Thursday, December 29, 2011

නොහැකියාව....


උසස්පෙල ප්‍රතිපල අවුල් ජාලයකි. නිළධාරීන් හා මැති ඇමතිවරු පොදුජනතාව ඉදිරියේ කෙලින කබර වෙන රටක සිදුකලානම් ජනතාව උන්ට ගහලා පන්නන බව සිකුරුය. දැන් කියවෙන ආකාරයට අවුල සිදුවී ඇත්තේ පරිගනක දෝශයකිනි. මෙතෙක් කල් ප්‍රතිපල නිකුත්කරන්නට යොදාගත්තේත් ඔය පරිගනක ජාලයම නොවේද? ඒවා හරිගොස් මේවා වරදින්නට හේතුව පරිගනක ජාලයේ වැරැද්දද නැතහොත් එම උපකරන භාවිතාකර ප්‍රතිපල දත්ත කවා සැකැසුම් කරන ක්‍රමවේදයේ වරදක්දැයි කිසිවෙකු නොකියයි. ඔය අස්සේ තවත් නිළධාරී වෘශභයෙක් පසුගිය විභාගයක විභාග අංක ඇතුලුකල විට වැරදි ප්‍රතිපල ලැබෙන බව කියාතිබේ. පසුගිය අංකයකට අලුත් විභාගයක ප්‍රතිපල නිකුත්වෙනවානම් විභාග දෙපාර්තමේතුවේ පරිගනක ලොක්කන් සියලුදෙන ගෙදර යැවිය යුතු තරමේ බරපතල වැරද්දකි. නැතිනම් මේ කතාව කියූ ලොක්කා මනෝ වෛද්‍යවරයෙකු ලවා සිය මොලය පරීක්ශාකරගත යුතුය.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ නොහැකියාව මිස වෙන කිසිවක් නොවේ. චිරාත්කාලයක් මේ රටේ නිවැරදිව කලට වෙලාවට සිදුවුනු එක් දෙයක් ඇත්නම් ඒ නිසි කලට උසස්පෙල සාමාන්‍යපෙල 5 ශිෂ්‍යත්වය වැනි විභාග පැවත්වීමත් කලට වෙලාවට නිවැරදිව ප්‍රතිපල නිකුත්වීමත්ය. පසුගිය සෑම රජයක් යටතේම මේ ක්‍රියාවලිය නිවැරදිව දක්ශ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ සිදුවිය. එහෙත් අප රට ආස්චර්යය කරා දක්කාගෙන යන්නට වලිකන, තමන් තරම් කෙරුමන් නැතයි කයිවාරු ගසන රජපස රජයේ බූරු නඩය විභාග ප්‍රතිපල වලටත් කෙලවා තිබේ. දැන් ලයිසියම් ග්‍රේරෝ අදීක්සන මන්ත්‍රී ලෙස පත්කොට තිබේ. හරියට කුඩු දුමින්ද ආරක්සක අමාත්‍යාංශයේ අදීක්ශනයට පත්කොලාක් මෙනි. එය අහවර වුනේ හතරපස් දෙනකු මරාගෙන අදීක්සන මන්ත්‍රීගෙත් මොළයේ බුලට් හිරවීමෙනි. ග්‍රේරෝගේ අදීක්සනය යටතේ උත්තර පත්‍ර පරීක්ශාවට ඉන්ටර්නැශනල් ස්කූල් ටීචර්ලා ගන්නට ඉඩ ඇත. ප්‍රතිපල නිකුත්කිරීමේ පරිගනක කටයුතු ඉන්දියාවේ බැංගලෝර්හි අයි.ටී කොම්පැනියකට අවුට්-සෝර්ස් කරන්නටද බැරි නැත. එතකොට වැරැද්දක් වුනු විට ඉන්දියාන් කොම්පැනියට බැනලා ජාම බේරාගන්නට පුලුවන් බවට ලොකුලොක්කෝ ගනන් බලන්නට බැරිකමක් නැත.

ඔය අස්සේ තංගල්ලේ රජපස මැරයෙකු නිසා මහත් බලාපොරොත්තු තැබූ සංචාරක කර්මාන්තය බිඳවැටී ඇත. මේ අවුරුද්දේ ලක්ස 6යි ලබන අවුරුද්දේ ලක්ස 8යි යනුවෙන් කයිවාරු ගසා කටගත්තා පමණි. දැන් ආපු එවුන් සංචාර කොට කරගෙන යන අතර එන්න හිටපු එවුන් සංචාර අවලංගුකොට තායිලන්තෙන මැලේසියාවට ඉන්දියාවට හරවාගන්නා බව කියැවේ.

මෙතන ඇත්තේත් නොහැකියාවය. සාධාරණලෙස චන්දයක් දිනනට ඇති නොහැකියාව නිසා රටවටේ ඉන්නා මැරයන් කුඩුකාරයඉ ස්ත්‍රීදූශකයින් කසිප්පු කරයින් චන්දයට දමා මැර බලයෙන් චනද දිනයි. මැරයින් ලයිසන් මැරයින් වී ඇති නිසා පොලීසිය උසාවිය රිවර්ස් ජියර් එකෙනි. ලයිසන් මැරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳව බ්‍රිතාන්‍යය මෙන්ම රුසියාවද මහත් අවධානයෙන් සිටිනා බව පැහැදිලියා. සාක්කි හංගා නැතිනම් වෙනස්කොට මැරයාට ලෙස්සා යන්නට හැරියහොත් සංචාරක ව්‍යාපාරය අනතුරේ වැටෙන්නේ බටහිර යුරෝපය රාජපක්ශ රජයට පාඩමක් ඉගැන්වීමට මේ සිද්ධිය දඩමීමා කරගෙන ලංකාව යුරෝපීය සංචාරකයින් හට අනාරක්ශිත තැනක් බවට ප්‍රකාශ කරනු ඇති නිසාය. ලංකාවේ අතිජාත මිත්‍රයා වන රුසියාවද සිය රටවැසියෙකුට අනතුරක් කල මැරයෙකුට ලෙහෙසියෙන් ගැලවී යන්නට ඉඩදෙනවාට අකමැති බව නොකිය යුතු මනාය.

මැරයන් අත්හැරීමට ඇති නොහැකියාවත් මැරයින් නොමැතිව චන්ද දිනන්නට ඇති නොහැකියාවත් නිසා මැරයින් ආරක්ශාකල යුතුය. අනෙක් අතින් මහත් බලාපොරොත්තු තබාගෙන ජවුසන් නටමින් ප්‍රවර්දනය කරගෙන යන සංචාරක ව්‍යාපාරය අඩපණකර ගන්නටද නොහැකිය. ජාම බේරාගන්නට යහමින් ඩොලර් ටිකක් ලැබෙන වියාපාරෙට කෙලවුනොත් 2012 බංකොලොත්භාවයේ වසර වනු ඇත.

2 comments:

ජයශ්‍රී said...

චන්දෙ දිනන්න අවශ්‍යෙවන කෙනෙක් බිලි දුන්නොත්? ගොඩයන්න පුලුවන්නේ.(මෙහි බිලිදීම යනු මුලදී ඉන්න තැනින් ඉවත්කර උණුසුම පහව ගිය පසු තානාපතිකමක් වැනි දෙයක් ලබාදීමයි)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

එකඟයි (as usual )