ව්‍යාපාරික ප්‍රජාව හා ශ්‍රී ලංකාවේ ජාතික යයි කියාගන්නා පුවත්පත් විසිනි. සමහර පුවත්පත් දොළුකන්දේ හාස්කම් ගැන පිටුගණන් වර්ණනාකරමින් පත්තරය විකුණාගත් අතර තවත් ජාතික බවට කියාගන්නා පුවත්පත් දොළුකන්දේ හොර එලිකරන්නට තැත් කරමින් පත්තර විකුණාගන්නා ලදී. 

කෙටිකාලීන උන්මාද බලය ලබා ගැනීමේ හා පවත්වාගැනීමේ දේශපාලන උපක්‍රමයක් වීම

ඒ කෙසේ වෙතත් අද දකින්නට තිබෙන ආකාරයට ෆෑඩ් හෙවත් කෙටිකාලීන උන්මාද දේශපාලන උප්‍රක්‍රමයක් (political strategy) ලෙස යොදාගැනීමේ ගෞරවය පලමුවෙන්ම හිමිවන්නේ ජාතික හෙළ උරමයේ ආරම්භක ආදීකතෘ වරුන්හටයි. එයට අඩිතාලම වැටුනේ සෝම හිමියන්ගේ ආගමනයත් සමගයි. චන්ද්‍රිකාගේ සමයේ දිගින්දිගටම කොටි ත්‍රස්තවාදීන් අතින් පරාජයවෙමින් සටන් විරාමය හරහා තවත් ඇදවැටුනු සිංහල මානසිකත්වය සෝම හිමියන්ගේ සටන්කාමී දේශනා හරහා නව පනක් ලැබූ අතර හෙළ උරුම ආදිකතෲන් මේ උද්දාමය ඉතා සූක්ශම ලෙස දේශපාලන අරමුණු සහිත උන්මාදයක් බවට පත්කරගත්තේ සෝම හිමියන්ටත් නොතේරෙන පරිද්දෙනි. 

වෙසක් පෝයට පවා මලක් පහනක් පූජාකරන්නට පංසල් නොගිය ඇත්තෝ සුදු පිරිවටින් සරිවී සෝම හිමිගේ දෙසුම් ඇසීමට පංසල් කරා ඇදී එන්නට  (මෙය වරදක් යයි මම නොකියමි, එලෙස වටහා ගැනීමටද උත්සහ නොකරන්න ) වූ අතර සිංහලෝත්තමවාදී, සුලුජාතික විරෝධී හෙළ උරුම දේශපාලනයට ආර්ථික හා පිරිස් ජවය ලැබුණේ මේ අලුතින් බිහිවුනු උපාසක/උපාසිකා පැලැන්තිය මගිනි.  ඔවුන් සෝම හිමියන්ගේ දේශණා හරහා දැවැන්ත උන්මාදයක් ගොඩනැගූ අතර එම උන්මාද ව්‍යාපාරයේ දේශපාලන සිහින සෝම හිමිගේ අකල් මරණයත් සමග ව්‍යාකූල වුවත් කල්යල් බලා මහින්ද රාජපක්ශ අනාගත රජතුමා හා අත්වැල් බැඳගත් හෙළ උරුමවාදීන් සිය උන්මාදය විවිධ රූපකාවලින් පණ ගන්වමින්, පවත්වාගණිමින් සිය දේශපාළන ව්‍යාපාරය ගොඩනගාගන්නට  සාර්ථක ගමණක් යන්නට පටන්ගත්තේය. 

මේ ගමනේ සාර්ථකත්වය සලකණ කල කෙටිකාලීන ෆෑඩ් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම අතින් ලොව සාර්ථකම දේශපාලන ව්‍යාපාරය මහින්ද රාජපක්ශ බලයට ගෙනා හා බලයේ රඳවාගෙන සිටිනා ව්‍යාපාරය බව පැවසුවහොත් එය වරදක් නොවේ යයි සිතමි.

මුලින් සටන්විරාම විරෝධී/පාවාදීමේ ගිවිසුම ඉරා සිංහලයාගේ ආත්ම ගරුත්වය ආරක්ශාකරගන්නා ව්‍යාපාරයක් ලෙස ඇරඹුනු මේ උන්මාද නිර්මාණය එම අරමුණු සියල්ල සාක්ශාත් කරගැනීමෙන් පසුව විදේශීය කුමණ්ත්‍රණ, ජනපති විදුලි පුටුවට යැවිමේ කුම්ණ්ත්‍රණ,  ක්‍රිස්තියානි මිශනාරි විරෝධය, අන්‍යාඅගම් වලට හරවාගැනීමට විරෝධය යනාදී වශයෙන් විවිධ අංශ වලින් දළු ලමින් වේගයෙන් වැඩෙමින් තිබෙනා බව පෙනේ.

මේ සියලු උන්මාද ෆෑඩ් ලෙස හැඳින් විය හැක්කේ ඒවා කෙටිකාලීනව ජනතාව මෝහනය කොට සියළු ප්‍රශ්ණ අමතක කරවාගෙන ජාම බේරාගන්නට දේශප්‍රේමී නට්සි රාජ්‍යය විසින් කිසිදු හිරිකිතයකින් තොරව යොදවාගන්නා බැවිනි.

කාලයකට ක්‍රිස්තියානි මිශනාරීන් දුප්පත් සිංහල බෞද්ධයින් ක්‍රිස්තියානි කරගන්නවාට විරෝධයක් ඇවිලෙයි. එකලට සියලු දේශප්‍රේමීන් මිශනාරි විරෝධීන් වන්නේය. කුරුස පෙන්නන්නට බැරිය. පත්තර පිටු, පැයගණන් රූපවාහිනී සංවාද මේවාට වෙන්වෙයි. නට්සි රයිකයේ ජනීජනයා බඩගින්නේ සිටිමින් වුවත් මිශනාරීන් මට්ටුකරන්නට ආණ්ඩුව ගන්නවා යයි බොරුවට පෙන්වන, කේවට්ටයින් ලව්වා කෑගස්සවන දේවල් විස්වාස කරමින් සිටියි. බඩු ගණන් වුනාට මිශනාරි හැත්ත ඉවරයක් කරලා දානවනම් ඒ ඇති. රයිකයේ අහිංසකයෝ එසේ කියා සැනසෙති.

තව ටික කලකට පසු මිශනාරීන් අමතක වෙන අතර බැංකිමූන්ගේ කමිටුව හා ඒ හරහා රජතුමා විදුලිපුටුවට යැවීමේ වෑයම හදිසියේ පුපුරා යයි. රටම මී මැසි ගුලක් මෙන් ඇවිසී බැංකීමූනා හරහා ක්‍රියාත්මක වෙන මේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණය පරාජය කරන්නට බඩගින්නේ හෝ සටන්වදින්නට කැසකවයි. ඔය අස්සේ බඩුමිල තවත් ටිකක් වැඩිවෙයි. බඩු මිල වැඩිවුනාට අපේ නට්සි රජතුමා රටපාවලා දෙන්නේ නෑනේ. මේ වෙලාවේ බඩුමිල ගැන කෙඳිරිගාන්නේ රටට හෙන ගැහුවත් බඩ ගැනම හිතන බඩජාරීන් විතරනේ.....බඩගින්නේ ඉන්නා රයිකයේ අහිංසක වැසියෝ විදේසීය කුමණ්ත්‍රණය පරාජය කිරීමේ ප්‍රීතියෙන් තවදුරටත් බඩගිනි ඉවසයි. 

ඔය අවු අස්සේ ටික කාලෙකට පෙර මැරෙන්නට හැදූ ක්‍රිස්තියානි මිසනාරීන් දැන් වඳවෙලාදැයි අහන්නට එකෙකුටවත් මතක නැත. ෆෑඩ් වල හැටි එහෙමය. උන්මාදය තියෙනකොට උණය. පස්සේ ඒ උණ තිබුණාදැයි මතක නැත. ෆැඩ් එකේ පිහිටෙන් රජතුමා හා ආණ්ඩුව මාසයක් දෙකක් ජාම ගොඩදාගනියි. රයිකවාසී ජනතාවට ඒ ගැන වැටහීමක් නැත. උන් ඊලඟ ෆෑඩ් එකටද කලින් එකට මෙන්ම රැවටී කෑ කෝ ගසයි. කාගේ හෝ කැවුතු කන්නට පිට පොට ගහයි.

