Friday, September 9, 2011

මිලින්ද මොරගොඩ තවත් චන්ද්‍ර බාබු නායිදු කෙනෙකු වෙයිද?

මිලින්ද මොරගොඩ

එකසත් ජාතික පක්ශ රජයේ බලසම්පන්න ඇමතිකම් දැරූ අශෝක මිලින්ද මොරගොඩ මැතිතුමා රජපස ආණ්ඩුවට කරණමක් ගසා දැන් කළක් ගතවී ඇත. 2010 මහ මැතිවරණයේදී සිය අසුන පරාජයට පත්වුනු එතුමා දැන් නැවතත් මැතිවරණ පොර පිටියට පැමිණ ඇත්තේ සන්ධානයේ කොළඹ පුරපති අපේක්ශක ලෙසය.

මිලින්ද මොරගොඩ පිලිබඳව ලේඛකයා තුල ඇත්තේ යහපත් හැඟීමකි. මොරගොඩ යනු උගතෙක් මෙන්ම තැන්පත් දේශපාලඥයෙකි. මහින්ද රාජපක්ශ ජනපතිට සහය දුන් පලියට සෑම මිනිසෙකුම සතුරෙකු ලෙස සැලකීම ලේඛකයාගේ ප්‍රතිපත්තිය නොවේ. රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන සුසානභූමිය වෙත යනවාට වඩා බලය ඇති පක්ශයට එකතුවී තම දැනුමින් හා හැකියාවෙන් යම් වැඩක් කිරීම පලදායක බව මිලින්ද මොරගොඩ මහතා සිතුවානම් එය නිවැරදි සිතුවිල්ලකි.

යම් වැඩක් හරියට කිරීම සඳහා අවශ්‍ය උගත්කම මිලින්ද මොරගොඩ සතුව ඇත. ස්විට්සර්ලන්තයේ International Institute for Management Development විශ්වවිද්‍යාලයෙන් MBA පශ්චාත් උපාධිය දිනා ඇති මිලින්ද මොරගොඩ ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Weatherhead Centre for International Affairs ආයතනයේ අධිසාමාක (fellow) පදවියෙන් පිදුම් ලබා ඇත.

පසුගිය එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවේ බලසම්පන්න තනතුරු හෙබවූ ඔහු සිය බලය සමස්තයක් ලෙස රටට වැඩදායක ලෙස යෙදවූ බව ලේඛකයාගේ හැඟීමයි. මහින්ද රාජපක්ශ රජයේ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙසද ඔහු සාධනීය වැඩකොටසක් සිදුකල බව කිවයුතුය.

චන්ද්‍රබාබු නායිදු

කවුද මේ චන්ද්‍රබාබු නායිදු? 

චන්ද්‍රබාබු නායිදු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හිටපු මහ ඇමතිවරයෙකි. ආන්ද්‍රා ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ හයිද්‍රාබාද් නගරය ආශ්‍රිතව ඇරඹී ඇති තොරතුරු තාක්ශණික සමාගම් නිසාය. ඉන්දියාවේ තොරතුරු තාක්ශණ අගනගරය වන බැංගලෝර් නගරයට පමණක් දෙවෙනි වන අන්දමට හයිද්‍රාබාද් නගරය තොරතුරු තාක්ශණ අංශයෙන් දැවැන්ත ලෙස ඉදිරියට පැමිණ ඇති අතර හයිද්‍රාබාද් නගරය තොරතුරු තාක්ශණ කර්මාණ්තයේ කේන්ද්‍රස්ථානයක් කිරිමට චන්ද්‍ර බාබු නායිදු මහ ඇමතිවරයා සුවිශේෂී මෙහෙවරක් ඉටු කලේය.

ඔහු ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව තුල කොතරම් ජනප්‍රියත්වයට හා ගෞරවයට පාත්‍රවූයේද යත් ඔහුව හඳුන්වනු ලැබූ අන්වර්ත නාමය වනුයේ ආන්ද්‍රා  ප්‍රදේශයේ ප්‍රධාන විධායක නිළධාරියා (CEO of Andra Pradhesh) යනුවෙනි. ඔහු ඒ තරමටම ආන්ද්‍රා ප්‍රදේශයට ආයෝජන ගෙන්වා ගැනීමට පෙරමුණ ගත් අතර ආන්ද්‍රා ප්‍රේදේශ ප්‍රාන්ත රජය කාර්‍යක්ශම කිරීමට, තොරතුරු තාක්ශණය ප්‍රචලිත කිරීමට දැවැන්ත පියවර රැසක් ගත්තේය. මේ පියවරයන් හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශයේ අගනගරය වූ හයිද්‍රාබාද් නගරය ඉතා වේගයෙන් සංවර්ධනය වූ අතර විශාල දේශීය හා විදේශීය ආයෝජන ප්‍රමාණයක් ඇද ගැනීමට සමත්විය.

