Tuesday, March 27, 2012

ඇමති නිමල් සිරිපාල කොන්ඩොම්ගේ ජනමතවිචාරණය පුපුරවා හරියි!

http://dinamina.lk/2012/03/27/_art.asp?fn=n1203272 (27-03-2012)

ජිනීවා නාඩගමෙන් ලබා ගත් ගැම්ම තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහාත්;

ඉදිරි මාස දෙක තුනම මයික් බදාගෙන හන්දියක් හන්දියක් ගානේ බෙරිහන්දෙමින්, රස්සාවට යන මිනිස්සුන්ට, පාසැල් අහවරවී බඩගින්නේ ගෙදර එන ළමයින්ට මෙන්ම වෙනත් වැඩරාජකාරි සඳහා මහ මගට බසින මිනිස්සුන්ටත් මහා වාතයක් වෙමින් පාරවල් අවුරුවාගෙන ප්‍රචාරණ නාඩගම් පවත්වන්නටත්;

චම්පකයා පරද්දමින් සිරිලක මහා දේසප්‍රේමී වීරයා වන්නටත්;

මැරවින් පරද්දා රජතුමාගේ ප්‍රියතම ජොකා වන්නටත්;

පුවත්පත් සාඛච්චා, සම්මුඛ සාඛච්චා වලින් නැතිවීගෙන යන ප්‍රතිරූපය යලිත් පුම්බාගන්නටත්;

කොකාකෝලා, ගූගල් ගොන් කතාවෙන් නාගත් මඩ සෝදාගන්නටත්;

කාළයක් ඉහගෙන කෑ හැකි හොඳ ඇත් කුණක් ලෙස කොන්ඩොම් උත්තමයා විසින් සිය තක්කඩි මොළය ටිකකට පාවිච්චිකොට නිර්මාණය කරගන්නා ලද්දාවූ;

"ජිනීවා යෝජනා ජනමත විචාරණ සංකල්පය"  අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉතා අනුකම්පා විරහිතවා පුපුරුවා හල බව සංවේගයෙන් දැනුම් දෙමු.....

මෙයට ශෝකයට පත් කොන්ඩෝම් බ්ලොග් සංසදය..







10 comments:

Observer said...

රටම ගඳ ගස්වමින් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය කෙළසන තවත් උරුලෑවකු වන මොහු අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් ගිය, ඉන්පසු කිසිදු වෘත්තීයයක් නූගත් කෙනෙකු බව මොහුගේ චාටු කතාවලට හසුවන උපාධිධාරී උගතුන් පවා නොදන්නා කරුණකි. මහා දේශප්‍රේමි සිංහලයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළත් මොහුගේ මුතුමිත්තා (සංගිලි කරුප්පන්) දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ පදිංචි වූවෙකි.

විමල් වීරවංශ යනු මොහුගේ ආරූඪ නම්වලින් එකක් පමණි. මොහු භාවිතා කළ අනෙකුත් ආරූඪ නම් අතර විමලසිරි ගම්ලත්, වංශනාථ යනාදිය වේ.

මොහුගේ නියම නම:- වීර සංගිලිගේ විමල්.

1986 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වන මොහු කලා විෂයයන් හැදෑරීමට උසස් පෙළ පන්තිවලට ඇතුල් වූ නමුත් පාසලට නොපැමිණීම හේතුවෙන් 1989 අප්‍රේල් මස 30 දා විදුහල්පතිවරයා විසින් පාසලින් නෙරපා හරින ලදි.

පසු කලක මොහු පෞද්ගලික අයදුම්කරුවකු ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයයට පමණක් ලිවීම සඳහා අයදුම් කළ නමුත් විභාගයට පෙනී නොසිටියේය.

මොහු පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූයේ 1994 පාර්ලිමේන්තු මහා මැතිවරණයටයි. මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ඔහුට ලැබුණේ ඡන්ද 302 ක් පමණි. ඉන්පසු බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ නමුත් එකල ඔහුගේ දේශපාලන පක්ෂය වූ ජවිපයේ නායකකාරකාදීන් විසින් මොහු වෙත සභාවේ අසුනක් පිරිනැමීමට යෙදුණි. මොහු පළමු වරට මැතිවරණයකින් දිනුවේ 2000 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 13,284 ක් ලබා ගනිමිනි.

දේශප්‍රේමය උතුරා යන මොහුගේ බිරිය රාජගිරියේ KFCහි දී කර්නල් සෑන්ඩර්ස්ගේ ආහාර වේලක රස විඳින අයුර දැක්වෙන ඡායාරූපයක් පසුගිය සතියේ වෙබ් අඩවියක පළවී තිබුණි. එමෙන්ම ඇය Spider-man සමඟ අමෙරිකාවේ Disneylandහි දී එකට පෙනී සිටින ඡයාරූපය දැන් ඉතා ප්‍රසිද්ධව තිබේ. මොහුගේ සහෝදරයා මීට වසර කිහිපයකට කලින් මාතරදී ඔහුගේ නිවසට හොරෙන් විදුලි සම්බන්ධයක් රැගෙන අතේ-මාට්ටු වූ අයෙකි. එය ජාතික සම්පතක් සොරකම් කිරීමක් නොවේද? නැටුම් ගුරුවරයෙකු වූ මොහුගේ පියා කාලක්‍රියා කළේ 2002 දී නමුත් දැන් ප්‍රසිද්ධ කර තිබෙන්නේ ඔහු 1992 දී අභාවප්‍රාප්ත වූ බවයි.

තම පවුලේ තොරතුරු වසන් කර රටට බොරු කියන මොහු දැන් මොහු විසින්ම ශ්‍රී ලංකාවේ මුර දේවතවා ලෙස පත්කර ගැනීම (self-appointed defender of Sri Lanka) හාස්‍යයට කරුණක් නොවේද?

මොහු ගැන තව විස්තර මෙතැනින් --
http://www.thesundayleader.lk/archive/20080511/spotlight-1.htm

නරකයා....!! said...

ඔබ්සර්වර ගේ කතාව මමත් දැනං හිටියා

Anonymous said...

ඔබ්සර්වර්, ඔයාගේ ලින්ක් එකට ගියා. ඒකෙ හැටියට විමල්ගේ වයිෆ් මිනිහට වඩා අවුරුදු 3 කින් වැඩිමහල් නේද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

විමලය ගැන තොරතුරු සමහරක් දැන ගෙන හිටියා , කොහොමටත් මෙලෝ උගත් කමක් නැති ගොන් වස්සෙක් බව නම් පේන්න තියනවා

රංචාගොඩ මුදියන්සේ said...

රජතුමාගේ ප්‍රියතමයෙකු වන්නට උගත්කමක් නොමැතිවිය යුතුමය. තිබුණත් නූගතාමෙන් හැසිරිය යුතුය.

රංචාගොඩ මුදියන්සේ said...

Observer said...
තම පවුලේ තොරතුරු වසන් කර රටට බොරු කියන මොහු දැන් මොහු විසින්ම ශ්‍රී ලංකාවේ මුර දේවතවා ලෙස පත්කර ගැනීම (self-appointed defender of Sri Lanka) හාස්‍යයට කරුණක් නොවේද?
------------------------

විමල් කියන්නේ ගොබෙල්ස්ගේ හෙවනැල්ල.(හෙවනැල්ල විතරයි...ගොබෙල්ස්ට අඩුම ගණනේ හොඳ ජර්මන් විශ්වවිද්‍යාලයකින් දිනාගත් ආචාර්ය උපාධියක් හරි තිබුණා..) ගොබෙල්ස්කාරයාත් ඔය විදියටම තමාගේ බිරියට පවා පට්ට පල් බොරු ගොතා කියූ මිනිහෙක්. වරක් ගොබෙස් සිය බිරියට ලිපියක් ලියමින් ... "මා දැන් සිටින්නේ අමණීය යුධ පෙරමුණේ, මා දෑස් ඉදිරියෙන් අපගේ වීරෝධාර හමුදාව සතුරා වනසමින් ඉදිරියට යනවා.....අපේ වීරෝධාර ලුෆ්ට්වාෆ ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා කන් බිහිරිකරවමින් මාගේ හිසට උඩින් මේ මොහොතේ පියාසර කරනවා...." බව පවසා සිටියා.

ඒ ඇත්තටම ගොබෙල්ස් ඒ ලිපියේ දාතම දමා තිබූ දවසේ සිටියේ යුධ පෙරමුණට සැතපුම් සිය ගණනක් පිටුපසින් පිහිටි ඉතා සුවපහසු බංගලාවකයි..

Observer said...