කාම චිත්‍රපට විරෝධය, මොබයිල් ෆෝන්වල අසභ්‍ය රූප/වීඩියෝ තිබෙනවාදැයි පරීක්ශාකිරීමේ උන්මාදය කාලයකට කරලියට එයි. එතකොට පොලෝසියත් පිස්සු හැදිලාමෙන් මිනිස්සුන්ට මළවදයක් වෙමින් ෆෝන් චෙක් කරයි. පාරක සීඩී තැටියක් අරගෙන යන පොඩි එකෙක් දැක්කත් බ්ලූ-ෆිල්ම් එකක් අරගෙන යන එකෙක් ලෙස සැක කෙරෙන තරමටම පිස්සුව තදවෙයි. පත්තර, රූපවාහිනී චැනල් උන්මාදයට තවත් පොහොර දමයි. 

හොඳට සොයා බැලූවිට කාම චිත්‍රපට ගැන මුලින්ම පත්තරවලට ලියන්නේත්, වොයිස්-කට් දෙන්නේත් ඒවා ගැන ලවක් දෙවක් නැතුව කෑකෝ ගසමින් ජනතා උන්මාදය ඇති කරන්නේත් මිශනාරි විරෝධය ඇති කරපු, බැංකීමූන් පරසක්වල ගසන්නට සෙට්වුන කට්ටියමය. ඔවුන් සියල්ලන්ම හෙළ-උරුම හා අවශේෂ අන්තවාදී නඩයේ හෝ සම්‍යක්දෘශ්ඨික හා නවීන විද්‍යාවෙන් fully-කොලිෆයිඩ් එහෙත් නවීන විද්‍යා විරෝධී පුරුක් විසින් මෙහෙයවන ඒවාවේ.

කාළයකට ගෑණුන්ගේ ඇඳුම ගැන පුවත්පත් සාක්ච්ඡා තියමින් සභ්‍යත්වය සංස්කෘතිය ගෑනුන්ගේ ඇඳුම් නිසා නැතිවෙනවා කියමින් කෑගසන්නේත් මේ කට්ටියමය. එතකොට පොලෝසියත් ගෑනුන්ගේ ගවුම් වල දිග මණින්නට පටන්ගනී. ගෑණුන්ගේ ඇඳුම් ගැන උන්ගේ සැමියන්ටත් වඩා පාරේ යන නකුටන්ට අමාරු වැඩිවෙයි. තවත් අසහනකාරයින් කලිසම් ඇඳගෙන යන ගෑණුන්ගේ කලිසම් කපයි.  අවලම් ගෑණුන්ගේ ගවුම් ගැන විස්සෝප වෙමින් බබලත් ඇත්තියෝත් උන්දෑලගේ සැමියනුත් මොනවාකරන්නත් ඉස්සෙල්ලා මේ ගෑණුටික හදාගෙන ඉන්න ඕනෑ නේදයි සිතමින් කල් ගතකරයි. ආණ්ඩුව තව මාසයක් දෙකක් ගොඩදා ගනියි. ලයිට් බිල, වතුර බිල, පැට්රෝල් ඩීසල් ටික ඔය අස්සේ වැඩි කරගනියි. ෆැඩ් එක කරේ තියාගෙන උන්මාදය මෙහෙයවන සම්‍යක්දෘශ්ඨික නඩයට වරදාන නොඅඩුව ලැබෙයි, තණතුරු ආරක්ශාවෙයි, නැතහොත් තව වැඩිවෙයි.

මේ කිසිවක් ඔබ විශ්වාස නොකරන්නේද? එසේනම් පසුගිය මාස තුන තුල රටේ ජනතාව උන්මාදයට පත්කල මේ සිද්ධීන් 3 ගැන බලන්න........


