Thursday, June 24, 2010

දේශප්‍රේමී රයිකයේ ගොබෙල්ස් සොයාගැනීම

ආචාරිය ගොබෙල්ස් හඳුනාගනිමු

18වැනි සියවසේ රොමෑන්තික නාට්‍ය පිලිබඳව ආචාර්ය උපාධි නිබන්ධනය ලියූ ගොබෙල්ස් 1921 හිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගත්තේය. ලේඛකයෙකු හා නාට්‍ය අත්පිටපත් ලියන්නෙකු ලෙස ස්ථාවරවීමට ඉමහත් උත්සහයක් දැරූ ගොබෙල්ස්ගේ පොත් හා නාට්‍ය එකල ග්‍රන්ථ ප්‍රකාශකයින් හා නාට්‍ය නිශ්පාදකයින් විසින් ප්‍රතික්ශේප කිරීම නිසා  ජර්මානු කලා සංස්ථාපනය පිළිබඳ වෛරයකින් පෙලුනු ගොබෙල්ස් නාසි පක්ශය වෙත ඇදීගිය අතර කෙටිකළකින් එහි ඉහලටම නැගුනේ ඔහු දක්ශ කථිකයෙකු හා ප්‍රචාරකයෙකු ලෙස හිට්ලර්ගේ සිත දිනාගත් බැවිනි. 1933දී හිට්ලර් සමග ජර්මානු පාලන තන්ත්‍රයට ඇතුලුවුනු ගොබෙල්ස් නාසි ජර්මන් රජයේ ප්‍රචාරණය භාර ඇමතිවරයා (Reich Minister for Propaganda-රයික් මිනිස්ටර් ෆෝ ප්‍රොපගැන්ඩා) ලෙස පත්විය. මෙය අපේ නාසි රෙජිමයේ ජනමාධ්‍ය ඇමතිපට්ටමට වඩා බොහෝසෙයින් බලගතු පදවියකි.

රයික් මිනිස්ටර් ගොබෙල්ස්ගේ පලමුවැනි වැදගත් රාජකාරිය වූයේ නට්සීන් ප්‍රතික්ශේප කරන පොත්පත් හා නාට්‍ය පිටපත් ගිනිබත් කිරීමයි. මේ ගිනි පූජාව ජර්මනිය පුරාම ගොබෙල්ස්ගේ මග පෙන්වීමෙන් සිදුවිය. ගොබෙල්ස්ගේ දෙවැනි රාජකාරිය වුනේ නාසි ජර්මනියේ සියලුම ජනමාධ්‍ය, සිනමාව, නාට්‍ය නිශ්පාදනය, පොත්පත් මුද්‍රණය හා සිනමා කර්මාන්තය යනාදියේ පූර්ණ පාලනය සියතට ගැනීමයි. මේ තුලින් ජර්මන් ජනයා නාසි චින්තනයෙන් මුසපත් කොට ඔවුන්ගේ මොල සෝදා යුදෙව්වන් සමූළඝාතනය කලයුතුය, ජර්මනියේඔ බොහෝ ගැටලුවලට මුල යුදෙව්වන්ය යන හිට්ලර්ගේ මතය ජනතාව තුලට කාවැද්දීමට කටයුතු කලේය.

'මහා බොරුව ප්‍රචාරණ මූළධර්මය' - ගොබෙල්ස් නාසි ජර්මන් ප්‍රචාරණය සඳහා හඳුන්වාදුන් වැදගත්ම ප්‍රචාරණ මූළධර්මය වන්නේ 'මහා බොරුව ප්‍රචාරණ මූළධර්මය' හෙවත් බිග් ලයි ප්‍රොපගැන්ඩා ටෙක්නීක් (big lie propaganda technique)යන්නයි. බිග් ලයි ප්‍රචාරණ මූළධර්මයේ ප්‍රධාන ලක්ශණ පහත දැක්වේ;

1] බොරුව ඇදහිය නොහැකි තරමටම විශාලවන තරමට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. එයට හේතුව මෙවැනි විශාල බොරුවක් ප්‍රචලිත කිරීමට කිසිවෙකුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයයි මිනිසුන් විස්වාසකිරීමට පෙළබීමයි.

උදාහරණ : ජෙනරාලගේ ජනපති ඝාතන කුමන්තරණ, ජෙනරාලගේ හමුදා කුමන්ත්‍රණය යන ඒවා බිග් ලයි හෙවත් විශාල ගණයේ බොරු ලෙස සැලකිය හැකිය. මේවා තදබල චෝදනා වන හෙයින, මොකක් හෝ ඇත්තක් මත මේ චෝදනා ගොඩනැගී ඇතැයි මිනිසුන් විස්වාස කරයි. එනම් මහම බොරු ඇත්ත කරවීම පහසුය.

