Tuesday, May 29, 2012

Mervin's War, Kabraal's War & Vimal's War : ජාතියේ පහන් සංවේගය වෙනුවෙන් ලියැවිය යුතු තවත් "WAR" පොත් තුනක්


Gota's War ලියැවී ඇත. එය මා කියවා නැත. කියවුවේ නැත්තේ අකමැත්ත නිසා නොව පොත තවමත් නොලැබුණු නිසාය. ගොඨාභය රාජපක්ශ මහතා ගැන මට ඇත්තේ ගෞරවයකි. ඔහු කල සේවය ඉමහත්ය. එය ජෙනරාල් ෆොන්සේකා හට මා තුල ඇති ගෞරවයට සමානය. දේශපාලනය පැත්තකට දමා රට වෙනුවෙන් ඔවුන් දෙදෙනාම කල සේවය සිහිපත් කරමි. පොත ලැබුණු වහාම පොත කියවීමට පුල පුලා බලා සිටිමි.

එසේම හුදීජන පහන් සංවේගය වෙනුවෙන් ලියවිය යුතු තවත් WAR පොත් තුනක් මට අදහසක් පහලවී ඇත.  මේ පොත් ලියැවිය යුත්තේ ගෝඨා හා ෆොනියා කලාටත් වඩා මහා දැවැන්ත යුද්ධ මේ කස්ටිය කල බැවින් හා කරමින් සිටින බැවිනි.  මේ යුද්ධ කාරයින් කරනා යුද්ධයෙන් ගෝඨාගේ යුද්ධයට වඩා මහත් වූ සේවයක් රටටත් ජාතියටත් සිදුවෙයි. එය ලියා තැබීම අනාගත පරම්පරාවේ සුභසිද්ධිය සඳහාද අනාගත මහාවංශ ලේඛකයින්හට රෙෆරන්ස් කිරීම සඳහාද වැද්ගත්වේ....

පොත් අංක 1

මැර්වින්ස් වෝර්: දුටුගැමුණුගේ වැසිකිලි සෝදන්නාගෙන් පැවත එන මහා සෙන්-පටියා, සතොස සුලු සේවක තනතුරින් පටන් ගෙන සතලිස් වසරක් තිස්සේ පෝසත්වීම සඳහාත් පෝසත්වුනු පසු බලවත්වී තවත් පෝසත්වීම සඳහාත් සිදුකරමින් සිටිනා සංග්‍රාමය. මෙය ලිවීම සඳහා පහත්පෙලේ ලියන්නෙකු උවමනා කොට තිබේ. කැලෑ පත්තර හෝ කුණුහරුප පත්තර ලියා පලපුරුද්ද තිබීම එකම සුදුසුකමයි.




පොත් අංක 2

කබරාල්ස් වෝර්: 2006 ජූලි මාසේ ගවනර් පදවියට කඩාවැටුනු මොහොතේ පටන් රටේ ආර්ථිකය කම්බස් කිරීමේ මහා සංග්‍රාමය මෙහෙයවූ, කොමන්වෙල්ත් ගේම්ස් හම්බන්තොටට ගෙන්නා ගන්නට ලස්සන කෙල්ලන් සමග සෙන්ට් කිට්ස් වලට ගොස් කොමන්වෙල්ත් මහා සංග්‍රාමය මෙහෙයවූ, ඉකොනොමික්ස් නොදත් එකවුන්ට්ස් පමණක් දත් සෙන්ට්‍රල් බෑන්ක් හි මහපුටු සෙනෙවියා. මෙය ලියා තැබීම සඳහා AAT බාගෙට සමත් එකවුන්ස්ට් ක්ලාක් කෙනෙක් උවමනා කොට තිබේ. ඉස්කෝලේ යන කාලේ රචනා ලියා තිබේනම් එය අමතර සුදුසු කමකි.




පොත් අංක 3

විමල්ස් වෝර්: උපන්දා සිටි සටන්කාමියෙකු වූ මෙයා අනුන්ගේ ගෑනු සොරා ගැනීම හැරෙන්නට වෙන දිනූ සටනක් නැතත් රජතුමා කරට දෙන ඕනෑම කුණුගොඩක් කරේ තියාගෙන ජීවිතේට හමුවී නැති සුද්දන්ට, කොරියන් කාරයින්ට (බැංකිමූනා) හා ඉන්දියං කාරයින්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන්කරන්නට ගොස් රජතුමාටම කෙලවපු මෝඩ සෙනෙවියෙකි. මුගේ මෝඩකම් ලියා තබන්නට ගල් අච්චු ප්‍රින්ටින් ප්‍රෙස් එකක අකුරු අමුණන්නෙකු අවශ්‍යය. ගී ද මෝපසාන්ගේ මහල්ලා හා මුහුද කියවා තිබීම අනිවාර්‍ය සුදුසු කමකි.





1 comment:

රොබින් said...

ඔය පොත් 3ම ලියන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නවා ඇමති මන්ඩලේ ඇතුලෙම ඒයා තමයි "බංගුල අගුනවර්ඩන"