Saturday, September 10, 2011

මුසම්මිල් දිනුවත්, මොරගොඩ දිනුවත් ඇත්තටම දිනන්නේ රජතුමාය.



Act 1

චන්ද්‍රිකා මැතිනියගෙන් අවසර නොගෙන හිරු පවා නොනගින සමයයි. නාගරික සංවර්ධන ඇමතියා කැපුවත් කොළ මංගල සමරවීර මැතිතුමාය.

කොළඹ නගරසභාව එජාප පාළනයේ පැවතින. එය කඩා දැමීමට මංගලලා එස්.බී ලා දැරූ සියලු ව්‍යායාම අසාර්ථක විය. ඊළඟ පියවර වුයේ කෙසේහෝ නගරසභාවේ දළ බිඳීමයි.

කොළඹ නගර සභව සතුව තිබූ ගාලු මුවොදොරපිටිය සංවර්ධනය හා අලංකරණය සඳහා නාගරික සංවර්ධන අධිකාරයට පවරා ගැනුනි. දෙවැනුව, කොළඹ නගරසභාව සතුව තිබූ විහාරමහා දේවී උද්‍යානය සංවර්දනය හා අලංකරනය සඳහා පවරා ගැනුනි.

තෙවැනුව බේරේ වැව රවුම පවරා ගැනුනි. මෙහිදී නම් මංගල සමරවීර මැතිතුමා ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ගෙන් "නපුංසකයා / අර්ධ මිනිසා" යන ගෞරව නාම ලබාගත් නමුත්, නීතියේ බලයෙන් මංගල වැඩේ කරගත්තේය.

චන්ද්‍රිකා/මංගල ජය ගත්තේය, එජාපය චන්දය දිනූ මුත් පැරදුනි.


Act 2

කණ්නාඩියෙන් එජාපය දිනුවේය. එයට දරදිය ඇද්දේ හිටපු එජාප ඇමති සිරිසේන කුරේ මහතාය. සැලැස්ම වුනේ ත්‍රීවීල් කාරයා දිනූ පසු ඔහු ඉල්ලා අස්වී සිරිසේන කුරේ මහතා නගරාධිපතිවීමයි.

රාජපක්ශලා ඊට ඉස්සර විය. ත්‍රී වීල් කාරයා මන්දිරයේදී රජපස දෙපතුල වැටී සෙරප්පු ලෙවකමින් රජට පක්ශපාත බව පලකලේය. ඉන්පසු පුරපති නිවස ත්‍රී වීල් පාක් එකක් හා එළුවන් කුකුළන් ඇති කරන ගොවිපොලක් විය.

වැඩේ කැත ඉවසන්නටම බැරි නිසාදෝ ත්‍රී වීල් කාරයා පන්නා කොළඹ කොමසාරිස් කෙනෙකුට පැවරුවේය. එජාපය චන්දය දිනුවත් සැබැවින්ම දිනුවේ රජතුමාය.

Act 3, Scene 1

මුසම්මිල් දිනයි, දිවුරුම් දෙයි. පසු දින මන්දිරයේදී ජනපති හා හැළප කා තේ බී කොළඹ නගර සභාව බන්දේසියක තබා පිලිගන්වයි.

Act 3, Scene 2


මුසම්මිල් දිනයි, කියූ පරදිම, රජයේ සල්ලි මලු එපා කියමින් වැඩ අරඹයි. කොළඹ නගර සභාවේ සම්පත් එකින් එක නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනෙයි. අන්තිමට කොළඹ නගරසභාව රැස්වෙන නගරස්භා ගොඩ නැගිල්ල පවා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනෙයි. ඉන්පසු දූශණ ඉහවහාගිය කොළඹ නගරසභාව විශේෂ කොමසාරිස් වරයෙකුගේ පාලනය යටතට පත්වේ. අපරාදේ සල්ලි මලු ටික ගත්තානම් ඉවරයිනේ යයි සිතමින් මිසම්මිල් නිවෙස බලා යයි.

6 comments:

Kalu Pusa said...

Act 3, Scene 2 වෙයි sure එකටම

kasunjith said...

මම නං ලොවෙත් තම්බියෙකුට ඡන්දෙ දෙන්නෙ නෑ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අන්තිමට කියපු එක වෙයි ගොඩක් දුරට

Anonymous said...

ratata wena de bala bala ratea inna bari ekai duka. rate inna tharamak inne manasika rogiyoi, gon wahanselai witharai. Mole thiyena un okkoma rata atha arala yanawa. eth eka deyak thiyenne, modayo pirunu ratak inna kalawa igena gaththamam me rata paaraadeesayak wena eka nam niyamai.....moda gonnu pirila innakam ona deyak karala goda yanna puluwan me rate. Ape minissu kawadaaa thamange agaya therum ganee da danne na. adumagaane thamange watapitawe wenne monada kiyalawath danne na

ජයශ්‍රී said...

most probably Act 3, Scene 2 will happen.

මගේ කතාව said...

සමහර කරුණු ගැන එකග වීමට බැරි උනත් කොටසක් ඇත්තය. නමුත් පෙර තිබුනාට වඩා කොළඹ තත්ත්ව දැන් යහපත්ය. එයට හේතුව නාගරික කොමසාරිස්ගේ හපන්කම් වලට වඩා ගෝඨාභය සාදකය බව මගේ හැගීමයි. ගෝඨාභය සුපිරි නැතත් ඉන්නා හා සිටි ගෝතයන්ට සාපේක්ෂව සැහෙන එදිරියෙන් සිටී.