මිලින්ද මොරගොඩගේ චන්ද්‍ර බාබු නායිදු වන්දනාව

මිලින්ද මොරගොඩ මහතා කලක් සිරස එම්.ටී.වී ආයතයේ සතිපතා සාකච්ඡාමය වැඩසටහන් මාලාවකට සහභාගී වෙමින් සිටියේය. එම වැඩසටහන තුලදී රාජ්‍ය සේවය කාර්‍යක්ශම කලයුතු ආකාරය, ආයෝජන ඇදගත යුතු ආකාරය පිලිබඳව සාඛ්ච්ඡා කරන බොහෝ අවස්ථාවලදී මිලින්ද මොරගොඩ මහතා චන්ද්‍ර බාබු නායිදු මහතාගේ වැඩපිලිවෙලවල් විස්තර කරමින් ශ්‍රී ලංකාව තුලද එවැනිම වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව පවසා සිටියේය. කොටින්ම එකල මිලින්ද මොරගොඩ මහතාට චන්ද්‍ර බාබු නායිදු මහතා ගැන සඳහනක් නොකල සාඛච්ඡාවක් නොමැති තරම්ය. මොරගොඩ මහතා ඒ තරමටම චන්ද්‍ර බාබු නායිදු ෆෑන් කෙනෙකු විය. මිලින්ද මොරගොඩ පමණක් නොව මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෲ බිල් ගේට්ස් පවා චන්ද්‍රබාබු නායිදු මහතාගේ ප්‍රගතිශීලී ව්‍යාපෘති අගය කල අතර වරක් ඉන්දියාවට පැමිණි බිල් ගේට්ස් එවක ඉන්දියනු අගමැතිවරයා හමු වී ගතකල කාලයට වඩා විශාල කාළයක් චන්ද්‍රබාබු නායිදු මහතා සමග ගතකලේය.

චන්ද්‍රබාබු නායිදුගේ දේශපාලන අවසානය

කොතරම් සාධනීය වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කලත් චන්ද්‍රබාබු නායිදු මහතාට චන්දයේදී අත්වූයේ අන්ත පරාජයකි. ආන්ද්‍රා ප්‍රදේශයේ දුප්පත් ගොවීන් අමතක කොට හයිද්‍රාබාද් නගරයටවී කෝටිපති සමාගම් වල සුබසිද්ධියට පමණක් ක්‍රියාත්මක වූ බවට දේශපාලන විරුද්ධ වාදීන් චෝදනාකරමින් සිටියේය. ගොවියාගේ නිශ්පාදන වලට හොඳ මිලක් ලබාදීම සඳහා තොරතුරු තාක්ශණය හා ජංගම දුරකථන තාක්ශණය හරහා නගරයේ ගොවිද්‍රව්‍ය වල මිලගණන් ගොවියාට දැන ගත හැකිවන තොරතුරු ජාලයක් මගින් ගොවියාගේ නිශ්පාදන කුණු කොල්ලයට මිලිදී ගැනීමට තැරැව්කරුවන් හට නොහැකි වන ලෙස වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වුනු නමුත් ආන්ද්‍රා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගැටලු නොසලකා හැරීම නිසාම චන්ද්‍රබාබු නායිදු මහතාට සිය තනතුර අහිමි විය.

පුරපති මොරගොඩ (?)

පුරපති මුසම්මිල්ට වඩා පුරපති මොරගොඩ රටේ වානිජ අගනගරය වන කොළඹ නගරයට සුදුසු බව ලේඛකයාගේ පෞද්ගලික හැඟීමයි. 

මුසම්මිල් යනු දේශපාලන කාක්කෙකි. ඩීල් පප්පෙකි. කෑදර ව්‍යාපාරිකයෙකි,  ඔහුට දේශපාලන දර්ශණයක් හෝ සංවර්ධන වැඩපිලිවෙලක්, අනාගත දැක්මක් නැත. කෙසේහෝ අගනුවර දෙමල හා මුස්ලිම් ප්‍රජාවගේ කරමතින් පුරපති පුටුව කරා ගමන් කිරීම ඔහුගේ අරමුණයි. ඉන්පසු කොළඹ ඉන්නා සියලුම තැරැව්කරුවන්, හොරුන්, තක්කඩින් පුරපති නිවසේ නිත්‍ය සමාජිකයින් වනු ඇත. එමෙන්ම, පුරපති ලෙස දිවුරුම් දුන් වහාම අර ත්‍රීවීල් කාරයා කලාක් මෙන් කෙලින්ම අරලිය ගහ මන්දිරය වෙත ගොස් ජනපතිගේ දෙකකුල් ලෙවකා මම ඔබතුමාගේ දෑත් සක්තිමත් කරන්නට ආවා යනුවෙන් කෙඳිරී ගෑමට බොහෝ දුරට ඉඩ ඇත.