අලුත්ම ෆෑඩ් තුන (The latest fads)

1] ජූලි / අගෝස්තු ෆෑඩ් (Fad for July/August) : ජූලි / අගෝස්තු  මස දෙක පුරාවට රටවෙලාගත් මේනියාව වූයේ ආසනික් යුද්ධයයි. සම්‍යක්දෘස්ථික ආසනික් තර්කය වෙනුවන් මරාගෙන මැරෙන්නට පවා සූදානම් වූ පිරිස් බ්ලොග් අවකාශය පුරාවට සැරිසරමින් සිටියේය. පත්තර පිටු, පැයගණන් රූපවාහිනී විවාද මිනිසුන් හිරිවට්ටමින් අධිරාජ්‍යවාදී ආසනික් වෙළන්දන්ගේ කැවුතු කන්නට පෙලඹවුයේ නැතිටික විතරය. තව පොඩ්ඩෙන් මිනිස්සුන්ගේ බඩකට පුරවන්නට අස්වැන්න අරගෙන දෙන තෙල් පෝර ටිකටත් කෙළවෙන්නට ඉඩ තිබුණේය. මේනියාව ඒතරමට දරුණු විය.


ආසනික් මේනියාව අඩුවීගෙන යනවිට.........

2] අගෝස්තු /සැප්තැම්බර් ෆෑඩ් (Fad for August/September) : ග්‍රීස් යක්කු -- තව විස්තර අනවශ්‍යයි නේද? ග්‍රීස් යක්කු ගැන රජතුමා පාර්ලිමේන්තුවේදී කෝචොක් එක දැම්මේ ඇයිදැයි දැන් තේරෙනවාද?


ග්‍රීස් යක් මේනියාව අඩුවීගෙන යනවිට.........


3] සැප්තැම්බර්/ඔක්තෝම්බර් ෆෑඩ් (Fads for September/October) : මර්වින්ගේ මුන්නේස්වරම් බිලිපූජා විරෝධය/විවාදය හා මවුලානා හජ්ජි බිලිපූජා නවත්වන්නට එන්න එපා යයි කල අණතුරු අඟවීම.



***** මර්වින් සිල්වාත් ඔහුට අණතුරු ඇඟවූ අලෙවි මවුලානාත් යන දෙන්නාම එකම ආණ්ඩුවේ ජනාධිපතිට වැඳගෙන ජනාධිපතිගේ අනුග්‍රහයෙන් ජීවත්වෙන දෙන්නෙකු නොවේද?
ඉදිරිමාස දෙක ආණ්ඩුව ඇදගෙන යාමට මර්වින්/මවුලානා හදාගෙන යන උන්මාදය නොපෙනේද?
මර්වින්ට දැන් හෙළඋරුම/ආසනික්/ සම්‍යක්දෘශ්ඨික/වීරවංශ නඩයේ ආශීර්වාදය ලැබී ඇති අතර මවුලානාට දෙමල මුස්ලිම් සහය ලැබෙනු ඇත.

මුන් හැමෝම එකතුවී බොරු විරෝධතා, උන්මාද නිර්මාණය කරමින්, ඒවා පතුරවමින් සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම රවටමින් ආණ්ඩුව දුවවන  හැටි දැන්වත් නොපෙනේද? 

ග්‍රීස් යකා හැදුනේත් ආණ්ඩුව දුවවන්නටය, බිලි පූජා විරෝධයත් එසේමය, මිශනාරි විරෝධය, ගෑණුන්ගේ කොට ගවුමට විරෝධය, බැං කීමූන් නාඩගම, චැනල් 4 මහා විරෝධය, මේ ඔක්කෝම ආණ්ඩුව දුවවන්නට ආණ්ඩුවේ ඉත්තන් වගාකරන දේශපාලන උන්මාද (political fads) මිස වෙන කිසිවක් නොවේ...

මුන්නේශ්වරම් බිලිපූජා නැවැත්වූවායයි කියන සත්ගුණවත් (අපි නොදන්න) මර්වින් වර්ණනාකරන්නනි, දැන්වත් ඇත්ත වටහාගන්න. මුන් කරන්නේ නුඹලාට නාස් ළනුව දමාගෙන උන්ට ඕනෑ පැත්තට නුඹලාව දක්කාගෙන යාමයි.


