Friday, June 25, 2010

නට්සි ජර්මන් ෆියුරර් හා ආඩම්බරකාර තාත්තා.

නාසි ජර්මානුවන් සිය නායකයා හැඳින්වූයේ ෆියුරර්  (Führer) යන යෙදුමිනි. ෆියුරර් යනු ජර්මන් බසින් නායකයා, මග පෙන්වන්නා නැතහොත් පියා (තාත්තා) යන්නයි.

නට්සි ජර්මානුවන් සිය රාජ්‍ය නායකයා වුනු ඇඩෝල්ෆ් හිට්ලර් ෆියුරර් හෙවත් ජාතියේ තාත්තා ලෙස හැඳින්වූ අතර ජර්මන් රාජ්‍යය හැඳින්වූයේ ෆාදර්ලෑන්ඩ් හෙවත් පීතෘභූමිය ලෙසය.

මේ අනුව නට්සි ජර්මන් පීතෘභූමියේ ආඩම්බරකාර තාත්තා වූයේ ඇඩෝල්ෆ් හිට්ලර්ය.

මේ විස්තරය කියවන ඔබට, අපටත් ආඩම්බරකාර තාත්තෙක් සිටිනා බව මතක්වෙනු ඇත. මේ තාත්තාට ජාතිය නිදහස් කරගත් සදාදරණීය නායකයා, නිවට බවට පත්වී, ලොව බටහිර බලවතුන්ගේ දෙපා ලෙවකමින් සිටි ජාතිය කකුල්දෙකෙන් නැකිට්ටුවා හිටැවූ දේශප්‍රේමී නායකයා ලෙසද හඳුන්වනු ලබයි.

ඒ නිසාම අපේ මේ නායකයාට විරුද්ධවෙන අය බටහිරගැති, කොටි හිතවාදී කුමණ්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසෙන අතර ඔවුන් විනාශ කිරීම ජාතියට කරන සේවයක් ලෙසද සැලකේ.

පුදුමසහගත ලෙස නට්සීන් සිය නායකයා වුනු ඇඩෝල්ෆ් හිට්ලර් ෆියුරර් තුමාව හැඳින්වූයේ ජර්මන් ජාතිය දෙපයින් නැගිට්ටවූ සදාදරණීය නායකයා ලෙසටයි.

පලමුවැනි ලෝක යුද්ධයෙන් පැරදුනු ජර්මනියේ යුධවැදීම නිසා විනාශවුනු සිය රටවල් වලට ජර්මනිය වන්දිගෙවියයුතු බවට තීර්ණය වුනු අතර යුද්ධයෙන් පැරදී විනාශ වුනු ජර්මනියට හුස්මක් ගැනීමටවත් ඉඩ නොදී කෝටි ප්‍රකෝටි ගණනින් මහත්වූ වන්දියක් ගෙවීමට බලකරන ලද්දේ යුධ ජයග්‍රහකයින් වුනු ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය වැනි රටවලුයි.

මේ නිසා ජර්මන් පුරවැසියන් හාමතේ සිටිද්දී කෝටිගණනින්  ධනය පිටරටවල ඇදීගිය අතර වන්දි ගෙවා ගත නොහැකිවුනු විට ප්‍රංශය වැනි රටවල් ජර්මනියට කඩා වැදී ජර්මනියේ කාර්මික නිශ්පාදනයේ හදවත බඳුවුනු රූර් නිම්නයේ කර්මාන්තශාලා පවා ගලවාගෙන තම රටවලට ගෙනගියා.

මේ අවමානය ජර්මානුවන් මහත්වූ ක්‍රෝධයෙන්, එහෙත් කරකියාගත දෙයක් නොමැතිව බලාසිටි අතර ඇඩෝල්ෆ් හිට්ලර් මෙම නින්දිත ගිවිසුම් අහෝසිකොට දමා ජර්මනියට මදිපුංචිකම් කල සියලුරටවල් වලින් පලිගන්නා බවට ශපතකොට යුධ ප්‍රකාශකලේය

සටන්විරාම ගිවිසුම අත්සන්කිරීමෙන් අපට සිදුවූයේද මෙවැනිම නවනිග්‍රහයක් බව අමුතුවෙන් කිවයුතු නැත. හමුදාව බැරැක්කවලට සීමාකොට සිටියදී කොටියාගේ සියලුකොන්දේසි පිලිපදිමින් සටන් විරාම නිරීක්ශන කමිටුව නම්වූ කොටි හිතවාදී බටහිර සුද්දන් පිරිසකට යටත් වී සිටීමටයි අපට සිදුවූයේ.

ජර්මනිය මහත්වූ අන්තර්ජාතික පීඩනයකට හසුකල වාර්සෙලීස් ගිවිසුම මගින් ජර්මනියෙන් බලෙන් වන්දි ලබාගැනීමට යාම තුලින් ජර්මන් ජාතියේ ගැලවුන්කරුවා ලෙස එකල සැලකුන හිට්ලර් රජවීමට මංපෑදුනා සේම සටන්විරාම ගිවිසුමින් මෙරට ජනයාට ජීර්ණය කරගත නොහැකිවුනු බටහිර බලපෑම් හා කොටි ත්‍රස්තාවාදීන්ගේ සැහැසිකම් නිසා ආඩම්බරකාර තාත්තාට රජවීමට මංපෙත් හෙලිවුනි.

2 comments:

නලින් said...

අපේ අඩම්බරකාර තාත්තා නම් දුටුගැමුණු කඩුව හොයනවා. තාම හම්බ වෙච්ච පාටක් නැහැ. ඔය ජර්මන් ෆියුරරුත් චාලිමේන් රජ්ජුරුවන්ගේ කඩුව හොය හොය හිටියද දන්නේ නෑ!

නලින් said...

ප.ලි. - චාලිමේන් (Charlemagne) රජ්ජුරුවෝ කිව්වේ 9වන ශත වර්ෂයේ යුරෝපයේ රාජධානි කිහිපයක්ම (ජර්මනිය ඇතුළුව) පාලනය කරපු ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයා.