Tuesday, June 12, 2012

දේසප්‍රේමීද? දේසද්‍රෝහීද? ජම්පරය නැති හිරකාරයා ෆොනී විතරද?


අපේ රටේ ඕනෑම කතාවක්, ක්‍රියාවක්, රඟපෑමක් හෝ වෙන මොනයම්ම දෙයක් උනත් කොටස් දෙකකට ලේසියෙම්ම වර්ග කරගත හැකිය.

1. ආණ්ඩුවේ, ජනපතිගේ, ජනපති දරුවන්ගේ හොඳකීම, අගය කිරීම, එසේ කරන කතා, ක්‍රියා, රඟපෑම් හා වෙනත් අංගචලන (උදා: කඩේයාම, කුලියට කැහීම, සීනි කිරීම) වැනිදෑ දේසප්‍රේමී ගොඩට දමාගත හැකිය

2. ආණ්ඩු විරෝදී, පවුල විරෝධී කතා, ක්‍රියා, රඟපෑම්, සුද්දන්ට පෙත්සම් ලිවීම්, පෙලපාලි යාම්, අයිතිවාසිකම් ඉල්ලිම්, රටේ ධනය වියදම්කරන්නේ මොනවාටදැයි ඇසීම වැනි දේවල් දේසද්‍රෝහී ගොඩට දමාගත හැකිය

අපේ රට ආසියාවේ ආස්චර්යය වන්නේ ඒ නිසාය. හැමදේම සිම්පල්ය, එක්කෝ ප්‍රේමීය නැතහොත් ද්‍රෝහීය. අතරමැද කචල් කේස් නැත.

කචල් නැත කියා හිතන්නට ආසා වුනාට කචල් නැත්තටම නැත්තේද නැත....

ඇමරිකාවට සහය වියයුතු යයි කීම,  ඇමරිකාව කියනදේ ඇසීම, ඇසිය යුතුයයි කීම අංක එකේ දෙසද්‍රෝහී වැඩකි. එහි සැකයක් නැත. උදාහරණයක් ලෙස ෆොනී හෝ රනී ඇමරිකාවට හෝ එන්ගලංතයට පොඩි බකප් එකක් දුන්නොත් ඒක මාසයක් කකා ඉන්නට පුලුවන් ලොකුම ලොකු දේසද්‍රෝහී කටුවක් බවට පත්වේ. සියලු දේසප්‍රේමී බලුකුක්කෝ හා දඩෝරියෝ මේ මහා කට්ට තමන්ට දැනුම් තේරුම් ඇති ආකාරයට විකමින්, ලෙවකමින්, හූරමින් ලකුණුදාගන්නට ප්‍රොකාස නිකුත් කොරති, කෑ කෝ ගසති, උඩුබුරති.

හැබැයි කචල් එක එන්නේ ආණ්ඩුව ඇමරිකාව කියනදේ කොරන්නට පටන් ගත්විටය.

ඇමරිකාව කියනදේ කිරීම දේසද්‍රෝහීය.....ඒත් ආණ්ඩුව ඇමරිකාව කියනදේ කොරනකොට? ආණ්ඩුව කරනදේවල් දේසද්‍රෝහී වන්ට පුලුහන්ද? මේ කපේදී බැරිය!

මාර කේස් එකය....හරියට හිරෙන් නිදහස් වුනු ෆොනී ටිරාන් ගේ හිරකාරයා වුනා වගේය, වෙනස ජම්පරය නැති ටික විතරය. ආණ්ඩුවට හා ආණ්ඩුව කොරවන මහතැනට වී ඇත්තේද ෆොන්සේකා ජම්පරේ නැතුව ආයෙත් හිරේ ගියා වගේ දෙයක්ය. ආණ්ඩුප්‍රේමී බළමුළු ගල්ටික් වී ඇත, ගලේ පැහැරූ බළලුන් මෙන් මීක් නැත.

ආණ්ඩුව ඇමරිකාව කීදේ අසා, කීකරු ළමයෙකු ලෙස හොඳ කල්කිරියාවෙන් පසුවෙමින්, තම අතිජාත මිත්‍ර ඉරානයට පුකට පයින් ගසා (එනම් කොන්ඩොම් තියරියට හසුකොට) ඉරාන විරෝධී සෞදි අරාබියෙන් හා තවත් ඇමරිකන් ගැති මැද පෙරදිග රටකින් තෙල් ගන්නට ගිවිසුම් ගසා ඇත.

අපි කියනදේ කරන, කීකරු ළමයි ඉන්නා ආණ්ඩුවක් නිසා දඬුවම් කරන්නේ නැතැයි කිලින්ටන් ප්‍රින්සිපල් නෝනාද කියා ඇත.

දැන් ප්‍රේමියා මොකාද ද්‍රෝහියා මොකාද? ජම්පරය නැති හිරකාරයා ෆොනී විතරද? රජතුමා එහෙම නැද්ද?

කබරයා මොකාද? තලගොයා මොකාද? (කන්ට ඕනෑවූ විට ඕවත් ප්‍රස්නද?)














2 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//කබරයා මොකාද? තලගොයා මොකාද? (කන්ට ඕනෑවූ විට ඕවත් ප්‍රස්නද?)//

ඔය තියෙන්නේ සම්පූර්න පැහැදිලි කිරීමම ,

ප.ලි - අන්න රනිලුත් දේශප්‍රේමී වෙන්න චීනේ ගිහින් !

Anonymous said...

ela ela niyamata liyala thiyanawa