Friday, December 30, 2011

ආතල් කුඩුවීම....

වසරක් ගෙවී නව වසරක් උදාවීම සැමට මහත් සතුටක් සැනසිල්ලක් උදාවන කාලයකි. පඩි නඩි බෝනස් නිසා ප්‍රයිවෙට් සෙක්ටර් කට්ටියද, නිවාඩු වැඩි නිසා පබ්ලික් සෙක්ටර් කට්ටියද, සේල් දමා අවුරුද්ද තිස්සේම විකුනාගන්නට බැරිවී දූවිලි වදිමින් එක්ස්පයර් වෙමින් තිබූ බඩු මුට්ටු කාගේ හෝ ඇඟේ ගැසීමට හැකිවුනු නිසා බිස්නස් සෙක්ටර් එකේ කට්ටියද මහත්වූ ප්‍රමෝදයෙන් මේ කාලය ගෙවාදමයි. ව්‍යාපාරයක් ලෙස මෙන්ම ව්‍යාපාර හා හොර ජාවාරම් ආරක්සාකරගැනීම සඳහා පොලිටිකල් සෙක්ටර් එකේ ඉන්නා කස්ට්ටියටද මේ ඉතා ප්‍රීතිමත් කාලයකි. අවුරුද්ද මුලුල්ලේම මරාගත් ඔපසිසන් හා ගවර්න්මන්ට් එවුන් එකට එක බෝතලය හිස්කරමින් මහජනයාට කොකා පෙන්වමින් ලොකු හෝටල් වල ජවුසන් නටන කාලයකි මේය.

එහෙත් අවාසනාවට අපේ ඇත්තන් කිහිප පොලකට නව වසරක් ලබාගෙන යන මේ මොහොතේ ආතල් සියල්ල කුඩුවි ඇත. අද්‍යාපන හා උසස් අද්‍යාපන ඇමති බානත් එග්සෑම් කොමාත් කෙලවරක් නොමැති පඹගාලක පැටලී දඟලමින් සිටී. එග්සෑම් කොමා කරන කියන දේවල් වලින් එතුමා දැඩි ආතතියකින් පෙලෙන බව පෙනන අතර ඇස් බී තුමාගේ මොන්ගල් තදවී ඇති බව පෙනේ. එග්සෑම් ලිවූ කොල්ලන් කෙල්ලන් මෙන්ම උන්ගේ අම්මලා අප්පොච්චිලාත්, උන්ට ඉගැන්වූ සෑර්ලා මිස්ලාත්, විස්වවිද්යාලයට නවකයින්ව සාදරයෙන් පිලිගෙන එක්සසයිස් කරවන්නට සැදී පැහැදී ඉන්නා අන්තරේ බුවාලාත් හන්දියක් හන්දියක් ගානේ ගේම ඉල්ලමින් ඉන්නාවිට උන්නැහේලා කෙසේ අවුරුදු සමරන්නටද?

ආතල් කුඩුවී ඇති අනෙක් කට්ටිය දකුණු වෙරල තීරයේ රජ උපන් ගම්මානය පැත්තේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියේ පොරවල්ය. මෙදා පොටේ දෙනවා බැටේ කියාගෙන හිටි උන්නැහේලාට දැන් හතරවරම් සිහිවී ඇත. කාලෙකින් ගානක් කපාගන්නට තිබූ චාන්ස් එක එක්තරා අම්බරුවෙකු විසින් හොරු අරන් ගියාවගේ කුඩු පට්ටම් කරන ලද්දේ ටැන්ගෝල් ඇන්ඩ් හම්බන්තොටස් ලයින් එකේම ආතල් නැති කරමිනි.

පෙනීගෙන යන විදියට හානිය ටැන්ගෝල්ස් වලින් පමනක් නවතීදැයි සැක සහිතය. සිද්දිය ආරංචිවූ සැනින් රේසින් කාර් පුතා කාල්ස්බර්ග් වලව්වට දුවගෙන යාමෙන් අම්බරුවාගේ කනෙක්ශන් වල තරම සිතාගත හැකිය. ඔය කනෙක්ශන්ම තිබූ කුඩුදූමීට මොලේ බුලට් පිටින්ම රටෙනුත් පනින්නට හැකිවීම නිසා ලඟදීම සුද්දා අම්බරුවාට වෙඩිතැබූ බවත් වැරදීමකින් ඌ කෙල්ලටත් වෙඩි තබා තමනුත් වෙඩිතබාගත් බවටත් ප්‍රචාරය නොවුනොත් පුදුමය. කෙසේවෙතත් සීන් එක බරපතල නිසා සන් ඇන්ඩ් අන්කල් අතරද වලියක් පැන නැගී ඇති බව කනින් කොනින් ආරංචිවේ. අන්කල් පුක්ස් ඉරාගෙන ටුවරිසම් ප්‍රොමෝට් කරද්දී සන්ස් ලාගේ අම්බරුවෙකු වැඩේට ගොම බාල්දියක් දැමීම මෙන්ම ගොමදැමූ අම්බරුවාව සන්ස්ලා ආරක්ශා කිරීමත් අන්කල්ට මල පන්නවන්නට හේතුවී ඇත. ඉන්ටර්නැශනල් පොලිටික්ස් ගැන අවබෝදයක් ඇති අන්කල් මේ නස්පුක්ලාගේ වැඩ නිසා එන අවුරුද්දේ ගෙන්න ගන්නට සිටි අට ලක්ශය අසූදාහට බහින්නට ඉඩ ඇත බව හොඳාකාරවම දනී.

ඔය අව් අස්සේ කොළඹ චන්දෙත් දිනා පක්සේ චන්දයද දිනූ රනිල්ස් ද සිය ගෝල බාලයින් හා බෝයිස්ලා සමග අවුරුද්ද ඉහලින් සමරන්නට ප්ලෑනක් ගසාගෙන ඉන්නට ඇති නමුත් යන යන තැන හූ පාර කන්නට සිදුවීගෙන යන ට්‍රෙන්ඩ් එක නිසා අප්සැට් වී ඇතැයි ආරංචි වේ. ප්‍රොජාතන්ත්‍රවාදය ගැන අදහස් ප්‍රකාස කිරීමේ නිදහස ගැන ලන්ඩන් පැරිස් නිව්යෝක් වල පවා දේසනා කරන උන්නැහේ හූ කියාපු එවුන් ගැන වාර්තාවක් ඉල්ලා ඇත්තේ හූ කීම අදහස් ප්‍රකාශ කිරීමක් නොවන බව විස්වාස කිරීම නිසාදෝ නැත්නම් හූ කීම නරින්ගේ විශයපථයට පමණක් අදාලයයි සිතන නිසාදයි පැහැදිලි නැත. කෙසේවෙතත් රනිල්ස් ඇන්ඩ් කම්පැනි එකටත් ආතල් ලොප්වී ඇති බව පමණක් සිතාගත හැකිය.

නව වසරේ ආතල් කුඩුවී ඇති අනෙකා ජොනියායි. ප්ලාස්ටික් බාස්කට් වලිය නිසා එළවලු ගොයියන්ටත් නාට්ටාමිලාටත් සෙකන්ඩ් වෙන්නට සිදුවී ඇති ජොනියාට ජනවාරි 15 ඩෙඩ්ලයින් එක බෝල සෙට් එක පවා නැතිකරගන්නට සිදුවන ඩෙඩ්ලයින් එකක් වන්නට පුලුවන. කොහේ හෝ ඇති ලෝක උරුම රක්ශිතයක් මැද ලඟදී හදපු සැප හෝටලයකට සෙට්වී දඩමසක් එලාගෙන බාබෙකිව් එකක් දගෙන ආතල් එකේ ඉන්නට තිබෙන කාලය බාස්කට් බාල්දිය ගැන වොරිකරමින් ඉන්නට සිදුවීම මොනතරම් ඛේදයක්ද?

තවත් ගොඩක් කට්ටියටද නුදුරු අනාගතයේම ආතල් කුඩුවීමෙ ලකුණු දැන් දැන් පහලවීගෙන යතත් වැඩියෙන්ම ආතල් කුඩුවී ඇති තවත් දෙන්නෙක් ගැන පමණක් කියමි.

