Sunday, August 14, 2011

කරු සජිත් එජාපය ගොඩගයිද?

හැට වසරක් පැරණි එජාපයට සිදුවී ඇති සන්තෑසිය පිලිබඳව මුලු රටම කතාකරයි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ශයේ අයත්, පත්තර වෙබ් අඩවිත් කතාකරයි. පාක්ශිකයන් බොහෝදෙනෙක් නිහඬව ඉන්නේ කතාකරලා වැඩක් නැති බැවිනි.  

ඕනැ මගුලක් කරගත්තදෙන්...පොදු මහජනතා පාක්ශිකයා පැත්ත්කටවී නිහඬව සිටිනවා පමණක් නොව චන්දපොල පලාතේ යන්නේ නැත. චන්දපොලට නොයන එජාප පාක්ශිකයාගේ චන්දය ග්‍රාම-නිළධාරීන් සමග එක්වූ ආසනයේ ආණ්ඩුපක්ශ සොරදෙටුවා එක්කෝ  සොරකම් කරයි නැතහොත් නම චන්දලයිස්තුවෙන් කපාදමයි. 

පක්ශය තුල පැහැදිලි පිල්බෙදීමක් ඇති අතර රනිල් පිල, සජිත්/කරු පිල හා දිනන පැත්තට පනින්න බලාගෙන දෙපැත්තම හොරෙන් කන පිල වශයෙන් ප්‍රධාන පිල් තුනකට පක්ශය බෙදී ඇති අතර රජපසතුමාට හොරෙන් ඉන්ෆොමේශන් දෙන අනු කුලකයක්ද ඔය සැම පිලක් තුලම සිටී. රජපසතුමා පිල් එකිනෙකා හා කෙටවීම සඳහා ඉහතකී හොර ඒජන්තයන් භාවිතාකරන අතර පක්ශය තුල සිදුවෙන සෑම රහසිගත සාකච්චාවකම තොරතුරු තමන්හට වහාම වාර්තාවෙන ආකාරයට සිය චරපුරුශ ජාලය සකසාගෙන සිටී.

මේ චරපුරුශ ජාලයෙන් ලැබෙන තොරතුරු අනුව එජාපය සදාකාලිකවම විපක්ශයේ තබාගැනීමේ කූට වැඩපිලිවෙලක් එතුමා ගෙනයයි. ඔය වැඩපිලිවෙලේ නූතන පරිච්ඡේදය ඇරඹුනේ එජාපයේ පිරිසක් පක්ශය කඩාගෙන එතුමාගේ දෑත සක්තිමත් කරන්න සල්ලි පොට්ටනිත් එල්ලාගෙන පැනගත් වහාමය. එකල  රජපසතුමා සිය සහය තිබුනා බව පෙන්වූයේ සජිත්ටය. මෙය නොදත් මෝඩ ශ්‍රී ලංකාකාරයෝ   "සජිත් හේමා ප්‍රේමදාස එක්ක ජනාධිපතිතුමා හමුවෙන්න ගියා ශ්‍රිලන්කා එකට බැදෙන්න, ජනාධිපතිතුමා එයාව ගත්තේ නෑ ...ඔයා කවදාහරි ඔය පක්ශයේ නායකයා වෙන්න ඉන්න කෙනා...ඔයා පක්ශය දාලා මෙහෙ එන්න එපා....කියලා ජනාදිපතිතුමා සජිත්ට උපදෙස් දුන්නා.." යයි කිව්වේ මහත් ආඩම්බරයෙනි. අපේ ජනාදිපතිතුමා එතරම් සර්වසාධාරණයි. පක්ෂෙට වගේම විපක්ෂෙටත් ආදරයි. 

ජනපතිතුමා එජාපයේ අනාගතය ගැන එතරම් දුරට සිතාබලා තිබුණි. අනාගතයේ නායකා වෙලා තමන්ට තරඟයක් දෙන්න ඉන්න එකාව බාගන්නවා වෙනුවට එතුමා පියෙකු මෙන් සජිත්ට ඔවදන් දුන්නේ එජාපය ගැන එතුමාට තිබුණු අවංක හැඟීම, ආදරය නිසාම වෙන්න ඇති. බලාගෙන ගියාම අරටු යූඇන්පී කාරයන්ටත් වඩා පක්ශයේ අනාගතය ගැන වොරි වෙලා තියෙන්නේ රාජපක්ශ ජනාධිපතිතුමාය. එතුමාගේ හැටි එහෙම බව අපි දන්නවාය. එතුමා එතුමාගේ පවුල ගැන ඇරෙන්නට අනෙක් හැමදේම ගැන වොරිකරමින් සිටින උතුම් නායකයෙකි.

