Saturday, March 31, 2012

නිවාඩ්ගේ මුසාවාද හා ආචාර්ය හර්ශ සිල්වා ජනපතිට දුන් ඉකොනොමික්ස් ලැක්චර් එක..

WeekendFT 31/0/2011
දේසද්‍රෝහී ඇමරිකන් අනුසෝතගාමී අයි.ඇම්.ඇෆ් එක බංකොලොත්වේ යයි බයටද කොහෙද ලංකාවට ඔවුන්ගේ ඩොලර් බිලියන 2.6 ණය ආධාර වැඩසටහනේ අවසාන පංගුව වන ඩොලර් මිලියන 400 නිදහස් කරන්නට තීරණය කරලා. ඒ විතරක් නොවෙයි ඇයි.ඇම්.ඇෆ් එක ලංකා බැංකුවටත් වඩා දේශප්‍රේමී වෙලා ඕනෙනම් තවත් ඩොලර් මිලියන 800කුත් දෙඤ්ඤං කියලත් කියලා තියෙනවා.

කබ්ස්තුමා මිට කලින් සිංහනාද කරලා තිබුණේ අපිට ඔය ඉතුරු 400 කීයටවත් එපා අපිට ඕනෑ තරම් ඩොලර් තියෙනවා කියලයි. ඒ කයිය අමතක කරලා හොරෙන්ම 400 ඉල්ල ගන්න වැඩ සෙට් කලා විතරක් නෙමෙයි කබ්සි දැන් කියනවා අලුතින් දෙන මිලියන අටසීයත් ලැබුණොත් බාර ගන්නවා කියලා. අනේ ද කියන්නේ...

WeekendFT 31/0/2011
කබ්සියාගේ කයිවාරු රෙද්ද පල්ලෙන් යද්දී සිකුරාදා පාර්ලිමේන්තුවට ආපු අපේ සංවේදී නායකතුමාට ආචාර්ය හර්ශ සිල්වාගෙන් ආර්ථික විද්‍යාව ගැන හොඳ දේශණයකට සවන්දෙන්නට පුලුවන් වුනා කියලත් ජනාධිපතුමාත් සද්ද නැතුව ඔලුව වන වනා දේශණයට සවන්දුන්නා කියලත් ඩේලි එෆ්.ටී පත්තරේ වාර්තා කරනවා.

ඒ විතරක් නොවෙයි ආචාර්ය හර්ශ ජනපතිතුමාට ගවනර් කබ් රාල්, හා සියඹලා ඇමතියා රටේ සංවර්ධනය, ජීවන වියදම වගේ දේවල ගැන දෙන සංඛයාලේඛන විශ්වාස කරන්න එපා කියලත් අවවාද කරලා තියෙනවා.

කරුමෙට ජනාධිපති වටේට ඉන්නේ මැර්වින් වගේ පකාචාර්යවරු හා ඕ.ලෙවල් විමලාචාර්යාලා විතරනේ



Friday, March 30, 2012

බැසිල් ඉන්දියාවේ ඔත්තුකරුවෙකු වීම හෙවත් රාජපක්ශ පාලනයේ Kolaveri Di - Part I

හම්මේ මාමේ....ඇයි මේ කොලවරි දී හැබෑට?

රාජපක්ශ පාලනය දැන් සැබෑවටම ශ්‍රී ලාංකේය "කොලවරි දී" එකක් වෙමින් තියෙන බව කියන්න පුලුවන්. "කොලවරි දී" යන්නෙහි තේරුම "මාරක වියරුව" යන්නයි.

සිංදුව ලියපු අනිරුද් මල්ලියි ගායනා කරන දනුශ් මල්ලියි කතාකරන්නේ එයාලව නන්නත්තාර කරපු සුදු කෙල්ලෙක් ගැන.අපේ කොලවරි දී එක ඊට වඩා බරපතලයි. අපිට කතාකරන්න වෙලා තියෙන්නේ රටම නන්නත්තාර කරන මහින්ද මාමා ගැන.  අපි අහමු සංවේදී මහින්ද මාමාගෙන් "මාමේ why this kolaveri di?".

ආණ්ඩුවේ ලොක්කන්ට මොනතරම් කොලවරි දී වැඩි වෙලාද කිව්වොත් දැන් හූ.ඇන්.පී කාරයෝ, ජේ.වී.පී කාරයෝ, දෙමෙල්ළු, තම්බි, වෙබ්සයිට් කාරයෝ, බ්ලොග් කාරයෝ, මාළු කාරයෝ, ඇමරිකන් පිටි වලින් රොටී පුච්චාගෙන කන අහිංසකයෝ , ගූගල් මේල් කොටන මල්ලිලා නංගිලා විතරක් නෙමෙයි බැසිල් බාප්පත් දේසද්‍රෝහියෙක් වෙලා. පුතණ්ඩියාම විස්තරේ ගෝලයින්ට කියනවා කියලා ආරංචියි. බාප්පි දේසද්‍රෝහී ඉන්දියන් ඔත්තුකාරයෙක් නිසා එයා ගැන "ඉන්ටෙලිජන්ස්" හොයන්න බ්ලූෆිල්ම් බලකායේ ගංජා මල්ලිලා සෙට් එකකට පවරලාලු.

ඒ කාලේ හෙන චන්ඩියා වගේ හැමෝටම සත්තම් දමමින් ආණ්ඩුවේ මොළකාරයා හා "ට්‍රබල් ෂූටර්" ලේබලේ ගහගෙන හිටපු 10% බාප්පිත් දේසද්‍රෝහියෙක් වෙනකොට, ඔත්තු කාරයෙක් වෙනකොට අනිත් එවුන්ට කාගේ පිහිටක්ද?

හම්මේ මාමේ....ඇයි මේ කොලවරි දී ?

බැසිල් ඔත්තුකාරයෙක් වෙන්ඩ ඉස්සෙල්ලා ගුණදාස සීයා අපේ අල්ලපු ගෙදර ලොකු අයියාගේ පන්ජාබි ලොකු සීයාවත් සී.අයි.ඒ ඔත්තුකාරයෙන් කෙරුවා. ගුණදාස සීයාගේ කොලවරි දී එක වයසෙ වැරැද්ද හින්දා එන මරු විකල්ල කියලා හිතන්න පුලුවන්.

මෛත්‍රී අංකල් ඒ අස්සේ කියනවා එයාලා නිහඬවෙලා ඉන්නේ කියනදේ අහන්නේ නැති එවුන් එක්ක ඉන්න ඕනෑ හොඳම ක්‍රමය කට පියාගෙන ඉන්න එක කියලා. එතකොට මෛත්‍රී අංකලුත් දේසද්‍රෝහියෙක් වෙන්ට ඕනෑ ජිනීවා විදුලිපුටු විදෙස් ආක්‍රමණ තර්ජන හමුවේ කටපුක වහගෙන ඇහුනේ නෑ වගේ ඉන්න හින්දා...හොර හිතනේ... එයා ඔත්තු බලන්නේ මොන රටටද දන්නේ නෑ. සමහර විට එන්ගලාන්තේ මහ රැජිණ වෙනුවෙන් පිටරටවල්වල ඔත්තු හොයන MI6 එකට වෙන්න ඇති. (MI6-Military Intelligence, Section 6) 


ඔය අතරේ තවත් හොඳ කොලවරි දී එකක් වෙන්නේ සාගර සේනාරත්න පැහැර ගැනීම. එයා කියනවා එයා බේරුණේ ජීවන් අයියා හතර වටේට කෝල් කරලා ජනපති හා ආරස්සක ලේකම් දැනුවත් කරපු නිසා කියලා. ඒ කියන්නේ ජනපතිගෙයි ආරස්සක ලේකම් ගෙයි ටෙලිෆෝන් ඇඩ්රස් බුක් එකේ සුදු වෑන් කාරයින්ගේ ටෙලිෆෝන් නොම්මර තියෙනවා ඇති. මීට පස්සෙ දන්න කියන කෙනෙක් පැහැරගෙන යනවානම් 119 අමතන්නේ නැතුව අරලියගහ මන්දිරේට කතාකරන්න ජනතාව වග බලාගන්න ඕනෑ.

දේසප්‍රේමී ජනතාවක් විදියට රට හමුවේ ඇති මේ අභියෝග නිවැරදිව හඳුනාගෙන බඩ අමතක කරලා රට ගැන හිතලා අරලිය ගහ මන්දිරේට කෝල් කරලා පණිවුඩේ දෙන්න.

ඒ අස්සේ රජකඩු නාඩගම....මාමේ....ඇයි..ඇයි..ඇයි මේ කොලවරි දී ?









Wednesday, March 28, 2012

අද හෙට ඉන්ධන, ගෑස්, පොහොර මිල වැඩි කරන්නේ නෑ – පී.බී. [ක්‍රිකට් මැච් එකක් දිනන කම් ඉන්නවා...]

ලෝකයේ ඉහල යන තෙල් මිල ගණන්වලට සාපේක්‍ෂව අද හෙට නැවත ඉන්ධන, ගෑස් හෝ පොහොර මිල වැඩි කිරීමේ සූදානමක් නැතැයි මහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. 


ඔව් ඉතින් ඔහොම වැඩි කරලා කොහොමද නේද? කලින් සැරේ වැඩි කරලා ගුටි නොකා බේරුනේ ජිනීවා සුද්දන්නට පින් සිද්ද වෙන්න නේ.... ක්‍රිකට් මැච් එකක් දින්නා වගේ සුබ නැකතක් ආවාම වැඩි කරන්නකෝ පොලියත් එක්කම........

[මේ සිංහල බෞද්ධ දේශයයි!] භාතිය ගුවනින් පිරිත් පැන් ඉසියි....පැන් කළය භාරදුන්නේ දුන්නේ හාමුදුරු පාටියේ ගොන්මන්පිල!


මිහිකත සමුලුව ගැන ජනතාව දැනුවත් කරන්න අපේ දේසප්‍රේමී පාණ්ඩුවේ කස්ටිය අලුත් වැඩක් පටන් අරගෙන. ඒ බැලුන් වලින් ගුවනින් යන එක. මම හිතන්නේ ගුවනින් පත්‍රිකා වීසි කරලා මිහිකත දිනය වෙනුවෙන් පරිසරය අපිරිසිදු කිරීම, ඒවා මුද්‍රණය කරන්න ගන්න කඩදාසි වලට ගස් කපන්නට උනන්දු කරවීම වගේ මිහ්කිකත ප්‍රේමී වැඩ පිලිවෙලක් ඇති.

