Wednesday, October 6, 2010

ගිරග්ග සමජ්ජ

ජනපති දෙවැනි ධුර කාලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උළෙල අනුරාධපුරයේදී

අනුර බාලසූරිය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය ලබන මස 18 හෝ 19 දින ඓතිහාසික අනුරාධපුර රාජධානියේදී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට නියමිතය.

දෙවන ධුර කාලයේ දිවුරුම් දෙන දිනයේදී මාගම්පුර වරායට පළමු නැව සේන්දු වීමත් සමඟ එදින මෙරටට ඓතිහාසික දිනයක්‌ බවට පත්වනු ඇතැයි යෞවන කටයුතු ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

තවත් නැටුමකට සියල්ල සූදානම් වෙමින් තිබේ. මේ නැටුමත් ඓතිහාසික නැටුමක් බව පැවසේ. දෙවැනි පදවිප්‍රාප්තිය වෙන දිනයේම මාගමට පලමු නැව පැමිණීමත් මහත්වූ ඓතිහාසිකමය සන්ධිස්ථානයක් වන බව ඩලස් කියා දිවයින වාර්තාකර තිබේ. ඇත්තය පදවිප්‍රාප්ත වනවිටම නැවක් ඒම වියසිදුරෙන් අහසබැලීම වැනි අවම සම්භාවිතාවිතාවයක් ඇති සිදුවීමකි.

ලෝකයේ වරායවලට නැව් එන්නේ, නැවේ කප්පිත්තාට ඕනෑ වෙලාවට නැත්නම් නැවේ ගෙනයන බඩුවල අයිතිකාරයන්ට ඕනෑ වෙලාවට මිස ජනාධිපතිකෙනෙකුගේ ටයිම් ටේබල් එකට නොවේ. ඒ වෙන රටවලය, දියුණු වරායවලය. ඒත් ඉතින් ලංකාවේ නම් මේ ට්යිමින් සෙට්වෙන්නේ පුදුමාකාර විධියටමය. හැමදේම කැරකෙන්නේ එතුමාට ඓතිහාසික ෆොටෝ ඔපර්චූනිටි එකක් දෙන්නට, හැම චැනල් එකකම ලයිව් නොපෙන්නා බැරිවෙන විධියටය. 

ඔය කියන මාගම වරායට භාන්ඩයක් යවන්නට නැවක ඉඩක් වෙන්කරගන්නට කිසිම නැව් ඒජන්තයෙකු හරහා තවම බැරිය. පදවිප්‍රාප්තියේදී සේන්දුවෙන නැවේ ඉඩ තියේවිදැයි කියන්නටත් බැරිය, ඊට පස්සේවත් පුලුවන් වෙයිදැයි දන්නේ නැතිය. කරදියවරෙන් පස්සේ වරාය බලන්නට ගිය එවුන් "මොන් හුත්තක්ද ඕයි, කෝ වතුර?" කියලා අහල පහල එවුන්ගෙන් අසමින් කරදිවර දා බඩයන්නට කොමෙන්ට්‍රි දුන් ටීවී චැනල් නිවේදකයින්ගේ මෑණිවරුන් මතක්කරගත් ආකාරය අපි සියැසින් දැක්කෙමු.

ඒත් එතකොට නැටුම නටලා, සල්ලි පුච්චලා ඉවරය. ප්‍රභාකරන් ගොයියා කිව්වාවගේ සති දෙකේ මතක කාලය දැන් ඉවර නිසා දැන් අලුත් නැටුමකට නිමිත්ත එළැඹී ඇත.

වැඩේට ගෙන්න ගන්නා නැවට ( ප්‍රායෝගිකවනම් ලොකු බහුදින ට්‍රෝලර් බෝට්ටුවක් මිස නැවක් විය නොහැකි බව අපිට හිතෙන්නේ අපි දේශද්‍රෝහීන් නිසාම වන්න ඇත ) ගෙවන ගාන, ඕක ලයිව් දෙන්නට රූපවාහිනී විකාශ චන්ද්‍රිකා සමාගමට ඩොලර්වලින් ගෙවන ගාන, පදවි-ප්‍රාප්ති ගිරග්ග සමජ්ජයට අනුරාධපුරයට හා මාගමට පටවන දසදහස් ගණන් බත්බැලයන්ට, ආරක්ශක හමුදා පොලිස් බලඇණිවලට වාහනවලට, රියදුරන්ට, අලි ඇතුන් නැට්ටුවන් හා අනෙක් සැරසිලිවලට පුච්චන මහජන මුදල් සම්භාරය ගැන කතාවක්වත් නැත.

මේ පුච්චන්නේ මැද-පෙරදිග ඇණ ගසාගෙන ගුටිකකා කඹුරන රජ්ජුමාලාවන්, කොරියාවේ ජපානේ ඉතාලියේ පව්ගෙවන මිනිසුන් හා ඇඟලුම් කර්මාන්තයේ දුක්විඳින ගැහැණුම් මෙරටට ගෙන්වාගන්න ධන සම්පත බව මේ නරුමයින් මදකට හිතන්නේ නැත.

බල්ලන්ට දෙන බත් ඇටයත් මහජන මුදලින් දන්දෙන මහ රජ්ජුරුවෝත්, කෝවට්ටයෝත් කටුකන බැලයෝත් උරා බොන්නේ මේ රටේ සාරය බවත් අනාගතය බවත් මිනිසුන් තේරුම්ගෙන නැගී සිටින තුරු මේ ගිරග්ග සමජ්ජ සංදර්ශණ සන්නිය කෙලවර වෙන්නේ නැත. කරදියවර බලාගන්නට ගොස් මඩගොඩේ සුලුදිය පහරක් බලාගෙන සිට බඩගින්නේ ගෙඩ්ගරගියාක් මෙන් හැමැදෑමත් රැවටෙනු ඇත.

9 comments:

Anonymous said...

ආ මෙන්න කාලෙකට පස්සෙ දොඩවන්න ඇවිත්

Anonymous said...

"මොන් හුත්තක්ද ඕයි, කෝ වතුර?"

අවජාතකවාදී වේසිගේ පුතාලාට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නුවත් රටෙ දියුණුව පේන්නේ නැත.

ඇටමැස්සා said...

@ Anonymous:
සහතික ඇත්ත. රජාගෙ ළමයි ( වරදවා වටහා නොගන්න රජාගේ පමණි, මව වෙනස්විය හැක) නොවෙන අවජාතකයන්ට මේ දියුණුව පෙනෙන්නෙ නෑ නේන්නම්.
දියුණුවෞ උඹේ පංගුව තාත්ත ලඟ තියෙනවා, ඉල්ලගනින් පුතේ.

Anonymous said...

ජාති ද්‍රෝහී පර්සිය තා මෙපමණ කලක් කණ්ඩුලගේ කට වසා තැබුවේ මන්ද? මේ කුමන්ත්‍රනය වහා රටට හෙලි කරව...පර්සිගේ සල්ලිවලට කණ්ඩුල නවත්වන්න බැරි බව දැන් ඔප්පු වී හමාරය. විදේශ කුමන්ත්‍රනය පැරදිනි.

Anonymous said...

ලකාවෙ සියලුම බත් බුදින ගව රෑලට මෙවා ඔප්පු කර පෙන්වුවාට වෑඩක් නෑත. මහරජ සහ නරි රෑල ඔවුන්ට ඔඋන්ගෙම අසුචි දියකර පොවා හමාරය.මෙම ගව රෑල උම්බෑ කිම හෑර වෙන යමක් දන්නෙ නෑත. මෙම ගවයන් තමන්ගෙ එලදෙනට රජතුමා රති කෙලිය කලද උජ්ජාරුවෙන් උම්බෑ කිම හෑර වෙන යමක් කරන්නෙද නෑත.මක්ද යත් ඔවුන් එය සලකන්නෙ එල දෙනගෙ අහවල් එකට රාජ තෙජස ලෑබෙන්නක් ලෙසිනි.
මෙම ගව රෑලගෙ රුදිරය වෙනුවට දුවන්නෙ ගොම මිශ‍්රවු ජාතිවාදි මුත්‍රාය.එය හොදින් දන්නා හිවල් වන්සලා සමග නරි රෑල ජාතිවාදය මාකට් කරති.

දුකා said...

අපිත් ගිරග්ග සමජ්ජ බල බල ආතල් එකේ ඉමු මචං . .

මොන මගුලටද අසාධාරණේ දැකල ඇඟේ ලේ පුච්ච ගන්නේ . . .

දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න හැටි අපේ රටේ ජහමනයාගෙන් අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් ගොඩේ ගොඩ . .

රංචාගොඩ මුදියන්සේ said...

"අවජාතකවාදී වේසිගේ පුතාලාට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නුවත් රටෙ දියුණුව පේන්නේ නැත."

==========================

ලිං මැඩියන්හට වරායක් කූඹියාට අහවල් බිංදුව වගේ ලොකු බව අපි දන්නෙමු. වරාය හදලා ඇතිවෙන දියුණුවෙන් මුලු හතරවරිගෙම ගොඩ යයි කියා සිතාගෙන ඉන්නා දුප්පත් බත් බැලයින්හට අප කියනා සත්‍යය වහකදුරු මෙන් බව අපි දන්නෙමු.

ලොක්කා නියමෙට රට ගෙනියනවා, තවටික දවසකින් සංවර්ධනය උතුරා ගිහිල්ලා, අතමිට සරුවෙලා දෑවැඩද්ද නැතුව ගෙදර නාකි වෙන නංගීව දීගන්නට, රස්සාවක් නැති නිසා වෙන මිනිහෙකුට ලැබෙන්නට යන කෙලි පැංචීව පරිස්සම් කරගන්නට මහ රජ්ජුරුවන්ගේ මහා සංවර්ධනයට පින්සිද්ධ වෙන්නට පුලුවන් කියලා හිතාගෙන ඉන්න අහිංසක අමනයින් ගැන අනුකම්පා කරන්වා හැරෙන්නට වෙන මොනවා කරන්නද?

Anonymous said...

ගිරග්ග සමජ්ජ,කරදියවර,සිහලයෙ මහා වන්සකතාව,සලන්හන්තෙ,අබා,පබා,බබා..බ්ලා බ්ලා බ්ලා.... බුහාහාහාහ්.... දෑන් නම් දාන්ඩ අලුත්ම එකෙක් හොයාගෙනය.
හෑබෑයි ඔකා දමන නම්වල අර්තය තෙරෙන්නෙ උටම පමනි.මු මොකෙකුට වත් තෙරුම් ගන්නට බෑරි අමුතුම භාශාවක් කතාකර රජ්තුමාව කොර කර ඈත.දෑන් මු මෙ භාශාව මාකට් කර හොදට ගරති.ලගදිම මු මොඩයන්ට පෙන්නෙ නෑති රජ ඈදුමක්ද මහනවා නොඅනුමානය.

Anonymous said...

http://www.lankadeepa.lk/2010/10/09/front_news/01.htm