Tuesday, October 19, 2010

දෙවියන්ට සැළකීම

"ජනතාවට සේවය කිරීම, දෙවියන්ට සේවය කිරීම බඳුය....." අපි ජනාධිපතිතුමා මෙහෙම කියුවේ උතුරු පලාත් සංවර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී. (Source)

එතුමා කියපු කතාව ඇත්තය. ජනතාව චන්දයදී නායකයින් පත්කරන්නේ තමන්ට වැඩක් කරගන්නටය. ඒ අනුව දේශපාලන නායකයින්ගේ රාජකාරිය ජනතාවට සේවය කිරීමයි. රාජකාරිය දේවකාරිය බවට පිලිගැනීමක් අප රටතුල ඇත. ඒ අනුව රනතාවට සේවය කරන නායකයින් සැබැවින්ම දෙවියන්ට සේවය කරනවාක් මෙන් කැපවී සිටිය යුතුය.

අවාසනාවකට, එතුමා කියන ඇත්ත එතැනින් නවතී. ජනාධිපතිතුමා ඇතුලු රටේ බලය මුළුමණින්ම නතුකරගෙන ඉන්නා රාජපක්ස පවුල ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ යහපතට හා ජනතා සේවයටද? තැන තැන වරායවල්, පාරවල් හැදෙන බවත් මුඩුක්කු පැල්පත් කැඩෙන බවත් ඇත්තය. ඒත් නායකත්වය නියමාකාර ලෙසම රටත් ජනතාවටත් සේවයකරන බවට ඇති සාක්කිය කුමක්ද?

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාධ්‍ය නිදහස ඉල්ලා නොසිටින බවත්, ඉල්ලා සිටින්නේනේ පාර හදා දෙන්න, වැව් අමුණු හදා දෙන්න වගේ සංවර්ධන කටයුතු බවත් රජගෙදර හා ඉන් පිටත ඉඳගෙන කඹුරන කේවට්ටයින් නිතරම කියන කතාවකි. ඒ කතාව සැබෑවුනත් රාජපක්ශලා කරන්නේ ඇත්තටම රටට හා ජනතාවට උවමනා සංවර්ධන කටයුතුද නැතිනම් තමන්ගේ මඩිය තරවෙන ව්‍යාපෘති පමණක්ද යන්න සිතා බැලිය යුතුය. අනෙක් අතර හම්බන්තොට වරාය, ගුවන්තොටුපොල, ක්‍රීඩාංගනය හ අනෙකුත් මෙකී නොකී හම්බන්තොට ව්‍යාපෘති හා රටවටේ පාරවල් කිහිපයක් හැදීම සන්\වර්ධනය නම් අපට වැඩිකළක් නොගිහින්ම සංවර්ධිත රටක් ලෙස ලෝකයා හමුවේ පෙනිසිටිය හැකිය. පසුගිය දසවසරකටත් වැඩිකාළයක් නොනවත්වා සෑම වසරකම 10% වැඩි ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන චීනයටත් තව අවුරුදු 20ක්වත් යනතෙක් ලඟාකරගත නොහැකි තත්වයකි රාජපක්ශලා හෙට අනිද්දා වෙනකොට මේ රටට ලබාදෙන්නට යන්නේ.

එහෙත් ගැත්තන්ගේ මාධ්‍ය හරහා පුම්බන මේ ඇස්බැන්දුම් සංවර්ධනය පිටුපස තිබෙනා ඇත්ත ඉතාම ඛේදජනකය. රටේ පිරිමින්ගෙන් වැඩිදෙනෙක් රටයන්නට දතකයි, නර්ස් නෝනලා පුහුණුකරන්නේත් රටේ සෞඛ්‍යය නගාසිටුවීමට වඩා ඇමරිකාවේ, කැනඩාවේ තිබෙන හෙදි පුරප්පාඩු පිරවීමටය. සියයට අසූවක් අනූවක් පහේ ශිෂ්‍යත්ව විභාග කඩඉම මුලුමණින්ම අසමත්වෙයි. පොලීසියකට ගොස් සාධාරණයක් ඉටුකරගැනීමට ලොකු මහත්තයෙක් ගෙන් ටැලිෆෝන් කෝල් එකක් අත්‍යාවශ්‍යය වී ඇත. නැතිනම් පැමිණිල්ල පවා ලියවෙන්නේ හිතූමනාපෙට බලසම්පන්න එකෙක් ගැවිලා ඉන්නවානම් උන් බේරෙන විධියටය. මැරයින්ගෙන් ගුටිකා පැමිණිල්ලක් දැමීමමට පොලීසියට ගිය විට ගුටිකාපු එවුන්ම අල්ලා හිරේ දමා ලැජ්ජා නැතුව නිදහසට කාරනා කියන්නට පුලුවන් පොලීසියක් ජනපතිතුමාගේ අයියන්ඩීගේ අනුහසින්, අනුමතයෙන් බිහිවී ඇත.

