Sunday, September 26, 2010

තුන්කල් දැක්ම ප්‍රදර්ශණය, "ලස්සන නගරයක සිහිනය" ළමා චිත‍්‍ර නිර්මාණ තරඟය : විමල් වීරවංශ ඇමතිතුමාගේ "වේපර්වෙයාර්" සංවර්ධනය

"Vaporware" යන අලුත් ඉංග්‍රීසි පදයෙන් හඳුන්වන්නේ, ලොකු කතාකියලා, මාධ්‍යවලින් විශාල ප්‍රචාරණයන් සිදුකරලා, පාරිභෝගිකයින්ට විශාල බලාපොරොත්තු දිලා, ඊටපස්සේ වෙළඳපොලට නිකුත් නොවෙන පරිගණක, තාක්ශණික මෙවලම්, මෘදුකාංග වගේ වෙළඳ භාණ්ඩවලටයි.

මහරජ දෙටු පුරෝහිත වීරවංශ ඇමතිතුමා අධිතාක්ශණික මෙවලම් වලට සීමාවෙලා තිබුණු වේපර්වෙයා සංකල්පය දැන් මහජන ව්‍යාපෘති වලටත් ගෙනල්ල.එතුමාගේ අලුත්ම වේපර්වෙයාර් ව්‍යාපෘතිය පිලිබඳව එතුමාගේම සයිබර්-නිවුස් "වෙබ්ශයිඩ්" එකේ පලවුනේ මෙහෙමයි...
මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව ”ලස්සන නගරයක් අපි හැමෝටම” යන්නයි. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් අඩු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති වල පොදු පහසුකම් ඉහළ නැංවීම ”නගමු පුරවර” වැඩසටහනේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතියයි. කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතීන් 100 කට අධික ප‍්‍රමාණයක පහසුකම් නැංවීමේ ප‍්‍රජා ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කෙරෙමින් පවතී. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම අඩු පහසුකම් නිවාස ව්‍යාපෘති වල ජීවත් වන ළමුන් සඳහා ළමා චිත‍්‍ර තරඟයක් අද දින සංවිධානය කෙරුනේ මේ සියළු කටයුතු අතරතුරදීය.
ඉල්ලපු මුදල් වෙනුවට කොළඹ කානු හදන්න විතරක් සල්ලි හම්බුනු "නගමු පුරවර" ව්‍යාපෘතිය "වේපර්වෙයාර්" බවට පත්කලේ රජතුමාමයි. එතුමා ඒ වික්‍රමය කලේ විමල්ගේ කැබිනට් පේපර් එක කුණුබක්කියට දාලා, කුණුකානු ප්‍රොජෙක්ට් එකට විතරක් ඇපෲවල් දීමෙනුයි. ඒ අනුව "නගමු පුරවර" කොළඹ දුප්පත් අහිංසකයින්ගේ චන්ද බිලිබාගන්න විතරක් දුවවන එකක් බවට පත්කලේ මානව හිතවාදී, සංවේදී නායකයාමයි.

ලෝක ජනාවාස දිනයේ තේමාව වෙන ”ලස්සන නගරයක් අපි හැමෝටම” කියන ආදර්ශ පාඨය මූර්තිමත් කරන්න විමල් ඇමතිට ඇත්තටම  හැකියාවක් (වුවමනාව තිබේ යයි උපකල්පනය කලහොත්) තිබුණානම් කල යුතුව තිබුණේ කොළඹ දුප්පත් ලමයි බත්තරමුල්ලට ගෙන්නාගෙන චිත්‍ර අන්දවමින් රස්තියාදු කරවීම නොව, ඒ දුප්පත් දරුවනෙගේ පැල්පත් ටිකක් හරි ස්ථාවරකරගන්නට, ඒ ගෙවල් වැඩිදියුණු කරගන්නට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නෙමෙයිද?

"කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතීන් 100 කට අධික ප‍්‍රමාණයක පහසුකම් නැංවීමේ ප‍්‍රජා ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කෙරෙමින් පවතී"   කියන බොරුවට මුවාවෙමින් මේ කරන්නේ තවත් දේශපාලන වාශ්ප සෙල්ලමක් නොවේද?

තර්කයට අනුව ඔය කියන විධියටම "පහසුකම් නැංවීමේ ප‍්‍රජා ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කෙරෙමින් පවතී.." නම්, චිත්‍ර අන්දවනවාට වඩා ඔය එක ව්‍යාපෘතියක් හරි වැඩ ඉවරකරලා විවෘත කෙරුවානම් විමල් ඇමතිතුමාට මීට වඩා ජනප්‍රසාදයක් නොළැබෙන්නේද?

