Friday, September 3, 2010

ලක්ශ්මන්, අර්ල්, රංගේ, මනූශ : ඔබට සුබ අනාගතයක්

පෘතග්ජනයින් වන ඔබට සදාකාලිකව පරාජය වන නායකත්වයක් සමග සැමදා අතින් කයිට් කරගනිමින් දේශපාලනය කිරීමට බැරි බව අපි දනිමු. අනෙක් අතට "If you can't beat em', join em' - ඔවුන් පරද්දන්න බැරිනම් ඔවුන්ට එකතුවෙන්න" යනුවෙන් වටිනා උපදේශයක්ද ඇති බව ඔබ සැමට මතක් වන්නට ඇත.

දැන් ඔබ මේ තනන්නේ ලක්මව හා ඇයගේ දරුවන් කාළකණ්නි ඒකාධිපතිත්වයක් කරා ගෙනියන්නටය. මේ ඔබ කඹුරන්නට, ඔසවා තබන්නට, රජකරවන්නට යන පාලකයින්හට මේ කපේදී ලී ක්වාන් යූලා, මහතීර්ලා වන්නට බැරි බව පරාජයෙන් හෙම්බත්වී, ධනයට, බලයට ඇති සාපිපාසාව නිසා නුඹලාට අමතක වී ඇත.

යන්න, ගිහින් 8වැනිදාට අත් ඔසවා 18ට චන්දය දෙන්න. ඒ දෙන චන්දයත් සමග නුඹලාගේ ඒරාශ්ඨකය අවසන්වී රන් රුවන් ඉල්ලම් පෑදෙනු ඇත. එහෙත් මතක තබාගන්න, ඔය පෑදෙන රන් රුවන් ඉල්ලම් මේ රටේ අහිංසකයින්ගේ ධනය බවට. අන්සතු ධනය කොල්ලකන්නන්හට කිසිදා සැනසීමක් නැත. එමෙන්ම නුඹලාට චන්දය දුන් පාක්ශිකයින්ද නුඹලාට සාපකරනු ඇත.ගත් තීරණය සාධාරණීකරනය කරන්නට නුඹලා දහසක් හේතු පවසනු ඇත. එහෙත් ඒ හේතු කිසිවකින් ඔබ ඒ කල අපරාධය සාධාරණීකරණය කල නොහැකිය.කවදා හෝ නුඹලාට සපාකන්නේද නුඹලා ඔය දෑත් ඔසවා රජකරවන්නා විසින්මය. එවිට ප්‍රමාද වැඩිය.

තාවකාලිකව වැජඹෙන්න.ඔබට සුබ අනාගතයක්

8 comments:

Anonymous said...

කණ්ඩුල
සිංහල මිනිස්සු ඉන්නවා නෙද, දවස් පහලවයි දෙයක් මතක හිටින්නෙ. මුන්ට බට්ටියි, පබා අස්සෙන් නියමෙට දෙශප්‍රෙමය රිංගවලා තියන්නෙ. නාටකයෙ අපෙ චරිත ටික රඟපාලා ඉවරයි, වැඩි දෙනෙක් නියමෙට රැඟුවා නියමෙට, පහුගිය අවුරුදු 60 ක හැත්තැවක තිස්සෙ කස්ටිය නියමෙට රඟලා තියනවා. දැන් තියන්නෙ නාටකයෙ සුපිරිම හරිය, බලමු හැමතැනම රජවරුන්ව මාලිඟාවලින් ගහලා පන්නද්දි අපෙ උන් දෙශප්‍රෙමය කියන ගංජාවලින් මත්වෙලා රජවරුන්ව ඇති කරන්න හදනවා. මිනිස්සු මොඩයි කියලා අහලා තියනවා, නමුත් මෙච්චර මිනිස්සු තොගයක්,

Anonymous said...

Hitha ridila wage neda?
Hic hic

Anonymous said...

Mamath UNP tamai. Eth hamadetama against wena political path eka dan ratata galapenne na.

Kawadawath natuwa ape gam diyunu wenawa. Me welawe ape Manusha wage aya karana wade hari

Anonymous said...

අඩේ ඇඟ හී ගඩු පිපෙනවා, ලියපුවා දැක්ක ම. 2005 සමහරු ඔය ටික ලීවා. 2009 අර බියෝන්ඩ් ෆ්‍රේම්කාරයා කීවා මහින්ද දිනාගෙන එද්දි අදින් පස්සේ අපි ආයේ දකින්න ‍නොලැබෙයි කියලා. මෙන්න මුනිහා ටික දවසකින් ආයේ ලියනවා. මේ පාර නම් රට ඉවරෙට ම ඉවර වෙයිද අයියේ? ඔයාට හොඳට ම ෂුවර්ද? රනිල් පල්ලා ෂූවර් ද? මංගල පල්ලා ෂූවර් ද?

Anonymous said...

දනමන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
(අදින්නපුබ්බක) කපටි රජානෝ
බෝසත්දම් පුරතී......"
ගුණදාස කපුගේ ගැයූ ගීතයක්

නරිබෑනා said...

1,2,3 Anonලාට,
කවදා හෝ නුඹලාට සපාකන්නේද නුඹලා ඔය දෑත් ඔසවා රජකරවන්නා විසින්මය. එවිට ප්‍රමාද වැඩිය.

තාවකාලිකව වැජඹෙන්න.ඔබට සුබ අනාගතයක්

Anonymous said...

ඉදිරි ඡන්දයෙදී බලමු.

Anonymous said...

ඔබත් දැන් දෙශප්‍රෙමියෝය