මේ වැඩේ හොඳින් කරන්නට දෙයියන්ගේ ආසීර්වාදය ගන්නට ඉස්සෙල්ලාම ගුවනට ඇරලා තියෙන්නේ අපේ රිගින්-ටෝන් භාතිය කොලුවා. ඌව යවලා තියෙන්නේ පිරිත් පැන් කළයකුත් එක්ක. කළේ දුන්නේ හාමුදුරු පාටියේ ගොන්මන් පිල. මුන්ට පිරිත් පැන් ඉහින්න භාතියට වඩා හොඳ වැදගත් එකෙක් හොයා ගන්න බැරිවුනාද? 

මහා ලොකුවට රට, ජාතිය, ආගම, සංස්කෘතිය ගැන දෙසාබාන එවුන් පිරිත් පැන් ඉස්සවන්නේ භාතිය ලව්වා.

ඊට වඩා හොඳ නැද්ද සුදු සාරියක් අන්දලා ඇනර්කලීව් හරි සෙකන්ඩ්-හෑන්ඩ් හින්දි නිළි උමා ශන්කර්ව හරි උඩට යැව්වානම්?

Tuesday, March 27, 2012

ඇමති නිමල් සිරිපාල කොන්ඩොම්ගේ ජනමතවිචාරණය පුපුරවා හරියි!

http://dinamina.lk/2012/03/27/_art.asp?fn=n1203272 (27-03-2012)

ජිනීවා නාඩගමෙන් ලබා ගත් ගැම්ම තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහාත්;

ඉදිරි මාස දෙක තුනම මයික් බදාගෙන හන්දියක් හන්දියක් ගානේ බෙරිහන්දෙමින්, රස්සාවට යන මිනිස්සුන්ට, පාසැල් අහවරවී බඩගින්නේ ගෙදර එන ළමයින්ට මෙන්ම වෙනත් වැඩරාජකාරි සඳහා මහ මගට බසින මිනිස්සුන්ටත් මහා වාතයක් වෙමින් පාරවල් අවුරුවාගෙන ප්‍රචාරණ නාඩගම් පවත්වන්නටත්;

චම්පකයා පරද්දමින් සිරිලක මහා දේසප්‍රේමී වීරයා වන්නටත්;

මැරවින් පරද්දා රජතුමාගේ ප්‍රියතම ජොකා වන්නටත්;

පුවත්පත් සාඛච්චා, සම්මුඛ සාඛච්චා වලින් නැතිවීගෙන යන ප්‍රතිරූපය යලිත් පුම්බාගන්නටත්;

කොකාකෝලා, ගූගල් ගොන් කතාවෙන් නාගත් මඩ සෝදාගන්නටත්;

කාළයක් ඉහගෙන කෑ හැකි හොඳ ඇත් කුණක් ලෙස කොන්ඩොම් උත්තමයා විසින් සිය තක්කඩි මොළය ටිකකට පාවිච්චිකොට නිර්මාණය කරගන්නා ලද්දාවූ;

"ජිනීවා යෝජනා ජනමත විචාරණ සංකල්පය"  අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉතා අනුකම්පා විරහිතවා පුපුරුවා හල බව සංවේගයෙන් දැනුම් දෙමු.....

මෙයට ශෝකයට පත් කොන්ඩෝම් බ්ලොග් සංසදය..







Monday, March 26, 2012

උරුලෑවාගේ ආගමනය [The Skunk Returns]


ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගුදවාතය වූ උරුලෑවරිගේ මැරවින් සිල්වා නැවත සැඟවී සිටි පොල්කට්ටෙන් එලියට පැන සිය ගඳ පතුරුවන්නට පටන්ගෙන ඇත. මුන්නේස්වරම් දේවාලයේ කාලි මෑණියන්ගේ සාපය වදින්නට ඇතැයි බියෙන් ගණිකාවක් ලවා පූජා තබ්බවාගත් උරුලෑවා ඉන්පසුව කැළණියේ පැරණි ගෝලයන්ගේ විප්ලවය නිසා මදක් පසු බා සිටියේය.

එහෙත් යලි කරලියට පැමිනි මේ ගුදයා දැන් රටම යලිත් අපකීර්තියට පත්කොට ඇත්තේ ජීනීවා ගොස් රජයට විරුද්ධව ක්‍රියාකල මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අත පය කඩනවා අයයි කීමෙනි.

පාකියසොත්ති ඇතුලු පිරිස මෙය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර සිදුවන දෙය අපි බලා සිටිමු. එක්ස්ටසි විකුණන කොළුවාත් ලඟදීම දේශපාලනයට එනවාලු. එතකොට නාමලට හොඳ ගෝලයෙක් ලැබෙයි. උරුලෑවා තාත්තාගේ ගෝලයා. උරුලෑ පැටියා පුතාගේ ගෝලයා...


Sunday, March 25, 2012

ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනිවාහීදී ඉන්දියාව චන්දය ප්‍රකාශකිරීම මහා පාවාදීමකි - Sunday Times of India (25/03/2012)



අද (25/03/2012) ඉරිදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට ලිපි දෙකක් සපයන උතුරු ඉන්දියානු ලේඛකයින් දෙදෙනෙකු ඉන්දියාව ජිනීවාහිදී ලංකාවට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීම  මහා පාවාදීමක් ලෙසත් අසල්වැසි මිතුරු රටකට නොකල යුතු අකටයුත්තක් බවත් ප්‍රකාශ කරයි.


මෙම ලිපි දෙකෙහි සම්පූර්ණ ස්කෑන් පිටපත් පහත අඩංගු කොට ඇත.


හිතවත් අසල්වැසියෙකු පාවාදීම - ස්වපන් දාස්පුප්තා
  • ශ්‍රී ලංකාවේ බෙදුම් වාදී ත්‍රස්තවාදීන් බිහිකොට පෝශණය කලේ ඉන්දිරා ගාන්ධි අගමැතිනියයි.
  • ඇය විසින් ගන්නා ලද්දේ මහත් අමනෝඥ්ඥ තීරණයක් බව වැඩිකල් නොගොස් ඇයටම වැටහෙන්නට විය

  • ශ්‍රි ලංකාවේ දෙමළ බෙදුම්වාදී විශ අසල්වැසි තමිල්නාඩුව කරාද පැතිරෙන්නට මේ මෝඩ ක්‍රියාව හේතුවිය
  • 2009දී ප්‍රභාකරන් ඇතුලු එල්.ටී.ටී.ඊ සංවිධානය සමූළඝාතනය වූ විට වඩාත්ම සතුටුවුනේ ඉන්දියානු ජනතාවයි. ඒ ඉන්දියාවටද පිලිලයක් වෙමින් තිබූ කොටි ත්‍රස්තවාදිය විනාශ වුනු බැවිනි
  • කරුණු එසේ තිබියදී මන්මෝහන් සිං රජය ඉතා නිවටව තමිල්නාඩුව පිනවීමට ලංකාවට විරුද්ධව චන්දය දීම මහා පාවාදීමකි

ලිපි විශාල කොට කියවීමට Right Click කොට New Tab එකක විවෘත කරන්න (Right Click + Open in a new tab)


ශ්‍රී ලංකාවට විරුද්ධ චෝදනා  නැගුවද  ඉන්දියාවද වරද කරුවෙකි - අනහිතා මුඛර්ජි
  • ශ්‍රි ලංකාවට විරුද්ධව මානව හිමිකම් චෝදනා නැගුවද ඉන්දියාවද විශාල වශයෙන් මානව හිමිකම් උල්ළංඝනය කරයි!
  • ශ්‍රී ලංකාවට චෝදනා කිරීමට පෙර ඉන්දියාව සිය ඇතුලාන්තය තුල වගකීමකින් බැලිය යුතුයි.


Saturday, March 24, 2012

විමල්ගේ "Fcuk the USA" නාඩගමේ නිරුවත

විමල්ගේ Fcuk the USA නාඩගම


මේ දිනවල විමල් වීරවංශ මයික් බදාගෙන වේදිකාවල බෙරිහන්දෙන්නේ ඇමරිකාවට විරුද්ධවය. ඇමරිකන් භාණ්ඩ පාවිච්චි කරන්නට එපා කියූ ඔහු නොමිලේ ලැබෙන ගූල ඊමේල් සේවාව පවා අතහරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමාද මෙතෙක් කල් භාවිතා කල ගූගල් ඊමේල් ලිපිනය ඉවත්කරගත් බව කියමිනි. ඒ අතරම විමල් තමන්ට නැතුවම බැරි ශරීරාංගයක් මෙන් වූ ඇපල් අයිෆෝන් දුරකථනය හා අයිපෑඩ් ටැබ්ලටය සඟවා තැබුවේ මේ අස්සේ ඕවා පාවිච්චිකල හොත් පාරේ යන්නට අමාරු වන බැවිනි.


විමල්ගේ මේ රණගොස රටටම ගෙනියන්නේ ඔහුගේම වියදමින් (හෝ ව්‍යාපාරික අනුග්‍රාහකයින්ගේ වියදමින් ) පවත්වාගෙන යන ලංකාසීනිවුස් වෙබ් අඩවියයි. නිතර යාවත්කාල වන මේ වෙබ් අඩවිය විමල්ගේ හොරණෑව වන අතර විමල්ගේ ජාතිවාදී අනුගාමිකයින්ගේ තෝතැන්නක් බව එහි කොටා ඇති සිය ගණන් කොමෙන්ටු වලින් පෙනේ.

විමල් ඔහුගේ මෝඩ ඉල්ලීම අවඥාවෙන් විවේචනය කල ජනමාධ්‍යවලට පරිභවකලේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් එන දුරකථන ඇමතුම වලට නැටවෙන ඇමරිකන් ගැති මාධ්‍ය වශයෙනි. විමල්ගේ ගොන්කම් ප්‍රතික්ශේප කල ජනතාව "ඇමරිකන් අවජාතයින්" බව ඔහු නොකියා කිව්වේ සුපුරුදු වාචාල වාග් ප්‍රහාරයෙනි.

විමල්ගේ සී නිවුස්වත් ගූගල් ජීමේල් අත හැර නෑ!!

විමල්ගේ මේ මෝඩ ඇමරිකන් විරෝධතාවය ඔහුගේම හොරණෑව සීනිවුස් අඩවිය පවා අවඥාවෙන් බැහැර කොට ඇති බව පෙනෙන්නේ සීනිවුස් හි එඩිටර් මහත්තයා දැන්වීම විකුණන්නට සීනිවුස් මුල් පිටුවේ උඩින්ම දමා ඇති "place holder" වල සිය ඊමේල් ලිපිනය CNEWSEDITOR@GMAIL.COM ලෙස සටහන් කර තිබීමෙනි.