එවැනි දෙපිටකාට්ටු කපටි හොරෙකුට වඩා මිලින්ද මොරගොඩට චන්දය දී යමක් කල හැකි, මොළයක් ඇති මිනිහෙකු කොළඹ නගරයේ නායකත්වයට පත්කරගැනීම වඩාත් සුදුසු යයි මට සිතේ. දැනට කොළඹ නගරය නිළ නොවන අන්දමට පාළණය වන්නේ ආරක්ශක ලේකම්තුමාගේ පාලනයේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය යටතේය. මෙවැනි තත්වයක් තුල මුසම්මිල්ට වඩා මිලින්ද මොරගොඩ කොළඹ පරිපාලනය සඳහා සුදුසුය. ආරක්ශක ලේකම් කළමණාකරණය කරගැනීමේ හැකියාවක් මුසම්මිල්ට නැතත් මිලින්ද මොරගොඩට ඇත. ඔහු දක්ශ සාකඡ්චාකරුවෙකි (negotiator), අනුන්ව සිය මතයට අද්දවා ගැනීමට හැකියාවක් ඇත්තෙකි.

පුරපති තනතුරට පත් වුවහොත් මිලින්ද මොරගොඩ ඔහුගේ හිතවත් චන්ද්‍ර බාබු නායිදුගේ ප්‍රගතිශීලී වැඩපිලිවෙලවල් කොළඹ නගරය තුල ක්‍රියාත්මක කරනු ඇතැයි මම බලා පොරොත්තු වෙමි. එලෙසම ඔහු චන්ද්‍ර බාබු නායිදු දුප්පතුන් අමතක කර දමා කරගත් විනාශය කරනොගනු ඇතැයි බලාපොරොත්තුවෙමි.




13 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මොරගොඩ් මුසම්මිල්ට වඩා ගව් ගානකින් ඉදිරියෙන් සිටිනා පුදගලයෙකු බැව් මාගේද හැඟීමයි . අප රටේ සිටිනා අතලොස්සක් වූ මහත්මා දේශපාලකයින් අතරින් ඔහුද කෙනෙකි . එක් අතකින් මිලින්ද කොලඹ පුරපති වීම ගණිත මහාචාර්යවරයෙක් ඕ ලෙවල් ගණිතය ඉගැන්වීමට යෙදවීම වැඩක් වුවත් පවතින රජය යටතේ උපරිම වැඩක් කරගැනීමට ඔහුට හැකියාවක් ඇත ( මොකා පුරපති වුවත් ආරක්ෂක ලේකම් වරයා හරහා කොලඹ දිවෙන වැඩ පිලිවෙල නවතින්නේද නැත ) නමුත් ඔහුගේ ජයග්‍රහණය කරාවි කියා නම් මාහට විශ්වාසයක් නොමැත . මිලින්දගේ පැලැන්තියේ එජාප ඡන්ද හෝ මිලින්ද වෙනුවෙන් සන්ධානයට වැටේවි යැයි මා නම් සිතන්නෙ නැත , මුසම්මිල් පිලිබඳ ඔබ දන්නා තරම් තොරතුරු මා දන්නේ නැත , නමුත් ඔහු රජයට ඒක් වේ කියා නම් මා සිතන්නේ නැත . නමුත් මෙතෙක් කල් පිල් මාරු කල අලින් දිහා බැලු විට එය වෙන්නට බැරිත් නැත (කොටින්ම මිලින්ද පවා සිටින්නේ තමන්ට නොගැලපෙනා තැනකය , ඔහු එජාපයේම සිටියා නම් මෙවරත් නිසැකයෙන්ම පාර්ලිමේන්තුවේය )

Anonymous said...

මොරගොඩ මහත්තයාගේ කතා සහ කෙරුවාවල් අහසට පොලව වගේනේ.මර්කන්ටයිල් ක්‍රෙඩිට් වංචාව එහෙම ගැන මොකද හිතන්නේ.මගේ නම් අදහස මොරගොඩ සහ මුසම්මිල් යන චරිත දෙකම සත පහකට වටින්නේ නැති බවයි.

