Sunday, March 18, 2012

[අලුත් සිංදුව] මානව හිමිකම් කවුන්සිලයේදී කුමන ප්‍රතිඵලයක් ලැබුණත්.....

කලින් කිව්වේ....
  • ලංකාවේ මිතුරන් අපවෙනුවෙන් පෙනී සිටිනු ඇත
  • චීනය මානවහිමිකම් කොමසාරිස්වරියට දොස්කියයි
  • රුසියාව අප ගලවාගනු ඇත
  • ඉරානය, වෙනුසුවේලාව අපට කිහිලිකරු වනු ඇත
  • අප්‍රිකාව, මැදපෙරදිග අප සමග එක පෙලට සිටී
අපි දිනනවා අපි දිනනවා අපි දිනනවාමයි......................

එහෙත් දැන්....සිංදුව වෙනස්කොට ඇත...... සිදුවිය හැකි පරාජය පිලිබඳව ජන මනස සැකැසීමේ මෙහෙයුම ඇරඹී ඇත. අද සිළුමිණ මුල් පිටුවේ බැනර් හෙඩිම හා කතුවැකිය ඊට සාක්ශි දරයි.

රාජ කවටයින්ගේ වෙනස්වුනු සිංදුව
කළුගලේ ඔලුව ගසාගන්නට පෙර මේ ගැටලුව නිහඬ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් සමහන් කොට ඇමරිකන් යෝජනාව ගෙන එන එක පවා නවත්වාගන්නට හොඳකාරවම ඉඩ තිබිණි. එහෙත් අමන මරිමෝඩ කම ඊට ඉස්සර විය.

උණ්ඩුකපුඡ්චයෙන් හා වෘෂණ කෝෂවලින් කල්පනාකරනා අති පණ්ඩිත වාහේලා දැන සත් පොලේ ගාගෙන රටම ගඳගස්වමින් ඉබාගාතේ දුවමින් සිටී. 

ඇමරිකාවත් සමග රාජ්‍යතාන්ත්‍රික සටනක් කර දිනන්නට අරඇඳ මෙය දැන් අමෙරිකාවේ ආත්මගරුත්වය පිලිබඳ ප්‍රශ්ණයක් බවට පත්කරගෙන ඇත. ලෝක දේශපාලනයේ හෝහපුටුවෙකු වන ලංකාවට පරදින්නට ඇමරිකාවට රෙදි ඇඳගෙන නොහැකි නිසා ඔවුන් දැන් මුලු වැර යොදා ලංකාව පරදවන්නට ඔවුන්ගේ යෝජනාව දිනවන්නට චන්ද එකතුවේ යෙදී සිටී. චන්ද දිනා ගැනීමේදී රජපසලන්තයට වඩා අතිවිශාල මිලදීගැනීමේ හැකියාවක් ඇමරිකාවට ඇති බව ඇමරිකාවට විරුද්ධව මහපාරේ රෙදිකඩාගෙන කෑගැසූ නිවටයින් හට නොතේරීම මේ රටේම කරුමයක් මිස වෙන කිසිවක් නොවේ.

පාඩුවේ පෙනේ පුප්පමින් සිටි ඇමරිකන් නයාට කැට කැබැලිති ගසා ඌව අවුස්සා ගත්තා මදිවාට දැන් රෙද්ද අස්සටම වැටෙන ලෙස වැඩ සිද්දකරගෙන ඇත. හෙට අනිද්දාවන විට කනවෝ කනවෝ යයි කෑගසමින් හූ කියමින් නයා කා තඩිස්සිවුනු අහවල් එකද රටටම පෙන්වමින් ඇමරිකන් ක්‍රියාමාර්ග නිසා රටට මහත් පාඩුවකියි යයි කියමින් ඇමරිකාවට විරුද්ධව පන්සල් දේවාල ගානේ පොල් ගසමින් කන්නලව් කරමින් ඇවිදිනු ඇත.

ඒ පව් ගෙවන්නේ රටේ අහිංසක මිනිසුන්ය.




1 comment:

මාතලන් said...

ජී ඇස් පී එකත් නැති කර ගත්තා. ඒක අවුලක් නෑ කියලා ලඟදි බැසිල් මහත්තය කිව්වා. ළ්ඟදිම යුරෝපෙටත් ණය දෙන්න යනවලු. 60% අපනයන යන යුරෝපා ඇමරිකන් වෙළඳ පොල නැති වෙන එකත් සුළු දෙයක් මෙයාලට. රටේ හරක්ට දාන ගොන් පාට්. ළෝකෙටත් පෙන්නන්න ගිහින් හත් පොලේ ගාගෙන ඉන්නේ.