මුලු ජාතියටම ඇමරිකන් භාණ්ඩ වර්ජනය කරන්නට කියන මිනිහාට තමුන් පඩි ගෙවන එඩිටරයාට කියාවත් වර්ජනය ක්‍රියාත්මක කරන්නට බැරි හැඩක් පෙනේ. 


බොරු කියලා හිතනවානම් කොටලා බලන්නකො : http://www.lankacnews.com/sinhala/




එහෙමත් නැතිනම් සිනිවුස් එඩිටර් මහත්තයාගේ තාත්තාද විමල් කියූ පරිදි ඔබාමා හෝ ජෝර්ජ් බුශ් වන්නට පුලුවන. හැබැයි ඔය වගේ වැඩවලට හැබෑ දස්සයා වන්නේ ක්ලින්ටන් කාරයාය. මතකනේ මොනිකා...

100% දේසීය නිශ්පාදනයක් වන, ඇමරිකාව ගෑවිලාවත් නැති Microsoft Skype වලින් සීනිවුස් හා සම්බන්ධ වෙන්නට ඔබටත් පුලුවන්!!




ප.ලි : මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් 2011 වසරේදී ස්කයිප් සමාගම මිලදීගන්නා ලදී. දැන් එය 100% අමෙරිකානු සමාගමකි :D

Friday, March 23, 2012

අසාද්ට කොකා පෙන්වන චීනය හා රුසියාව/අපේ මාමලාගේ LSD සිහින


අසාද්ට කොකා පෙන්වන චීනය හා රුසියාව

චීනය හා රුසියාව සිරියාවේ අසාද් මහත්තයාට කොකා පෙන්වන්නට පටන්ගෙන ඇත. ඉස්සෙල්ලා රුසියාව කිව්වේ දවසකට පැය දෙකක සටන් විරාමයක් ඕනෑ කියාය. ඒ කියන්නේ තුවාල කාරයින් ඉස්පිරිතාල වලට ගෙනියාගන්නට, මළමිනී ටික වලලන්නට, තුවක්කු සුද්ද කර තෙල්දාලා උණ්ඩ පුරවාගන්නට කාලය ලබාදිය යුතු බවයි. ඉතුරු පැය 22 මරාගන්නට පුලුවන.

දැන් රුසියා චීන දෙබෑයෝ කියන්නේ සිරියාව තවත් කාළකණ්නි නොකර ඇමරිකන් ආක්‍රමණයකට පාර නොකපා අසාඩ් ගෙදර යායුතු බවයි.

රුසියානු සිරියානු සබඳතා 1971 තෙක් ඈතට දිවෙයි. රුසියාව සිරියාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු වුනු අතර 2012 අවසන් වන විට රුසියාව සිරියාවට අයත් මධ්‍යධරණී මුහුදේ තොටුපලක් වන ටාටෝස් (Tartous) අංග සම්පූර්ණ නාවික හමුදා මධ්‍යස්ථානයක් කොට සිරියාවට භාර දෙනු ඇත. චිනයද එසේමය, චීනය හා සිරියාවේ ආර්ථික හා මිලිටරි සබඳතා බොහෝ ඈතට දිවෙයි.

දැන් රුසියාවට හා චීනයට අවශ්‍යවන්නේ කෙසේ හෝ අසාඩ් ඇමරිකාව මැදිහත් වුනු ආයුධ සන්නද්ධ අරගලයකින් පන්නා දමන්නට පෙර රාජ්‍යතාන්ත්‍රික පීඩන මගින් ගෙදර යැවීමයි. ඇමරිකන් ආධාර ලබන සන්නද්ධ අරගලයකින් අසාඩ් පන්නා දැමුව හොත් වාසිය ඇමරිකාවට බවත් වසර ගණනාවක් තිස්සේ තමන් සිරියාවේ ආයෝජනය කල ප්‍රකෝටි ගණන් ආයෝජන අණතුරේ වැටෙන බවත් රුසියාව හා චීනය හොඳාකාර දනී.

මේ නිසා මෙතෙක් කල් දිවෙන් දිව ගාගත් මිතුරෙකු මෙන් වුනු සිරියාවේ අසාඩ් දැන් රුසියාවටත්, චීනයටත් මහත් ඇණයක් වී ඇත.

රුසියාවත් චීනයත් සදාකාලිකව උණ්ඩුකපුච්ච කපාගෙන තමන් වෙනුවෙන් පෙනීසිටින බවට ඉර හඳ සේ විශ්වාස කල අසාඩ් මහත්තයා දැන් දැන් කණ්නාඩියක් ඉදිරියට ගොස් "තමුසේ මාර ගොනෙක් ඕයි..." යනුවෙන් තමන්ටම බැනගන්නවා ඇත. දැන් අසාද්ට ඉතිරිවී ඇත්තේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලය පමණකි. ඒකත් තව කොච්චර කාලෙකටදැයි ලංකා සී නිවුස් එකෙන්ම දැනගන්නට පුලුවන.

අපේ මාමලාගේ LSD සිහින


ගෝඨාභය මහත්තයා චීනෙට ගියවෙලාවේ "අපේ සහය අඛණ්ඩයි..." කියලා ගෝඨාභය මහත්තයාට දිවුරලා කියලා තියෙනවා. 

ඔය විධියට චීනය හා රුසියාව අසාඩ් මහත්තයාටත් කොච්චර පොරොන්දු දෙන්න ඇතිද? අසාඩ් මහත්තයා තමන්ගේ රටේ ජනතාව ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රතික්ශේප කරමින් තමන්ගෙම මිනිස්සු සමූළඝාතනය කරමින් හරි බලයේ එල්ලිලා ඉන්න හදන්නේ පිස්සු නිසා නොවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ශක කවුන්සලේ නිත්‍ය සාමාජිකයින් වන චීනය හා රුසියාවේ සහයෙන් ජාත්‍යන්තර බලපෑම් වලින් ගැලවිලා ඉන්නට පුලුන්වන් කියලා හොඳාකාරවම විස්වාස කල නිසයි. 

රුසියාවත් චීනෙත් මේ විධියට කොකා පෙන්න්යි කියලා අසාඩ් කීයටවත් හිතන්න නැතුව ඇති. නැතිනම් මිනීමරන්නේ නැතුව මිනිස්සු ඉල්ලන දේවල් ටිකක් හරි දීලා වැදගත් විදියට පෙන්ශන් යන්න තිබුණා ඒයාට. චීනාගේ හා රුසියන් කාරයාගේ ලණු ගිලලා දැන් ඇමරිකන් ඇමරිකන් සන්නද්ධ මැදිහත්වීමකටත් පාර කපාගෙන තියෙන්නේ.

පොතක් පත්තරයක් නොකියවන, යමක් දන්නා එවුන් කොන්කරමින් නොදන්නා එවුන්ගෙන්ම උපදෙස් ගන්නා අපේ මාමලා ඉන්නෙත් චීනය හා රුසියාවේ සහය පිලිබඳ එල්.එස්.ඩී සිහිනයක. එල්.එස්.ඩී විදගත් කෙනාට පාට පාට සුන්දර ලෝක මැවිලා පේනවා. සිහින සැබෑ වෙනවා. යථාර්තය නැතිනම් රියැලිටි එකෙන් මිදිලා තමුන් කැමති කැමති සුන්දර අත්දැකීම් ලබන්නට එල්.එස්.ඩී උදව් වෙනවා.

අපේ මාමලා විදේශ ප්‍රතිපත්තිය හදාගෙන ඉන්නෙත් යථාර්තයෙන් මිදිලා චීනය හා රුසියාව කියන සුන්දර එල්.එස්.ඩී සිහිනය මත යැපෙමිනුයි. අසාඩ් මහත්තයාත් දැන් එයා මෙච්චරකල් ගිලි සිටි සුන්දර එල්.එස්.ඩී සිහිනයෙන් මිදුනා වගේ අපේ මාමිලාටත් ලඟදීම සුන්දර චීන, රුසියන් එල්.එස්.ඩී මිත්‍යාවෙන් සිහිනයෙන් මිදෙන්නට සිදුවේවි. එතකම් කොකාකෝලා වර්ජන ගූගල් වර්ජන කරකර රට තවත් වලට තල්ලු කරන්න පුලුවන් එයාලට.

අඩුම ගණනේ අසාද්ට තවමත් ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව සිටී. අපෙ මාමිලාට ඒකත් නැත.




Thursday, March 22, 2012

ලජ්ජාසහගත පරාජයේ වගකීම කාටද?


ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයකට යොමුවී ඇත. මීට වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වුනු රටවල් අද පිටුපා ඇත. විශේෂයෙන්ම මැලේසියාව වැනි රටක සහය පවා අද ශ්‍රී ලංකාව අහිමිවී තිබේ.

මෙයට වගකිවයුත්තේ කවුද? වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාම පමණකි. ඔහුගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා රටම ආගාධයක වැටී ඇත.

මහින්ද රාජපක්ශ ජාත්‍යන්තරයේදී හැසිරෙන්නේත් මැදමූලන සීතල චන්ඩියා මෙනි. විශේෂයෙන්ම ඉන්දියාව අරභයා ඔහු ගෙන ගිය අදූරදර්ශී, හැමදෑම රවටමින්, කනෙන් රිංගාගෙන බොරුවෙන් ජය ගැනීමට උත්සහ කිරීමේ ප්‍රතිපලය අද මනාව දකින්නට හැකිය.

අද ලංකාව පිලිබඳව ඉන්දියාව සිටින්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ සිටි තත්වයේය. ප්‍රේමදාසගේ දැඩි ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තිය ඔහුට පාරාවලල්ලක් වුනේ ඉන්දියාව කොළඹ සාක් සමුලුව වර්ජනය කරමින් එය කඩාකප්පල් කිරීමෙනි. මහින්ද රාජපක්ශට ඊටත් වඩා ජාත්‍යන්තර පරාජයක් ලබාදීමට ඉන්දියාව සමත්වී ඇත.

මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට දැනට චීනයේ හා රුසියාවේ සහය ලැබෙන බව සැබෑය. ඒ චීනයට හා රුසියාව ලංකාව ආර්ථිකමය හෝ යුධමය/උපායමාර්ගිකමය ලෙස වැදගත් වන නිසා හෝ මහින්ද රාජපක්ශ වටිනා මිතුරෙකු නිසා නොව නොව ලෝකයේ වැඩියෙන්ම මානව හිමිකම් උල්ළංඝණය කරන රටවල් දෙක හැකියට තවත් රටක මානව හිමිකම් උල්ළංඝණය කිරිමේ චෝදනාවලට සහය දීමට ඇති නොහැකියාව නිසාමය. අනාගතයේ ඔවුනට විරුද්ධව මෙවැනි යෝජනාවකදී සහය ලබාගත හැකි ආයෝජනයක් ලෙසයි ලංකාවට චන්ද. ලබාදුන්නේ.

මේ සියල්ලටම වගකිව යුත්තේ මහින්ද රාජපක්ශ පමණකි.

ඔහු ජිනීවා චන්දය ජයගන්නට සිතුවේ කුලල් කාගන්නේ නැතුව එකට වැඩකල නොහැකි කොළපාට ලේ ඇති ඇමරිකන් පුරවැසියෙකු හා නාකි ප්‍රොපෙසරයෙකු සමග දඩාවතේ යන සුනඛයින් රැළක් ජිනීවා නුවරට යවමිනි. ඇමරිකන් පුරවැසියා හා ප්‍රොපෙසරයා එකිනෙකාගේ වැඩ කඩාකප්පල් කරමින් සිටි අතර සුනඛ රැළ එහි ගොස් කලේ හත්පොලේ ගාගනිමින් ගණිකා මඩම්වලදී කලිසම් අහිමිකර ගත්හ. ඉන්පසු මෙහෙයුම භාර දුන්නේ යුරෝපා රටවල නිල් කොලර රැකියා කර ජීවිතය ගැටගසාගන්නා ආර්ථික සරණාගතයින් රැළකටය.

ජිනිවා නුවර මහපාරවල්වල ශ්‍රී ලාංකේය සභ්‍යත්වය මොනවට ප්‍රදර්ශණය කල මේ නූගත් ආර්ථික සරණාගත රැල අද චන්ද විමසීම පවත්වන අවස්ථාවේ මහකොමසාරිස් කාර්‍යාලය අසලට රැස්වී කළබැගෑනි කරමින් රට තවත් පජාති තත්වයට ඇද දැමුවේය.

සිංහ කොඩිය උඩ මළමූත්‍රා පිටකල මේ රජපස ගෝලයින් විසින් ඉතුරුකර යන එකම දායාදය නම් මින් පසුව වැදගත් ශ්‍රී ලාංකිකයෙකුට වුවද ස්විට්සර්ලන්තයට ඇතුලුවන්නට නොහැකි වන තත්වයකි. ඒ තරමටම මහින්ද රාජපක්ශගේ මදාවි රැළ ජිවීවා නුවරදී අපේ කම හොඳින් ප්‍රදර්ශණය කොට ඇත.



Wednesday, March 21, 2012

ද්වේශහිතයිෂී දොස්තර ගුණදාසගේ අලුත්ම සොයාගැනීම :ඇමරිකාවේ ඉගෙනගත් මන්මෝහන් සිං CIA කාරයෙකි! [ආචාර්ය මන්මෝහන් සිං ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නොව, කිසිදු ඇමරිකන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන නොමැත.]

"කොන්ග්‍රස් පක්ෂ නායකත්වය ඉතාලි කාන්තාවක විසින් දරද්දී අග්‍රාමාත්‍ය ධූරය හාවර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ සී.අයි.ඒ. නියෝජිතයෙකු වන මන්මෝහන් සිං දරද්දී..."

පිස්සු තදවුනු දත්දොස්තර කියන විධියට මන්මෝහන් සිං සී.අයි.ඒ ඒජන්තයෙක් වන්නේ එයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත නිසාලු!ගිය සතියේ ලොකු අයියා වුනු මන්මෝහන් සිං අද සී.අයි.ඒ කාරයෙකි. [මන්මෝහන් සිං කිසි දිනක ඇමරිකාවේ ඉගෙන ගෙන නොමැත, උගන්වාද නොමැත, විස්තර පහලින් ඇත]

හත්දෙයියනේ හාවර්ඩ් එකේ ඉගෙන ගත්ත එකා සී.අයි.ඒ වෙනකොට ඇමරිකන් දේශයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවිහිමියෙන් ගරුකරමී අවනතවෙමී කියලා ඇමරිකන් කොඩියට අතගහලා ඇමරිකන් කොඩිය යට දිවුරුම් දීලා පුරවැසිකම ගත්ත එවුන් සී.අයි.ඒ ලොක්කෝ වෙන්න එපෑයැ. එතකොට මහින්ද මහත්තයා වටේටම ඉන්නේ සී.අයි.ඒ එකේ බොස්ලානේ. දොස්තරට මේක අමතක වුනේ වයස නිසාද මන්දා?

ගෝඨාභය, බැසිල්, ඩලස්, මහින්ද සමරසිංහ, මේ කට්ටිය ඔක්කෝම ඇමරිකන් පුරවැසියෝනෙ. මුන් ඔක්කෝම එකතුවෙලා අපේ සිංහල බෞද්ධ ජනාධිපතිතුමාට කරන වින්නැහිය දත් දොස්තරට පේන්නෙම නැද්ද?

ගේ අස්සේ ඉන්න සී.අයි.ඒ කාරයෝ ටික පේන්නේ නැති තරමට ඇස් පොට්ට දත් දොස්තරට දිල්ලියේ ඉන්න සී.අයි.ඒ කාරයන්ව හොඳට පේනවා.

ඒ විතරක්ද, මන්මෝහන් සිං වගේම අපේ ආදරණීය ජනාධිපතිතුමාගේ ලේකම් ලලිත් වීරතුංග මහත්තයා ඇමරිකාවෙන් දීපු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය දිනාගෙන ඇමරිකාවට ගිහිල්ලා පෙන්සිල්වේනියා රාජ්‍යවිශ්ව විද්‍යාලයේන් පස්චාත් උපාධිය අරගත්තනේ.


එතකොට දත් දොස්තර ගුණදාස දන්නේ නැති වුනාට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාත් සී.අයි.ඒ ඒජන්තයෙක්. ඇයි මිනිහත් ඇමරිකාවේ ඉගනගෙන තියෙනවානේ.


මන්මෝහන් සිං හාර්වඩ් විශ්වවිද්‍යාලයේ ඉඳගෙන සී.අයි.ඒ ට්‍රේනින් ගන්නකොට ලලිත් වීරතුන්ග පෙන්සිල්වේනියා රාජ්‍යවිශ්ව විද්‍යාලයේ ඉඳගෙන සී.අයි.ඒ ට්‍රේනින් ගිහිල්ලා තියෙනවා. :)  :)  :)

දත් දොස්තර ගුණදාසට පිස්සු නැතහොත් දැන් දැන බොරු කියයි : මෙන්න ඇත්ත.....


ආචාර්ය මන්මෝහන් සිං ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ නොව, කිසිදු ඇමරිකන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන නොමැත. උගන්වාද නැත!

ආචාර්ය මන්මෝහන් සිංගේ ජීව දත්ත මෙන්න;
  
EDUCATION /Qualification:
Stood first in BA (Hons), Economics, Punjab University, Chandigarh
1952; Stood first in MA (Economics), Punjab University, Chandigarh
1954; Wright's Prize for distinguished performance at St John's College, Cambridge, UK
1955 and 1957; Wrenbury scholar, University of Cambridge, UK
1957; DPhil (Oxford), DLitt (Honoris Causa); PhD thesis on India's export competitiveness

OCCUPATION /Teaching Experience:
Professor (Senior lecturer, Economics, 1957-59
Reader, Economics, 1959-63;
Professor, Economics, Panjab University, Chandigarh, 1963-65
Professor,International Trade, Delhi School of Economics,University of Delhi,1969-71
Honorary professor, Jawaharlal Nehru University,New Delhi, 1976
Delhi School of Economics, University of Delhi,1996

Working Experience/ POSITIONS:
1971-72: Economic advisor, ministry of foreign trade
1972-76: Chief economic advisor, ministry of finance
1976-80: Director, Reserve Bank of India

Sources :
http://www.indiatoday.com.au/yourstory-primeministerindia.htm
http://www.careers360.com/news/3952-India-s-best-students-Dr-Manmohan-singh



ජාතික භින්නෝන්මාදය - part I



Schizophrenia නමින් භයානක මානසික රෝගයක් තිබේ. එයට සිංහලෙන් කියන්නේ භින්නෝන්මාදය කියායි. භින්නෝන්මාදය මානසික රෝග අතුරින් භයානයකම රෝගයයි. සුමනදාස සමරසිංහ වියතානන්ගේ "මිනිස් සිතේ හාස්කම්" පොත් පෙල කියවා ඇත්නම් මා මේ කියන්නට යනදෙය වඩාත් පැහැදිලිවනු ඇත.භින්නෝන්මාදයෙන් පෙලෙන්නන් විකාරරූපී හැසිරීම් රටාවන් පෙන්වයි. සමහරුන් දැඩි මානසික අවපාතයකින් පෙලෙයි. ඔවුන් ජීවිතය ගැන දැඩිලෙස කළකිරී සිටින අතර ජීවත්වීමෙන් වැඩක් නැතයි සිතා සියදිවි හානිකර ගැනීමට පෙළඹෙයි.  තවත් භින්නෝන්මාදකරුවන් වියරු මානසික රූප මැවී පෙනෙයි. සමරුනට භයානක යක්ශයින් සතුන් තමන්ව මරාගෙන කන්නට එන ලෙසක් පෙනෙයි. භින්නෝන්මාදකරුවන් වියරුවෙන් කෑගසමින් දුවන්නේ, කෝලහාල කරන්නේ එබැවිනි. ඔවුන් මෙම මනෝරූපී සතුන්ගෙන් බේරෙන්නට තැත්කරයි.

තවත් දරුණු භින්නෝන්මාද තත්වයක් නම් අසීමාන්තික සැකයයි. නෑසෙන මානයේ දෙදෙනක් කතාබහක යෙදී සිටිනවා යයි සිතන්න. භින්නෝන්මාද සැකයෙන් පෙලෙන්නා සිතන්නේ ඔවුන් ඒ කතාකරන්නේ තමන් ගැන කියාය. තමන් ගැන කතාකරමින්, තමන්ට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා යයි ඔවුන් සිතයි. කතාකරමින් සිටිනා දෙදෙනා සිනාසුනහොත් භින්නෝන්මාද රෝගියා සිතන්නේ ඔවුන් මේ සිනාසෙන්නේ තමන්ට අවඥාවට කියාය. මේ දරුණු සැකය නිසා භින්නෝන්මාද රෝගියා සෑම දෙනෙකු සමග ගැටුම් ඇතිකර ගනියි. තමන්ට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා, තමන්ව මරන්නට තැත් කරනවායයි කියමින් භින්නෝන්මාද රෝගියා අනෙකුන් හට චෝදනා කරයි.

අද ශ්‍රීලංකාවේ දේශප්‍රේමී සිංහල බෞද්ධ යයි කියාගන්නා මහින්ද රාජපක්ශ සරණගිය තලේබාන්කාරයින්ද මේ භින්නෝන්මාද රෝගයෙන් පෙලෙන බව දැන් ඉතා පැහැදිලිය. මේ භින්නෝන්මාදකාරයින් පුදුමාකාර සැකයෙන් වෛරයෙන් ජීවත්වෙයි. ඔවුන් සිතාගෙන ඉන්නේ මුලු ලෝකයම පමණක් නොව රටේම ඉන්නා තමන්ට මෙන් භින්නෝන්මාදය නැති සියලුදෙනා තමන්ව නැතිනම් තමන් බොහෝ ආදරය කරනවා යයි පෙන්වන සිංහල ජාතිය, ආගම සංස්කෘතිය විනාශකරන්නට කුමණ්ත්‍රණය කරනවාය යනුවෙනි. මේ දේශප්‍රේමී භින්නෝන්මාද රෝගින්ගේ සැකයට, වෛරයට සීමා මායිම් නැත. ඕනෑම කෙනෙකු කුමණ්ත්‍රණකරුවන් ගොඩට දාගන්නට ඔවුනට පුලුවන.

මොවුන් විවිධ ස්ථානවලදී සාඛච්චාවලදී රැස්වීම් වලදී දෙසාබානා ආකරයට සිංහල ජාතිය බෞද්ධ ආගම විනාශකන්නට කුමණ්ත්‍රණය කරන්නවුන්ගේ ලැයිස්තුවක් පහත දක්වා ඇත.එම ලැයිස්තුව දේශීය හා විදේශීය කුමණ්ත්‍රණකරුවන් ලෙස වර්ගකොට ඇත.

දේශීය කුමණ්ත්‍රණකරුවන්
  1. රනිල් වික්‍රමසින්හ 
  2. සියලුම දෙමළු (ඩග්ලස්, කරුණා, පිල්ලෙයාන් හා කේ.පී හැර )
  3. තමන්ට කඩේ නොයන සියලුම දේශපාලන පක්ශ හා සංවිධාන
  4. කෙලවරක් නැතුව වර්ගයා බෝ කරන මුස්ලිම්කාරයෝ
  5. බුදුදහමට වින කරන කතෝලිකයින්
  6. බුදුදහමට වින කරන ක්‍රිස්තියානි සභාකාරයින්
  7. බුදුදහමට වින කරන ක්‍රිස්තියානි මිශනාරීන්
  8. සියලුම එන්.ජී.ඕ ඩොලර් කාක්කන්
  9. කොන්ද පණ ඇති, කඩේ නොයන පත්තරකාරයින්
  10. කඩේ නොයන බ්ලොග්කාරයින්
  11. රටතුල ක්‍රියාත්මක වන බහුජාතික සමාගම්
  12. සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරමින් කොට ගවුම්, කලිසම් අඳින කෙල්ලන්
  13. සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරමින් කෙල්ලන් අතින් අල්ලාගෙන මුකුලු කරමින් යන කොල්ලන්
  14. මුහුදුවෙරලවල් වල, උද්‍යානවල පෙම්සුව විඳින ජෝඩු
  15. උපත්පාලන පෙති ගිලින ගෑනු
  16. රබර් කොපු පලඳින පිරිමි.
  17. ගෑනුන්ට පෙතියි, පිරිමින්ට කොපුයි බෙදන, උපත්පාලනය ප්‍රවර්ධනය කරමින් සිංහල ජාතිය වඳකරන්නට කැසකවන පවුල් සැළසුම් ආයතන.
  18. කිලී මහරාජාගේ සිරස
  19. සරත් ෆොන්සේකා වීරයෙකු යයි තවමත් සිතන හැම එකාම
විදේශීය කුමණ්ත්‍රණකරුවන්
  1. එක්සත් ජාතීන්ගේ සංවිධානය
  2. එජා මානව හිමිකම් කොමිසම
  3. ඇමරිකාව
  4. එන්ගලන්තය
  5. සුදු හම තියෙනා එවුන් ඉන්නා අනෙක් සියලු රටවල්
  6. ඉන්දියාව
  7. ජයලලිතා
  8. වයිකෝ
  9. කරුණානිධි
  10. දකුණු අප්‍රිකාව
  11. නවනීදන් පිල්ලේ
  12. බැං කී මූන්
  13. කොටි සංවිධානයට ආයුධ මිලදීගත් දෙමළුන් අතඩංගුවට ගත් ඇමරිකන් එෆ්.බී.අයි ආයතනය
  14. සී.අයි.ඒ
  15. ඊශ්‍රායල් මොසාඩ්
ලැයිස්තුව දිහා බැලුවහම භින්නෝන්මාද කාරයින්ගේ උමතුවේ තරම පේනවා ඇති. රටෙන් බාගෙකටත් වැඩිය මිනිස්සු දේශීය කුමණ්ත්‍රණකරුවන් ගොන්නට දාන්න පුලුවන්.

ලෝකයෙන් භාගයක් විතර  විදේශීය කුමණ්ත්‍රණකරුවන් ගොන්නට දාන්න පුලුවන්. ජනගහනය අනුව ඉන්දියාව, යුරෝපය හා ඇමරිකාව එක්කල විට ලෝක ජනගහනයෙන් භාගෙකට කිට්ටු කොටසක් ලංකාවට විරුද්ධයි. ආගම් අනුව ගත්තම මුලු ලෝකෙම අපිට විරුද්ධයි...


අලුත්ම අළුත් උදාහරණය.............
මන්මෝහන් සී.අයි.ඒ. නියෝජිතයෙක්, කුමන්ත‍්‍රණයට ඉන්දියාවත් හවුල්
 March 21, 2012 at 2:32 pm | Lanka C News.
ශ්‍රී ලංකාව හෙට දිනය වන විට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොටසක් බවට පත්වන බවත් ඊට ඉන්දීය සහායද නොමසුරුව ලැඛෙන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ සමගින්ම දශක දෙකක ඉන්දීය කුමන්ත්‍රණයද හෙළිවන බවත් ඒ සම්බන්ධයෙන් පුදුමවිය යුතු නොමැති බවත් එහි සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පැවසූයේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දියාවට අවශ්‍යවන්නේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැතැයිද පැවසූ ඒ මහතා අද වන විට කොන්ග්‍රස් පක්ෂ නායකත්වය ඉතාලි කාන්තාවක විසින් දරද්දී අග්‍රාමාත්‍ය ධූරය හාවර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ සී.අයි.ඒ. නියෝජිතයෙකු වන මන්මෝහන් සිං දරද්දී මෙවැන්නක් සිදුවීම ගැන පුදුමයක් නොමැති බවද සඳහන් කළේය.ශ්‍රී ජවහර්ලාල් නේරු වැනි තැනැත්තෙකු ඉන්දීය පාලනයේ නිරතවූවානම් මෙවැන්නක් සිදුනොවනු ඇති බවද සඳශන් කල ඒ මහතා ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව සමග ඉන්දියාව සිදුකළ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණය මේ වනවිට හෙලිවී ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.
 මේ මනුස්සයා භින්නෝන්මාදයෙන් පෙලෙන්නේ නෑ කියලා කාටහරි කියන්න පුලුවන්ද? මීට දවස් දෙකකට කලින් ඉන්දියාව අපේ ලොකු අයියා නොවැ කියාගෙන හිටපු කට්ටියම තමයි දැන් දශක දෙකක කුමණ්ත්‍රණය ගැන කතාකරන්නේ.....

පිස්සු නැත්නම් මේ හැටිද මෙයාලාගේ? 




ටයිකාරයින්ගේ දේශප්‍රේමය....

ටයිකාරයෝ වර්ග ගොඩක් සිටිති. දොස්තර මහත්තුරුත් ටයිපලඳිති. නීතිඥමහත්වරු, නඩුකාර උන්නාන්සේලාත් ටයි පලඳති. ආණ්ඩුවේ සිවිල් සර්විස් මහත්තුරුත් ටයි පලඳිති. මේ කතාකරන්නේ ඒ ටයි මහත්තුරු ගැන නොව. ඒ විතරක් නොවේ, කොම්පැනිවල සේල්ස් රෙප් මල්ලිලාත්, කොම්පැණිවල ඔෆිස් මල්ලිලාත් ටයි පළඳිති. මේ කියන්නේ එයාලා ගැනවත් නොවේ. බිස්නස් ටයිකාරයෝ ගැනය. ඒ කියන්නේ ලොකු ලොකු බිස්නස් කාරයන් ගැනය. පොඩි බිස්නස්කාරයින්කොහොමත් පොලොවේ පයගහලා ඉන්න, රටට ආදරේ මිනිස්සුන්ය.
බිස්නස් ටයිකාරයෝ ඊයේ දේශප්‍රේමී උද්ගෝෂණයක් පැවැත්වූහ. ඒවාට ලංකාවේ ලොකුම ලොකු කොම්පැණිකාරයින්ගේ සංගම්වල (චේම්බර්ස් ඔෆ් කොමර්ස් කියලා හයිෆයි ඉංග්‍රීසි යෙදුමක් මේවාට ඇත) ලොකු ලොකු මහත්තුරු ටයිදාගෙන පාරට පැන සිංහකොඩි වන වනා උද්ගෝෂණය කලෝය.

කෝපොරේට් ටයි මහත්තුරු මීටින් බාගෙන නවත්තලා, ගෝලබාලයෝ, එක්සෙකටිව්ලා, ස්වීට් සෙකට්‍රිලා එක්ක එලියට පැනලා තියෙන්නේ ජිනීවා ඇමරිකන් යෝජනාවට විරෝධය ප්‍රකාශ කරන්නටලු.

අනේ හුකේ......මුන්ගේ දේශප්‍රේමය.........

අධ්‍යාපන ක්ශේෂ්ත්‍රයට පිවිසෙන්නට පෙර වසර 5ක් පමණ පෞද්ගලික අංශයේ රැකියාව කල මට මේ ටයිකාර බිස්නස් ලොක්කන්ගේ දේශප්‍රේමය ගැන හොඳ අත්දැකීම් ඇත.

