Tuesday, November 1, 2011

හිරුණිකාගේ ප්ලෑන් B



හිතවත් හිරුණිකා නැගෙණියනි, ඔබගේ දයාබර පියා ස්ත්‍රී දූශක කුඩු මාෆියා කාරයෙකු අතින් ඝාතනය වීමත්, එම ඝාතකයාට විධායකයේ සිට පහලට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ශාව ලැබීමත්, ඔබගේ පියා වැරදිකරුවා බව ඔප්පු කිරීමට ගෙනයන කුමණ්ත්‍රණයත් නිසා ඔබ දැඩි කම්පාවට පත්වී ඇති බව අපි දනිමු.

එහෙත් නැගණියනි ඔබ මේ සිත්වේදනාවෙන් වුවද අහියෝග කරන්නේ බිහිසුණු, සිත්පිත් නැති, ඕනෑම කුජීත නසරානි වැඩක් කොට එය සාධාරණීකරණය කරන්නට හැකියාවක් ඇති, ඒ සඳහා කඩේයවන්නට සිය ගණන් මාධ්‍ය බැලයන්, පුවත් පත්, රූපවාහිණී නාලිකා ඇති, මානව මූළධර්ම කිසිවකටත් අබැටක ගෞරවයක් නැති රෙජිමයකටයි.

රුවැත්තියක් නිසා හෙට ඔබ ගණිකාවකැයි චෝදනාකොට පොලීසියෙන් අත් අඩංගුවට ගන්නට වුවද මේ රෙජිමයට පුලුවන. එයට ඕනෑ තරම් සාක්කි, ඔබ සමග මුදලට යහන්ගත වූවයයි රූපවාහිණී තිර ඉදිරියේ සාක්කි දෙන්නට උදවියද මොවුන් සොයාගනු ඇත. අත් අඩංගුවට පත් ඔබගේ අත්බෑගයේ තිබී කුඩු පැකැට්ටුවක් හෝ රහස් ලිංගික අවයවයක් පොලෝසියේ මහත්තුරුන්ට අසුවන්නට වුවද ඉඩ ඇත. එය ඔබගේ විනාශයම වනු ඇත.

මහපාරේ ඇවිද යන විට ඔබගේ සුකොමල මුහුණට ඇසිඩ් කෝප්පයක් වුවද විසිවන්නට ඉඩ ඇතැයි අපට බියක් පවතී. නැගෙණියනි, එනිසා කල්පණාකාරී වන්න.

ඔබට මෙවැනි අකරතැබ්බයක් වුවහොත් ඔබගේ පියාට සාධාරණය ඉශ්ඨ කරන්නට නොහැකිවූ පක්ශයට, ජනතාවට, පොලීසියට, අධිකරණයට ඔබ වෙනුවෙන් කලහැක්කේ කුමක්ද? කිසිවක් නැත. ඔබ මෝඩකමක් කරගත් බව ඔවුන් සැවොම කියනු ඇත. ඇඟ බේරාගනු ඇත.

ඔබ ප්ලෑන් B ගැන කියනවිට රෙජිමය ඔබව විනාශ කිරීමට  ප්ලැන් A B C D ද ගසා මුදල්ද වෙන්කොට ඇති බව සිතට ගන්න.

පියා වෙනුවන් සටන් කරන්න, ඒත් ඊට පෙර ඔබ කළ්පණාකාරීවන්න. ඔබට යම් අණතුරක්, විනාශයක් වීම එය ඔබගේ මියගිය පියා කිසිවිටකත් ඉවසන දෙයක් නොවනු ඇත. එමෙන්ම ඔබගේ දයාබර පියා අහිමිවූ පවුලට ඔබද අහිමිවිය යුතු නැත.

- කණ්ඩුළ

9 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

හිරුණිකා ගේ ප්ලැන් බී එක ගැන බලාසිටිමි , හිරුණිකා යමක් නොකලත් සිදුවී දෙයින් , ලාංකීය දේශපාලනය යම් සංදිස්ථානයකට පැමිණියා යන්න මාගෙ විශ්වාසයයි . එය නිසි ලෙස කලමාණාකරනය කරගත හැකි අවයලුන් සිටියා නම් , මේ වන විටත් ප්‍රතිඵල සමාජ ගත වී තිබිය යුතුයි ,

Anonymous said...

මේක ලියන කණ්ඩුල කුඹියා වෙත ආදරයෙන් ලියමි.
ඔබ ලියන සංවේදී පල් හැලි වලින් පෙනීයන්නේ ඔබට දේශපාලනය ගැන අබැටක දැනුමක් නොමැති බවයි. දේශපාලනය නොලියා කොටස් වශයෙන්
ආදර කතාවක් බ්ලොගයේ පල කිරීමට මම ඔබට යෝජනා කරමි. මකියවෙල්ලි යනු කව්දැයි ඔබ දන්නවාද?

රංචාගොඩ මුදියන්සේ said...

@Anno;

මකියවෙල්ලි යනු කව්දැයි ඔබ දන්නවාද?