එකෙක් අපේ හිටපු ටෙලිකොම් සභාපති සුමතිපාල මන්ත්‍රීතුමාය. එතුමා ටෙලිකොම් සභාපති කාලයේ නඩු වැටී, නඩුවෙන් රීමාන්ඩ් යන එක නවත්වාගන්නට හොස්පිටල් එකේ නේවාසික වී හොර-ලෙඩ ඇඳේ ඉඳිමින්ම වීඩියෝ කොන්ෆරන්සිං හරහා බෝඩ් මීටින් පැවැත්වූ තේජවංත සිංහරාජයෙකි. මේ සිංහරාජයා දැන් දෙකේ කොලයට වැටී ඇති ආකාරය බලන්නටත් දුකය. සිරිලංකා ක්‍රිකට් වලට පුදුමාකාර ස්නේහයක් දක්වන එතුමා ක්‍රිකට් චන්දෙට ආසීර්වාද ගන්නට රජතුමා හමුවෙන්නට ගියත් හමුවෙන්නට වෙලාවක් පවා ලබාගන්නට නොහැකිව අසරණවිය. "වැඩක් බලාගෙන හිටපං" යන පයින්ඩය රජවාසලින් එවුවේ මෛත්‍රීපාල හරහාය. බුකියේ අයිතිකාරයාට වුනත් නරක කාලෙට අස්පයින් වැඩකරන්නේ ඇත...ආතල් කුඩුවිය...

අනෙකා ගෘහ-ආර්ථික විශේෂඥ කබ්ස්රාල් තුමාය. එතුමාගේ ආතල් කුඩුකලේ ෆිච් රේටින් කාරයාය. රේටින් කාරයෝ කොහොමත් ඔහොමය. මීට මාස දෙකකට කලින් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් රේටින් කාරයා චිරාත් කාලයක් ඇමරිකාවට තිබූ AAA රේටින් එක පහලට දමා ඇමරිකන් ආණ්ඩුවේ මෙන්ම විපක්ශයේත් ආතල් කුඩුකලේය. හැබැයි ආණ්ඩුවත් විපක්සයත් එකට එකතුවී (කළබලවෙන්න එපා ඇමරිකාවේ ආණ්ඩුව හා විපක්ශය) ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ට රිඹයන්නට දුන් අතර අන්තිමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ප්‍රධාන විධයක නිළදාරියාට සිය ජොබ් එක දමා පුවර් බගර් කෙනෙකු ලෙස ගෙදර යන්නට සිදුවිය.

ඒත් ඉතින් ඇමරිකාව ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ලාට කරපු කෙලි ෆිච් රේටින් එකට කරන්නට අපේ කබ්සියාට හැකියාවක් නැත. කබ්සියාට පුලුවන් "ඇයි අපි ගැන විතරක් කියන්නේ.....යුරෝපයේ ආර්ථික අවපාතය ගැන කතා නොකරන්නේ ඇයි..." යනුවෙන් අසමින් ගොන් බස් දොඩන්නටය. පොතක් පත්තරයක් නොකියවන කබ්සියා නොදන්නවා වුනාට පසුගිය අගෝස්තු මාසයේ පටන් ලෝකයේ ඇති සියලුම ආර්ථිකවිද්‍යා සඟරා හා ව්‍යාපාරික පුවත්පත් යුරෝපයේ ආර්ථික අර්බුධය ගැන නොකඩවා වාර්තාකරමින් සිටියි. ලොව ප්‍රමුඛතම රේටින් සමාගම් තුන (Standard & Poor, Moody's, Fitch) මේ රටවල් ගැන ලියැවූ විශේෂඥ වාර්තා දිනපාතාම වාගේ මේ පුවත්පත් සඟරාවල පලවිය. කරුමෙට කබ්සියා ඒවා නුදුටු නිසාවෙන් ගොන් කතා කියමින් කාලය ගත කරයි. දැන් ඉතින් මේ නිවාඩු කාලය රජතුමා රැවටීමට තවත් ආර්ථික ප්‍රබන්ධයක් ගොතමින් ගතකරන්නට කබ්සියාට සිදුවෙනු ඇත.....ආතල් කුඩුය

ඉරකි තිතකි

4 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
This comment has been removed by the author.
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කබ්බගේ ආතල් තමයි හොඳම ආතල් , ලාංකාවේ ආර්ථිකය තමයි ලෝකේ 4 වෙනියට වේගයෙන් වැඩිවෙන්නෙ . අනික් අය වර්ධන වේගයන් අඩු පැත්තට තියල තියෙත්දි අපි වැඩි පැත්තට තියල සැලසුම් හදන්නේ .ආර්ථික විද්‍යාව ගැන යමක් කමක් දන්න වුන්ට නම් කබ්බා කියන්නේ ආතල් සාගරයක් කියල අහල තියනව . සමහර වෙලාට එහෙම නොදන්න අපිටත් කබ්බගෙන් හම්බුවෙන ආතල් එක සුලුපටු නැ

Anonymous said...