මේ දේශීය විදේශීය කුමණ්ත්‍රණ, උන්මාද සියල්ලම නිර්මාණය කරන්නේත්, පතුරවන්නේත්, මිනිසුන් පිස්සු වට්ටවන්නේත්, පස්සේ අමතක වෙන්නට හරින්නේත් ආණ්ඩුව දුවවන්නට කොන්ත්‍රාත් අරගෙන ඒ සඳහා වරදාන යහමින් ලබාගන්නා කොන්ත්‍රාත් කරුවන් පිරිසක් මිගිනි. විමල් වීරවංශත්, හෙළ උරුමයත්, නලින් ද සිල්වාත්, දත් දොස්තරතුමාත්, මර්වින් සිල්වාත් මේ නඩයේ බෙරකරුවන් පමනකි.







17 comments:

charmi said...

අපි කරන්නෙත් ඖවා එන කාලෙට ඒ ගැනම බ්ලොග් පෝස්ට් ලියන එක.... :D

මට නං හිතෙන්නෙ තව වැඩි කලක් යන්නට කලින් මෙසිරිලකට පිටසක්වල ජීවීනුත් ගොඩබැසීමට නියමිතයි... බලන් ඉමු.

Anonymous said...

Thank you very much for opening my eyes..

Anonymous said...

samalingikathwaya lankawe pathiraweemata erehi weema elanga fad eka wenna puluwan.

ජයශ්‍රී said...

ඔහොම fad ඉරාකය,ඊජිප්තුව,ලිබියාව වගේ වගේ රටවලත් තිබිබලු.ජැස්මින් සුවඳක් හමනවාය,සුද්දෝ ඇවිත් රට අල්ලනවාය.තෙල් හොරකං කරනවාය කියකිය.මොන බොරුද?ඒ රටවල් ඔය අපූරුවට තියෙන්නේ!

Anonymous said...

කාගෙත් ඇස් අරවන ලිපියක්. බොහොම ස්තුති යි. මේවගේ අදහස් පළ කරන්න පත්තරයක් අද ලංකාවේ නැති එක තම යි දුක. 1960/70 ගණන්වල "ඇත්ත" පත්තරේ හරි තිබුණා.

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී said...
ඔහොම fad ඉරාකය,ඊජිප්තුව,ලිබියාව වගේ වගේ රටවලත් තිබිබලු.ජැස්මින් සුවඳක් හමනවාය,සුද්දෝ ඇවිත් රට අල්ලනවාය.තෙල් හොරකං කරනවාය කියකිය.මොන බොරුද?ඒ රටවල් ඔය අපූරුවට තියෙන්නේ!
================
ඔවු මහත්තයෝ ඉතින් ඔය කියන රටවල් පාලනය කලෙත් මේ අපේ රටේ වගේම මහජන නිදහසට ගරුකරන, නීතියේ ආධිපත්‍යය අකුරටම පිලිපදින, මාධ්‍ය නිදහස ඉහලින්ම සුරැකි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී නායකතුමන්ලානෙ.... නේද?

ඊජිප්තුවේ මුබාරක් අවුරුදු 20කටත් වැඩිය ඇමරිකන් ඔඩොක්කුවේ කිරිබීපු බවත්, ලිබියාවේ මෑතකාලීන හොඳම මිතුරන් යුරෝපයේ හිටපු බවත් ඔය ඩිංගිත්තට අමතක වුනාද මන්දා?

කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කියන්නේ ඕකට තමයි....

Anonymous said...

හොඳ පිට කොන්දක් තිබීම වෙනුවෙන් ඔබට ස්තුති කරමි.

කතන්දර Kathandara said...

ලිපිය සම්පූර්ණ වෙන්න නම් මේ සීරීස් එකේ ඊලඟ fads ගැනත් අනාවැකි ඕනෑ!

මෙන්න කීපයක්

1. හම්න්තොට පැත්තේ තෙල් තියෙනවාය කියන විශේෂඥ මතය ප්‍රචාරය වීම

2. අම්පාරේ සහ මඩකලපුවේ පියාඹන පීරිසි දර්ශනය විම

Fads මවන්නෝ මට වඩා නිර්මාණශිලි වේ යැයි සිතමි!

3. කොළඹ කැවුතුකාගාරයේ තිබෙන ශ්‍රි වික්‍රම රාජසිංහ ගේ සිංහාසන අසල අවතාරයක් ගැවනෙ බව අද දෙරණ නාලිකාවේ කැමරාවකට අසුවීම

4. රෝහණ විජේවීරගේ යැසි සැක කෙරෙන ඇට කටු කිහිපයක් මාදිවෙල වෙලකින් හමුවීම

ජයශ්‍රී said...

මෙන්න තවත් fabs කුමාර අයියා ජවිපෙ දෙකඩ කරන්න යනවලු!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නියම සටහන ... කතන්දර දීලා තියෙන එව්වත් දකින්න ලැබෙයි ලඟදිම

Anonymous said...

ඇයි, ලංකා හමුදාව යුධ අපරාධ කර ඇති බවට සාධක කැනඩාවේ රූපවාහිනී නාලිකාවකින් මතුවීම?

Anonymous said...

මේකත් නිකම් wrestling වල story line එකක් වගේ කාලෙන් කාලෙට එක එක fads ගෙනල්ල මිනිසුන්ගේ අවධානය ලබා ගන්නවා.

එකත නරකම නැහැ


කළු පූසා

Observer said...

මේවා අද ඊයේ සෙල්ලං නෙමේ, රුක්මනී දේවි හදිසි අනතුරකින් මිය ගිය වෙලාවෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජාති ගණනාවක මිල ඉහල දාන්න ජේ. ආර්. ලොක්ක සමත් වුනා

රංචාගොඩ මුදියන්සේ said...

Observer said...
මේවා අද ඊයේ සෙල්ලං නෙමේ, රුක්මනී දේවි හදිසි අනතුරකින් මිය ගිය වෙලාවෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජාති ගණනාවක මිල ඉහල දාන්න ජේ. ආර්. ලොක්ක සමත් වුනා

================

ඇත්තද? ඒ කාලේ මම අතදරුවා.... :D

අද මහින්දලා ක්‍රියාත්මක කරන්නේ ජේ.ආර්ලා ප්‍රේමදාසලා උගවන්වපු පාඩම් තමයි. ජේ ආර්ලා හිටගෙන කරපු දේවල් මේගොල්ලෝ දුව දුව කරනවා....

Hasitha Gunasinghe said...

පහුගිය කාලෙක වීරවංශතුමාගේ උපවාසය, හම්බන්තොට වරාය විවෘත කරපු එක ආදී විදිහට හැම සතියෙම වගේ මොකක් හරි සෙල්ලම්ක් වුණා.

ඔයා කිව්වා වගේම මේ ලඟදී මර්වින් සිල්වාම කොච්චර ආතල් දුන්නද ? ෆිල්ම් එකක් දුටුගැමුණුට හිටියා, වරිපනම් ගෙවුව නැති කැලණියේ කඩ සීල් තිබ්බා, බිලි පූජා නතර කළා කොච්චර නම් ජාති කළාද :))

uditha said...

දැන් පෙන්වනවා
http://www.gossip9.com/2011/09/blog-post_1318.html#more

Anonymous said...

මුසම්මිල් නැමැති එජාප නගරාධිපති මුස්ලිම් අපේක්ෂකයාට අවශ්‍ය කරන සිංහල ඡන්ද ( මුස්ලිමා තවත් මුස්ලිමෙකුටම පමනක් සලකන හෙයින් ඔහුට මුස්ලිම් ඡන්ද නිතැතින්ම ලැබෙන බැවින්) ලබා ගැනීමට කරූ ජයසූරිය නැමැත්තා අපමන වෙහෙසක් ගන්නා අයුරු දැකීම ඇත්තටම පිලිකුල් සහගතය.