Tuesday, December 27, 2011

සුද්දාගේ වරද .....

තංගල්ලේ හෝටලයකදී සුද්දෙකු වෙඩි කෑ බවටත් ඔහුගේ පෙම්වතිය බරපතල තුවාල ලබපු බවටත් ඊයේ පෙරේදා වාර්තාවිය. දැන් ලැබෙන පස්චාත් මරණ පරීක්ශණ වාර්තා අනුව මරණය සිදුවී ඇත්තේ උල් ආයුධයකින් ඇණීමෙනි, වෙඩි තැබූ තුවාලද ඇත. කතාවේ හැටියට සුද්දා හා පෙම්වතිය සිටි හෝටලයේ සාදයකට IRC (Island Registered Criminal) ලැයිස්තුවේ ඉහලින් සිටින අපේ සත්ගුණවත් කෙනෙකු හා ගෝල පිරිස සහභාගී වී ඇත. සත්ගුණවතාට සුද්දී පිලිබඳ සිතක් පහලවීම හා ඒ අනුව නැට්ටට කිරි ඉණීමෙන් සිදුවුනු කුලප්පු වීමක් මත සත්ගුණවතා සුද්දීට දේසීය ක්‍රමයට ලයින් එකක් දමන්නට ගොස් සුද්දා සමග ඇතිවුනු බහින් බස් වීමක් මත මෙ "සුළු සිද්ධිය" සිදුවී ඇත.

සිද්ධිය වූ වහාම එක් දේසප්‍රේමී අම්බරුවෙක් ප්‍රකාස කල පරිදි මෙවැනි සිදුවීම් ලෝකයේ ඕනෑම තැනක සිදුවෙයි. "All is fair in love and war"කීවේ සුද්දෙකු මිස අපේ එකෙක් නොවේ. ඒ අනුව නැට්ට නැගිට ආ පසු ඕනෑම දෙයක් සාධාරණ බව කියා ඇත්තේ සුද්දන්මය. ඒ අනුව සුද්දා මැරීම හා සුද්දී මරණීය තුවාල ලැබීම පෙම් හටනක කැශුවල්ටි දෙකකි. ලොකු දෙයක් සිදුවී නැත. සුලු සිද්දි පුම්බන්නට අපේ මාද්‍ය කාරයෝ ඕනෑ මොහොතක ලෑස්ති නිසා රටට මහත් අගෞරවයක් සිදුවෙමින් පවතින බව පෙනේ. රටේ ආස්චර්‍යය විඳ ගැනීමට ආ තරුණ සංචාරක යුවලක් මෙලෙස කෲර ලෙස වැනසීම රටට කැළලක් නොවෙතත් මාධ්‍යකාරයින්ගේ වාර්තා රටට කැළලකි. කෙසේවෙතත් වීරයා තවම සැඟවී සිටින බව පෙනේ. මාලිගාවෙන් කොළ එලිය එනතෙක් වහංවී සිටින ලෙස උපදෙස් ලබී ඇතැයි සිතිය හැකිය. පර සුද්දෙක් හා සුදු වෙසඟනක් නිසා සත්ගුණවත් දේසප්‍රේමී දක්ස දේසපාලකයෙකු සුලු මිස්ටේක් එකකට හිරේ විලංගුවේ වැටෙන්නට දීම සුදුසු නැත. දියණිය දූශණයකල පියාටද ජනාධිපති සමාව දුන් රටක මෙවැනි සුලු වැරදි වලට දක්ස ජනප්‍රිය මිනිසුන් හිරේ විලංගුවේ යවන්නට කිසිදු අවස්ථාවක් නැත.