වෙළඳපොලේ බඩු කොච්චර ගණන් වුනත්, මාධ්‍යකාරයෙක් ඇසූවිට, "බඩු හරි ලාබයි, අපි හරි ජොලියෙන් ඉන්නේ..." කියා කිවයුතුය. නැත්නම් අවි ආයුධු නිවෙසෙන් හමුවීමට හෝ කසාද බඳිනවා යයි පොරොන්දුවී සල්ලි අරගෙන බැන්දේ නෑ කියලා නඩුවක් හරි වැටෙන්නට පුලුවන.

ආණ්ඩුවේ චන්ඩින්ට, බැලයින්ට, කසකාරයින්ට, වන්දිභට්ටයින්ට මහා වන රක්ශිතවල හෝටල් හදාගත හැකිවුනත්, තමුන්ගෙම ගෙට කඩාගෙන වැටෙන්නට යන තමුන්ගේ වත්තේ ඇති කොස්ගස පර්මිට් එකක් නැතුව කැපුවොත් ඌට හිරේ යන්න වෙනවාමය.

ජනපති උන්නාන්සේ මේවා නොදන්නවා නොවේය. හොඳින්ම දන්නා නමුත් ඔය හැම අවනීතියකින්ම, අවනඩුවකින්ම වාසි විඳින්නේ තමුන්ගේම බැලයින්, වන්දිභට්ටයින් බව දන්නා නිසා එතුමා ඇස් කන් නෑහුනාවගේ ඉඳිමින් සතියට සැරයක් ජනමාද්දියවල තඩි හෙඩ්ලයින් දැමිය හැකි ගැලරියේ කතාවක් කියයි. එතුමා දැන් කරන එකම රාජකාරය එයමය.

ඒ අනුව උන්නැහේ සේවය කරන්නේ ජනතාව හෙවත් දෙවියන්නට නොව තමුන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරනා යමපල්ලන්ටය. දෙයියන් ගැන කියන්නේ කතාවට විතරය. ඇත්තටම උන්නැහේ දෙයියන්ට කෙලවලා ඉවරය. ඒත් ඉතින් එක අතකට දෙයියන්ට පින්දෙන්න උගන්නන, රජුන් හුනස්නෙන් නැගිට පසඟ පිහිටුවා වැඳ ගෞරව කරන මහා සංඝරත්නයට කොරලා තියෙන දෙය දිහා බැලුවාම රාජපක්ස උන්නැහේ ඔය සේවයකරනවා යයි කියනා දෙයියන්ට කෙලවලා තියෙන හැටි මදියි කියලත් හිතෙනවාය.

2 comments:

Anonymous said...

Good Post. By the way what's the meaning of "රයිකය"?

Anonymous said...

දැන් ඉතින් කාල වරෙන්කො. ලොකු අයියා ඔබාමා ගොයියා එක්ක ගත්ත පින්තූරෙ බොරුවක් කියල තප්පුලෑවා මෙන්න බොලේ ඒක ඇත්තක් කියලා ඔප්පු වුනා.... මහින්දයා බලහත්කාරෙන් ක්‍රීඩා උත්සවෙට ගියා කියල කිව්වා මෙන්න බොලේ එහෙම ගිය එකා උත්සවේ ප්‍රධාන අමුත්තගෙ දකුණු පැත්තෙන් වාඩි වෙලා ඉන්නවා ! යකෝ ! බලෙන් ගියානන් අච්චර එංගලන්තේ පිලිප්ලා ඈතින් ඉද්දී අපේ එකා මනමොහන සීයාගෙ දකුණු පැත්තෙන් වාඩි වෙලා ඉදීද? තොපිට හොඳම වැඩේ...තොපිත් පොන්නසේකයා වගේ ඔහොම්ම කුජීත වෙලා පලයල්ලා..... රටට සෙතක් !