Thursday, October 7, 2010

"ඉල්ලුවොත් සමාව දෙනවා" හෙවත් සුනඛපෝතක වීමෙන් ගැලවීමේ මෙහෙයුම

"පිලිවෙලකට ඇවිල්ලා සමාව ඉල්ලුවොත් දෙඤ්ඤං හාමුදුරුවනේ...මම වෛරකරන්නේ නෑ......"

මේ ලෝකය පිලිගත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතභාවය හිමි, ප්‍රෞඪ ඉතිහාසයක් ඇති රටක නායකයාගේ ප්‍රකාශයකි. ඔහු රාජ්‍යත්වයේ සංකේතය වන දළදා වහන්සේගේ නිළ භාරකාරයායි. තමා බෞද්ධයෙකු බව කියමින් අනෙක් නාකයයින්හට අබෞද්ධයින්, පාවාදෙන්නන්, දේශද්‍රෝහීන් යයි ප්‍රසිද්ධියේ චෝදනාකරන විධායක ජනාධිපතිවරයායි.

භික්ශූන් වහන්සේගේ අවවාද අනුශාසනා වලට අනුකූලව රට පාලනය කරනවා යයි තමන්ම නිතර කියාගන්නා මේ මහා බෞද්ධයාගෙන් දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකාට සමාව දී නිදහස් කරන ලෙස රටේ පිලිගත්, ගෞරවයට පාත්‍රවුනු සංඝනායකයින් පිරිසක් ඉල්ලා සිටියේ නොබෝදාය. ඒ ඉල්ලීම කරනු ලැබුවේ ඉතා වැදගත් ලෙස, නිසි ප්‍රසිද්ධියක් ලබාදී, නිසි පිළිවෙලකයට අනුවය.

පිලිවෙලකට ඉල්ලුවොත් සමාව දෙනවා කියූ රාජ්‍යනායකයා නිහඬය. ඕපාදූප කොළම් කාරයන් දේශපාලන ඕපාදූප තීරු ලිපිවල ජනාධිපතිතුමා කලායයි කියමින් දමන පල්බොරු හැරෙන්නට සංඝරත්නයේ ඉල්ලීමට පිලිතුරක්වත් නැත. පෙනෙනා විධියට සංඝරත්නයේ ඉල්ලීම වැදගත් ලෙස සිදුකර නැත, රටේ ප්‍රධාන බෞද්ධයාගෙන් නිළ පිළිතුරක් නැත්තේ එබැවින් විය යුතුය.

ඉල්ලිම කර ඇත්තේ හිරකාරයා නොවන බැවින් කිසිදු ප්‍රතිචාරයක් අනවශ්‍යයයි තර්ක කරන කේවට්ටයෝද සිටිති. සිනහවට කාරණය නම් ෆොන්සේකා තරඟ බිමට එනවිට සංඝාඥාවක් නිකුත්කොට වැඩේ නවත්වන බවට සඟ පිරිසක් ප්‍රකාශකරනවිට එය කරතියාගෙන රටවටේ දුවගෙන ගියේත් මේ කේවට්ටයින්ම වීමයි. ප්‍රකාශය ෆොන්සේකාට විරුද්ධවනම්, එය නිළ ප්‍රකාශයක් වීම ඉබේම සිදුවෙයි. නැත්නම් ප්‍රකාශකයින් රටපිලිගත් භික්ශූන්වහන්සේලා වුවත් පයිසයකට මායිම් නොකල යුතුය. ජේවීපී කාරයෙක් හෝ කොන්ද පණ ඇති යූඇන්පී එකෙක් ප්‍රකාශය කරානම් ඌ ඉන්ස්ටන්ට් දේශද්‍රෝහියෙකි.

සිදුවන්නේ කුමක්ද?

සිදුවන්නේ කෙසේහෝ රජතෙමේ බලුවීම වැලැක්වීමේ දැවැන්ත මෙහෙයුමකි. ෆොන්සේකා හිරේ ගියේත් වීරයෙකු ලෙස බව දැන් වාසලට වැටහී තිබේ. ඔහු සිරකරුවන් අතර, ජේලර්ලා අතරද වීරයෙකි. වීරයාට පිලිගැනීමක් ලැබෙන්නට ඔබාමා සමග හිනාවෙන බව පෙනවන ෆොටෝශොප් කරපු ඡායාරූප අවශ්‍යය නැත. යන යන තැන මිනිසුන් හිස නමා සැබෑ වීරයා එනවිට බුහුමන් දක්වයි. හුනස්නෙන් නැගී සිටී. වාසල කුකන්නට මෙන්ම දඩෝරියන්ටත්, හාම්පුතාලාටත් ඉවසන්නට බැරි මේ පිලිගැනීමයි. පට්ටම් ගලවා හිරේ දමා නැතිකරන්නට වලිකෑවද විරුවාගේ රැස් ප්‍රභාව තව තවත් වැඩියේ. රජාට ෆොටෝශොප් නැතුව ජාම බේරාගත නොහැකිවෙමින් තිබේ. පුදුමාකාර උභතෝකෝටිකයෙකි. බෝම්බ ගසා මැරුණේ නැති එකා හිරේදමා නසන්නට, වලලන්නට නොහැකිබව මේ මස්තිශ්ක වලට අවබෝධවන්නේ නැත. එලාර සමග යුධයට ගිය ගැමුණු රජූ වීරයා වුනා මිස ඔහුගේ ජෙනරාල්ලා වීරයන් නොවුනු බවද වාසල කේවට්ටයින් නිතර පවසයි. ඒ නිසා ජෙනරාල් ෆොන්සේකාගේ වීරකමට පැවැත්මක් නැතයි තරක කරයි. ඒත් ගැමුණු වීරයා වුනේ ෆීල්ඩ් එකේ සටන් කල නිසා බව අමතකය. කොතෙක් වලිකෑවද ෆොන්සේකාගේ රැස් ප්‍රභාව මකන්නට නොහැක්කේ එබැවිනි. ගල උඩ සටන් කොට දිනූ එකා වීරයා වෙනවා මිස කට්-අවුට් පප්පලා වීරයින් ලෙස ජනහදවත් තුලට ඇතුලු නොවේ.

හිරේ යැව්වත් විරුවාගේ ප්‍රභාව එසේම නිසා සමාව දුන්නොත් තවත් රජ බලුවේ. බොරු නඩු පැටවූ බව තහවුරුවේ. හිරේ දිගටම ඉන්නට හැරියොත් මැන්ඩෙලා කෙනෙකුට පන්නරය ලැබෙනු ඇතැයි උපදෙස්ද නොලැබී තිබෙන්නට බැරි නැත. ගොඩ යන්නට ඇත් එකම මාර්ගය කෙසේහෝ ෆොන්සේකාව මාලිගාවට ගෙන්වාගෙන " මට සමාව දෙන්න" කියා කියාවා ගැනීමය. එවිට ෆොන්සේකා මහා පාපොච්චාරණයක් කොට හඬා වැටී සමාව ඉල්ලුවායයි දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කොට තව යුද්ධාධිකරන දුසිමකටවත් කරන්නට බැරිවෙන ෆොන්සේකා වැරදිකාරයා කිරීම සිදුකොට රජගේ ජාම බේරාගත හැකිය.

අසූචිබුදින්නන් වටකොට ගෙන ඉන්න එතුමාට, සිංහයින් සාගින්නේ මැරෙන්නට ගියත් තණකොල බුදින්නේ නැති බව අමතකවී ඇත. එය එතුමාගේ අවාසනාවය.

12 comments:

Anonymous said...

patta!

Anonymous said...

සුදු කොඩි කතාව කියපු දා ඉඳන් සුනඛ පෝතක තමයි. සමාව ඉල්ලන්න ආයේත් පහළට වැටෙන්න ඕනෙ නෑ

Anonymous said...