එපමණක් නොව මරණය හා සමගම සංචාරක පුරවරයේ සිදුවුනු සිදුවීම්ද පැහැදිලිව විමර්ශණය කල යුතුය. සුද්දා මැරී සුද්දී ක්‍රිටිකල් වුනු වහාම පුවරයේ වෙනත් හෝටල්වල සිටි සුද්දන් සුද්දියන් පවා කඩි මුඩියේ ලට්ට ලොට්ට  අඩුක්කරගෙන තංගල්ලෙන් පිටවෙන්නට පටන් ගත්තේ කුමණ හේතුවක් නිසාදැයි සොයා බැලිය යුතුය. එකෙක් මළා කියලා තමුන්ගේ ඇනුවල් හොලිඩේ එක කචල් කරගන්නට මුන්ට පිස්සුද? එක්කෝ පිස්සුය නැතිනම් යම් කුමණ්ත්‍රණකාරී බලවේගයක් විසින් මොවුන්ව මෙහෙයවා ඇත. අපේ රට ගිලගන්නට, අයිතිකරගන්නට සම්පත් සූරාකන්නට තොලකට ලෙව ලෙවා ඉන්නා jobless බටහර රටවල්වල තානාපති කාරියාල සිද්දිය වුන වහාම සිය රටවැසියන්ට තංගල්ලෙන් පිටවෙන ලෙස දුරකථන පණිවුඩ හරහා බල කලාදැයි සොයා බැලිය යුතුය. සුද්දන්ගේ තානාපති කාරියාල බලාගෙන ඉන්නේ අපිට අංචියක් අදින්නට මෙවැනි සිදුවීමක් සිදුවෙන තුරුය. තානාපති කාරියාල මෙවැනි කැත වැඩක් කර ඇත්නම් වහාම විරෝදය ප්‍රකාස කලයුතුය. කොන්ඩොම් වංශ, රතන වැනි දේසප්‍රේමී රොබෝවරුන්ගේ බැටරි චාර්ජ් කොට පාරට බැස්සවිය යුතුය. මෙවැනි කුමණ්ත්‍රණ ලෙහෙසියෙන් ඇරිය යුතු නැත. හොඳ රිලා නැටුමක් නටා බෙරේ පලාගත යුතුය. හත්පොලේ ගාගන්නට වංශතුමා අතිදක්ශය.

තවද සුද්දා සමග සිටි සුද්දී රුසියන් ගැහැණියක් බව කියවෙයි. රුසියන් වූවාට නම ක්‍රිස්ටියන් එකකි, එතනත් අවුලකි. තත්යානා, ලුද්මිලා වැනි මැක්සිම් ගෝර්කි තාලයේ නමක් තිබුනානම් රුසියන් කියා හිතාගන්නටවත් තිබුණි. ඇය රුසියන් නම් සුද්දියක් විය නොහැකිය. සුද්දන් විය හැක්කේ යුරෝපයේ ඇන්ග්ලෝ-සැක්සන් සම්භවයක් ඇති එවුන්ට මිස ස්ලැවික් රුසියන් එවුන්හට නොවේ. ඒ අනුව මෙය කිසිසේත්ම බරපතල සිද්දියක් නොවේ රුසියාවේ මෙවැනි සිදුවීම් කීයක් දිනකට සිදුවේද? ඕනෑනම් පුටීන් ගෙන් අහලා බලන්නට පුලුවන. එපමණක්ද නොව ලංකාවට එනතරමක් රුසියන් ගැහැණුන් එන්නේ ඇඟ විකුණන්නටය. මේ ගෑණිත් සුද්දාගේ ඇඟේ එල්ලී එන්නට  ඇත්තේ ඔය රස්සාවටම මිස වෙන දෙයකට නොවේ. වෙසඟනක් යනු කාටත් අයිති පොදු දේපලකි. ඇය අයිතිකරන්න්නට, මගේ යයි කියන්නට අයිතියක් සුද්දාට නැත. සුද්දාට ඇති අයිතියම අපේ දේසපාලුතුමාටද ඇත. එතුමා භුක්තිවිඳින්නට යන්නට ඇත්තේ ඒ අයිතියයි. ඒ සාධාරණ අයිතියට විරුද්දවී අධිරාජ්‍යවාදී පල්පාට් දාන්නට ගොස් පිහිපාර කෑවා කියා සත්ගුණවත් දේසපාලුතුමාවත්, ආණ්ඩුවත්, සංචාරක වියාපාරෙත් පලි නැත. අපේ රටට බලෙන් සංචාරය කරන්නට එන සුද්දන් සුද්දියන් මෙය අවබෝධකරගත යුතුය. මේ රටට එන සුද්දියන් උන්ගේ හස්බන්ඩ්ලාට, බෝයිෆ්‍රෙන්ඩ්ස්ලාට පමණක් නොව අපිටත් අයිතිය. අපි කිව්වේ මේ බස්වල කෝච්චිවල යන හඩුගඳ චන්දදාසලා අමනපාලලා නොවේ, පැජරෝ ඉන්ටර්කූලර්ස් ඇති පොලිටික්ස් හා බිස්නස් එකට ආණ්ඩුවේ කොන්ට්‍රැක්ට් කරන යන්ග් හා යන්ග් ඇට් හාර්ට් කස්ටියටය. එයාලා ලොකු හෝටලයකදී සුද්දියක් දැක්කොත් අයිතිකරගන්නට යාම සාධාරණය යුක්ති යුක්තය. ඕනෑනම් සුප්‍රීම්කෝට් එකෙන් අහලා බලන්නට පුලුවන. ප්‍රස්නය අහනකෙනාගේ හැටියට උත්තරේ ලැබෙනු ඇත.

මෝඩ සුද්දාට තිබුණේ අර උණහපුලුවාට සුද්දීව බාරදී බීච් එකට වී පොඩි මලක් අදින්නටය. එහෙම කලානම් කළගුණ සලකන්නටත් එක්ක සුද්දාගේ කාමරයට හොඳ දේසීය තෙල් කෑළි එකක් හෝ දෙකක් යවන්නට උණහපුලුතුමා ක්‍රියාකරන බව අපට විස්වාසය. කළගුණ සැලකීම අතින් අපි ලෝකප්‍රසිද්ද බව සුද්දා නොදැන සිටියේ උගේ කරුමයටය. සුද්දා අපේ බීච් කෑල්ලක් එක්ක නයිටක් ගැසුවානම් සුද්දීගේ පුකට පයින් ගසා පන්නා බීච් කෑල්ලගේ ගෙදරට බින්න බහින්නට යන එක සිකුරුය.

කෙසේවෙතත් අවසාන වසයෙන් කිවහැක්කේ සුද්දා බරපතල ගණයේ වැරදි කිහිපයක් කර ඇති බවයි......ඒවා සැකවින් මෙසේයි......

1] ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සොහොන් සිතක් පහලකරගැනීම

2] ලිංගික පීඩනයෙන් පෙලෙන, අතෘප්තිමත් ආශාවන්ගෙන් භරිතවූ මිනිසුන් සිටින රටකට රූමත් තරුණියක් රැගෙන පැමිණීම.

3] තරුණිය ආරක්ශාකරගැනීමට පිරිමියෙකු මෙන් ඉදිරිපත්වීම

4] සිය ලාබාල පෙම්වතියන් මිතුරන්ට මුදලට විකුණන දේසීය පෙම්වතුන්ගෙන් පාඩමක් ඉගෙන නොගැනීම (සුද්දන්ට එන්න කියමු, අපෙන් ඉගෙන ගන්න කියමු)

5] ලංකාවේ නීතිය, පොලීසිය, උසාවිය දේශපාලකයින් හට පමණක් අයිති දේපොල බව වටහා නොගැනීම නිසා තමාගේ මෙන්ම පෙම්වතියගේද ආරක්ශාව නොසලකා හැරීම

ඒ අනුව වරද කාගේද?

වරද සුද්දාගේය

වරදට දඬුවම් සුද්දාට ලැබී ඇත.....අපේ උණහපුලුවා ප්‍රතික්ශේප කිරීම නිසා සුද්දීටද දඬුවම් ලැබී ඇත....

3 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සුද්දාය කිව්වට පොර මම හිතන්නේ ඊශ්‍රාල කාරයෙක්ද කොහෙද ? ගාසා තීරයේ රතු කුරුස සේවකයෙක් . ගාසා තිරේ වගේ කොයිවේලේද කියල ශුවර් නැති තැනක ඉන්න එකෙක් ලංකාවට ඇවිත් මැරුණාය කියලත් ඉතින් මහ දෙයක් නැනේ ,අපේ සද්ගුණවත් ප්‍රා.සභාපති පොලිසියට භාර වෙලාලු !

නරකයා....!! said...

පර සුද්දාට වෙච්ච දේ මදිය..ප්‍රෞඪ ඉතිහාසයකට උරුම කම් කියන අපේ උසස් සංස්කෘතිය හෑල්ලුවට ලක් කිරීමට පරයන්ට ඉඩ නොදෙමු....

Anonymous said...

First we should condemn this situation. But it is not a big incident and will not affect our tourism industry as you thought. People will do some
Mistakes and even in there are places USA it’s not safe to be at night. Westerners think superior and always try to resolve our problems. According to news this guy also came to solve small disagreement between two parties. He made same mistake Norway and other westerners did during the war, We srilankens can solve our issues in our manner without western help.