ඒ එදාය, එදා සජිත් නිකම්ම නිකන් හම්බන්තොට මන්ත්‍රීතුමාය. රනිල්ට චැලෙන්ජ් එකක් දෙනවා තියා හිතන්නටත් බැරි තැනකය එදා සජිත් හිටියේ. එහෙත් අද සජිත් එජාපයේ ඉහලම නායකයෙකි. එජාපයේ අද තුන්වැනි නායකයා සජිත්ය.  හරිනම් දැන් සජිත් ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන්නට ඕනා අපේ ජනාධිපතිතුමාය. එතුමාගේ අනාවැකිය හිතුවාටත්වඩා ඉකමනට හරියාගෙන එන බැවිනි. ඒත් අද එතුමාගේ නිළනොවන සහය හිමිවන්නේ එදා ආදරයෙන් ඔවදන් දුන් සජිත්ට නොව රට පාවාදුන් නූතන දොන් ජුවන් ධරමපාල ලෙස එතුමාම හා ගෝලබාලයෛන් හඳුන්වාදුන් රනිල්ටය.

මා ඔය අතීතකතාව මෙනෙහිකලේ සජිත්ට හා කරූට මුහුණදෙන්නට වෙන අභියෝග ගැන කතාකරන්නට ආරම්භයක් ලබාගන්නටයි. රාජපක්ශ ජනපති යනු තමවාසියට ඕනැම දෙයක් දෙපාරක් නොසිතාකරන්නට සූදානම් චරිතයකි. ඔහු කියනා එක වචනයක් හෝ විශ්වාස කරන්නට සූදානම් වන යූඇන්පී කාරයෙක් ඉන්නවානම් ඔහු සැබැවින්ම පක්ශයට ද්‍රෝහියෙකි.

අද රජයට කඩේයන සියලුම මාද්ය (රාවයද ඇතුලුව) සජිත්ට හිනාවෙන්නේ, පහරගසන්නේ එජාපයට හුස්මක් පිබින්නට සමත් එකෙක් ඇත්නම් ඒ සජිත් ප්‍රේමදාස බව තේරුම්ගෙන ඇතිනිසාය. සජිත් පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්ණ ගැන හිනාවෙමින් "අහවල් ගමේ අහවල් පාරට තාර දමන්නේ කවදාද?" වැනි සිල්ලර ප්‍රශ්ණ අසන බවත් ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්ණ නාසන බවත් රජයෙන් පඩිගන්නා අතරම ස්වාධීන පත්තරකාරයින් ලෙස පෙනී සිටින්නන් මාගල් වැනි ලිපි ලියමින් දොස්නගයි. මෙහෙව් සජිත් ජාතිකනායකයෙකු වෙන්නට දැඟලීම විහිලුවක් බව කියයි. 

පාර්ලිමේතුමන්ත්‍රීවරයෙකුගේ වගකීම තම ආසනයට සේවයකරමින් ආසනයේ මිනිසුන්ගේ ගැටලු පිලිබඳව පාර්ලිමේතුවේදී ප්‍රශ්ණ අසමින් ඒවාට විසඳුම් සොයාදීම බව අද සජිත්ට බණිමින් හිනාවෙන බොහෝ අමන බුද්ධිමතුන් හට අමතක වීඇත. 

ගමට වැඩක් කරන්නට බැරි ගමේ පාරක නමක් ඇණිකට් එකක් තියන තැනක් දන්නේ නැති එකෙක් රටේ ප්‍රශ්ණ හරියාකාරව තේරුම් ගන්නේ කෙසේදැ අසන්නට රජපස ඇජෙන්ඩාවට වැඩකරන ලියන අප්පුලාට වෙලාවක් නැත.


අවුරුදු දහපහලොවක් පාර්ලිමේන්තු මන්ත්‍රිකෙනෙක් වී සිට, ගමේ ප්‍රශ්න කිසිවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකර, රටේ ප්‍රශ්ණ ගැන පමණක් බොරු බයිලාගසමින් සිටි පුද්ගලයෙකු රටේ නායකතවයට පත්වූවිට සිදුවන විනාශය දැන් අප ඇස්පනාපිට ඇත. හම්බන්තොර මන්ත්‍රී ලෙස කල්පයක් ගතල අප රජතුමා සිය පලාතට කල මගුලක් නැත. හම්බන්තොට රටේ දුප්පත්ම පලාත වෙලත් එතුමාට සිය පලාතේ දුප්පත්කම ගැන ප්‍රශ්ණ අසන්නට වෙලා නොතිබුනේ මන්ත්‍රී කලයේදී රටේ ප්‍රශ්ණ විසදන්නට වලිකැ නිසාවන්නට ඇත.

එතුමා හම්බන්තොට මන්ත්‍රී රාජකාරිය පටන්ගත්තේ ජනාධිපති වූවාට පසුවය. රටටම ලැබිය යුතු දේවල්, රටපුරා බෙදීයායුතු සම්පත් එතුමා හම්බන්තොටට පමණක් යොදවමින් සිටින්නේ එතුමා නියමාකාරයෙන් හම්බන්තොට මන්ත්‍රී ලෙස සිතන්නට පටන්ගෙන ඇත්තේ දැන් බැවිනි.

