Monday, June 21, 2010

නට්සිවාදය යනු කුමක්ද?

Nazism නොහොත් National Socialism හෙවත් ජාතික සමාජවාදය යනු ජර්මනියේ නාසි (නට්සි) පක්ශය විසින් හදුන්වාදී ප්‍රචලිත කරන ලද දේශපාලන දෘශ්ඨිවාදයකි.

නට්සිවාදයේ න්‍යායාත්මක අක්මුල් ඉතාලියේ බෙනිටෝ මුසොලිනී හඳුන්වාදුන් ෆැසිස්ට්වාදයෙහි පවතින අතර ඇඩෝල්ෆ් හිට්ලර් බෙනිටෝ මුසොලිනිගේ ෆැසිස්ට්වාදී චින්තනය මහත්සේ අගයකල අතර හිට්ලර් ෆැසිස්ට්වාදයේ මූලික සංකල්ප සියල්ලම ඒ අයුරින් පවත්වාගෙන ජර්මානුකරණය වුනු ෆැසිස්ට්වාදී චින්තනයක් නාසිවාදය ලෙස විසින් ජර්මනියට හඳුන්වාදුන්නේය.

අන්ත දක්ශිණාංශික දෘශ්ඨිවාදයන් දෙකක් ලෙස සැලකෙන ෆැසිස්ට්වාදයේ හා හිට්ලර්ගේ නාසිවාදයේ මූලික හරයන් මෙසේ දැක්විය හැකිය.

1. ජාතියක් (නේශන්) යනු ශරීරයක් වැනි ඓන්ද්‍රීය (ඔර්ගැනික්) ව්‍යුහයකි. මෙහි යහපැවැත්ම සඳහා ශක්තිමත් නායකත්වයක්ද, පොදු අනන්‍යතාවක් මෙන්ම ජාතියේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ඕනෑම මොහොතක සටන්කිරීමේ හා යුදවැදීමේ කැමැත්ත හා හැකියාව තිබිය යුතුය.

2.  පුද්ගලවාදය (individualism)තරයේ ප්‍රතික්ශේප කරන අතර ජනයා විසින් සිය පුද්ගලික නිදහස හා අභිමථාර්ත ජාතියේ පැවැත්ම වෙනුවෙන් කැපකල යුතුය.


3. ජාතියේ පැවැත්ම හා සමාජයේ ඒකිය භාවය (social unity) ආරක්ශාකරගැනීමට ඒකාධිපති රජයක අවශ්‍යතාවය තහවුරු කෙරුණු අතර තනි පක්ශයක් විසින් රට පාලනය කලයුතු බව විශ්වාසකරයි. 


4.ෆැසිස්ට් චින්තනය එක රටක් තුල වෙනත් ජනවර්ග සඳහා මොනයම් ආකාරයක හෝ ස්වයංපාලයක් (අපට හුරු ආකාරයට කියනවානම් බලය බෙදීමක් ) සිදු නොවියයුතු බවට විශ්වාසකරන අතර එවැනි බලය බෙදීම සඳහා කරන ඉල්ලීම් ජාතියේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකයි.

5. ෆැසිස්ට් රාජ්‍යය තුල ජීවත්වන සියලුජනවර්ග මහජාතියට (ඉතාලි හෝ ජර්මන්) ස්වීකරණය (උරාගැනීම/අනුගතකරගැනීම) වියයුතුබ අවධාරණය කෙරෙන
අතර එසේ කැමැත්තෙන්ම සිය අනන්‍යතාවය දියකරගැනීමට අකමැති ජනවර්ග ජාතියට සතුරු ජනවර්ග ලෙස සලකා පිටුවහල් කිරීම, විනාශකිරීම හෝ බලහත්කාරයෙන් ස්වීකරණයට ලක් කිරීම සිදුකල යුතුය . 


(හිට්ලර් ජර්මනියේ සුලුජාතින් වුනු යුදෙව්වන්ට හා ජිප්සීන් වැනි වෙනත් ජනවර්ග වලට ලබාදුන් අවසන් විසදුම ගෑස් කාමර හා වහල් වැඩකඳවුරු බව ඔබ දන්නවා ඇත. මෙය ෆැසිස්ට් හා නාසි චින්තනයට අනුව නිවැරදි ක්‍රියාමාර්ගයයි.)


6.ෆැසිස්ට් හා නාසි ආර්ථික චින්තනය අනුව එය ධනවාදයට හා කොමියුනිස්ට්වාදය යන ආර්ථික ක්‍රම දෙකටම වෙනස් තුන්වන ක්‍රමයක් හඳුන්වා දෙයි. මේ අනුව රාජ්‍යයට ප්‍රයෙඔජනයක් නොමැති තනිකරම ලාභ අපේක්ශාවෙන් සිදුකරණ ව්‍යාපාර මෙන්ම ඉතා අකාර්‍යක්ශම කොමියුනිස්ට් ක්‍රමය වන රජය මගින් සියලු ව්‍යවසායන් පවත්වාගැනීම යන දෙකම ප්‍රතික්ශේප කරයි.

මේ ආර්ථික ප්‍රතිපත්තිවල අවසන් ප්‍රතිපලය වන්නේ ෆැසිස්ට් හා නාසි පක්ශවලට අනුගතවූ, එම පක්ශවල පැවැත්මට නොමසුරුව ආධාරදෙන ව්‍යාපාරිකයන්හට ව්‍යාපාර පැවැත්වීමේ ඒකාධිකාරය හිමිවීමයි. 


1 comment:

pavithra weerapperuma said...

විශිශ්ට නැ.. අති විශිශ්ටයි සහෝ... මම බ්ලොග් අවකාශේ ඇතුලේ දැක්ක විශිෂ්ට බ්ලොග් අතර අතිවිශිශ්ට බ්ලොග් 1ක්. මමත් ඔය ගැන ලියල තියෙනව. http://sinhala-nazi.blogspot.com/2010/06/blog-post.html බලන්න. :D නියමයි.