Thursday, March 15, 2012

ඇමරිකානු වෙලඳ භාණ්ඩ වර්ජනය කොට ඇමරිකාවට පාඩමක් උගන්වමු - කිඹිසිඹා කාඩ්බෝඩ් වංශ


කිඹිසිඹා කාඩ්බෝඩ්වංශ කියනා ආකාරයට ජනතාව අමරිකාවට ෆාඩමක් උගැන්වීම සඳහා ඇමරිකන් භාණ්ඩ ඩා සේවා, නිකම් දෙන ඒවා වුනත් කම් නැත, වර්ජනය කල යුතුය. ඒ අනුව...පහත ආදේසක වහාම භාණ්ඩ භාවිතා කරන්නට පටන්ගත යුතුය

කේ.ඇෆ්.සී නොකෑ යුතුය-හන්දියෙ කඩේ පෙරිය නානාගේ බැදපු ලෙඩ කුකුල්ලු කෑ යුතුය

පීසා හට්/ ඩොමිනෝස් වෙනුවට පොල් රොටී

කොකා කෝලා/පෙප්සි වෙනුවට මල් කුමාරයාකේ  - කික් කෝලා

ඇමරිකන් ඉන්ටෙල් හෝ ඒ.එම්.ඩී ප්‍රොසෙසර් වලින් බලගැන්වී ඇමරිකන් මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස්, ඔෆිස් වැනි මදෘකාංග දුවන පරිගණක දේශ ද්‍රෝහී උපාංග ලෙස සලකා වීසි කොට දැමිය යුතුය. ඒ වෙනුවට ගල්ලෑල්ල/ගල් කූර හා පුස්කොල පොත/පන්හිඳ ආදේශ කරගත යුතුය.

දුරකථන භාවිතය නවතා දමා නැවතත් දුම් රොටු හා පරෙවියන් ආධාරයෙන් පණිවුඩ යවන දේසීය ක්‍රමයක් ආදේශ කරගත යුත්තේ සියලුම ජංගම හා ස්ථාවර දුරකථන සේවා භාවිතා කරණ තාක්ශණයෙන් සියයට අසූවක් අනූවක්ම අමෙරිකන් තාක්ශණය බැවිනි.

අන්තර්ජාලය ෆොගෙට් එකට දැමිය යුත්තේ එය ඇමරිකන් ආරක්ශක දෙපාර්ථමේන්තුවේ නිර්මාණයක් බැවිනි.

ලයිස්තුව එන්න එන්නම දික්වෙන බැවින් කෙටියෙන් කිව හැක්කේ අප ආපසු නැවතත් නැවතත් ගල්යුගයට යායුතු බවත්. කොළ අතු ටිකක් ඇඳගෙන, ගඩාගෙඩියක් කාගෙන ඉන්නා එක මොනතරම් දේශප්‍රේමීද?

4 comments:

ජයශ්‍රී said...

අප කුඩා කළ මෙවැනිම ඉන්දියන් නිශ්පාදන වර්ජන විහිලුවක් තිබුණේලු.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අනේද කියන්නේ ,

හිරු එෆ් එකේ ඔය ගැන සංවාදයක් ගියා ,හර්ෂද සිල්වා මතුකරපු ප්‍රශ්නයකට ගොන්වංශයගේ ගෝලයෙක් කියනවා ඇමරිකාවේ අපේ නිෂ්පාදන සේවා එපා කිව්වොත් ඒකට කමක් නෑලු ,මොකුත් වෙන්නේ නැහැල්ලු !

නරකයා....!! said...

අනේද කියන්නෙ.. ගෝඨා ගේ ඇමරිකන් පුරවැසිකමට කෙල වෙනවා....

Anonymous said...

Exports to the United States, Sri Lanka's most important single-country market, were estimated to be around $1.77 billion for 2010, or 21% of total exports. The United States is Sri Lanka's second-biggest market for garments, taking almost 40% of total garment exports. (The EU as a whole is Sri Lanka's biggest export market and largest apparel buyer.) India is Sri Lanka's largest source of imports, accounting for over 20% of imports. United States exports to Sri Lanka were estimated to be around $178 million for 2010, consisting primarily of machinery and mechanical appliances, medical and scientific equipment, electrical apparatus, wheat, plastics, lentils, and paper.
මෙහෙම තමයි ඇමරිකාව කියන්නෙ..!