එයට විසංසන්දනයක් ලෙස ජෙනරාල් හමුදා ටෙන්ඩර් වලින් මුදල් ගැරීම කුඩා බොරුවකි. හිටපු හැම හමුදාපතියාටම එල්ලවුනු චෝදනාවක් බැවින් බොරුවක් වුනත් ඒවැනි සාමාන්‍ය බොරු, එනම් ජනතාවට ඇත්ත යයි පිලිගැන්නවීම අපහසු මෙන්ම, එවැනි චෝදනා මගින් කලහැකි බලපෑමද ඉතා අඩුය. මේ අනුව ගොබෙල්ස් බොහෝවිට පට්ටපල් බොරු ඇත්ත ලෙස මවාපාමින් නාසිවාදය හා හිට්ලර්වාදය ප්‍රචලිත කිරීමේ නිරතවුනු අතර එම ව්‍යායාම ඉතා සාර්ථක විය.

තව උදාහරණයක් නම් කොම්පියුටර් ජිල්මාට් වලින් චන්දය දිනුවා යන්නයි. මෙය බොරුවක්ද ඇත්තක්ද යන්න ගැනවත් විස්වාසයක් නැත. එහෙත් බොරුවක් නම් එය මහාබොරුවකි, ඒත් සෝමවංශ මහතා කළ ඒ චෝදනාව අතිබහුතරයක් රාජ්‍යවිරෝධී ජනතාව පිළිගැනීමට සූදානම්ය. ඇයිද යත් 'මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනෙ, නැත්නම් මුළු රටම ජෙනරාල්ට තියෙද්දී ලොක්කා කොහොමද දිනුවේ?' යන ගැටළුව පැනනගින බැවිනි. රාජපක්ශගේ වාසනාවට (ජෙනරාල්ගේ අවාසනාවට ) රන්න පොනිල් විපස්ස නායකයාට කිසිම දෙයක උවමනාවක් නැති කරුමය වාසියට හිටියේය. නැත්නම් ඒ මහා බොරුවෙන් රටම ගිනියම් කොට රාජපක්ස නාසිවාදයට මහත් බලපෑමක් කොට මහචන්දයේදී චන්ද අඩුකිරීමේ (පැරදවීමේ නොව දිනුම අඩු කිරීමේ) අවස්ථාවක් තිබුණි.

2]මහා බොරුව ඇත්ත කිරීමට කළයුත්තේ එය බොහෝවාරයක් පුනරුච්චාරණය කිරීම හා සමාජයේ පිලිගත්තවුන් ලවා එය විවිධ ආකාරයෙන් ප්‍රචාරනය කරවීමයි. රාජ්‍ය මාධ්‍ය, ආණ්ඩුවේ කුළී පෞද්ගලික මාධ්‍ය හා හාමුදුරුවරු, කළාකරුවන් හා විවිධ විද්වතුන් යයි පිලිගන්නා මිනිසුන් ලව්වා ආණ්ඩුව කරන්නේ මෙයම නොවේද? විපක්සය නොකරන්නේත් මෙයම නොවේද? විපක්සයට සහයට ප්‍රසිද්ද ප්‍රකාසයක් කිරීමට එක හාමුදුරුනමක් හොයාගන්න ලංකාවේ ලොකුම හා පැරණිම දේශපාලන පක්ශයට අද හැකියාවක් තිබේද?

සිංහල නාසි රයිකයේ ගොබෙල්ස්?

ගොබෙල්ස් පිලිබඳ ඉහත විස්තරය කියවන ඔබට ලංකාවේත් ගොබෙල්ස් න්‍යායන් ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය. එහෙත් කවුද රාජපක්ස ෆියුරර්තුමාගේ රයිකයේ (රාජාණ්ඩුවේ) ගොබෙල්ස්? අපි රාජපක්ස රයිඋකයේ කසකරුවන් එකින් එක ගෙන බලමු.

*] විමල් වීරවංශ?

ගොබෙල්ස් මෙන්ම තර්කාණුකූලව දක්ශලෙස ජන වින්ඥානයට කාවැදිය හැකි ලෙස ජනතාව ඇමතීමේ සහජ දක්ශතාවයකින් යුතුය. කොන්දේසි විරහිතව රාජපක්ස ෆියුරර්තුමාගේ සියලු අඥාන ක්‍රියා සාධරණීකරණය කරයි. ගොබෙල්ස්ගේ පොත් ගිණිතැබීම්, සියලු ගැටලුවලට මුල යුදෙව්වන්ය, ජර්මන් ජාතිය විනාසක්මිරීමට විදේශීය බලවේග කැස කසකවයි යන තර්ක ඉතා හොඳින් භාවිතා කරයි.