*] ලංකාවේ ලොකු ලොකු බිස්නස් කාරයින් තරම් ඇමරිකන්, යුරෝපියන් ගැත්තන් පිරිසක් රටේ තවත් නැත.

*] මෙයාලා බොහෝදෙනෙකුට, එක්කෝ ඇමරිකාවේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ නැතිනම් නවසීලන්තයේ පුරවැසිකම් හෝ ස්ථිරපදිංචිකාරිත්වය ඇත. ලංකාවේ ඉන්නේ බිස්නස් කරන්නටය. මේ රටෙන් හම්බ කරන සල්ලිටික එහේ බැංකුවලට පටවයි.එහෙව් කට්ටිය රටට ආදරේට පෙලපාලි යයිද?

*] මෙයාලාගේ ලමයි බමයි සේරම ඇමරිකන්, බ්‍රිටිශ්, ඔස්ට්‍රේලියන් යුනිවසිටි ග්‍රැජුවෙට්ලාය. ලංකාවේ විශ්වවිද්‍යාවලවට මුන්ගේ එක ළමයෙකුවත් ගිහින් නැත. ඒ නිසා මෙයාලාට රටේ අනාගතය ගැන ගැටලුවක් නැත. රටේ අනාගතය ගැන හිතන්නේ ළමයින්ගේ අනාගතය ගැන කරදර වෙන දෙමව්පියන්ය. මෙයාලාට බිස්නස් කරගන්නට තිබුණොත් ඇත. ඇමරිකන් ආක්‍රමණයක් ආවොත් මෙයාලා බිස්නස් තවත් හොඳවෙනු ඇතැයි ගණන් බලනු ඇත.

*] මෙයාලා කතාකරනකොට, උපදෙස් දෙනකොට හැමවෙලාවේම කියවන්නේ යුරෝපය ඇමරිකාව කොචර එෆිශියන්ට්ද, අපේ මිනිස්සු හරි කම්මැලියි, ඇමරිකන්ලා, යුරෝපියන්ලා හරි නීතිගරුකයි, අපේ එවුන් කොච්චර පහලින්ද ඉන්නේ සුද්දෝ දිහා බැලුවාම වගේ ඇමරිකන් යුරෝපියන් ප්‍රේමී කතාමය.

*] මෙයාලා හිතන්නේ-මතන්නේත් ඉංග්‍රිසියෙන්මය, සිංහලෙන් පැහැදිලි කතාවක් කරන්නට පුලුවන් බිස්නස් ලොක්කන් ඉන්නේ ටික දෙනෙකි. අනිත් අය සිංහල කතාකරන්නේ ඩ්‍රයිවර්ලා, පියන්ලා, ආයම්මලා එක්ක විතරය. සියලු වැඩ ඉංග්‍රිසියෙන්මය..කියවන්නේ ඉංග්‍රිසි පත්තර විතරය. සිංහල පත්තර වෙබ් අඩ්වි කියවන බිස්නස් ලොක්කෙක් ඉන්නවානම් පුදුමය..

එහෙනම් ඇයි මේ කට්ටියම පාරට පැනගෙන ඇමරිකන් විරෝධී උද්ගෝෂණවල? ඒ එයාලාගේ බිස්නස් ටික පරිස්සම් කරගන්නට, ආණ්ඩුවේ පත්තරවලින් නොමිලේ පබ්සිටි එකක් ගන්න වගේ  හේතුවලට මිස රටට ආදරේට නම් නොවේ. ඔය උද්ගෝශණයෙන් පස්සේ කීදෙනෙක් අරලියගහ මන්දිරයට බඩගාලා ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවේ කොන්තරාත්තු ඉල්ලුවාද දන්නේ නෑ.








වේගයෙන් ගිලී යන ආස්චර්යය........



රුපියල කඩාවැටෙයි - වැටිල්ල පටන් ගන්නකොට මහ බැංකු ගවනර් කිව්වේ මෙය "තාවකාලික සීරුමාරුවකි (temporary correction) ඉක්මණට රුපියල නැවතත් ශක්තිමත් වනු ඇත කියලයි" - දැන් මොකක්ද දන්නේ නෑ ගොතන බොරුව. හෙට අනිද්දට DailyFT එකේ පලවෙයි ගවනර්ගේ අලුත්ම බොරුව


කොටස් වෙළඳපොලත් කඩාවැටෙයි - රටේ ජනතාව දහඩියෙන් මහන්සියෙන් හම්බු කරන සොච්චමෙන් කපාගන්නා EPF/ETF මුදල් කෝටි ගණන් කොළඹ කුණු කොටස් වෙලඳපොලේ ආයෝජනය කොට ඒ මුදල් දැන් කම්බස් වී ඇත.

Source : CSE.lk
බලි තොවිල්, යාග හෝම, බිලිපූජා තව වැඩි කරවන පුවත් සීර්ශපාඨ






Tuesday, March 20, 2012

හිට්ලර්ගේ නට්සි චින්තනයත් මහින්ද රාජපක්ශගේ ගෝල බාලයින් දෙසාබාන වැදි බණත් අතර සමානකම්


නට්සියා යනු කවරෙකුද?

නට්සි (ඉංග්‍රීසි ලි‍යැවුම නාසී - nazi ලෙස වුවද උච්චාරණය කිරීමේදී "නට්සි" ලෙස උච්චාරණය කරයි ) යන වචනයේ තේරුම ජාතික සමාජවාදය (National Socialism - Nationalsozialismus) යන පදය කෙටිකර ලිවීමකි. සමාජවාදී යයි කිවුවාට නට්සි චින්තනය අන්ත ජාතිවාදී, දක්ශිණාංශික චින්තනයකි. ඔවුනට කොමියුනිස්ට්වාදය හා එයට සබැඳුනු සමාජවාදය නයාට අඳුකොල මෙනි.

නට්සි චින්තනයේ මූලික හරයන් මේවායි;

  • ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවකි, දුර්වලයින් බිහිකරයි රට ජාතිය ශක්තිමත් කිරීමටනම් දේශප්‍රේමී ආඥාදායකයෙකු අවශ්‍යය.
  • රාජ්‍යය පවතින්නේ රාජ්‍යනායකයාගේ පැවැත්ම සඳහායි (එනම් ජර්මන් ජාතියේ පීර්තෲවරයාවූ ෆියුරර් නමින් හැඳින්වූ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ   පැවැත්ම හා ඔහුගේ වියරු ආශාවන් හා චින්තනය වෙනුවෙනි )
  • ජනතාව පවතින්නේ රාජ්‍යයේ පැවැත්ම සඳහාය, එනම් ජනතාව පවතින්නේද රාජ්‍ය නායකයාගේ පැවැත්ම සඳහායි
  •  ආගම පවතින්නේ ජනතාවගේ පැවැත්ම සඳහාය. ජනතාව පවතින්නේ රාජ්‍යනායකයාගේ පැවැත්ම උදෙසා බැවින් ආගම පවතින්නේද රාජ්‍ය නායකයාගේ පැවැත්ම සඳහායි
  • සියලු පුරවැසියන් ගතින් මෙන්ම සිතින්ද රාජ්‍යනායකයාට කැපවී සිටිය යුතු අතර රාජ්‍යනායකයා කියන ඕනෑම කැපවීමක්, ජීවිතය පවා, කැපකිරීමට ජනතාව බැඳී සිටී.
  • ආර්ය ජාතිය සුපිරිසුදු වන අතර අන් සියලුම ජාතීන් පහත්වන අතර එම ජාතීන් සුජාත කිරීමේ නැතිනම් සිශ්ඨාචාරගත කිරිමේ වගකීම නට්සීන් සතුවේ
  • ආර්ය ජර්මන් සිශ්ඨාචාරය ලෝකයේ උතුම්ම සිශ්ඨාචාරයයි, අන් සියලු සිශ්ඨාචාර ආර්ය ජර්මන් සිශ්ඨාචාරයට පහත්ය
  • පෞද්ගලික ව්‍යවසාය පිලිගන්නා නමුදු රටේ සියලු ව්‍යාපර හා ආර්ථික සම්පත් රාජ්‍යයේ පොදු දියුණුව සඳහාම වේ. නට්සී චින්තනයේ එකම අරමුණ රට දියුණු කිරීම බැවින් නට්සි න්‍යාය පත්‍රයට අනුගත නොවන කිසිදු ව්‍යාපාරයක්, ව්‍යවසායක් පැවැතිය නොහැකිය.
  • රාජ්‍යයේ පොදු දියුණුව යනු රාජ්‍යනායකයාගේ චින්තනය බැවින් සියලු ව්‍යාපර හා ව්‍යවසායන් පැවැතිය යුත්තේද හැසිරිය යුත්තේද රාජ්‍යනායකයාගේ චින්තනය අනුවය.
  • යුද්ධය සුන්දරය. එය මිනිසාගේ ශක්තිය එලිදක්වයි. එය විද්‍යාත්මකය. පරිනාමවාදයට එකඟය. යුද්ධයෙන් ශක්තිවන්තයා තීරණය වන අතර ශක්තිවන්තයාට ලොව ආධිපත්‍යය හිමිවීම විද්‍යාත්මකය, පරිණාමවාදයට එකඟය. යුද්ධයෙන්, ගැටුම් වලින්, පරපණ නැසීමේන් සියලු ගැටලු විසඳිය හැකිය.
අද මහින්ද රාජපක්ශ ජනපති, ඔහුගේ ආණ්ඩුව හා ඔහුගේ ආණ්ඩුව කරතියාගෙන යන විමල් වීරවංශලා, චම්පක රණවකලා, ගුණදාස අමරසේකරලා, අතුරලියේ රතනලා, නලීන් ෆොන්සේකලා, ජැක්සන් ඇන්තනීලා, මහාචාර්‍ය මැන්දිස් රෝහණදීරලා, ජේ ආර් පී සූරියප්පෙරුමලා කියන්නේත් මේ කතාම නොවේද? මේවා කලින් කිව්වේත් ලිව්වේත් ජාතිවාදී නට්සි ජර්මානුවන්ය. හිට්ලර්ගේ ගෝලයින්ය.

වෙනස හිට්ලර් වෙනුවට "ජනපති මහින්ද නැතහොත් රජතුමා" ආදේශ වීම හා ජර්මන් ජාතිය වෙනුවට සිංහල ජාතිය ආදේශවීම පමණකි.

අපි ඉහත නට්සි චින්තනයට මහින්ද රාජපක්ශ හා සිංහල ජාතිය ආදේශ කොට ලයිස්තුව ආපසු ලියා බලමු...
  • ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවකි, දුර්වලයින් බිහිකරයි රට ජාතිය ශක්තිමත් කිරීමටනම් දේශප්‍රේමී නායකයෙකු (රජෙකු) අවශ්‍යය.
  • රාජ්‍යය පවතින්නේ රාජ්‍යනායකයාගේ පැවැත්ම සඳහායි (එනම් සිංහල ජාතියේ නූතන පියා හෙවත් "ආඩම්බරකාර තාත්තා" වුනු මහින්ද රාජපක්ශ ජනපතිතුමාගේ පැවැත්ම වෙනුවෙනි.)
  • ජනතාව පවතින්නේ රාජ්‍යයේ පැවැත්ම සඳහාය, එනම් ජනතාව පවතින්නේද රාජ්‍ය නායකයාගේ පැවැත්ම සඳහායි
  •  බෞද්ධාගම පවතින්නේ ජනතාවගේ පැවැත්ම සඳහාය. ජනතාව පවතින්නේ රාජ්‍යනායකයාගේ පැවැත්ම උදෙසා බැවින් බෞද්ධාගම පවතින්නේද රාජ්‍ය නායකයාගේ පැවැත්ම සඳහායි
  • සියලු පුරවැසියන් ගතින් මෙන්ම සිතින්ද රාජ්‍යනායකයාට කැපවී සිටිය යුතු අතර රාජ්‍යනායකයා කියන ඕනෑම කැපවීමක්, ජීවිතය පවා, කැපකිරීමට ජනතාව බැඳී සිටී.
  • සිංහල ජාතිය  සුපිරිසුදු වන අතර අන් සියලුම ජාතීන් පහත්වන අතර එම ජාතීන් සුජාත කිරීමේ නැතිනම් සිශ්ඨාචාරය උගැන්වීමේ වගකීම  සිංහල ජාතිය සතුවේ
  • ආර්ය  සිංහල සිශ්ඨාචාරය ලෝකයේ උතුම්ම සිශ්ඨාචාරයයි, අන් සියලු සිශ්ඨාචාර ආර්ය  සිංහල  සිශ්ඨාචාරයට පහත්ය
  • පෞද්ගලික ව්‍යවසාය පිලිගන්නා නමුදු රටේ සියලු ව්‍යාපර හා ආර්ථික සම්පත් රාජ්‍යයේ පොදු දියුණුව සඳහාම වේ.   මහින්ද චින්තනයේ එකම අරමුණ රට දියුණු කිරීම බැවින් මහින්ද චින්තන න්‍යාය පත්‍රයට අනුගත නොවන කිසිදු ව්‍යාපාරයක්, ව්‍යවසායක් පැවැතිය නොහැකිය.
  • රාජ්‍යයේ පොදු දියුණුව යනු  මහින්ද  චින්තනය බැවින් සියලු ව්‍යාපර හා ව්‍යවසායන් පැවැතිය යුත්තේද හැසිරිය යුත්තේද  මහින්ද  චින්තනය අනුවය.
  • යුද්ධය සුන්දරය. එය මිනිසාගේ ශක්තිය එලිදක්වයි. එය විද්‍යාත්මකය. පරිනාමවාදයට එකඟය. යුද්ධයෙන් ශක්තිවන්තයා තීරණය වන අතර ශක්තිවන්තයාට ලොව ආධිපත්‍යය හිමිවීම විද්‍යාත්මකය, පරිණාමවාදයට එකඟය. යුද්ධයෙන්, ගැටුම් වලින්, පරපණ නැසීමේන් සියලු ගැටලු විසඳිය හැකිය.
වෙනස් කොට ඇත්තේ නිල්පාටින් දක්වා ඇති වචන පමණිකි. නට්සි චින්තනයත් අද මහින්ද රාජපක්ශගේ ගෝල බාලයින් දෙසාබාන වැදි බණත් අතර සමානකම් පුදුමයි නේද?

Monday, March 19, 2012

අමෙරිකානු යෝජනාව පිලිබඳ ඉන්දියාවේ ස්ථාවරයට බලපෑවේ තමිල්නාඩු සාධකය පමණක්ද?

1වැනි කරුණ
ප්‍රධානතම බලපෑම තමිල්නාඩු සාධකයයි. ඉදිරියට එළඹෙන්නේ ඉංදියාවේ මහ මැතිවරණ සමයයි. ඉන්දියාවේ ඔටුන්න හිමිකුමරා වන රාහුල් ගාන්ධිගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ශයට ලැබුනේ අන්ත පරාජයකි. ඉන්දියාවේ ධනවත්ම නගරසභාව වන මුම්බායි මහනගර සභා (වාර්ශික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 21,000කි ) චන්දයෙන්ද කොන්ග්‍රසයට ලැබුනේ ඉතා ලැජ්ජාසහගත පරාජයකි. මේ හේතු නිසා කොන්ග්‍රසයට තමිල්නාඩු දේශපාලනය ඉතා වැදගත් වී ඇත. ඒ නිසා ඔවුන් සතුටු කිරීමට කෙසේ හෝ ලංකාව පරාජයකල යුතුමය.

2වැනි කරුණ
ඇමරිකාව තරහකර ගැනීම ලංකාව තරහකර ගැනීමට වඩා ආර්ථික හා දේශපාලනමය වශයෙන් ඉන්දියාවට පාඩුවකි.

3වැනි කරුණ 
මහින්ද රාජපක්ශ ඉන්දියාවට කරන ලද අපහාස උපහාස වලට පිලිතුරු දීමට ඉන්දියාවට අවස්ථාවකි. මෙවැනි අපහාස උපහස කිහිපයක්;

i. ඉන්දියාවෙන් ලබාදුන් කැඩුනු රේඩාර් නිසා කොටි කුරුම්බැට්ටි වලට කොළඹට බෝම්බ දැමීමට ඉඩ ලැබීම - වීරංශගේ ශ්‍රී මුඛය ලවා කියවිනි. ඉන්දියාව අපහාසය ඉවසාගෙන දිගටම ලංකාවට තමිල්නාඩු විරෝධය මැද පුලුවන් විධියට ආධාර දුන්නේ රජීව් මැරූ ප්‍රභාකරන් මරාගැනීම වැදගත් වු බැවිනි.
ii. ඉන්දියාවේ ක්‍රිකට් මැච් බලන්නට ගොස් එතුමාගේ බුරුත්තට සීට් මදිවී වුනු අලකලංචිය - ඉන්දියාව ප්‍රධාන අමුත්තා වූ තමාට අපහාස කල බව මහින්ද රාජපක්ශ කියාසිටි අතර මහින්දාන්ද ඒ පිලිබඳව මහා ඝෝශාවක් කලේය - තරඟය සංවිධානය කලේ ICC එක වුවත් ඉන්දියාව කරබාගෙන ජනාධිපතිනි පටිල් මහත්මියට වෙන්කර තිබුණු ටිකට් වලින් කොටසක් මහින්දගේ නඩයට ලබාදී නිහඬවිය.
iii. ඉන්දියානු අයි.පී.එල් තරඟාවලිය කඩාකප්පල් කිරීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ආපසු කැඳවීමට ගත් තීරණය - ඉන්දියාවේදී වුනු අපහාස වලට වාඩුව ගන්නට කල ඒ ගොන් වැඩයෙන් ඇනගත්තේ ආණ්ඩුවමය. ඉන්දියාව එම අවස්ථාවේදීත් වැඩි සද්ද බද්ද නොමැතිව හීන් නූලෙන් තරවටුවක් කොට නතරවිය.
දැන් ඉතින් ඔය සියල්ලටම පොලියත් එක්කම වාඩුව ගන්නට ඉන්දියාව පොට පෑදී ඇත. රජතුමා ඉන්නේ කම්බි වැටේ පැටලී හෙලවෙන්නටවත් බැරිවය.

මෙයට එකම පිලියම තව තවත් ඉන්දියාවෙන්ම පූසාරීන් ගෙන්වා බලි තොවිල්, යාග හෝම බිලි පූජා, කන්‍යාවියන් ලව්වා තන කිරි පොවා ගැනීම (කන්‍යාවියන්ට තන කිරි කොයින්දැයි යන්න වෙනම ගැටලුවකි), බිලි පූජා, සතර වාහල්කඩ අමුඩ ඇඳගෙන බඩ ගෑම වැනි පූජා දවසේ පැය 24පුරාවටම ඉදිරි මාස 12 තුලම කල යුතුය.

එතකොට හෙනහුරු අපලය ගෙවෙන්නට ඌරු වෙස්ගෙන බටකොල කකා හිටපු විශ්ණු දෙයියා මෙන් රජතුමාටත් ...."කෝ උඹලා මාව දංගෙඩියට යැව්වාද?" කියා යුරෝපෙන් ඇමරිකාවෙන් අසමින් කෝචොක් දාන්නට පුලුවන...


මෙන්න කෞතුකාගාර හොරකම වුනු හැටි - අපේ පොලෝසිය සියල්ල හොයාගෙන ඉවරයි......







මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ......... (Lanka e link)

ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු සොරකම වන විට එහි ආරක්ෂිත කැමරා පද්ධතිය අක්‍රිය වී තිබිම අබිරහසක් බවත් ඒ අනුව මෙම සොරකම ඉතා සංවිධානාත්මකව කර තිබෙන්නේ යැයි පෙනී යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මතෛක් කර ඇති පරීක්ෂණවලදී පෙනී ගොස් තිබේ. 
දැනට කෙරී ඇති මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ කෞතුකාගාරය ඉකුත් 16දා සවස වසා දමන විට එහි ඉහළ මා‍ලේ පෞරාණික භාණ්ඩ තිබූ කොටසේ සොරා සැඟව සිට ඇති බවයි.
සොරා විසින් බිඩි විශේෂයක්ද පානය කර ඇති බව ඔහු සිටියා යැයි සැලකෙන කොටස පරීක්ෂා කිරීමේදී සොයාගෙන තිබේ. ඊට අමතරව එහි හිස්වැසුමක්ද තිබි ඇති බවත් එය සොරාගේ වන්නට ඇති බවත් අනුමාන කෙරෙයි.
අදාළ සොරකම කළ පසුව ඔහු ඉහළ මහළේ බැල්කනියේ දොර කඩා ඉන් එළියට ගොස් ඇඳ ඇතිරිල්ලක් කඹයක් සේ යොදාගෙන බිමට බැස ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. දොර කඩා ඇති ආකාරය අනුව පෙනී යන්නේ එම දොර ඇතුළතින් කඩා ඇති බවකි. එමෙන්ම ඇඳ ඇතිරිල්ල කල්තියා සැලසුම් සහගතව එතැනට ගෙන ගොස් ඇතැයිද සිතිය හැකි යැයි ‍පොලීසිය පවසයි.
හිස්වැසුම, ඇඳ ඇතිරිල්ල හා බිඩි විශේෂය ජාන පරීක්ෂාවකට යොදා ගැනීමට තීරණය කර ඇති බව ‍පොලීසියේ උසස් නිලධාරියකු පැවැසීය. 




