Saturday, September 25, 2010

මහින්ද මූන් හමුව : ලැජ්ජා නැතිකම රජකමටත් වඩා ලොකුවීම.


මෑතක් වෙනම් මහින්ද මහත්තයාගේ දේශප්‍රේමී රාජ්‍යයට වැඩියෙම්ම අකුල් හෙලපු අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයා වුනේ බැන්කීමූන් කියන කොරියන් කාරයා. මූන් කොච්චර ධරුණු සතුරෙකු වුනාද කිව්වොත් වීරවංසතුමා සිය රටක් වටිනා (හික් හික්) ජීවිතය පවා නැතිකරගන්නට හැදුවා මූන් ගේ අන්තර්ජාතික කුමණ්ත්‍රණය පරද්දන්න. රජතුමාත් සුපුරුදු විධියටම පපුවට ගහගෙන හාමුදුරුවරු ඉස්සරහත්, මහින්දලාගේ ඕනෑම පචයක් විස්වාසකරන හුදී ජනයා ඉදිරියෙත් නියම වීරයෙක් වුනා. මූන් තමට උපදෙස් දෙන්න දාගත්තට කමිටුව, මූන් ලංකාව ආක්‍රමණය කරන මෙහෙයුම සැලසුම් කරන්න දාපු කමිටුවක් වගේ රටට පෙන්න පෙන්නා රාජපක්සලාගේ නැට්ටුවෝ, කසකාරයෝ, බෙර කාරයෝ හති වැටෙනකම් නැටුවා. කෑගැහුවා, බැන්නා, පඹයෝ පිච්චුවා, ජෙනරාල් පිට වැරැද්ද පටවමින් සමබර රූපවාහිනී සංවාද දුසිම් ගණන් කලා මූන්ගේ කමිටුවට වගකියන්න ඕනෑත් ජෙනරාල් කියලා.

18 මගඩිය එලියට පනිනකොට, මූන්ව රාජපක්ස නැට්ටුවන්ට, බොරුකකුල් කාරයින්ට, කස කාරයින්ට අමතක වුනා. උන් ඊට පස්සෙ රෙදි නැතුව නටන්න ගත්තේ 18 සම්මත කරගන්න.

ඔය අස්සේ මූන් සද්ද නැතුව වැඩේ ඉස්සරහට ගෙනිච්චා.

දැන් මොකද වෙලා තියෙන්නේ? මහරජා මූන් එක්ක අතට අත දීලා, ශ්‍රී ලංකාවේ අංක එකේ අන්තර්ජාතික ද්‍රෝහියා වෙලා හිටපු  මූන් මහත්තයා එක මොහොතෙන් සිරි ලංකාවේ හිතවතෙකු වෙලා. මූන් වෙනුවෙන් ජීවිතේ දන් දෙන්න හදපු වීරවංශයාගේ "සයිබර් නිවුස්" වෙබ් අඩ්වියේ දැන් දානවා හෙඩ් ලයිමක්...." මූන්-මහින්ද පැයක හමුවක්, මූන්ගේ ප‍්‍රසාදය"   අප්පට බොල!! මුන්ට දැන් මූන්ගේ ප්‍රසාදයත් ලොකු නිවුස් එකක්!!

කොහොමද වැඩේ?

මේවගේ විලි ලැජ්ජා නැති එවුන් මොනවා කියන්නද කියලා හිතාගන්නවත් බෑ. මුන් මහින්දගෙ වසුරු වුනත් කයි මගේ හිතේ සෝස් එහෙම දාගෙන. දුකට හේතුව මේ මන්ද බුද්ධිකයින්ගේ වැඩ නෙමෙයි. මුන්ගේ මන්ද බුද්ධික වැඩ හිස් මුදුනින් පිලිගන්න මිනිස්සු මෙච්චර ගොඩක් මේ රටේ ඉන්න එකයි.

14 comments:

Anonymous said...

මූන් දොස් කිව්ව නම් තොපි දායි, අන්න "මූන් මහින්දව දෙකට නමල ඇරිය" කියල. මහින්ද මූන් ව හම්බ වුනේ නැත්නම් දායි "මහින්ද බයට මූන් හම්බ වුනේ නෑ" කියල. තොපේ ඔලුවට මහින්ද ගහල. ඔක්කොම පේන්නේ හුලහට. තොපි වගේ කාලකන්ණි රැළක්!

Anonymous said...

Me natzia ge kata kahanawa mama hitanne mukuyh mehema deyak liwwe natnam. Natziata tamai lajja natte

රංචාගොඩ මුදියන්සේ said...

දර දිය අදින්නෝ......:)

ඇටමැස්සා said...

@ කණ්ඩුල: වැරදියි. කැතකුණු අදින්නෝ....

Anonymous said...

එන්.ජී.ඕ. අසූචි බුදින්නෝ

Anonymous said...

>> මූන් දොස් කිව්ව නම් තොපි දායි, අන්න "මූන් මහින්දව දෙකට නමල ඇරිය" කියල.
>> මහින්ද මූන් ව හම්බ වුනේ නැත්නම් දායි "මහින්ද බයට මූන් හම්බ වුනේ නෑ" කියල. <<

ඔව් එහෙම කියනවා තමයි. තොපි වගේ අමණ තකතිරුවන්ව රවට්ටලා, ඌරුවංසයා සිංහලෙන් දීපු පොර ටෝක්ස්, ඉන්ගිරිසියෙන් දාපන්කෝ මූන්ටත් එහෙ ගිහින්. නැට්ට පුකේ ගහන් අත් දෙකින්ම අතට අත දුන්නේ ගිහිල්ලා. තොපි හැමදාම රැවටෙන්න කැමතියි. තොපි හිතන් ඉන්නේ තොපි ලෝකෙන් උතුම් රටේ ඉපදිච්ච අති උත්තම මිනිස්සු කියලා. තොපේ පම්පෝරිය ගහනවා නම් ඕනි එකෙක්ට පුක දෙන්න තොපිලා ලෑස්තියි. උන්ට පුක ගෙවෙන කන් කඹුරන්න තොපි ලෑස්තියි. තොපි වගේ රට හරක්ටව හැම දාම රවට්ටන තක්කඩියන්ට තොපි කැමතියි. තොපිලත් එක්ක මේ රටේ ඉපදිච්ච එක අපේ කරුමේ යකෝ.

Anonymous said...

පලවැනි ඇනොට ඔක්කොම පෙනෙන්නෙ මහින්දට ගලන පැත්තට, කණ්ඩුලට ඔක්කොම පෙන්නෙ විරුද්ද පැත්තට. මෙ දෙන්නගෙම නෙමෙ වැරැද්ද, කොහොම උනත් තෙරුමක් නැහැ.

Anonymous said...

පොන්නසේකයා ලව්වා කර ගන්න බැරිවුන දේ මහින්ද ලවා කර ගන්න හදනවාවත්ද?

charmi said...

මෙයින් පෙනෙන්නේ අපේ ජනාධිපති තුමා මූන්ට කොහොමවත් බය නැති බවය. වීරවංශයා බයේ මැරෙන්න ගියාට ජනාධිපති තුමා කෙලින්ම මූන් මූණට මූණ හමුවී කණේ ඇඟිලි ගහගන්න එක පැයක් ඉංගිරිසියෙන් කතාකිරීමෙන් පසු මූන් බකමූණෙකු වී ප්‍රසාදයද පලකොට ඇත. බය වන්නේ ඉංගිරිසි බැරි උන්ය.

'බාසා' කීපයක් දැන ගැනීමේ වාසිය ඔන්න ඕකය.

Anonymous said...

ඇත්ත කණ්ඩුලට හැමදාමත් පෙනෙන්නේ මහින්දගේ වැරදි විතරය. ඒ සදහා විකල්පයක් ගෙන ආයුතු එජාපය පිස්සු කෙලින විට ඒවා ගැන කතා කරන්නේ නැත. ඇත්තටම මධ්‍යය තියෙන්නේ වැරදි කිය කිය ඉන්න විතරද? මේරටට නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් විපක්ෂයට නෑ කියලයි මම හිතන්නේ. ඇත්තටම කණ්ඩුලලා කරන්න ඕනේ දේශපාලන පමණක් නොව ආර්ථික සමාජ වෛද්‍ය වැනි මෙකී නොකී ක්ෂේත්‍ර වල අඩුපාඩු පෙන්වන අතරම ඒවාද විකල්ප, ආදර්ශ පෙන්වන එක. හැමදාම මෙහෙම ලියනකොය හිතෙන්නේ දේශපාලන වෛරය හා කුහක කමට ලියනවා මිසක් අප වෙනුවෙන් ලියනවා කියලා නෙමෙයි.

පළගැටියා

Anonymous said...

පලගෑටියො ඉස්සරොම තෙරුම්ගන්ඩ සි්හල නට්සිවාදය හා දෙශප්‍රෙමි රයිකය කියන එකෙ තෙරුම...
කන්ඩුල ලියන්නෙ එ ගෑන. ඔයා කියන මෙකි නොකි හෑමදෙම ලියන අය ඔය ඔනතරම් ඉන්නෙ.ඔයා හිත හදාගන්ඩ එව බලන්ඩ පලගටියො.

මකුලුවා.

hithuwakkaraya said...

සංවේදී නිව්යෝක් ගමන

අමු අමුවේ දොස් කිව්වා - වහසි බස් දොඩා බැන්නා
ආකරේදීමණ විපත් හදන රකුසෙක් බව පෙන්නූවා
එහෙව් රටින් උදව් එපා - බටහිර ගැති නැති යුගයක්
හදන වගක් අපට කියා උදම් රළ වගේ නැගුණා

රළ වෙරළට ඇවිත් හැපී - වැලි තල මත පෙණ නංගා
හෙමින් සීරුවේ ආයෙත් දියඹට බලා ඇදී ගියා
අපි දත්මිටි කන අතරේ - කණ කොක් කිරි සුද පෙන්නා
මෙහෙව් රටේ මැති ඇමතින් රජ බිසොවුන් නැව් නැංගා

කිරි පුස්සා වැට කැඩුවා - අනෝරා වැසි වැටී තෙමුණා
වක්කඩ අහලම ගැවසුන තිත්ත පැටවු ඔලොක්කුවට උඩ පැන්නා
කග ලෙලවා වැනූ සුරත ලිහී - දෙදණින් වැටුණා වාගේ
සුරපුර මැවුන බටහිර අහසේ - මුතු කැටය ක`දුළකින්වැහිලා

- හිතුවක්කාරයා

Anonymous said...

"යූ. ඇන්. පී කාරයින් ගැන ලේඛකයාගේ නිගමනය මෙපමණෙකි. මේ කවර හෝ හේතුවක් නිසා පරිණාමයට ලක් නොවූ වානර කණ්ඩායමකි. මුන්ට ඇත්තේ මානව හැසිරීම් නොව වානර හැසිරීම්ය."

Anonymous said...

Anonymous said...

මූන් දොස් කිව්ව නම් තොපි දායි, අන්න "මූන් මහින්දව දෙකට නමල ඇරිය" කියල. මහින්ද මූන් ව හම්බ වුනේ නැත්නම් දායි "මහින්ද බයට මූන් හම්බ වුනේ නෑ" කියල. තොපේ ඔලුවට මහින්ද ගහල. ඔක්කොම පේන්නේ හුලහට. තොපි වගේ කාලකන්ණි රැළක්!


හපොයි හප හපා හිටපු රටකජු ඇට ටිකත් එලියට පැන්න හිනාගිය පාරට