එහෙත්;

ආචාර්ය ගොබෙල්ස් මෙන් නොව විමල් ග්‍රාමීය, පහල ප්‍රමාණයේ උගත්කමකින් යුතුය. රටේ ඉතිහාසය, ලෝක ඉතිහාසය මෙන්ම විද්‍යා කළා ආදිය පිළිබඳ උසස්පෙල සමතෙකුට වඩා දැනුමක් නැතිබව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද පෙන්වා ඇත. ගොබෙල්ස් ට මෙන් සියලු මාධ්‍ය හා කලාවන් හැසිරවීමේ හැකියාවක් නැත. (ලන්කා සයිබර් නිවුස් වෙබ් පඩංගුව හැරුණුකොට). උදර පෝශණය අංක 1හි ලා සලකයි.

විමල් ජනපතිටත් වඩා ගෑණිට බයය. ගොබෙල් එලිපිටම පරස්ත්‍රී සේවනයේ යෙදුනේය. ඒ සම්බධයෙන් හිට්ලර් දුන් අවවාද පවා පිළිනොගැනීමට කොන්දක් තිබුනේය. විමල්ට නැත්තේද කොන්දක්මය. මොළයේ අඩුවද තදින් බලපායි.

ජර්මානුවන්හට ගොබෙල්ස් මෙන් නොව බොහෝ ශ්‍රී ලාංකිකයින්හට, රාජපක්ශගේ ඇමතිවරුන්හට පවා (අන්ධ රාජපක්ශවාදීන් හැරුනකොට) විමල් වීරවංශ පල් මෝඩයෙකි, කාඩ් බෝඩ් වීරයෙකි, ආත්ම වංචනික වාචාලයෙකි. මහින්ද රාජපක්ශ පවා වීරවංශට සලකණුයේ නැතුවබැරි කුණුගොඩක් (necessary evil) ලෙසට බව ඇමතිපට්ටම් බෙදීමේදී පැහැදිලිවිය.

*] හෙළ උරුම ගිහියන්/පැවිද්දන්

උගත්කමින් වීරවංශට වඩා වැඩිය. ලෝකය ගැන, රාජ්‍යතන්ත්‍රය ගැන ලෝක දේශපාලන යථාර්තයන් ගැන යම් පරිණත දැනුමක් ඇතිබව වීරවංශ උපවාස කරද්දී මොවුන් හැසිරුණු ආකාරයෙන් පෙනේ.

එහෙත්,

ගොබෙල්ස් සතුවුනු සියළු මාධ්‍ය/කලා ප්‍රචාරණය පිලිබඳ පාලන බලයෙන් අබැටක් වත් මොවුන්ට නැත. රාජපක්ශගේ අනුග්‍රහය නැතිවුනහොත් මොවුන්ට යටඇඳුම / අඳනකඩය පවා අහිමිව උපන් ඇඳුමෙන් දුවන්නට වනු ඇත.

*]බැසිල්, ඩලස් කෙහෙලියාදීන්

මොවුන්ටද ගොබෙල් සතුවුනු වාග් චාතුර්‍යය, උගත් බව සාහිත්‍යකළාදියේ දැනුම හෝ ප්‍රචාරණය හා මාධ්‍ය මෙහෙයවීමේ බලය නැත.

එහෙනම් කවුද රාජපක්ස නාසි රයිකයේ ගොබෙල්ස්?

ඇත්තටම කියනවානම් මට පෙනෙන ආකාරයට ගොබෙල්ස් කෙනෙක් නැත, ගොබෙල්ස් න්‍යායන් ක්‍රියාත්මක කරන උදරපෝශකයින් (පරපෝශිතයින්) රොත්තක් පමණක් සිටී. මේ රොත්ත රාජපක්ශ සතු සියල්ල පාලණයකිරීමේ හැකියාව උපයෝගීකරගනිමින් රාජපක්ශව පුම්බන අතරම හොඳින් බඩකටද පුරවාගනිමින් පරම්පරා කිහිපයකට සරි කරගනිති. එහෙත් මුන් ගොබෙල්ස් හට ඉටිපන්දමක් හෝ ඇල්විය නොහැකි මාධ්‍ය ගණිකාවන් රැලක් පමණි. නිවට විපක්ශය නිසාම මුන් යහතින් සිටී. මොළේතියන වැඩකාරයෙකු මෙහෙයවන විපක්ශයක් තිබුණේනම් මුන්ට ගහලා පන්නන්නේ රාජපක්සමය. ඒ මුන් රාජපක්සව එතරම්ම අමාරුවේ දමන බැවිනි.

No comments: