Monday, December 6, 2010

අධිකරණය ලන්ඩන් නිසා හොඳට ගියා...කොහොමද ලංකාවේ වගේ රාජපාක්ශික නඩුකාරයෝ ලන්ඩන් වල හිටියානම්?

http://lankaelink.com/sinhala/news/1496/

අපේ ජනපතිතුමා ලංකාවේ "වගා කරගෙන යන" තමුන්ට බලුගැති අධිකරණ පද්ධතිය වැනි ආණ්ඩුවට කඩේ යන අධිකරණයක් එන්ගලන්තයේ තිබුණානම් වීරවංශ වාගේ බලු නකුටන් යොදවාගෙන බ්‍රිතාන්‍යයට නිතර කරන ලබන අපහාසවලට වාඩුව ගන්නට එක දවසක් හරි රාජපක්ශව රිමාන්ඩ් කරපිය කියලා නියෝගයක් ගන්නට එරට රජයට අවස්ථාව තිබුනේය.

රාජපක්ශගේ වාසනාවට එරට ඇත්තේ ස්වාධීන අධිකරණයක් මිස බලු ගැති, රජ ගැති අධිකරණයක් නොවේ. බ්‍රිතාන්‍යය තුල එදා සිට මෙදා දක්වා වසර සියගණනාවක්  බලය හෙබවූ සියලූම රජයන් අධිකරණයේ ස්වාධීනත්වය සුරකි නිසා රාජපක්සට ලන්ඩන් අධිකරන වරෙන්තුවක කලු ලපයෙන් ගැලවෙන්නට පුලුවන් කම ලැබුණි.

එපමණක් නොව;

* රාජපක්ශගේ ජනපතිගේ නාවික හමුදා පුතාට ශිෂ‍යත්වයක් දී එහෙ තියාගෙන ඉගැන්නුවේත් බ්‍රිතාන්‍යය නොවේද?

* බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යයාලයට පෙලපාලි යන විමල්ගේ පුතන්ඩියා දැන් ඉගෙන ගන්නේත් බ්‍රිතාන්‍යයයේ නේද? 

තාත්තා එන්ගලන්තයට බනිද්දී උගේ පුතාට යහතින් එරට අධ්‍යාපනය හදාරන්නට හැකිවීම එරට මිනිසුන්ට ඇති නිදහස පෙන්වා නොදෙන්නේද? පිටරට ඉඳගෙන රාජපක්ශලාට බනින මිනිහෙකුගේ ළමයෙකු මෙරට පාසැලක ඉගෙනන ගත්තේ නම් ඒ ළමයාට රජපස දඩ බල්ලන් මොනවා නොකර සිටීද?

උන් අපිට වඩා දියුණු මිනිසුන් බව වටහාගන්නට එයම ප්‍රමාණවත් නොවේද?

5 comments:

Anonymous said...

"උන් අපිට වඩා දියුණු මිනිසුන් බව වටහාගන්නට එයම ප්‍රමාණවත් නොවේද?"

That is why the UK can't provide security for a head of a state while accommodating supporters of a banned terrorist group.

Don't just bark without knowing the facts!

Anonymous said...

උං මාර සාධාරණය ඇත්තය. බින් ලාඩන්ට පක්ෂව උද්ගෝෂණයක් තියල කණ්ඩුල කියන මෝඩ හරකා එංගලන්තෙන් යහතින් ආවොත් මම ඔය කතාව විස්වාස කොරනව.

Anonymous said...

කිසියම් දුරකට හෝ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ US හා UK වල. එතනින් එහාට ඔවුන් නිදහස ගැන හිතන්නෙ නෑ. තමන්ට ගැතිවෙලා ඉන්නවනම් ඔනෑම නායෙකයෙක් ඔන දෙයක් කරගත්තට කමක් නැහැ.
Many of the world's most repressive dictators have been friends of US. US & UK are close allies. U can be undemocratic if you allied with democratic UK and US. The best possible option for MR is to be allied with US & UK. Then they will not raise the issue of war crimes and media freedom.

රංචාගොඩ මුදියන්සේ said...

උං මාර සාධාරණය ඇත්තය. බින් ලාඩන්ට පක්ෂව උද්ගෝෂණයක් තියල කණ්ඩුල කියන මෝඩ හරකා එංගලන්තෙන් යහතින් ආවොත් මම ඔය කතාව විස්වාස කොරනව.
=================================

මට මෝඩ හරකා කියන්නේ නුඹ, නුඹගේ වෘශභ ගති පෙන්වමින් නොවේද? එන්ගලන්තය සාධාරණය ඉශ්ඨකරන්නේ උන්ගේ රටේ ඉන්නා මිනිසුන්ට මිස, උන්ගේ රටේ බෝම්බ පුපුරවන බිල්ලාඩන්ලාට නොවන බව වටහා ගන්නට නුඹට ස්නායු මදිවීම ගැන මට කල හැකි දෙයක් නැත.

උන්ගේ අධිකරණය තියෙන්නේ උන්ගේ ආණ්ඩුවට මුක්කු ගහන්නට නොව උන්ගේ මිනිසුන්ගේ හා රටේ යහපතට තීන්දු දෙන්නටය. උන් මහින්ද රාජපක්ස අතඩංගුවට ගන්නා ලෙස ඉල්ලූ ඉල්ලිමට විරුද්ධව තීන්දුව දුන්නේ උන්ගේ නීතියේ හැටියට රාජ‍ය නායකයෙකුට ඇති "diplomatic immunity" යන නීතිය සලකා බලාය. උන් සාධාරණය යයි කිව්වේ එහෙයිනි.

ඔය නීතිය කඩාදමා රාජපක්ශට වරෙත්තු නිකුත්කලානම් බලු වෙන්නේ රාජපක්ශ නොව මහා බ්‍රිතාන්‍යය යන රට හා එහි රටවැසියායි. ලන්ඩන් අධිකරණය සිදුකලේ නීතිය ක්‍රියාත්මක කොට රටේ ගෞරවය බේරා ගැනීමයි.

රටේ ගෞරවය බල්ලාට දමා හතුරන්ට කොටන්නට අධිකරණය මෙහෙයවන රාජපස්සලාට හා ඔවුන්ගේ නකුටන්ට මෙය වටහාගන්නට බැරිවීම පුදුමයක් නොවේ.

රංචාගොඩ මුදියන්සේ said...

That is why the UK can't provide security for a head of a state while accommodating supporters of a banned terrorist group.

Don't just bark without knowing the facts!

===============================

OMG ....

Do you know that MR went on a private trip to UK and not a diplomatic mission on an invitation from the UK government?

Do you think that every time Rajapaksha wants to visit UK to address some unimportant gathering in a university, the UK government is bound to provide security due to a head of state on an official visit?

Have you heard of other heads of states who visit another country on their whims and fancies while their own country is saddled with so many problems?

Who is ignorant of facts, you or me?