========================


මකියාවෙල්ලි කවුදැයි මම දනිමි. මකියාවෙල්ලිගේ දේශපාලන බලය රඳවා ගැනීම පිලිබඳව තියරි ලොව අන් සියලු තියරි මෙන්ම අනියතය. අයින්ස්ටයින්ගේ තියරිද අප්සැට් වෙමින් යන බව මේ ලඟදී ස්විට්සර්ලන්තයි පරියේශණයකින් හෙලිවිය.

කොයි තියරියත් ඔහොමය. වාශ්ප වනවිට තියරියේ එල්ලී සිටිනවුන්ද සමග තියරිය වාශපවේ.

මැකියාවෙල්ලිගේ තියරි අනුව ගිය ගඩාෆිද සුනඛයෙකු මෙන් මියගියේය. සදාම්ද නැත, හොස්නි අන්කල්ද ජාම බේරාගෙන ගිය නිසා ජීවතුන් අතර ඇත. මියන්මාරයද වේගයෙන් වෙනස්වෙමින් යයි. හියුගෝ චාවේස්ද සද්ද නැත. සිරියාව ගිණිගොඩකය.

ඔය බලය රඳවාගැනීම පිලිබඳ තියරි වැඩකරන්නේ සමාජය තුල ඇති ආර්ථික සමාජීය බලවේග තීරණය කරන ආකාරයට මිස මැකියාවෙල්ලිගේ පොත් කියවා ඒ තියරි ක්‍රියාත්මක කරන්නට යන පාලකයින්ට උවමනා විධියට නොවේ.

කොළඹට කෙලවීම හොඳ උදාහරණයකි. මැකියාවෙල්ලිගේ තියරි කොළබඳී පුකෙන් ගොස් ඇත. මුල් මහත් රාජ්‍ය බලය කොළඹ මිනිස්සුන්ගේ චන්දෙන් වාශ්පවිය.

පොතේ ගුරුන් හට මේවා නොතේරේ. උන්ට විවෘත දේශපාලන ලිපියක් ලවු ලෙටර් එකක් වී ඇත. ඇනෝනිමස් පොතේ ගුරාලාගේ දැනුමේ පරිචය එයින් මොනවට පෙන්වන්නේය.

Anonymous said...

ඊ-නිවුස් තහනම අතේ පත්තු වෙයි! පෙරමුණේ රාළගේ අටුවාව කියවලා බලන්න

ජයශ්‍රී said...

මකියවෙල්ලිගෙ අරයගෙ මෙයාගෙ තියරි නම් නොදනිමි.ඒත් කණ්ඩුලගේ මේ ලිපිය හා මුලුමනින්ම එකඟවෙමි.

Anonymous said...

ඔය තියරි කියන දේවල් සදාතනික නැහැ. සමහර තියරි ප්‍රායෝගිකත් නැහැ.

Anonymous said...

වර්තමාන කුඩු මුදලාලි අතීත කුඩු මුදලාලිගෙන් වෙඩි කා මැරෙයි. අතීත කුඩු මුදලාලිගේ ඇහැට කණට පේන දූ සින්ගිත්තට සෙම පෙරමිනුත් ආණ්ඩුවට කොහොම හරි ගහන්නට ඕනෑ කියන සෙවල චේතනාවෙනුත් කැන්ඩුල පරණ කුඩු මුදලාලිගේ පැත්ත ගනී. හනේ වාසේ!

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඇහැට කණට පේන දූ සින්ගිත්තට සෙම පෙරමිනුත්
-----------------------------------

ඇනෝනිමස් සොයුරාට නැට්ටට කිරි උණා ඇති බව පෙනේ...ස්ත්‍රී නොමැති අසහනය තුල අනුන්ට ගැරහීම සාමාන්‍ය දෙයකි..

නුඹ ඔය ලස්සන කෙල්ලෙකුට කෙළ පෙරනවායයි කියන්නේ මුම්බායි නගරයේ සිටින මටයි.

මෙහෙ ඉන්නා සුන්දර ඉන්දියානු යුවතියන් ලංකාවෙ බොහෝ කෙල්ලන් හා අහලකින් තබන්නට බැරි තරම් සුරූපී බව දැනගන්න. නුඹ මා විශ්වාස නොකරන්නේනම් කරුණාකර මුම්බායි නගරය වෙත එන්න. මා ඔබව නගර සංචාරයේ ගෙන යන්නෙමි.

හැබැයි ලංකාවෙ පුරුද්දට ජැක් ගසන්නට, එහෙන් මෙහෙන් අතපත ගාන්නට හෝ උසුලු විසුලු කරන්නට සූදානම් නොවන්න. මෙහි කෙල්ලන් සුන්දර මෙන්ම සැරය, කටකාරය. අතුල් පහරක් හෝ සෙරප්පු පහරක් නිසැකයෙන්ම ඔබට ලැබෙනු ඇත.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@කණ්ඩුල - ඔය ඇනෝ ප්‍රතිචාරය දැක්ක ගමන් මට හිතුනේ මූ කණ්ඩුල ඉන්නෙ කොහෙද කියල නොදැන නේද කියල මේ ගොන් කථාව කිව්වේ කියල . ගනන් ගන්න එපා හදන්න බැ ඕක තමයි අපේ ආශ්චර්යය චින්තනය , හඳට ගියත් ගැනියෙක් නම් බලන්නෙ එක්ම කෝණයෙන්