Thursday, April 12, 2012

බොරු සුනාමි අණතුරු ඇඟවීමේ අධිරාජ්‍යවාදී ඇමරිකන් කුමණ්ත්‍රණය පරදවමු! - විමල් වීරවංශ


පැසිෆික් සුනාමි අණතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඊයේ සුනාමි අණතුරු ඇඟවීමක් නිකුත්කලේය. ඒ ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් නිසාය.

මුළු රටම කළබල විය. මිනිසුන් ලවක්දෙවක් නැතුව දුවන්නට විය. අපගේ දේශප්‍රේමී රජය ජනතාව සුනාමි වලින් රැකගැනීමට මොනතරම් සූක්ශම සැළසුම්, වැඩපිලිවෙලව යොදා බුරුතු ගණන් මහජන නියෝජිතයින් පත්කලටද ඇමරිකන් පැසිෆික් සුනාමි අණතුරු ඇඟවීම නිසා ජනතාව නිරපරාදේ බොරු භීතියකට පත්කලහ.

මේ සුනාමි අණතුරු ඇඟවීම වෙන කිසිවක් නොව වේගයෙන් දියුණුවෙමින් යන මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කොට දේශප්‍රේමී රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය වැඩිකිරීමේ ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් බවට සැක නැත.

සිරස වැනි ඇමරිකන් ගැති මාධ්‍ය ඔස්සේ දියත් වුනු මේ කුමණ්ත්‍රණයට රජයේ මෝඩ නිළධාරීන්ද හසුවී සුනාමි අණතුරු නිකුත් කලහ. එයින් ජනතාව වඩාත් කළබලයට පත්විය. මේ කුමණ්ත්‍රණය වහා පැරදවිය යුතුමය....

දේශප්‍රේමී ජනතාවනි මින්පසු සුනාමි අණතුරු ඇඟවීමක් ලැබුණු විට සරම කරටගෙන දුවන්නට පෙර අණතුරු ඇඟවීම ආවේ ඇමරිකාවෙන්දැයි සොයා බලන්නට උත්සුක වන්න. අණතුරු ඇඟවීම ඇමරිකාවෙන් නම් එය ඔබාමා-හිලරි-බ්ලේක් කුමණ්ත්‍රණයකි. නිවී හැනහිල්ලේ ගෙදරට වී සිටින්න