Wednesday, August 10, 2011

ආශ්චර්‍යමත් රන් දිවයිනෙන් බලුමස් කන කොරියාවට පනින්නට වලිකන අසරණ රැළ

කොරියාවට පැනගෙන කුලීවැඩක් හෝ කරගන්නට අවස්ථාවක් උදාකරගන්නට විභාගයකට පෙනී සිටින්නට අයදුම් පතක් ගන්නට ආ අසරණයි රැළක් නිසා සිදුවූ අබග්ගයක් පසුගියදා පත්තරවල පලවිය.

දැන් රජතුමාගේ නිළ පත්තර කඩමාල්ලේ කි‍යැවෙන පරිදි මේ සඳහා ඇප්ලිකේසන් 45,000ක් කොරියාවෙන් ගෙන්නවා ලඟම කඩෙන් ගන්නට පහසුකම් සලස්වා ඇත.

කොටියා පරදවා, අදිරාජ්‍යවාදීන් සමග බැටල් කරන ගමන් රටපුරා හෝටල් හදමින්, හෙලුවැලි මුහුදුවෙරලවල් ඇති කරන්නට පිඹුරුපත් සකසමින් ආර්තිකය නියම ට්‍රැක් එකට දාගන්නට රජතුමා ගන්නා දහිරිය මුන් රැළට නොපෙනෙන්නේද? ටිකක් ඉවසන්නට බැරිද? බඩ ගැන නොහිතා  රට ගැන හිතන්නට යයි හෙළ පඬිවරුන් පෝස්ටර් ගසමින් දුන් උපදෙස් මේ ලුම්පන් ගාලට අමතක වී ඇත්තේ ඇයි?

හෙට අනිද්දා එන ආස්චර්යයට පයින් ගසා බලු මස් කන කොරියාවට පනින්නට හදන වැඩි දෙනෙකු සිංහල බෞද්ද තරුණයින් නොවේද? ඇයි මුන්ට මේ තරම් මේ ආස්චර්‍යමත් රට එපා වී ඇත්තේ? රට හදන්නට උඩ පැන පැන මේ හොර හැත්තට චන්දේ දුන්නේ, පිලුණු බත් ගොටු ගිල දමමින් කැම්පේන් ගියේ මුන්ම නොවේද? ඇයි දැන් මේ හැදීගෙන එන අසිරිමත් ආර්ථිකය ඊලඟ වංගුව පනිනකන් ඉන්නේ නැතුව කොරියා යන්නට දඟලන්නේ?

කොරියන් පනින්නට හදන එකේ හෙලුවැලි බීච් එකක බීච් බෝය් කෙනෙක් වෙලා නාකි සුද්දියක් (හෝ සුද්දෙක්) ඇඟ උඩ නග්ගාගෙන කීයක් හරි හොයා ගන්නට සූදානම් වූවානම් නරකද?  දේශීය ආර්ථිකය කියන්නේ හෝටල් වල වේටර්කම් කිරීම, බීච් බෝය් ජොබ් එක, හෝටල් වල ස්විමින් පූල් සුද්දකිරීම, තණකොල කැපීම වැනි සේවා අංශයේ රැකියා නොවේද? මේ මෝඩ රැළට එය අවබෝධකර දෙන්නට දේශීය චින්තකලාට වත් යම් වැඩ පිලිවෙලක් නැද්ද?

රාජපක්ශ රජය මොනතරම් කයිවාරු ගැසුවත්, පත්තර පිටු පිරෙව්වත්, කඩේ යන චැනල් හරහා මොනතරම් සංවර්ධනයක් මවා පෑවත් ඇත්ත කතාව වන්නේ මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට මේ රට තිත්ත වී ඇති බව නොවේද? මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දුන්නේත්, දෙන්නේත් ඇයි දැයි දැන් ඉතා පැහැදිලිය.

ඇප්ලිකේශන් එකක් ගත්තාම කොරියාවට යන්නට විසා ලැබෙනවා වැනි අසරණ අහිංසක සිතුවිලි හිත්වල පුරවාගෙන ඉන්නා මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දෙන්නේ රට ගැන හිතා නොව චන්ද කාලෙට ගමට එන ආණ්ඩු පක්ශයේ පල් හොරුන්ගේ බොරු පොරොන්දු වලට රැවටිලාය. රජයේ රැකියා සඳහා බොරු අයදුම් පත් ලක්ශ ගණනක් බෙදා හැර, ඒවා පුරවලා චන්දෙ දුන්නොත් රස්සාව ශුවර් යනුවෙන් මේ හැම එකාටම බොරු පොරොන්දු දී ඇත.

දැන් ඒ බොරු පොරොන්දු ඉටු නොවන බැව තේරුම් ගොස් ඇති හෙයින් මේ අසරණයින් හට ගොඩ එන්නට ඇති එකම මග කෙසේ හෝ පිටරටකට පැන ගැනීමේ සිහිනයයි.  හැම චන්දයක්ම දිනුවේත්, අනාගත චන්ද දිනන්නේත් මේ අහිංසකයින් රවටලාය. වෙන කරන්නට දෙයක් නැති තරමටම අසරණ නිසා උනුත් දැන දැනම මේ බොරු බේගල් වලට රැවටෙන්නේ අඩුම ගණනේ සිහිනයක් සමගින් ජීවත් වීම කිසිවක් නොමැතිව ජීවත්වනවාට වඩා හොඳ බැවින් වන්නට ඇත.



11 comments:

Anonymous said...

මහත්තයෝ මේ මිනිස්සු කොරියා යන්නේ කීයක් හරි හොයාගන්න ... හොයාගෙන අපහු එන්න ... රට එපා වෙලා දාල යනවා නෙවෙය් නේ ..
අනික් එක රටේ පෙනෙන දියුණුවක් ඇතිවෙන්න අවුරුදු 10-ක් යාවි .. එක මොන රටෙත් ඔහොම තමා
ඉන්දියාව දැන් බලන්න රට ගියපු මිනිස්සු වැඩිහරියක් දැන් අපහු එනවා ... මේවා එක රැයකින් කරපු දේවල් නෙවි

Anonymous said...

අනේ ඇනෝ ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වන්නේ නෑනේ.ඇත්තෝ කති, බොති, සුඛති නැත්තන්ට කිසිත් නැත.

Anonymous said...

"කොටියා පරදවා, අදිරාජ්‍යවාදීන් සමග බැටල් කරන ගමන් රටපුරා හෝටල් හදමින්, හෙලුවැලි මුහුදුවෙරලවල් ඇති කරන්නට පිඹුරුපත් සකසමින් ආර්තිකය නියම ට්‍රැක් එකට දාගන්නට රජතුමා ගන්නා දහිරිය මුන් රැළට නොපෙනෙන්නේද? ටිකක් ඉවසන්නට බැරිද? බඩ ගැන නොහිතා රට ගැන හිතන්නට යයි හෙළ පඬිවරුන් පෝස්ටර් ගසමින් දුන් උපදෙස් මේ ලුම්පන් ගාලට අමතක වී ඇත්තේ ඇයි?"

මහත්තයෝ මට මේක පැහැදිලි කරලා දෙන්න , මේ මිනිස්සු රට ගිහින් වෙදේශ විනිමය හොයන එකෙය් මෙවගෙය් අතර සම්බන්දය මොකක්ද , යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ ... කවුරුවත් කොරියාවට පදිංචියට යන්නේ නෑ නේ

Anonymous said...

මේ ඔක්කොම රට දාල කොරියාවේ පදිංචියට යනවා. අනික ඉන්දියාව ලංකාව වගේද? පුහ්! රාජ ඌෂ්ණේ!

lasantha said...

මම ඉන්නෙත් කොරියාවෙ හැම තිස්සෙම හිතන්නෙ ලන්කාවට එන්නෙ කවද්ද කියලා අපි මෙහේ පදින්චියට ආවෙ නෑ අනික අපි හොයන සල්ලි ලන්කාවෙ සන්වර්ධනයට බලපාන්නෙ නැද්ද මෙවගේ ලියන අය ඉන්න කම් නම් ලන්කාවට දියුනුවෙන්න කවදාවත් බැරිවේවි

රංචාගොඩ මුදියන්සේ said...

එක රැයකින් කරන්න බැරි දේවල් කරනවා වගේ පෙන්නලා අහිංසක මිනිස්සු රවට්ටන එක තමයි අපිට තියෙන අමාරුව..... අපිට ඔය කියන දේවල් නොතේරෙනවා නෙමෙයි, මේ රජය ගෙනයන බොරුවේ තරම පෙන්වන්න තමයි මේ උත්සාහය

රංචාගොඩ මුදියන්සේ said...

@ Udaya.luk

මම ඉන්නෙත් කොරියාවෙ හැම තිස්සෙම හිතන්නෙ ලන්කාවට එන්නෙ කවද්ද කියලා අපි මෙහේ පදින්චියට ආවෙ නෑ අනික අපි හොයන සල්ලි ලන්කාවෙ සන්වර්ධනයට බලපාන්නෙ නැද්ද මෙවගේ ලියන අය ඉන්න කම් නම් ලන්කාවට දියුනුවෙන්න කවදාවත් බැරිවේවි
-------------------------------
මම ඉන්නෙත් කොරියාවට වඩා දුප්පත් ඉන්දියාවේ. මමත් හැමදෑම බලන් ඉන්නේ දිග නිවාඩුවක් එනකම් ලංකාවට යන්න.

කොරියාවේ හරි වෙන මොන රටකට හරි වෙලා දුක් විඳලා ලංකාවට සල්ලි එවන මිනිස්සුන්ට ගරහන්නට මේවා ලියනවා නෙමෙයි.

ඔබතුමා පොඩ්ඩක් කෝප නොවී හොයලා බලන්න ඔය දාස් ගණන් ආපු කොල්ලන්ව මොනතරම් රවට්ටලා තියෙනවාද කියලා. ඔය මිනිස්සුන්ගෙන් අහලා බලන්න හැම චන්දෙටම ඉස්සෙල්ලා රස්සාවල් දෙනවාමයි කියලා පොරොන්දුවෙලා ඉල්ලුම් පත්තර කියාක් පුරෝගෙන ගියාද කියලා. සතියකට දෙකකට පස්සේ ඒවා කුණු ගොඩවල් වලතිබිලා අහු වෙනවා. ඒ කුණු ගොඩවල්වල පිච්චෙන්නේ ඔය අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු නේද?

Anonymous said...

මේවා ලියන මිනිස්සුන්ගේ දේශපාලන agenda වල පාට කන්නාඩි දාගත්තම මේවගේ විකාර සිතුවිලි එනවා
Udaya.ලුක් මහත්තයෝ ස්තුති අදහස් දැක්වුවට මේවා ලියන එවුන් කොර වෙලා නන්නත්තාර වෙලා යන්න
ඔබතුමාගේ එක වචනෙකින් මෙයාගේ කතා disprove කරලා තියෙනවා
"රාජපක්ශ රජය මොනතරම් කයිවාරු ගැසුවත්, පත්තර පිටු පිරෙව්වත්, කඩේ යන චැනල් හරහා මොනතරම් සංවර්ධනයක් මවා පෑවත් ඇත්ත කතාව වන්නේ මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට මේ රට තිත්ත වී ඇති බව නොවේද? මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දුන්නේත්, දෙන්නේත් ඇයි දැයි දැන් ඉතා පැහැදිලිය."

එහෙනම් ලංකාවේ තරුණයෝ රට යන්නේ රට එපාවෙලා හරි ආණ්ඩු එපා වෙලා හරි නෙවි , කීයක් හරි හම්බ කරගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න , එඅ මගින් රටට විදේශ විනිමයත් .. අපහු එනකොට තාක්ෂණයත් අරගෙන එන්න .... ජයවේව !!

lasantha said...

මේ වගේ හරක්ගෙ බ්ලොග් වලට කොමන්ට් දාන අපියි මෝඩයො......

රංචාගොඩ මුදියන්සේ said...

Udaya.luk said...

මේ වගේ හරක්ගෙ බ්ලොග් වලට කොමන්ට් දාන අපියි මෝඩයො......
============================
මහත්තයෝ, හරකුන්ගේ බ්ලොග් කියවලා පපුවෙ අමාරුව හදාගන්නේ නැතුව ඔබතුමා හොඳින් ඉන්නකෝ.....ඇයි මේ කළබල?

Anonymous said...

Koreawe inna harakata therenne ne unge widesha winimayen thamai lankawe inna desapaluwo sapa windinne kiyala.gona..Thopi mahansi wela hambu karana salliwalata wenne monnada kiyala uba dannawada.? mee haraka.