Monday, September 5, 2011

බොරුවට ජොගින් යන නායකයෝ හා අපේ අයෝමය පුරුශයා


මෙන්න බලන්න ඇමරිකාවේ හිටපු නායකයෝ දෙන්නෙක් හා යුරෝපයේ නායකයෝ (හිටපු හා දැනට බලයේ ඉන්නා ) බොරුවට, චන්දදායක ජනතාවට තමන් නිරෝගී බව පෙන්වන්නට ජොගින් යන හැටි.

හොඳට බලන්න මුහුණේ මහන්සියක් ගෑවිලාවත් තියෙනවාද කියලා මේ අයගේ? නෑ නේද? දාඩිය බින්දුවක් දාලා තියෙනවද? නෑ නේද?

අනිත් එක මේ අය ඇඳගෙන ඉන්නේ දුවන්න පනින්න පුලුවන් ඇඳුම්ද? කොට කලිසමක් ඇඳගෙන කොහොමද මෙයා හරියට ජොගින් යන්නේ?

ඒකට කිරිපාට හොඳට දිග කලිසමක් හා මැච් වෙන්නට නයිකි කුට්ටමක් හරි අඩිඩාස් කුට්ටමක් හරි දාගෙන එන්න එපෑ...

මුන් දන්න ජොගින්...අනේ අම්මප මෙහෙමත් බොරුකාරයෝනේ මේ සුද්දෝ...




මෙන්න බලන්න තව හොරෙක්.....බොරුවට බාස්කට් බෝල් ගහනවා වගේ පෙන්න මූන උලුක්කු කරගෙන, කකුල් නවාගෙන ඇක්ටින් පාරක් දාන හැටි.....

ෆොටෝශොප් කරපු එකක්ද මන්දා.... නාකි ඔබාමාට මොන බාස්කට බෝල්ද ආයුබෝවං?



මෙන්න ඒකට නියම ඉස්පෝට්ස්මෑන් නායකතුමා.....

බලන්නකො පැයට හැතැම්ම 60කට වඩා වේගෙන් දුවනකොටත් අමාරුවක් මහන්සියක් ගෑවිලාවත් නැති හැටි.....

මූනේ චූට්ටං හිනාවකුත් තියෙනවා......සූකිරි ටොයියා...කොච්චර ෆොටෝජෙනික්ද නේද?


ගෝල්ෆීස් එකෙකේ හැමතැනම මේ යක්කු කුණු දාලනේ, නැත්නම් තව හයියෙන් දුවන්න තිබ්බා.....


මෙයා හොෆ් පොෆ් හොෆ් පොෆ් ගගා ගෝල් ෆීස් එකේ දුවන විදියට මටත් හිතනවා මුම්බායි වල තියෙන මැරයින් ඩ්‍රයිව් එකේ ටිකක් හවසට හවසට හොෆ් පොෆ් ගගා දුවන්න.......මටත් හිතෙන්නේම බැරි වැඩ තමයි...

ගෙවල් ලඟ පාර දිගේවත් දුවලා බලන්න ඕනේ.....අඩුම ගානේ ගණපති කෝවිලට ගිහිල්ලා එන හින්දු කෙල්ලෙක්වත් හිනා වෙන්නෙ නැතෑ මම දුවන හැටි බලලා.....හොෆ් පොෆ් හොෆ් පොෆ්


ෆිට්නස් ෆීවර් තියෙන, අප මහ රජතුමා වෙනුවෙන් වරුසාව පවා නැවැත්වූ හිටපු කේ.ජී.බී ඒජන්ත ව්ලැඩිමිර් පුටින් රුසියාවේ මහරජතුමා....



13 comments:

Charmi said...

හොෆ් පොෆ් හොෆ් පොෆ්

Anonymous said...

ලොක්කා,
ගිය වතාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සම්මේලනයේදී අන්තිමට මහින්ද බුවා පිට්ටනිය වටේ දුවනවා එහෙම නිකමටවත් දකින්න නැතිව ඇති නේද?

ඔහොම තමයි මචං මොනවා කරන්නද මිනිහෙකුට ගහන්න ඕන උනහම පොටෝ එකක්වත් අල්ල ගනින්. උඹේ ආතල් එක කැඩුවනං මට සමා වෙයං.

DonD said...

u have missed Putin in this..there is no other leader in the world who brags about his fitness than him...anyway even its fake i don't care all of them looks fit..so no issue..end of the day we can look at every thing from a political angle..even i can say that you are not a MR fan ....depends on the man's thinketh!!

රංචාගොඩ මුදියන්සේ said...

ලොක්කා,
ගිය වතාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සම්මේලනයේදී අන්තිමට මහින්ද බුවා පිට්ටනිය වටේ දුවනවා එහෙම නිකමටවත් දකින්න නැතිව ඇති නේද?

ඔහොම තමයි මචං මොනවා කරන්නද මිනිහෙකුට ගහන්න ඕන උනහම පොටෝ එකක්වත් අල්ල ගනින්. උඹේ ආතල් එක කැඩුවනං මට සමා වෙයං.
===================

මචන් උඹ ඔය කියන්නේ අර ගිය ජනාධිපතිවරණයේදී පිට්ටනිය වටේ දුවන්න ගිහිල්ලා හති වැටිලා, තුන්කාලක් දුවලා ආපහු ඉස්ටේජ් එකට ගිහින් "සුභ අනාතයක්" කියලා රටට කියපු සීන් එකද?

මතකයි මතකයි....

ආතල් කුඩුවුනේ කාගෙද දන්නේ නෑ නේද?

අනේ බන් හොඳට ෆිට් නම් කමක් නෑ, ලෙඩක් තියෙනවනම් බෙහෙතක් අරගෙන බොරු ශෝ නැතුව ඉන්න ඕනෙ.

ලෙඩ කියන ඒවා මිනිස්සුන්ට පොදු දේවල්. ඕකෙ ආයි හන්ගන්න මොනවද තියෙන්නේ. ලෙඩ තියාගෙන හොඳට රට පාලනය කරන නායකයෝ තව ඕනෑ තරම් ඉන්නවා.

මේවගේ බොරු කරන කොට තමයි අපිට ආතල් එන්නේ....

Chanaka Aruna Munasinghe said...

මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය

Disclaimer
===========
"මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය" කියන්නෙ "ආයුබෝ වේවා මහ රජාණෙනි" කියා වක්‍රාකාරව පැවසීමක්.

http://status-chanaka.blogspot.com/2009/06/blog-post.html

සූකර පෝතක said...

අනේ බොල ගොං මකරෝ යන යන තැන උඹේ සයිට් එකේ ලින්ක් හල හල යන්න එපා අර තට්ට කතන්දර වගේ..!

රංචාගොඩ මුදියන්සේ said...

DonD said...

u have missed Putin in this..
========

Your wish is granted sir....Vlad Putin, the fitness buff is added...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔයා කියන සීන් එකට අමතරව "ආසනික්" බ්ලොග් එකේ තියන සීන් එකත් ඔය අස්සෙ තියනව , අනේ මන්දා . ඔය දිවිල්ල නිසා මොරගොඩ අන්කල්ට නගරාධිපති පුටුවත් ලැබෙයිද දන්නෙ නැ

අතිරේක කාරනයක් - මැරීන් ඩ්‍රයිව් එක බොහොම අලංකාර තැනක්ය කියන්නෙ ඇත්තද ??

Anonymous said...

සියල්ලටම වඩා වැදගත් වන්නේ පරිනත නුවණක් තිබීමයි.

Anonymous said...

අනේ අම්මාපල්ලා, අපේ මහරජතුමා දාගෙන ඉන්නේ මේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ "නයිකි" සපත්තු කුට්ටමක් නේද? තුක් නොද-කිං.

විමලයෝ, වහාම පුවත් සාකච්ඡාවක් කැඳවපියෝ!

...???

රංචාගොඩ මුදියන්සේ said...

buwa said...

අතිරේක කාරනයක් - මැරීන් ඩ්‍රයිව් එක බොහොම අලංකාර තැනක්ය කියන්නෙ ඇත්තද ??
=========================

ඔවු මචන් බොහොම ලස්සනයි, විශේෂයෙන්ම රෑට හරිම ලස්සනයි. ඒ වගේම පිරිසිදුයි. අපේ ගෝල් ෆේස් එකවගේ, ඒත් ඊට වඩා දිගින් වැඩියි, ඒ වගේම නිදහස්. හවසට පවුල් පිටින් එනවා ඇවිදින්න. තරුණ ආදරවන්තයින්ගේ ජනප්‍රිය තැනක්. අපේ වගේ පිස්සු පොලිස් අල්ලන්නේ නැති නිසා කෙල්ලන්ට කොල්ලන්ට නිදහසේ පෙම් සුව විදින්න අපූරු තැන.

මම කලින් ලිපියක කියපු, රාහුල් ගාන්ධි යාලුවොත් එක්ක පීසා කන්න ආපු "නිව් යෝකර්" කියන අවන්හල තියෙන්නෙත් මැරයින් ඩ්‍රයිව් එකට මුහුණලා.

මැරයින් ඩ්‍රයිව් එකට ලඟා වෙන්න බොහොම ලේසියි. මුම්බායි නගරයේ ලඟම තියෙන දුම්රිය පොලට ගිහින් "චර්ච්ගේට් - Churchgate" දුම්රිය ස්ථානයට ටිකට් එකක් ගත්තම හරි. චර්ච්ගේට් ස්ටේශමේ ඉඳන් මැරයින් ඩ්‍රයිව් එකට පයින් යන්න පුලුවන්.

සාමාන්‍යයෙන් දුර කියනවා නම් කොටුවේ වයි.එම්.බී.ඒ ගොඩනැගිල්ලේ ඉඳලා ගෝල්ෆේස් එකේ පරණ පාර්ලිමේන්තුවට තියන දුරයි, චර්ච්ගේට් ස්ටේශමේ ඉඳන් මැරයින් ඩ්‍රයිව් එකට තියෙන දුරයි දල වශයෙන් සමානයි කියන්න පුලුවන්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මුම්බායි ආපු දවසක යන්න පාරත් කියල තියෙන්නෙ බොහොම ස්තුතියි . තව ටික කාලෙකින් ගෝල් පේස් එකේ පෙම්වතුන්ට තියා බල්ලෙකුටවත් ඇවිදින්න බැරි වෙන ලයින් එකක් තමයි තියෙන්නෙ මං හිතන්නේ .

ගෝල්පේස් යන්නත් හෝටලයකට බිලක් ගෙවන්න වෙන්න ඉඩ තියනව කතාවේ හැටියට නම්

Vipul Pathiraja said...

ගාමිණි සුමනසේකරව මතක් වුණා.