Tuesday, June 5, 2012

උපයන සෑම රුපියලකින්ම ශත 81ක් ණය ගෙවනවා [ කුවේණිගේ ජංගිය වගේ තවත් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක්! ]


උපයන සෑම රුපියලකින්ම ශත 81ක් ණය ගෙවනවා
June 5, 2012 at 12:26 pm | Lanka C News.


මහ බැංකු වාර්තාව අනුව 2011 වසර අවසානයේදී ශ‍්‍රී ලංකාවේ නොපියවූ රාජ්‍ය ණය ප‍්‍රමණය රුපියල් කෝටි 513.33ක් බවත් ගතවූ මාස 05ක කාලය තුල මේ මුදල තවත් වැඩි වී ඇති බවත් අධිරාජ්‍ය විරෝදී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පවසති.


මේ හේතුවෙන් උපයන සෑම් රුපියලකින්ම ශත 81ක ණය මුදලක් ගෙවන බවත් මෙවැනි තත්වයක් රට තුල නිර්මාණය වෙමින් තිබියදී 2009 වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කරගත් ඩොලර් බිලියන 2.6ක මුදල් ප‍්‍රමාණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද උන් වහන්සේ කියා සිටිති.

මේ කතාව කිව්වයි කියන්නේ දඹර අමිල හිමියෝ මහ බැංකු වාර්තාවක් උපුටා දක්වමින්ලු.

එක්කෝ අමිල හිමියන් මහ බැංකු වාර්තා කියවන්න දන්නේ  නෑ, නැතිනම් මහ බැංකුව බොරු කියනවා.

අපි මේවගේ පාටි දාන්න පුලුවන් රටක් වෙන්නෙ හොඳ සල්ලි තියෙනවා නම් විතරයි. කොහෙද ණය තියෙන්නේ? ඉන්දියාවෙන් ඉස්තරම්ම ජංගිලා ගෙනල්ලා නටවවන්ඩ පුලුවන්ද උපයන රුපියලට ශත 80ක් ණය ගෙවන රටකට?

ඉන්දියාවේ සල්ලි සාගරේ වගේ උතුරන අයි.පී ඇල් after-party වල නටන්නෙත් කබ්බ බඩු. ඒ වගේද අපි?

ඕවා ඔක්කෝම අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ, හරියටම කුවේණිගේ ජංගිය වගේ.



1 comment:

Anonymous said...

[එක්කෝ අමිල හිමියන් මහ බැංකු වාර්තා කියවන්න දන්නේ නෑ, නැතිනම් මහ බැංකුව බොරු කියනවා.]

මහ බැංකුව කියන්නෙ ඇත්තද? බොරුද? කැන්ඩුල මොකද හිතන්නෙ?