"රජතුමාගේ ප්‍රියතමයෙකු වන්නට උගත්කමක් නොමැතිවිය යුතුමය. තිබුණත් නූගතාමෙන් හැසිරිය යුතුය."
-------------------------------------

ඔබේ කටේ මසුරන් දැමිය යුතු කතාවක්. විදේශ ඇමති වන ගල් පීරිස් මහතා මොන තරම් උගතකු වුණත් දැන් ඔහු හැසිරෙන්නේ අමු ඔලමොට්ටලයෙක් විදියටයි.



BTW, ඔබ William L. Shirer ගේ "The Rise And Fall Of The Third Reich" නම් පොත කියවා ඇති සෙයක් පෙනේ.... :-)



http://www.amazon.com/The-Rise-Fall-Third-Reich/dp/1451651686/ref=sr_1_1?s=books&ie=UTF8&qid=1332853749&sr=1-1

Anonymous said...

@Observer and others who appreciate his comment..

දේශපාලනයේදී ඕනෑම කෙනෙකුට හොර බොරු කරන්න සිද්ධ වෙනවා.. දේශපාලන න්‍යායන් ගැන මෙලෝ හසරක් දන්නැති අයටනම් මේවා මහා ලොකු සිද්ධි වෙන්න පුළුවන්..
එත් ටිපිකල් දේශපාලනඤයා හැම විටම කපටියෙක්.. නිමල් ඇත්තටම දක්ෂයෙක් විදිහටයි මම දකින්නේ.. හැබය් ඉදිරියේදිවත් තමන්ගේ පුද්ගලික දේවල් එලියට ඒම වලක්වගන්න එතුමා උත්සහ කරොත් හොඳයි..

Anonymous said...

^විමල්

Observer said...

@ mothagamanaya,
මගේ කොමෙන්ටුව ලියැවී තිබෙන්නේ දේශපාලඥයන්ගේ හොර-බොර ගැනවත් විමල්ගේ දේශපාලන සටකපටකම් ගැනවත් නොවෙයි. මම එය ලිව්වේ විමල් හිස් කෝම්බයක් බව පෙන්වීමටයි. නැවත වරක් එය කියවුවහොත් ඒ බව ඔබට තේරේවි.

විමල් දක්ෂයෙක් කියන එක නම් මම කොහෙත් ම පිළිගන්නේ නෑ. ඒ මොකද එයා එයාගේ දේශපාලන ජීවිතයේ ඉහළ ම හිනිපෙත්තට නැඟලා ඉන්න මේ මොහොතේවත් එයාට ස්වාධීනව දෙපයින් නැඟී සිටින්නට නොහැකි නිසා. එයා සෑම විට ම කොහේවත් තියෙන වැලක එල්ලුණු කෙනෙක්. එයා ඉස්සෙල්ලාම ජවිපෙ වැලේ එල්ලුණා. ඊළඟට චන්ද්‍රිකා සරණ ගියා. දැන් සාටකයේ එල්ලිලා ඉන්නවා. හෙට මහින්ද රාජපක්ෂ රජය හදිසියේ කඩා වැටුණොත් විමල්ට ඉන්න ඇඩ්‍රසුත් නැතුව යනවා. එයා දක්ෂයෙක් නම් එයා දැන් ඇමතියෙක් හැටියට කරලා තියෙන වැඩක් පෙන්නන්න. එක සැරයක් මහා ලොකු පොතක් ලිව්වා "නැත්ත වෙනුවට ඇත්ත" කියලා. ඒක බුද්ධිමය දේපළ හොරකමක් හැටියට උසාවියෙනුත් තීන්දු වුණා. දක්ෂයෙකුට අනුන්ගේ දේපළ හොරකම් කරන්න අවශ්‍ය නැහැ නේද? එයා ඔය පොතටත් වැඩිය ලොකු අන් සතු දේපොළක් හොරකම් කරලා තියෙන කෙනෙක්. ඒ ගැන වරක් The Sunday Leader පත්‍රයේත් පළවී තිබුණා.

ඉදිරියේවත් තමන්ගේ පුද්ගලික දේවල් එළියට ඒම වලකවා ගන්න එයා කටයුතු කළොත් හොඳයි කියන එකෙන්ම ඔබත් පිළිගන්නවා විමල්ගේ ඔලුව සහ කඳ ඇතුල හිස් කියලා.