Thursday, August 11, 2011

ඩබල් ඩොක්ටර්ට ජයවේවා!


එතුමාට තවත් ඩොක්ටරේට් එකක් ලැබිලාය. ඩොක්ටරේට් එකක්වත් නැති, යන්තම් මාස්ටර්ස් ඩිග්රියක් විතරක් ඇති අපි දැන් ඊරිසියාවේ පුපුරමින් බ්ලොග් පෝස්ට් ලියනවාය. අපි වගේ ඊරිසියාකාරයෝ මාර දේසද්‍රෝහීන් වෙති.

එතුමාගේ බුද්දි මහිමය ගැන අපට වඩා ස්ලැවික් රුසියානුවන්ටත් මැන්ඩරින් චීනුන්ටත් තේරුම් ගිහින් තියෙන එක හොඳය. මේතරම් වටිනා පංචස්කන්ධයකට...සොරි....නැණ පහන් කන්දකට ගෞරවයක් ලැබුනාම හිනාවෙන්න බ්ලොග් ලියන්නේ උන්ට තරම් දැනුමක් අපට නැති නිසාය. අනික ඩොක්ටරේට් එකක් වෙනුවට දෙකක්ම හම්බුවුනාම රටට මහත් ගෞරවයක් නොවේද? ඔබාමා නිකම් කළු කෝට් ලොයර් කෙනෙක් වුනාට අපේ රජතුමා ඩබල් ඩොක්ටර් කෙනෙක්නෙ...

දැන් එතුමා ඩබල් එකේම කියුබාවට හරි වෙනුසුවේලාවට හරි ගියානම් තවත් ඩොක්ටර් පට්ටමක් ලැබෙනවා සුවර්ය. ෆිඩෙල් අයියා ඔත්පල වෙලා නිසා රාවුල් කැස්ට්‍රෝ මල්ලි රාෂ්ඨ්‍රපාලනය පිලිබඳව ගුරුහරුකම් ගන්නේත් අපේ රජතුමාගෙන් නොවැ. එතකොට ඩබල් ඩොක්ටර් ට්‍රයි-ඩොක්ටර් වෙනවාය. ඔහොම ට්‍රයි-ඩොක්ටර් වෙලා ඉඳලා ඉඳලා කම්මැලි හින්දා උතුරු කොරියාවට හරි බුරුමෙට හරි ගියොත් ඔන්න එහෙනුත් ඩොක්ටරේට් එකක් ලැබෙනවාමය. එතකොට හතරක් තියෙන නිසා ක්වඩ්-ඩොක්ටර් ය. රටටම මාර ආතල්ය. පේමන්ට් වල කිරිබත් උයන්න තරම් සොමි වැඩක් නොවෙද එය? එතකොට හරියට ඉන්ටෙල් ප්‍රොසෙසර් කොම්පැණියේ ක්වඩ්-කෝර් ප්‍රොසෙසර් එක වගේය, පරණ වෙලා අවුට්-ඩේටඩ් වුනත් තාම නියමෙට වැඩකරනවාය.

ඉතින් අපේ ක්වඩ් ඩොක්ටර්තුමා ප්‍රජාචන්ච්‍රවාදය සුරකිමින්, දැහැමෙන් හමුදා-හයියෙන් රටපාලනය කොරගෙන ඉන්නකොට ඉරාන් කාරයාත් එන්න කියනවාය. ගිහින් බැලුවාම තව ඩොක්ටර් පට්ටමක් හා "ඩිප්ලෝමා" කියලා තඩි අකුරෙන් ගහපු සහතිකයක් දීලා මුස්ලිම් රටක් නිසා ගැහැණුන් ගෞරවය රැකගෙන පැත්තක ඉන්දැද්දී පිරිමි එතුමාව බදාගෙන ඉඹිනවාය. දැන් පහක් තියන නිසා පෙන්ටා ඩොක්ටර්ය. තවත් කසිකබල් රටවල් දෙකතුනක්ම තියෙන නිසා එතුමාට ඩොක්ටරේට් හතක් යනකම් යන්නට පුලුවන්ය. එතකොට තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ශඩ්-භාශා පරමේශ්වර වූවාසේ අපමහා රජතුමාට ශඩ්-ඩොක්ටර් පරමේශ්වර වන්නට පුලුවන්ය.

ඊරිසියා කාරයෝ බ්ලොග් ලියත්වා!!!




6 comments:

Anonymous said...

well said

Charmi said...

අම්මපා ඉරිසියාව නේන්නං........

Anonymous said...

මේවා දැක ඊරිසියාවේ පැළෙන කණ්ඩුල දුටුවාම අපට පුකෙනුත් හිනාය

තිසර said...

එක ඩොක්ටරේට් එකක් තිබුනාම ඩොක්ටර් මර්වින් හා සමවනවාය. එනිසා පින්වත් මහරජතුමා මර්වියා පරාජය කරනු වස් තව ඩොක්ටර්රේට් එකක් ඉල්වාගෙන ඇත.හුදී ජනතාව එපවත් දැන මර්වියා පරාජය කොට ඔහුට උපදෙස් දීම වස් ඩබල් ඩොක්ටර් වීමේ ආශ්චර්යය වෙනුවෙන් දිනහතක් කිරිබත් කා විපරම හා පසුවදන බලා කැමතිනම් නිදිවදින ලෙස මෙයින් දැනුම් දී සිටිමු.

(සත් ගුණවත් චීන්නුන්ගේ මෑණිවරැන් සිහිපත් කිරීම අනවශ්‍ය බව කරැණාවෙන් සළකන්න.)

මම said...

කණ්ඩුල සර්ව අසුභවාදියෙකි

Anonymous said...

AYIOOOO