සුදු කොඩි කතාව කිව්වද නැද්ද කියන එක හොයන එක නෙවෙයි මොළයක් තියනවනම් කරන්නෙ ඕනි. විශ්වයේම සාධාරණ යුද්ධය කොලැයි කියල පම්පෝරි ගහන අය ඒ සුදු කොඩි කතාව ඇත්තද කියල හොයල බලන්න පරීක්ෂණ කරන එකයි. එහෙම කරල එය ඇත්තක්නම් විශ්වයේ සාධාරණම යුද්ධය කිළිටි කල එවුන්ට දඞුවම් දීමයි.
ඒත් මේ කරමින් ඉන්නෙ එහෙම සාධාරණ කිසිවක් නෙවෙයිනෙ. තමන්ගෙ බලයට අභියෝග කලාට පළිගැනීමක්. ජනපතිවරණය දවස්වල බියට උණුවුණු ලේ වල කම්පනය තමයි තවමත් පොන්සේකාව මතක් වෙන වෙන පාරට පළිගන්න යොමුකරනව ඇත්තෙ.

Anonymous said...

මේ ආකාරයෙන් හෝ සමාවක් දෙන්නේ නම් දිව එලියට දමාගෙන එය ලෙව කන්නට බලා සිටින ද්‍රෝහියාගේ ද්‍රෝහීකම ,ගුණමකු කම හොඳාකාරම පෙනෙද්දීත් එය නොසලකා ද්‍රෝහී වන්දනාවේ යන මෝඩ ‍රැලටයි. තොප මෝඩදැයි නො එසේනම් කුහකදැයි නොදනිමු. කෙසේනමුත් කන්න දීපු අත හපා කෑ බල්ලා කවරෙක්ද යන්න සැවොම දනී. කෙලෙහි ගුණ අමතක කල අමනයෙකුගෙන් රටක දියුනුවක් බලාපොරොත්තු විය හැකිද? තම අමන පුහු උඩගු කම එලෙසම ‍රැක ගැනීමටත්, තම පුද්ගලික සුඛවිහරණය උදෙසාත් මුළු රටක්ම පාවා දුන් නපුංසේකා (පොන්සේකා) වීරයෙකු යැයි සිතන්නේ ඇයි? ඔහු යුද්ද කල නිසාද? නැත ඌ යුද්දයටද අකුල් හෙලූවෙකි හැකිනම් අවසන් සටනේ පොන්නයා ඉදිරි ආරක්ෂක වලල්ලට පැමිණි එකම හෝ දිනෙක ඡායාරූපයක් හෝ මෙහි පල කරව (විවුර්ත අභියෝගයකි). ශවේන්ද්‍ර සිලවා, ප්‍රසන්න, ජගත් ඩයස් වැන්නවුන් යුද්ද කරද්දී කොලඹ හා වන්නියේ සීත කාමර තුලට වී සෙබලියන්ගේ තන් සපා කමින් කල් ගෙවූ ඔහු අවසානයේ එක දමා ගැනීමට එලියට පැමිනියේය (තිත්ත වුනත් ඇත්ත මෙයයි). මැවැන්නෙකුට වැරදීමෙන් හෝ සමාවක් දුනහොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමෙන් වැඩක් නෝවන බව මහින්දටද මතක් කර දීමට කැමැත්තෙමු.

Anonymous said...

Now instead of Mahinda who can rule dis countryt?

Ponseka
Jeppa
Ranil

Anonymous said...

(((මේ ආකාරයෙන් හෝ සමාවක් දෙන්නේ නම් දිව එලියට දමාගෙන එය ලෙව කන්නට බලා සිටින ද්‍රෝහියාගේ ද්‍රෝහීකම ,ගුණමකු කම හොඳාකාරම පෙනෙද්දීත් එය නොසලකා ද්‍රෝහී වන්දනාවේ යන මෝඩ ‍රැලටයි. තොප මෝඩදැයි නො එසේනම් කුහකදැයි නොදනිමු. කෙසේනමුත් කන්න දීපු අත හපා කෑ බල්ලා කවරෙක්ද යන්න සැවොම දනී.)))

මොකක්ද දෑන් ඔය කියන ද්‍රොහි කම. හොර රජාට එරහිව චන්දෙට ආව එකද?

තොපි සිහලද?නෑත්තම් තොපෙ තාත්තා දෙමලද?
ඉස්සරොම කතාකරපිය කෙපි,කරුනා,පිල්ලයාන් කියන අපෙ සින්හලයො බුරුතු පිටින් මරපු එඋන් ගෑන. උන් දෙශ හිතයිශින්ද?. අනෙ මගෙ කට........... තොපෙ බ්යිල හොදයි කොන්ඩෙ බෑදපු චින්නුන්ට....