[මීට මාස දෙකකට කලින් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් රේටින් කාරයා චිරාත් කාලයක් ඇමරිකාවට තිබූ ඇඇඇ රේටින් එක පහලට දමා ඇමරිකන් ආණ්ඩුවේ මෙන්ම විපක්ශයේත් ආතල් කුඩුකලේය. හැබැයි ආණ්ඩුවත් විපක්සයත් එකට එකතුවී (කළබලවෙන්න එපා ඇමරිකාවේ ආණ්ඩුව හා විපක්ශය) ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ට රිඹයන්නට දුන් අතර අන්තිමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ප්‍රධාන විධයක නිළදාරියාට සිය ජොබ් එක දමා පුවර් බගර් කෙනෙකු ලෙස ගෙදර යන්නට සිදුවිය.]

අන්න ඒකට අපේ වසල හැත්ත. ෆිච් කාරයා දීපු රේටිම නිසා උංට ආතල් කණේය. සුද්දා වැඩ කරන්නේ එහෙමය. සුද්දාගේ පුක ලෙවකන කණ්ඩුලලා වැඩ කරන්නේ මෙහෙමය.

රංචාගොඩ මුදියන්සේ said...

"අන්න ඒකට අපේ වසල හැත්ත. ෆිච් කාරයා දීපු රේටිම නිසා උංට ආතල් කණේය. සුද්දා වැඩ කරන්නේ එහෙමය. සුද්දාගේ පුක ලෙවකන කණ්ඩුලලා වැඩ කරන්නේ මෙහෙමය."

--------------------------

ගොන් රජානෙනි, ෆිච් කාරයා ලංකාවේ රේටින් අඩු නොකල බව දැනගනු. [හක් හක් හක් අනේ ගොනෝ, පොඩියක් පසුබිම විපරමක් කරලාම කොමෙන්ට් එකක් දාපන්කො...]

උන් කීවේ චීනයද ඉන්දියාවද ඇතුලු අණතුරුදායක ආර්ථිකයන් ඇති රටවල් ගොන්නට ලංකාවද ඇතුලු කල බවය. අපේ කබ්සියා කලේ ඒ චෝදනාවට තාර්කිකව පිලිතුරු නොදී ෆිච්ලා යුරෝපය ගැන කතා නොකරන බව කියමින් හද්දා මැටිමෝල් කතාවක් කීමය. මාගේ හාස්‍යයට ලක්වුනේ එයයි.

රජපස පස්චාත් භාගය ලෙවකන, ඉන් වැටෙන සෑම දෙයක්ම දිව බොජුන් මෙන් ගිල දමන නුඹ වැනි අම්බරුවන් හට මෙවැන්නක් තේරුම් ගැනීමට නොහැකිවීම එතරම් අරුමයක් නොවේ. නුඹ වැනි ලෙවකන අම්බරුවෙක් තන්ගල්ලේදී කලේත් සුද්දන්ව ලෙවකක මේ රටට අද්දාගන්නට හදන නුඹ්ලාගේම ආණ්ඩුවේ ලෙවකන්නන්ගේ ව්‍යායාමය බිඳ දැමීමකි.....

ඒ ලෙවකෑම හොඳ දේසප්‍රේමී ලෙවකෑමක් වන්නට ඇති නේද?

තවත් එකක්....ෆිච් රේටින් එක ලංකාවේද ලියාපදිංචි සමාගමකි, එහි ඉන්නා ආර්ථික විද්‍යාඥයින් සුද්දන් නොව දේසීය කට්ටියයි....නරකද ඇමරිකාව ස්ටෑන්ඩර්ඩ් හා පුවර් එකට කෙරුවාවාගේ ෆිච් රේටින් ලංකා සමාගමට පුකට පයින් ගසා එලවා දැම්මොත්?