ඇයි එහෙම නොකරන්නේ? ලෝක ජනාවාස දිනය මේ මාසේ බව දැන ගත්තේ ගිය සතියෙද? ඇයි අඩුම ගණනේ බාගෙට වැඩ කෙරීගෙන යන එකක වැඩ ඉවරවෙලා ජනතා අයිතිය පවරනවා වගේ විජ්ජාවක් වත් බැරි වුනේ? කරදියවර වගේ හොඳ උදාහරණ තියෙද්දිත් විමල් එහෙම වැඩක් නොකලේ එතුමා "honesty, integrity" වගේ බර සංකල්ප හදිසියේ ඔලුවටම අරගෙන ඉන්න නිසාවත්ද?

කණගාටුදායක සත්‍යය වන්නේ නියම ව්‍යාපෘති වලට මුදල් නැති නිසා ලැබුන සොච්චමෙන් "වාශ්ප ව්‍යාපෘති" සෙල්ලම් දමමින් කල්මරමින්, නොවැම්බරයේදී ඒරාශ්ඨකය අවසන්වේවා යයි දෙවියන් යදිමින් කොහොම හරි පත්තරවල මූන දමාගෙන දේශපාලන දිවි ගැටගසාගැනීමක නිරතවනවා කියන එක නොවේද? අසරණ වීරවංශ වෙන මොනවා කරන්න?

විකුණන්නට බඩු නැති තාක්ශණික සමාගම්, ඩ්‍රොයින්-බෝඩ් එකේවත් නැති, ඉන්ජිනේරුවන්ගේ ඔලුගෙඩි ඇතුලේ විතරක් තියෙන වේපර්වෙයාර්, හෙට අනිද්දා දොරට වැඩැම්මෙන විශ්වකර්ම මෙවලම් බව පෙන්වමින් බොරු වපුරනවා වගේ වගේ විමල්ටත් වෙලා තියෙන්නේ වැඩ කරන්න සල්ලි නැති නිසා වැඩ කරනවා වගේ පෙන්න පෙන්න සංදර්ශණ කරන එක විතරයි.

6 comments:

Anonymous said...

පව්. ඉස්සර කොහොම හිටපු කොල්ලෙක්ද?

Anonymous said...

අනෙ අම්මාපා මෙ උරු වන්සයා නිගන්ටයෙක්ද හෑබෑට ඈ...
එයා උපවාස කරද්දි නොනයි දුවයි විතරනෙ ආවෙ ලෙඩා බලන්ඩ.(එතකොට පුතා ආවෙ නෑත්තෙ ඈයී)තාත්තා එක්ක තරහ වෙලාවත්ද උපවාස කරනවට. නෑ..නෑ...නෑ...එයා එන්ගලන්තෙ යවල උගන්නන්ඩ.
මෙ අර සුද්දන්ට පර සුද්දො කියන මහත්තයාද මෙ හෑබෑටම.
තාමත් අපෙ හරක් මු කෙලින පච විස්වාස කරන එකනෙ පුදුමෙ.

Anonymous said...

සුදු කොඩි කතාව කිව්වේ නෑ කියනවනම් මොකද උඹලගෙ පාහර ෆොන්සේකා අසනීපයි කිය කියා උසාවිය මඟහරින්නේ? ද්‍රොහියා සල්ලි වලට රට පාව දුන්නු බව දැන්වත් පිලිගනිල්ලා...

Anonymous said...

එතකොට රටෙ විරොදාර සෙබලු ෆොන්සෙක..සියබලා ගෙනාවෙ නෑ! එතකොට යුද්ද කරෙ තොපෙ මහ එකාද ඈනියො.පල යන්ඩ.

Anonymous said...

ෆොන්සේකා කරපු රෙද්දක් නෑ.. යුද්ද කලෙ ශවේන්ද්‍ර සිල්වලා, ප්‍රසන්න සිල්වලා, ජගත් ඩයස්ලා...පොන්නසේකයා කොලඹට වෙලා ඉදලා ෂෆාන් ඒකේ එක දා ගත්තා විතරයි....

Anonymous said...

කන්ඩුල මොකද පොස්ට් දාන්නෙ නෑත්තෙ...
උබව චුත කලාවත්ද?...
යහතින් ඉන්නවනම් කොමන්ට් එකක් වත් දාපන්.