Saturday, June 26, 2010

සිංහල නට්සි රයිකය

Reich (රයික්) යනු ජර්මානුවන් සිය රාජ්‍යය සඳහා අතීතයේ යොදාගත් නාමයයි. රයික් යන්න සරල ලෙස රාජ්‍යය හෝ අධිරාජ්‍යය ලෙසද පරිවර්තනය කරගත හැක.

ජර්මන් පාර්මේන්තුවට ගිනිතබා, ප්‍රජාතන්ත්‍රවාදය විනාශකොට බලය අල්වාගත් නාසි පාලකයින් සිය රාජ්‍යබලය සුජාතකරගැනීම සඳහා නාසි ජර්මන් පාලනයට රයික් යන්න ආදේශකර ගත්තේය. ඒ අනුව ඔවුන් නට්සි පාලනය තුන්වන රයිකය (Third Reich) ලෙස නම්කොට ගත්තේය.  

සිය පාලනයට රයික් යන යෙදුම යොදාගැනීම නිසා නාසි පාලනයට රාජකීය තත්වයක් (royalty) ආරුඩකරගත හැකිවුන අතර නට්සීන් සිය අඥාදායක ෆියුරර් වරයා රාජකීය තත්වයට ඔසවාතබන්නට හැකිවිය.

අපේ රයිකය 

රාජපක්ශ ජනපතිවරයා බලයට පත්වුනු මොහොතේ පටන්ම ඔහුව රජාට ඇන්දවීමට බොහෝ පිරිස්, විශේෂයෙන්ම ඔහුගෙන් යැපෙන වන්දිභට්ටයින් හා දුටුගැමුණු යුගයක් ඇතිකරගැනීමට සිහින මවමින් සිටි හෙළ උරුම පුරාවිද්‍යා චක්‍රවර්තිලා උත්සහගත්හ. 


"කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නෙ, දැන්නම් අපිටත් රජෙක් ඉන්නේ" යනුවෙන් නිවට කතා කියමින්, "මහ රජාණෙනී.." යනුවෙන් සිංදු ලියවාගෙන ගැටිස්සියන් ලව්වා ගායනාකරවමින් සිය නිදහස පමණක් නොව රටේ සියලු ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් පුද්ගලයෙකුට හා පවුලකට පාවාදීමට දතකන මේ කපටින් හා නිවටයින් නිසා අද අපේම කියා සිංහල බෞද්ධ (නියමාකාරයෙන් නම් සිංහල නාසී)  රයිකයක් බිහිවෙමින් පවතී.

අවුරුදු දහසේ රයිකය හා ඕනෑතරමක් ජනපති වීමේ ව්‍යවස්ථා සංශෝධනය 

පලමුවැනි ඔටෝ (Otto I, Holy Roman Emperor) ලෙස 962 වසරේ රෝමයේදී කිරුලුපලන් ජර්මන් රාජකීයයා පලමුවැනි රයිකයේ නිර්මාතෘවරයා වුනු අතර අති දක්ශ ජර්මන් යුධ සෙනෙවියෙකු වුනු බිස්මාර්ක් ගොඩනැගූ ජර්මන් අධිරාජ්‍යය (1888-1918) දෙවන රයිකයයි.

උපතින් ඔස්ට්‍රියානුවෙනු වුනු ඇඩෝල්ෆ් හිට්ලර් නම් ජර්මන් යුධහමුදාවේ හිටපු කෝප්‍රල්වරයා තුන්වෙනි රයිකයේ නිර්මාතෲවරයාය.


හිට්ලර් සිය තුන්වන රයිකය ජනතාවට හඳුන්වාදෙමින් කියාසිටියේ "අප ලෙයින් හා යකඩින් ගොඩනගන මේ තුන්වන රයිකය වසර දහසක් විරාජමාන වන සහශ්‍ර රයිකයක් වනු ඇති..." බවයි.

ජර්මනියේ අසහාය ආඥාදායකයා වුනු හිට්ලර්ට අවශ්‍යවූයේ අත්ලාන්තික් සාගරයේ සිට රුසියාවේ යූරල් කඳුවැටිය හා ස්ටෙප්ස් තණබිම් හරහා ඇලස්කාව අසල බේරිං සමුද්‍ර සංධිය වනතෙක් පැතිරුණු මහා ජර්මන් රයිකයේ ආඥාදායකයා ලෙස දිවි ඇතිතුරා අධිරාජ‍යයෙකු ලෙස විරාජමාන වී තවත් දක්ශ නට්සියෙකුට බලය පවරා එලොව යාමටයි.

සිය දිවි නසාගන්නට මොහොතකට පෙර සිය අනියම් බිරිඳවූ ඊවා බ්‍රෝන් විවාහකරගත් නිසා හිට්ලර්ට දරුවන් නොසිටියේය. එහෙයින් ඔහුගේ වෑයම වුනේ දරුවන් රජකිරීම නොව ජර්මන් ජාතිය නරකින්ම රාජකීය ජාතිය බවට පත්කිරීමයි.


අපේ රජතුමාත් කිලිනොච්චි විජයග්‍රහණයෙන් හා කොම්පියුටර් ජිල්මාට් ජයග්‍රහණයෙන් පසුව ඔහුගේම රයිකයක් නිර්මාණය කරමින් සිටින බව පෙනේ.

