Tuesday, March 6, 2012

රාජපක්ශ ජනපති බලයට පත්වෙන විට දුප්පත් කම 15%, දැන් 5.2% - රාජිත සේනාරත්න (රජයේ ඇමතිවරු හැබිචෝල් බොරුකාරයන් වීමේ කරුමය )

[1]
ලෝකයේ මධ්‍යම පාන්තික රටවල් කියා රටවල් වර්ගීකරනයක් නැත. ඇත්තේ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයකි. එය දෙකට බෙදා ඇත. එනම් පහල හා ඉහල යනුවෙනි. ශ්‍රී ලංකාව පහල මධ්‍යම ආදයම් ලබන රටකි (lower middle income country)

[2]
රාජපක්ශ බලයට පත්වන විට දුප්පත්කම 15.2% බව මුදල් අමාත්‍යාංශය මගින් වසර තුනකට වරක් කරන ලබන සංගණනයකදී පෙන්වා තිබුණි. ඒ 2006/7 කාලයේය

2009/2010 වසරේදී කරන ලද එම සමීකශණයේ අලුත්ම වාර්තා අනුව දුප්පත්කම ජනගහනයෙන් 8.9%

ඇමතියා කියනා විධියට 2012 වසරේ දුප්පත්කම ගැන කියන්නට හැකියාවක් නැත. නැවත මේ සමීක්ශණය කරනු ඇත්තේ 2012/2013 වකවානුවේ වන අතර ප්‍රතිපල ලැබෙනු ඇත්තේ 2014 මුල් කාර්තුවේ පමණය.

දුප්පත්කමේ අඩුවීම හෝ වැඩිවීම රටේ ආදායම, ආදායම් බෙදී යාම, ජීවන වියදම, බඩුමිල වැනි කාරනා මත රඳා පවතියි. 2006 දී 18.2 වුනු එක 2009දී 8.9 අඩුවූ නිසා 2012දී එය එම වේගයෙන්ම පහල බැස 5.2ට පැමිණිය හැකියයි පැවසිය හැක්කේ ඇමරිකාවට ඇති ලොකුම ඇම්ම ලංකාව ආක්‍රමණය කිරීමට පොටක් පාදා ගැනීමයයි කියන අයටම පමණකි. රාජිත එවැනි ආණ්ඩුවක සාමාජිකයෙකු නිසා රාජිතට ඕනෑම බොරුවක් කීමට අයිතිය ඇත.

රාජිත විවාදයකට ගියත් යන්නේ හරි සංඛයාලේඛන හෝ වාර්තා කියවන්නේ නැතුවය. කටින් ගසා විවාද කරන්නට ගොස් ජේ.වී.පී කොල්ලෝ ඉස්සරහා ටිං කිරි ගාගත් වාර අපමණය.

දුප්පත්කම පිලිබඳ මුදල් අමාත්‍යාංශ වාර්තාව පහත ලින්ක් එකෙන් ලබාගන්න


[3]

ගෘහස්ත ආදායම 2009/2010


පවුලක දළ මාසික ආදායම (ජාතික) - රු. 36,451

නාගරික පවුලක දළ මාසික ආදායම - රු. 47,783

ග්‍රාමීය පවුලක  දළ මාසික ආදායම - රු. 35,228

වතු ආශ්‍රිත දළ මාසික ආදායම - රු. 24, 162




[4]

ගෘහස්ථ වියදම


පවුලක දළ මාසික  වියදම  (ජාතික) - රු. 31,331

නාගරික පවුලක දළ මාසික  වියදම  - රු. 44,928

ග්‍රාමීය පවුලක  දළ මාසික  වියදම - රු. 29,423

වතු ආශ්‍රිත දළ මාසික  වියදම  - රු. 23,988

[5]

නාගරික ජනතාවට රු.3000 ඉතුරු කරන්නටත් පුලුවන් මේ සංඛයාලේඛන වලට අනුව.

නාගරික පවුලක දළ මාසික ආදායම - රු. 47,783
නාගරික පවුලක දළ මාසික  වියදම  - රු. 44,928
                                                              ---------
ඉතුරු                                                 රු. 3000


රිපෝට් එක හදපු ආචාර්ය මහාචාර්යලා වාර්තා කරන අන්දමටම ආදායම වියදම බැලන්ස් වෙනවද කියලා ගෙදර නෝනාගෙන් අහලා දැනගන්න.

සම්පූර්ණ වාර්තාව මෙතනින් ගන්න

    


4 comments:

යෝධයා said...

දුප්පතෙක් දැක්ක කාලයක් මතක නෑ....

Anonymous said...

අරක්කු වලට යන ගාන?

Indika Cartoon said...

atha wanna athi.. mu malu mudalali laga jarawan jiwath wana akak na... mu kohomada janathwa gana danna....

Anonymous said...

Adath ekek moda kathaawak kiwwa. Ee thamai Bus Welgama. Eya kiyanawaa bus gaasthu ihala giyaa kiyalaa bus wala yana pramaanaye aduwak nam nehe kiyalaa. Meweni moda kathaa kiyana harak thamai ape emathi waru.