Thursday, October 20, 2011

දුමින්දට වෙඩිතැබූ භාරතගේ ආරක්ශකයෝ භාරතටත් වෙඩිතියලා!


භාරත ඝාතනයේ නියම තතු දැන් හෙලිවෙමින් පවතී. ලක්ස්මන හෙළුගල්ල කියූ පරිද්දෙන්ම දුමින්ද හෝ ඔහුගේ ආරස්සක ඇණිය භාරත ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධවී නැත.


භාරත ඝාතනයේ නියම තතු සැකෙවින් මෙසේය;

සිද්දිය වූ දිනයේ තැඹිලි කුරුම්බා වලින් සප්පායම් වී සෙල්ලම් තුවක්කු රැගෙන හොරා පොලිස්  සෙල්ලම කරමින්, විනෝදවෙමින් මුල්ලේරියාවේ සැරිසැරූ දුමින්ද මන්ත්‍රීතුමා හා ඔහුගේ හිත මිතුරු කොළුගැටව් අසලට නහුතෙනම සන්නාහ සන්නද්ධ වූ භාරත හා ඔහුගේ මැරයින් පැමිණ ඇත.


අධික බීමතින් සිටි භාරත "මගේ වැයිකියේ හොරා පොලිස් කරන්න උඹ කවුද ඩෝ??" යනුවෙන් අහිංසක දුමින්දගෙන් අසා ඔහුට බිම වැටෙන්නට කණට ගසා තිබේ.


දුමින්ද බොස් බිම වැටුනු විට බිරන්තට්ටු වුනු ඔහුගේ සෙල්ලම් සගයෝ සෙල්ලම් තුවක්කුද රැගෙන පණබේරාගන්නට පැණගොස් ඇත.


දුමින්දගේ සෙල්ලම් මල්ලිලා පැන දුවනකොට වෙරි මරගාතේ සිටි භාරත "මුන්ට වෙඩි තියපියව්!" යනුවෙන් අණදී ඇත.


දුමින්දගේ ඔලුවට බුලට් තුනක් ගියේ ඒ අනුවයි. දුමින්දට වෙඩි තැබූ භාරතගේ ආරක්සකයෝ ඉන් පසු වෙරිමරගාතේම සෙල්ලමට මෙන් භාරත බොස්ටත් වෙඩි තබා ඇත. භාරතද දුමින්ද මෙන්ම දින කිහිපයක් සිහිසුන්ව සිට, සසුව ශේප් එකේ පිටරට යවා ජාම බේරාගන්නට ඔවුන් සැලසුම් කරන්නට ඇත. 


"දුමින්දට වෙඩි තිබ්බට පස්සේ මටත් තියපල්ලා.." යනුවෙන් භාරතම කලින් කියලා තිබුණා වන්නටද බැරි නැත.


වැඩේ ගැස්සුනේ භාරතගේ දෙක ශ්‍රේණිය අසමත් ආරසකයෙක් කකුලට තියන්න ඕනෑ වෙඩිල්ල භාරතගේ ඔලුවටම තිබ්බ නිසාය. වෙරි මරගාතේ කකුල කියන එක ඌට ඔලුව වගේ ඇහුනාද නැත්තම් සෞඛ්‍ය පීරියඩ් එකේ කැලෑ පැනපු නිසා කකුල් තියෙන තැන ගැන අවබෝධයක් නැති නිසාදැයි දැම්ම කියන්නට බැරිය.


කෙසේ වෙතත් දුමින්ද හා ඔහුගේ ආරක්සක යාලුවන්ගේ තුවක්කු පත්තුවී නොමැති බව රස පරීක්ශණ වලින් තහවුරුවී ඇති බව කවුදෝ එකෙක් කියා තිබෙන නිසා දැන් කිසිම සැකයක් නැත. සෙල්ලම් තුවක්කු කොහොමටත් පත්තුවෙන්නේ නෑනේ..

දැන් ඉතින් ඔක්කොම හරිය.....දැන් කරන්නට තියෙන්නේ භාරතට අවිආයුධ දී දුමින්දව මරන්නට එවපු බුකියා හොයාගෙන ඌට ගේමක් දීමයි....

8 comments:

Charmi said...

ඊට පස්සෙ එයාව නවත්තලා තියෙන්නෙත් සෙල්ලං ඉස්පිරිාලෙකලු. සෙල්ලං ඩොට්ටල පොල්කටු නලාව තියලා එක එක දවසට එක එක දේවලුත් කියනවලු.

දුකා said...

සෙල්ලම් නෙමෙයි යකෝ .. . මෙහමම තමයි වෙලා තියෙන්නේ . . බොරු නම් තව දවස් දෙක තුනක් ගිහින් දිවයින පත්තරේ බලපන් . . .

Anonymous said...

එයා සෙල්ලං ඉස්පිරිතාලේ සෙල්ලංගෙයක් දාලා නර්ස් නෝනලා එක්ක සෙල්ලං කරකර දැන් අකුරු ලියනවාලු.

Anonymous said...

මේක හරි සෙල්ලමක් වෙලානෙ!

ජයශ්‍රී said...

චණ්ඩි කමට රංඩුවක් වෙලා - පුංචි පුතා ඉන්නේ හැංගිලා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

වෙන්න වෙන්න පුලුවන් අන්න අද දුමින්දයට සෙල්ලම් බෝනික්කෙකුත් එවලලු , පොර සෙල්ලමට කැමති නිසා නෙව ඒ

Anonymous said...

පොන්නසේකයා මෙව්වා උඩ පැන පැන රස කර කර තළු මර මර සිරස කැමරාවට කියලා තමාගේ කාඩ්බෝඩ් වීර කම තවත් වැඩි කර ගන්න දගලයි.....මෝඩයා

Anonymous said...

//// Anonymous said...
පොන්නසේකයා මෙව්වා උඩ පැන පැන රස කර කර තළු මර මර සිරස කැමරාවට කියලා තමාගේ කාඩ්බෝඩ් වීර කම තවත් වැඩි කර ගන්න දගලයි.....මෝඩයා /////

අනේ ඇනෝ උඹලාගේ කුඩුකාරයෝ කසිප්පු කාරයෝ මහපාරේ වෙඩිතියා ගන්නකොට මරාගන්නකොට ඒවා ගැන ලියන එවුන් මෝඩයෝ....

හැබැයි යූ අන් පී කාරයෝ දෙන්නෙක් හරි ජේවීපී කාරයෝ දෙන්නෙක් හරි පාරක බහින්බස් වීමක් වුනත් ඒක උඹලාගේ ආණ්ඩුවේ හොරණෑ මාද්දිය වලට ප්‍රයිම් ටයිම් නිවුස් අයිටම් එකක්......

යකෝ දැන්වත් පු**** දෙන එක නවත්තපන්, ලැජ්ජ නැද්ද බන් කුඩු මුදලාලිලාගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවකට ඔහොම කත් අදින්න..?