විපක්ශය නැති බංගස්ථාන කරමින් (මුදලට ගෙන, කොටවා හෝ සිරගතකොට ) සියලු විරුද්ධවාදීන් ජාතිද්‍රෝහීන් ලෙස හඳුවමින්, බුදු දහම විකෘතිකරන බෞද්ධ තලේබාන්ලාගේ ආශීර්වාද ලබමින්, වැඩිහරියක් මාධ්‍යවේදීන් අරලියගහ ෆියුරර්-බන්කරයේදී ගල් අරක්කු වීදුරුවකට හා කුකුල් කට්ටකට අවනත කරගෙන මේ යන්නේ රයිකයක් තනන්නට බව මොලය භාවිතාකිරීමේ පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැක.

ඕනෑතරමක් අණපති පට්ටමට තරඟ කිරීමේ හැකියාව සිංහල නාසි න‍යාචාර්‍යවරුන්, බෞද්ධ තලේබාන් චීවරධාරීන් හා බලු ගැත්තන් (එනම් ඇමතිවරුන්, මංත්‍රීවරුන් හා හැටහුටාමාරක් උපදේශකයින් හා සංබන්ධීකරණ ලේකම් වරුන්) හරහා සාධාරණීකරණය කරමින් සිටින්නේ හිට්ලර් කලාක් මෙන්ම පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් යන තත්වයෙනුත් පහලට ඇද දමා පලාත්සභාවකටත් වඩා අඩු වැදගත් කමක් ඇති තැනකට ඇද දැමීමටයි.

පාර්ලිමේතුව හරහා හොඳින් හෝ නරකින් අනේක වාරයක් ජනපති පට්ටමට තරඟකිරීමේ අවස්ථාවල කෙසේහෝ ලබාගන්නා අපේ ෆියුරර් ගේ ඊලඟ ඉලක්කය වන්නේ සදාකාලිකව ජයග්‍රහණය කිරීමයි.

ඒ සඳහා දැනටමත් සෙන්පති ෆොන්සේකා දඟගේ දමා ඇති අතර යූ ඇන් පීයේ හම්බන්තොට තරුණ අශවයා පක්ශ රැස්වීම් වලට ෆියුරර් කාර්යාලයෙන් පිනටදුන් කාර් වලින් එන තරමට සිය පාලනයට නතුකරගෙන ඇත (හෝ එවැන්නක් වී ඇති බවට ඇස්බැන්දුම් පෙන්වා තරුණ අශ්වයාගේ නායක පට්ටම ලබාගැනීමේ හැකියාව අවම කරමින් සිටී )

රනිල සිටින තාක් no-game විපක්ස නායකතුමා වන නිසා, රනිල්ගේ නායකත්ව සටනට ෆියුරර් උරදෙන අතර රනිල් ජයාග්‍රහකයා බව දැනුනු මොහොතේ සිටි නැවතත් දේශද්‍රෝහී ලේබලය අලවනු ඇත. 


රනිල්ගේ සෙක්ස් ලයිෆ් එක ඇඳ යට සිටියාක් මෙන් ලියන ටැබූ ගේ බ්ලොග් මනෝමයන් (ඔහුම කියන අන්දමට ඔහු කතන්දර කාරයෙකි ) රූපවාහිනි මහගෙවල් වල හා ජාතික කේශනාලිකාවල වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ සාකච්චා වන්නටත් ඉඩ තිබේ. 

එවිට රනිල කපෝති වෙන අතර අලියා කතිරයෙන් පාර්ලිමේන්තු පැනගත් අය ෆියුරර්ගේ දෑත ශක්තිමත් කිරීමට පෝලිමේ යාමත් සමග යූ ඇන් පීය බෝඩ් ලෑල්ලක් වනු නොඅනුමානය.

මේ උපක්‍රම වලින්, ෆියුරර් තුමා ඉදිරියේ එන සෑම ජනමත විමසුමක්ම තමා තනිවම දුවන රේස් එකක් බවට හරවාගනු ඇත.

එවිට රාජපක්ශ රෙජිමය සැබෑ ලෙසම සරම අඳින, බුලත් කන, අමෙරිකන් ග්‍රීන් කාඩ් හිමියන් මෙහෙයවන ආරිය සිංහල රයිකය වනු ඇති අතර පංසල්වල වාසය නොකොට, වාසු සමනය කල අසපුවල රතිවතියන් සමග නිවනට මග සොයන තලේබාන් ගණින්නාන්සේලා කුරහන් වර්ණ සිවුරු පිරිකර හැඳගෙන සාධුකාර දෙනු ඇත. 


ඔස්ට්‍රේලියන් පී.ආර් ඇති ෆොලිස්පතිලා සිය ගෝලබාලයෝ සමග මුහුදු වෙරළවල්වල වැටකෙයියා පඳුරු පීරමින් අසංවරව හැසිරෙන ජෝඩු සොයමින්, ඉරිදාට ටියුසන් දෙන මාස්ටර්ලා අල්ලමින් කල් ගත කරනු ඇති අතර කුඩා දුටුගැමුණුගේ ගෝලයින් කිරිබත්ගොඩ පොලේ තිතට මත විකුණනු ඇත. 

2 comments:

charmi said...

කදිමයි.

SL said...

"කොම්පියුටර් ජිල්මාට්"

Still find it hard to accept the defeat?