එජාපයට ආදරය කරන මිනිසුන් ආන්ඩු පක්ශය පතුරුවන බොරු ගණන්ගත යුතු නැත්තේ එබැවිනි. මන්ත්‍රී කාලයේ සිය මන්ත්‍රීකමේ වගකීම හරියට දැනගෙන වැඩකල සජිත් ජාතික නායකයෙක් වුනු විට එහි වගකීම්ද නිවැරදිව හඳුනාගෙන වැඩකරන බවට විශ්වාසයක් එජා පාක්ශකියන් ඇතිකර ගැනීමට බිය විය යුතු නොවේ.

රජපස ඇජෙන්ඩාව වන්නේ සජිත්ට හා කරූට පහරගසමින්, එජාපය තුල සිටිනා සිය ඒජන්තයන් ගේ උපකාරයෙන් කෙසේ හෝ රනිල්ව පුටුවේ රඳවාගෙන පක්ශය තවත් දියකර හැරීමයි. නාමල ඉහලට පුම්බන තෙක් එජාපය වැරහැලි පක්ශයක් ලෙස තබාගැනීම අනිවාර්‍යවන අතර එය කලහැකිවන්නේ රනිල් පුටුවේ ඉන්නාතෙක් පමණකි. රනිල් චුතවී, රනිල්ගේ චෞර ගෝලයින් මුල් පුටුවලින් විසිවූවිට එජාපය වේගයෙන් ඉහලට නැගීම වැලක්විය නොහැකිබව රජපසතුමාගේ තීක්ශණ දේශපාලන නුවණට වැටහී නැත්නම් පුදුමයකි.

සල්ලි කෝටිගණන් විසිකරමින් නාමල් හට හම්බන්තොට ප්‍රදේශයේ දුප්පත් ජනතාවට කල නොහැකි වුනු සේවයක් සජිත් සිදුකොට ඇත. රාජපක්ශලාගේ අඩවීයේ ඉහගහගෙන සිටිමින් කිසිවෙකුට අභියෝගකල නොහැකි බව පැවසෙන නාමලගේ හම්බන්තොට ආධිපත්‍යයට අභියෝග කල හැකි තත්වයක සජිත් සිටින්නේ ඔහු පිටුපස ජන බලවේගයක් තිබෙන බැවිනි. අත්දැකීම් අති කරූ හා වගකීම් දන්න සැබැවින්ම ජනප්‍රිය සජිත්, වැඩක් නොදන්නා,  පාදඩ යහලුවන් පිරිවරාගෙන සිටින, සල්ලි මිටිපිටින් විසිකරමින්, බුරියානි පැකට්, අරක්කු හා ලංගම බස් නොමැතිව මිනිසුන් සීයක් එක් තැනකට ගෙන්නා ගන්නට හැකියාවක් නැති සිය පුත්‍ර නාමලට අභියෝගයක් වීම වැලක්වීම රජපස ස්ට්‍රැටජිය බව එජාප පාක්ශිකයි වටහාගත යුතුය.



3 comments:

Anonymous said...

ආවා කියල වෙනසක් වෙයිද?
නන්නත්තාරවෙලා කෑලේ යනකොට වාහනේ යන පාර වෙනස්කරනවා මිසක ඩ්‍රයිවර්ලා වෙනස්කරලා හරියයිද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සජිත් දැක්ක නම් මේ ලිපිය මූණුපොතේ පිටුවෙත් දාගනියි . සජිත්ට එජාපය ගොඩ ගන්න හැකියාවක් නම් තියන බව පේනව ඒත් රාජපක්ෂට විකල්ප නායකත්වයක් වෙන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ. කරු ජයසූරීය ඔය අතර මැද තැනක ඉන්න නිසා වඩා සුදුසුයි කියලයි මම හිතන්නේ

රංචාගොඩ මුදියන්සේ said...

buwa said...
ඒත් රාජපක්ෂට විකල්ප නායකත්වයක් වෙන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ. කරු ජයසූරීය ඔය අතර මැද තැනක ඉන්න නිසා වඩා සුදුසුයි කියලයි මම හිතන්නේ

===========

ඔය තර්කයේ වරදක් කියන්න බෑ. එහෙම වෙන්න පුලුවන්.

ඒ වගේම මගේ පෞද්ගලික අදහස වෙන්නේ සජිත් එකපාරටම නායකයා නොවී, කරූ නායකයා වී සජිත් උපනායකයා ලෙස සිටිය යුතුයි කියයි.

ඒත් සජිත්ගේ ජවයෙන් සංවිධාන ශක්තියෙන් වැඩගන්නට කරු බුද්ධිමත් වියයුතුයි.

කරු නායකයා වුනාට පස්සේ රනිල් වගේම රෝයල් කොලෙජ් එකේ ඕල්ඩ් බොයිස්ලා සෙට් එකක් වටකරගෙන සජිත්ට කකුල් මාට්ටු දාන්න හැදුවොත් විනාශයි