Anonymous said...

අනේ හරකුනේ මොරගොඩ නෙවෙයි දුටුගෑමුනු රජතුමා ආයේ නෑගිටලා ඈවිත් කොළඹ පුරපත් උනත් වෑඩකරන්න වෙන්නේ මේ සිස්ටම් ඵක ඈතුලෙනේ.
මේකේ මොකා පුරපතිඋනත් ඵකම ඔඩර් ඵ්කට තමා වෑඩවෙන්නේ.

ඔයලත් ම්හලොකු කයිවාරු ගෑහුව්ට චන්දකාලෙට අනික් ජහමනයා වගේම් තමයිනේ.

Anonymous said...

මිලිමින්ද මොරගොඩ මහතා සම්බන්දයෙන් ලේඛකයාගේ අදහසට මමත් එකඟ වේ. මහින්ද රාජපක්ෂ රජය කොතරම් පිස්සු කෙලියත් , මිලින්ද මොරගොඩ මහතා , S B දිසානායක යන මහත්වරුන් ගේ දර්ශනය නිවැරදි යයි මම සිතමි.

මොවුන්ගේ ක්‍රියාකලාපයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය හා හොඳින් ගැලපේ යයි මගේ අදහසයි.

එකසත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ගණනක් ලබා පත්වූ මිලින්ද මොරගොඩ මහතා , රජයට සහය දැක්වූ පසු ගියවර මැතිවරණයේදී
මිලින්ද මොරගොඩ වැනි බුධ්දිමතෙකුට චන්දය ලබා දෙනවාට වඩා හයියෙන් කැගැසිය හැකි දේශප්‍රේමීකුට චන්දය ලබාදීම සුදුසු යයි. UPFA එකට චන්දය දෙන දේශප්‍රේමී ජනතාව සිතුවා වියහැක.

UNP බලකොටුව වන කොළඹ තුල මිලින්ද මොරගොඩ මහාතා පුරපති වීම නම් සිහිනයක් බව මාගේ හැඟීමයි

කළු පූසා

Anonymous said...

tell us something about mussammils deals

Anonymous said...

MBA is not a serious thing.If you have money you also can buy a one.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
MBA is not a serious thing.If you have money you also can buy a one.

========================

Yes brother, you could, but not from IIMD. Also, you can never enter Harvard through a bought MBA. Harvard is very selective.

Don't undervalue good education because of uneducated jokers like Mervin can by doctorates.

Anonymous said...

According to IMD details course fees for ABA in 2012 -CHF 60000 (six million sri lankan rupees) If you have money you can fullfil other requirements also.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
According to IMD details course fees for ABA in 2012 -CHF 60000 (six million sri lankan rupees) If you have money you can fullfil other requirements also.
========================

Brother, you seem to have no idea about how western university PG admission system work.

It's not as easy as you think.....

This is from IMD Admissions Page'
================================
* Bachelor’s degree or equivalent from an accredited institution

* GMAT (average score 670)

* Minimum three years full-time work experience (average is seven years)

* Strong command of written and spoken English (TOEFL not required)
One language in addition to English
==================================

Now,

If you point is true, admission process is simpler for getting admitted to Sri J Pura PG MBA programme. They don't ask for GMAT, only passing an aptitude test is required.

So is Sri J MBA worse than IMD MBA cost it is easier and cheaper?

Pls don't think that western education is all about money. Just because one has bags of money doesn't mean that they can buy world-class degrees.

Sorry to say, this is Sri Lankan mentality, not the truth.

BTW, why are you silent on Harvard making this IMD-MBA Milinda a fellow?

Is Harvard a cheap university as well?

Anonymous said...

Milinda didn't get elected, not because he's educated but because he's as corrupted as hell. yeah he preaches good governance and eradicating corruption and etc ,etc. but when he does business...
I can remember he was accused of some shady dealing (by the opposing news sources) when he was a minister in the past unp-government(2002-04).

Anonymous said...

I am not talking about educational systems. I am talking about differences between educational qualifications and econo-polytical behaviour of people. To understand this i will give you a simple homework.
Just go through 2007 COPE report.See lanka marine services deal.Try to cover it with your so called MBA and fellowship.What do you think

රංචාගොඩ මුදියන්සේ said...

Just go through 2007 COPE report.See lanka marine services deal.Try to cover it with your so called MBA and fellowship.What do you think
====================

Yeah yeah yeah..........if you can, try finding someone not tainted in any way...

Anonymous said...

According to Vikipedia, Harverd fellowship is not an academic post. It is a non academic administrative position. It is not a frofessional body membership (FRCOG,FRCP, FRCS).