Saturday, March 3, 2012

ත්‍රස්තවාදීන්ගේ සියලු චෝදනා ජිනීවාහි දී බිඳ වැටෙයි!! [ජිනීවා මානව හිමිකම් රැස්වීම ත්‍රස්තවාදීන්ගේ කොන්ෆරන්ස් එකකි]


ත්‍රස්තවාදීන්ගේ සියලු චෝදනා ජිනීවාහි දී බිඳ වැටෙයි

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මාධ්‍ය හමුවක දී ලැබුණු කදිම අවස්ථාවක්
ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් එල්ලවූ සියලු බොරු චෝදනා බිඳ හෙළීමට ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවක දී රජයේ නියෝජිත පිරිස සමත්වී තිබේ. ජිනීවා නුවරට ශ්‍රී ලංකාවෙන් ගිය විශේෂ මාධ්‍ය නියෝජිතයකු වූ ශවේන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු මහතා මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට මෙසේ කියා සිටියේය.

විශේෂයෙන් රජයේ නියෝජිත පිරිසේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන්ට තේරුම්කර දී ඇත්තේ “එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධව පමණද ඔබලාගේ කනගාටුව, අනෙක් අය ගැන කනගාටුව නැත්ද” යනුවෙනි. ඊට උත්තරයක් හෝ දීගන්න මාධ්‍යවේදීන්ට හැකිවී නැත.

හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ඉතා පැහැදිලි උත්තරයක් මෙහිදී දී ඇති අතර ත්‍රස්තවාදීන්ට හිතවාදී කණ්ඩායම් මේ කරන ක්‍රියා කිසිම තේරුමක් නැති බවද ඒ මහතා අවධාරණය කර තිබේ. එල්. ටී. ටී. ඊ. හිතවාදී කණ්ඩායම් කිසිවක් නොදන්නා අයුරින් රජයේ කණ්ඩායමෙන් ප්‍රශ්න කර ඇති අතර ඔවුන්ගේ ප්‍රති උත්තර හමුවේ සියලු චෝදනා අභූත ඒවා බව අදාළ කණ්ඩායම්වලට පිළිගැනීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරන්නේද යන්න තවමත් අවිනිශ්චිත තාවක් පවතින බව දැනගන්නට තිබේ. පැය දෙකක් පුරා ත්‍රස්තවාදී හිතවාදී කණ්ඩායම්වලින් එල්ලවූ සියලු චෝදනා බිඳ හෙළීමට රජයේ නියෝජිත පිරිස සමත්වූ බව මාධ්‍යවේදී චමින්ද ෆර්ඩිනෑන්ඩු තවදුරටත් කීය.


අහ්... බලන්න මොනතරම් අහ්ලාදජනකද? සජින්වාස් පට්ට හොරා ඇතුලු පිරිස ජිනිවා වලට රැස්වුනු ත්‍රස්සවාදීන්ට රිඹ යන්නට ප්‍රවෘත්ති සාඛච්චාවකදී බැටදී තිබේ.

ප්‍රධාන රැස්වීමේදී ඇමරිකන් ජාතික මහින්ද සමරසිංහ ත්‍රස්තාවාදීන්ගේ යෝජනා සියල්ලටම එකඟ බව බයාදුලෙස පවසා ඒවා ඔක්කම හරියට කරන්න තව කල් ඉල්ලද්දී විදෙස් රටවල මැති ඇමතින් රැස්වෙන සමුලුව පැවැත්වෙන ශාලාව ඇතුලට යන්නටවත් අවසර නොලැබුණු නලාකාරයින් වූ සජින්වාස්, මොහාන් පීරිස් ඇතුලු අනෙකුත් අන්තේවාසික අතවැසියන් මාද්දිය සාකච්චාවේදී සිංහ සෙයියාවෙන් වීරයන්වී ඇත.

 මෙහි වඩාත්ම වැදගත්වන්නේ පහත උපුටාගෙන ඇති ඡේදයයි. බොරුවේ සීමා මායිම් දිණමිණ පත්තර-පඩංගුව මොනතරම් පහත් ආකාරයෙන් උල්ලංඝනය කරනවාද යන්න මෙයින් පෙනේ.

"විශේෂයෙන් රජයේ නියෝජිත පිරිසේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන්ට තේරුම්කර දී ඇත්තේ “එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධව පමණද ඔබලාගේ කනගාටුව, අනෙක් අය ගැන කනගාටුව නැත්ද” යනුවෙනි. ඊට උත්තරයක් හෝ දීගන්න මාධ්‍යවේදීන්ට හැකිවී නැත."
g
කියනා විධියට උත්තරදීගන්නට බැරිවී ඇත්තේ - ත්‍රස්තවාදීන්ට නොව - මාධ්‍යවේදීන්ටය.

g

 ඒකියන්නේ 

g

 1. පැමිණ සිටි මාධ්‍යවේදීන් ශ්‍රි ලංකා විරෝධී ත්‍රස්තවාදීන්ය 

g

 2. ත්‍රස්තවාදීන්ගේ චෝදනා රැගෙන මාධ්‍යවේදින් පැමිණ ඇත. 

g

 3. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පිලිතුරු දියයුත්තේ මාධ්‍යවේදීන්ය. 

g

 4. සජින්වාස්, මොහාන් පීරිස් ඇතුලු විසිලු නඩය වීරයන්වී ඇත්තේ අඩුම ගණනේ ත්‍රස්තවාදීන් ඉදිරියේ නොවේ, මාධ්‍යවේදීන් ඉදිරියේය.

g

බටහිර මාධ්‍යවේදීන් ගෙනා ත්‍රස්තවාදී චෝදනා - නැතහොත් - බටහිර ත්‍රස්තවාදීන් ගෙනා මාධ්‍යවේදී චෝදනා පරාජය කළ ජිනීවා නියෝජිතයින්ට උන්ගේ පිස්සු නැටිලි වලට බිල් ගෙවන්නට බදු ගෙවන ශ්‍රී ලාංකේය ජනතාවගේ උපහාරය!!





4 comments:

නරකයා....!! said...

ane wasanawan.....!!!

Anonymous said...

"ත්‍රස්තවාදීන් වෙනුවෙන් පිලිතුරු දියයුත්තේ මාධ්‍යවේදීන්ය"

ඇයි උඹල වගේ එවුන් කරන්නෙ ඒකනෙ?

රංචාගොඩ මුදියන්සේ said...

"ත්‍රස්තවාදීන් වෙනුවෙන් පිලිතුරු දියයුත්තේ මාධ්‍යවේදීන්ය"

ඇයි උඹල වගේ එවුන් කරන්නෙ ඒකනෙ?
--------------------------------

උඹලාගේ එවුන් කිව්වේ මාද්දියවේදීන්ද?

මචන් අපේ මාද්දියවේදීන් ඔක්කොම උඹලා සල්ලිවලට ගත්තනෙ. අනික් එවුන් වලපල්ලෙ එක්කො රටෙත් නෑ.

මොනවා කරන්නද මචන්. එදා දේසප්‍රේමී පෙලපාලියෙදි බෙදපු කුණු බත් පැකට් එකයි, බාල අරක්කුයි බීලා තාම බඩයනවා වගේ නේද?

උඹලා පුක ඉරාගෙන පෙලපාලි ගියා. සමරසිංහයා ඔක්කෝටම ඔලුව වනලා කැමතිවුනා. පව් බන් උඹලා...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ජිනිවා නාඩගම නිකන් මට එරෙහිව මම වගේ සීන් එකක්