Wednesday, September 28, 2011

මහින්ද ඔබාමා හමුව හෙවත් ලන්ච් එකේදී චුට්ටක් හිනාවී අතට අතදීම

SOURCE : http://www.lankadeepa.lk/index.php/articles/5406
අවසානයේ එතුමා ඔබාමා හමුවිය. සාමාන්‍යයෙන් හමුවක් ලෙස හඳුන්වන්නේ නායකයන් දෙදෙනෙකු අඩුම ගණනේ විනාඩි පහක්-දහයක් හෝ ඉඳගෙන ද්වීපර්ශවිය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමයි.

එහෙත් මෙහිදී එවැනි සාකඡ්චාවක් අදහස් හුවමාරුවක් සිදුවී නොමැත. සිදුවුනේ මහින්ද රාජපක්ශගේ ශරීරය හා ඔබාමාගේ ශරීරය සුලු මොහොතකට එකිනෙකට සමීප වීම හා අතට අත දීම පමණකි.

බැංකි මූන් ගේ ලන්ච් එකේදී මෙවැනි "හමුවීම්" නම් සිය ගණනක් සිදුවන්න්ට ඇති. එජා සංවිධානයේ සාමාජිකයින් 192දෙකෙන් අඩුම ගණනේ රටවල් 100ක හෝ රාජ්‍ය නායකයින් බැංකී මූන් ගේ ලන්ච් එකට එන්නට ඇත. මේ ආ සියලු රාජ්‍ය නායකයින් සමග ලොව බලවත්ම රටේ නායකයා අතට අත දී සුබපතන්නට ඇත.

එවැනි අතට අත දී ආචාර කිරීම් වෙනත් රටවල මාධ්‍ය වලට සමහර විට වැදගත් ප්‍රවෘත්තියක් නොවන්නටත් ඇති. ප්‍රවෘත්තියක් වූවත් එවැනි ආචාර කරගැනීම් "රාජ්‍ය නායක හමුවක්" ලෙස පෙන්වන්නට උතසහ කලේදැයි යන්න සැක සහිතය.

ඒත් අපේ මාධ්‍ය වලටනම් මෙය "හමුවකි"

කතාවේ වැරැද්දක් කියන්නටත් බැරිය දෙන්නෙක් තත්පරයකට හරි හලෝ මචන් කිව්වානම් එයත් හමුවීමකි, නැතහොත් හමුවකි.

කෙසේවෙතත් අවුරුදු ගාණක් පෙරුම් පුරලා එතුමාට ඔබාමා මෙහෙමවත් හමුවුනු එක හොඳය. මීට කලින් දෙන්නා මෙමෙම "හමුවක්" වුනාදැයි ශුවර් නැත. 



11 comments:

Anonymous said...

ඕව නම් ඉරිසියාවට කියන කතා.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඕව නම් ඉරිසියාවට කියන කතා.
------------------
හැක් හැක්....ඔවු මචෝ, මෙච්චර කාලයක් ජීවත්වෙලත් මට බැරිවුනා ඔබාමා හමුවෙන්න....මෙයාට පුලුවන් වුනානෙ........

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඇයි කලින් වතාවක පොටොත් ගත්තේ

ජයශ්‍රී said...

where is my comment?

Any problem?

Anonymous said...

එදා වේල පෝස්ටිං

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී said...
where is my comment?

Any problem?
=======
ඇයි මචෝ? කොමෙන්ට් එකක් දැම්මද?

දැම්මනම් තියෙන්න ඕනැ මචෝ කොමෙන්ට් මැකිලි මගේ ලඟ නෑ...

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
එදා වේල පෝස්ටිං
--------------------
ආන්ඩුවත් එදාවේල ටුවර්ස් වෙච්චි එකේ අපි මොකෝ?

Anonymous said...

he he

well said

ජයශ්‍රී said...

@කණ්ඩුල,
ලියපු වචන නම් මතක නෑ.මම ඇහුවේ මෙකත් Photoshop හමුවක් වෙන්න බැරිද කියලයි.

රංචාගොඩ මුදියන්සේ said...

ජයශ්‍රී said...
@කණ්ඩුල,
ලියපු වචන නම් මතක නෑ.මම ඇහුවේ මෙකත් Photoshop හමුවක් වෙන්න බැරිද කියලයි.
----------------------------

මේක නම් ෆොටෝශොප් හමුවක් නෙමේ බැං කී මූන්ගේ "ටක්ශොප්" එකේදි ලන්ච් ගන්න ඉස්සෙල්ලා වුනු හමුවීමක්..... :D

Anonymous said...

ඔබ මේ බ්ලොග් එක කියවලා තියෙනවද?
ලංකාවේ බිහිවුණු හොදම බ්ලොග් එක මේක කියලා තමයි මම හිතන්නේ,(මම ඔබෙනුත් එම ලක්ෂණ දකිනවා.)
මේක දැන් ඩිලීට් කරලා තියෙන්නේ.ඒ වුනාට වෙන විදියකට කියවන්න පුළුවන්.
මේ ලින්ක් ඒකෙන් ගිහින් කියවලා බලන්න.
තාක්ෂණික ගැටලුවක් තියෙනවානම් කියන්න.

http://web.archive.org/web/20110107163819/http://taboosubjects.wordpress.com/