Tuesday, March 6, 2012

නිවාඩ් කබ්රාල්ගේ ටිකිරි මොළේ තරම


අද DailyFT වාණිජ පුවත්පතේ මුල් පිටුවේ වැදගත් ප්‍රවෘත්තියක් පලවුනා. එනම් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7.5% වඩා අඩු විය හැකි බවයි. අපේ මහ බැංකුව 8% වැඩි වර්ධනයක් ලබා ගන්නවා කියද්දී ලෝක බැංකුව කිව්වේ 7.5% කියායි. එත් දැන් ඔවුන් කියන්නේ එය 7.5% අඩුවෙන බව. හෙට වෙනකොට කබරාල් තුමාට මල පැනලා ලෝක බැංකුවටයි, අධිරාජ්‍යවාදී රේටින් කොම්පැනි කාරයන්ටයි බැනගෙන බැනගෙන යයි.


ඒත් මේ කියන්නට යන්නේ ඒ ගැන නොවෙයි. ඊට වඩා ගොඩක් වැදගත් පොඩ් තොරතුරක් ඒ ලිපිය අස්සේ තිබිලා හමුවුනා. අපේ ගවනර් තුමාගේ ටිකිරි මොලේ මොනතරම් හොඳට වැඩකරනවාද කියලා ඒ තොරතුරු බැලුවාම හොඳටම පැහැදිලියි..


ලෝක බැංකුව මගින් ලංකාවට ලබාදී ඇති හදිසි ණය ආධාරයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 2.6ක් වන අතර  එය ඩොලර් මිලියන 800යේ වේල් කිහිපයකට කඩා විවිධ කොන්දේසි යටතේ නිදහස් කරන ලදී.

මේ ණය වේල ගැනීමට මේ රටේ ජනතාවට දරාගත නොහැකිවන තරමට බඩුමිල වැඩි කරමින් බදුගසමින් රාජපක්ශ රජය මිනිසුන් නොමරා මරයි. රුපියල පාකිරීම, සහනාධාර කැපීම, අඩුවට දෙන භූමිතෙල්, ඩීසල් මිළ වැඩිකිරීම, රාජ්‍ය ආයතනවල පාඩු අඩු කිරීම (විදුලිබලය වැඩිකිරීම ) වැනි පියවර ආණ්ඩුව විසින් ගන්නා ලද්දේ මේ ණය වේල් පෙලේ අවසාන මිලියන 800 ලබාගැනීම සඳහාය.

ලිපියේ සඳහන් වන පරිදි නිවාඩ් කබ්‍රාල් ගේ මහ බැංකුව වැටෙන රුපියල බලෙන් අල්ලාගෙන සිටීමට පසුගිය මාස 6 තුල වියදම් කරන ලද (විනාශ කරන ලද) විදේශ සංචිත අමෙරිකන් ඩොලර් ප්‍රමාණය බිලියන 2.7කි.

එනම් මේ බූරුවා ලෝක බැංකුවෙන් දහසක් කොන්දේසි මැද නිකුත් කරන ලද මුලු ණය මුදලට (US$ 2.6 billion) වඩා වැඩි මුදලක් බොරුවට රුපියල අල්ලාගෙන රාජපක්ශ ජනාධිපතිව හා ජනතාව රවටන්නට වියදම් කරඇත  (US$ 2.7 billion).

කොහොමද කබ්බාගේ ටිකිරි මොලේ??




3 comments:

මාතලන් said...

අල කිලෝවට තව 10ක් බදු ගහලා. ලංකාවට අල කිලෝ එකක් එන්නේ රුපියල් 27. මාකට් එකේ දැනට 70 යි හෙට ඉඳලා 80 යි. 200% විතර ගෙවන්නේ මුසල හැත්තට. මුංට ගෙනම ගහන්න එපාය.

Brindley said...
This comment has been removed by the author.
Anonymous said...

Nowadays it is hard to find anyone who voted for Mahinda Rajapakse.