Anonymous said...

ඡන්දෙට ආව එක නෙමෙයි බොල ප්‍රශ්නේ ! ඡන්දෙට එන විදිහට ඡන්දෙට ආවනම් මොකෝ! මොන රෙද්දකටද ගෝඨාට එරෙහිව, ශවේන්ද්‍ර සිල්වට එරෙහිව, ජගත් ඩයස්ට එරෙහිව එ.ජා.යුද්දාදිකරනේ සාක්ෂි දෙන්න ලෑස්ති උනේ! එතනයි අපිට තියන ප්‍රශ්නය.

රංචාගොඩ මුදියන්සේ said...

ඔය කියන මිනිස්සුන්ට විරුද්ධව ජෙනරාල් සාක්කි දෙන්න ලෑස්තිවුනා කියන එක ආණ්ඩුවේ මඩ ෆැක්ටරියේ නිර්මාණයක් විතරයි කියන එක තේරුම් ගන්න බැරි, නැත්තම් දැනගෙන නෑ වගේ ඉන්න වෘශභ රැළ සමග මොන විවාද කිරීම්ද?

Anonymous said...

අපුරුයි මහත්මයා.....
අපුරුයි...
ජෙනරල් කියන්නෙ සැබැවින්ම විරයෙක්. මහින්ද දිනන්න තියන උවමනාවට ජෙනරල්ව ද්‍රොහියෙක් කරාට නිසි තැන මහින්දට ඉතිහාසය ලියවෙද්දි ලැබෙවි. අනාගතයෙ ජිවත් වෙන මිනිස්සු බුද්ධියෙන් උසස්. උන් හැමදෙම කල්පනා කරයි.
දේශපාලනයෙ විතරක් යෙදිච්ච මිනිස්සුන්ට විරත්වය පිහිටන්නෙ නැහැ. අවස්ථාවාදි, කපටි, බලලොභි කෙනෙකුට මිසක, වැදගත් අවංක නායකයින්ට මෙරටෙ දෙශපාලනයෙ මුල් පේළියට පැමිණිමට නොහැකි බව අපි හොදින්ම දන්න දෙයක්.
මෙතනදි ඇනො සගයෙක් පින්තුරයක් ගැන අසා ඇත. සමහර දෙශපාලකයො පසු ගිය අවුරුදු 20-30 ඇතුලෙ කැමරා කණ්ඩායම් කිපයක් තබාගෙන පැය විසිහතරම තමාගෙ පින්තුරය හැමතැනම ඔබාගෙන රජවරු වු හැටි අපි දැක්කා.
වැඩකාරයින්ගෙ වැඩ විතරයි, පඩ නැත.
හරි කමක් නැහැ ජෙනරල් ව හිරෙ දැම්ම එක කමක්ම නැහැ කියමු. මොකද නැත්තම් මහින්ද බයෙන්නෙ ජිවත් වෙන්නෙ. ජෙනරල්ට මෙරටෙ ඔන තැනක ජිවත් වුණ හැකි, කිසිම බයකින් තොරව, එය විරයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. මහින්දට එක බැහැ.
හැමොම දන්නවා මොකද වුණෙ කියලා..
හැමොම එක හැම තැනම කතා වෙනවා..
ප්‍රභාකරන්ගෙ 'නොනවතින රැල්ල' වෙනුවට ආ සිංහලයින්ගෙ 'නොනවතින සුනාමිය ' ගැන මිනිසුන්ට අමතක වෙලා.

Anonymous said...

http://www.divaina.com/2010/10/10/nalin.html

Anonymous said...

general wage gonekwa mam jeewitheta dekal ne............

Anonymous said...

අසූචිබුදින්නන් වටකොට ගෙන ඉන්න එතුමාට, සිංහයින් සාගින්නේ මැරෙන්නට ගියත් තණකොල බුදින්නේ නැති බව අමතකවී ඇත. එය එතුමාගේ අවාසනාවය!!!

meka thamai aththama kathawa!!!!