පවු....කට්ටියම හිඟමනට වැටිලා....

ඇමරිකන් ආණ්ඩුව, කේ.ඇෆ්.සී කර්නල් සීයා, මැක්ඩොනල්ඩ්ස් කොමික් අන්කල්, ගූගල් අයියා....කට්ටියම හිඟමනට වැටිලා....

ඇමරිකන් සම්භාදක කතාවට ඉන්දියාවේ ප්‍රතිචාරය....

උත්තරය.....සැළකිය යුතු ප්‍රතිචාරයක් නැත යන්නයි.

මේ ප්‍රවෘත්තියට ඉන්දියාවේ මාධ්‍යවල පවා වැඩි ඉඩක් වෙන් නොවුනි. ඉන්දියාව් ජනප්‍රියම ඉංග්‍රීසි පුවත්පත වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි මෙයට සුලු ඉඩක් ලබුනු අතර රූපවාහිනි චැනල වලින් එන්.ඩී.ටී.වී නිවුස් චැනලය මෙයට යම් ඉඩක් දුන්නද එයද ප්‍රවෘත්තිය පලවුනු 16 වැනිදාට සීමා විය.

ඉන්දියාවේ දේශපාලන පක්ශවලටද මෙය ඈනුම් යවන ලද ප්‍රවෘත්තියක් මිස වැදගත් පෘත්තියක් නොවුනි.

මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ බලය හිමි කරගත් අන්ත ජාතිවාදී "ශිව් සේනා" පකශය පවා මේ ගැන කතාවක් වත් නොකරයි.

එහෙත් සිනහවට කාරනය නම් ඉන්දියාවට ඈනුමක් වුනු මේ ප්‍රවෘත්තිය වීරවංශතුමාගේ  Lanka C News වෙබ් අඩවියට උණුසුම් පුවතක් වීමයි. ඉන්දියාවේ පුවත්පත් හා නිවුස් වෙබ් අඩවිවලට මෙය පරණ පුවතක් වුවත් සී නිවුස් අඩවියේ මේ පුවත තවමත් මුල් පිටුවේ රජකරන්නේ විමල්ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජන (අප්සෙට්) කතාවට මෙයින් පොඩිපහේ තල්ලුවක් හෝ ලැබේදැයි සිතාගෙන වන්නට පුලුවන. 

මෙවැනි කතාවක් ඇමරිකාව ලංකාව පිලිබඳව කර තිබුණානම් මේවන විට මුලු ලංකාවම ගිණිගෙන හමාරය. රටපුරා තිබෙන අමෙරිකානු ව්‍යාපාර වලට පහරදී ඇමරිකන් පුරවැසියන්ට ජීවිත තර්ජන කරමින් ඔබාමාගේ පඹයන් පුච්චමින් මේ වනවිටත් වීරවංශ ඇතුලු නඩය ඇමරිකන් තානාපති කාරියාලය වටා කඳවුරු ඉදිකරගෙන උපවාස කරනු ඇත. එනම් මේවන විට සම්භාදක කතාව අන්තර්ජාතික දේශපාලන මාතෘකාවක් බවට රජතුමාට උපදෙස් දෙන (ඇත්තම කියනවානම් අමාරුවේ දමන) ගොන් නඩය පත්කරගෙන හමාරය.

එහෙත් ඉන්දියාවේ ඇළ් මැරුණු ප්‍රතිචාරයට හේතු මොනවාද? 

උඩින් ප්‍රතිචාරය ඇල්මැරුනාක් මෙන් පෙනුනාට, වසාගත් දොරවල් තුල ඉතා ඉහලින් මේ ගැන සාඛච්චා වෙයි. ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කරයි. ඒ සඳහා හැකියාව හා පලපුරුද්ද ඇති නිළධාරීන් හට වගකීම් පවරා ඇමරිකානු රජය හා කතාබස් කොට රටට වියහැකි අවාසිය ඉතා නිහඬව මග හරවා ගන්නට ක්‍රියාකරයි.

රට මුහුණ දෙන රාජ්‍යතාන්ත්‍රික ගැටලු රාජ්‍ය නායකයාගේ පෞරුශය පිලිබඳ ගැටලු බවට පත්කර නොගනී. 

1/ අන්තර්ජාතික ගැටළු මහපාරේ කිළුටු රෙදි සෝදන්නාක් මෙන් පඹයින් පුලුස්සමින්, පෙලපාලි යමින් විසඳාගන්නට බැරි බව ඉන්දියාවේ රජය දනී - එමෙන්ම විපක්ශ දේශපාලන නායකයන්ද හොඳින් දනී. ඒ නිසා ඇවිලෙන ගින්න නිමන්නට හරිනවා මිස පිදුරු දැමීමක් නැත.

2/ ජාත්‍යන්තර තලයේදී ඉන්දියාව නියෝජනය කරන්නේ රාජ්‍ය නායකයාගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා හෝ විපක්ශයෙන් ආණ්ඩුවට පැනපු ඇමරිකන් සිටිසන්ලා නොව හොඳින් තෙම්පරාදු වුනු දක්ශ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ය. ඔවුන් ඉතා නිශ්ෂබ්දව සිය රට වෙනුවෙම්  වගකීන් ඉටු කරයි.

3/ ඉන්දියාවේ දේශපාලන නායකයින් කට වැඩනැති, ජාතිවාදී, ව්‍යාපාරයක් ලෙස දේශපාලනය කරන වාචාල පඹයින් පැත්ත පලාතකට වද්දාගන්නේ නැත. එවැනි වාචාලයින් සියලුම පක්ශවල නායකයින් පිලිකුල් කරයි. ඒ නිසා ජාත්‍යන්තර ගැටලු මහපාරේ ගැටලු බවට පත්වන්නේ නැත.

අපේ දේශපාලන නායකත්වයත් ඉන්දියාවේ දේශපාලන නායකත්වයත් අතර ඇති වෙනස එයයි. ඔවුන් පරිණත වන අතර අප නායකයින් ලෝකයටම අපත වී ඇත.








Sunday, March 18, 2012

[අලුත් සිංදුව] මානව හිමිකම් කවුන්සිලයේදී කුමන ප්‍රතිඵලයක් ලැබුණත්.....

කලින් කිව්වේ....
  • ලංකාවේ මිතුරන් අපවෙනුවෙන් පෙනී සිටිනු ඇත
  • චීනය මානවහිමිකම් කොමසාරිස්වරියට දොස්කියයි
  • රුසියාව අප ගලවාගනු ඇත
  • ඉරානය, වෙනුසුවේලාව අපට කිහිලිකරු වනු ඇත
  • අප්‍රිකාව, මැදපෙරදිග අප සමග එක පෙලට සිටී
අපි දිනනවා අපි දිනනවා අපි දිනනවාමයි......................

එහෙත් දැන්....සිංදුව වෙනස්කොට ඇත...... සිදුවිය හැකි පරාජය පිලිබඳව ජන මනස සැකැසීමේ මෙහෙයුම ඇරඹී ඇත. අද සිළුමිණ මුල් පිටුවේ බැනර් හෙඩිම හා කතුවැකිය ඊට සාක්ශි දරයි.

රාජ කවටයින්ගේ වෙනස්වුනු සිංදුව
කළුගලේ ඔලුව ගසාගන්නට පෙර මේ ගැටලුව නිහඬ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් සමහන් කොට ඇමරිකන් යෝජනාව ගෙන එන එක පවා නවත්වාගන්නට හොඳකාරවම ඉඩ තිබිණි. එහෙත් අමන මරිමෝඩ කම ඊට ඉස්සර විය.

උණ්ඩුකපුඡ්චයෙන් හා වෘෂණ කෝෂවලින් කල්පනාකරනා අති පණ්ඩිත වාහේලා දැන සත් පොලේ ගාගෙන රටම ගඳගස්වමින් ඉබාගාතේ දුවමින් සිටී. 

ඇමරිකාවත් සමග රාජ්‍යතාන්ත්‍රික සටනක් කර දිනන්නට අරඇඳ මෙය දැන් අමෙරිකාවේ ආත්මගරුත්වය පිලිබඳ ප්‍රශ්ණයක් බවට පත්කරගෙන ඇත. ලෝක දේශපාලනයේ හෝහපුටුවෙකු වන ලංකාවට පරදින්නට ඇමරිකාවට රෙදි ඇඳගෙන නොහැකි නිසා ඔවුන් දැන් මුලු වැර යොදා ලංකාව පරදවන්නට ඔවුන්ගේ යෝජනාව දිනවන්නට චන්ද එකතුවේ යෙදී සිටී. චන්ද දිනා ගැනීමේදී රජපසලන්තයට වඩා අතිවිශාල මිලදීගැනීමේ හැකියාවක් ඇමරිකාවට ඇති බව ඇමරිකාවට විරුද්ධව මහපාරේ රෙදිකඩාගෙන කෑගැසූ නිවටයින් හට නොතේරීම මේ රටේම කරුමයක් මිස වෙන කිසිවක් නොවේ.

පාඩුවේ පෙනේ පුප්පමින් සිටි ඇමරිකන් නයාට කැට කැබැලිති ගසා ඌව අවුස්සා ගත්තා මදිවාට දැන් රෙද්ද අස්සටම වැටෙන ලෙස වැඩ සිද්දකරගෙන ඇත. හෙට අනිද්දාවන විට කනවෝ කනවෝ යයි කෑගසමින් හූ කියමින් නයා කා තඩිස්සිවුනු අහවල් එකද රටටම පෙන්වමින් ඇමරිකන් ක්‍රියාමාර්ග නිසා රටට මහත් පාඩුවකියි යයි කියමින් ඇමරිකාවට විරුද්ධව පන්සල් දේවාල ගානේ පොල් ගසමින් කන්නලව් කරමින් ඇවිදිනු ඇත.

ඒ පව් ගෙවන්නේ රටේ අහිංසක මිනිසුන්ය.




පොලීසිය නිදි ඇයි?


පොලීසිය නිද්‍රාශීලී බවත්, රටේ නීතිය වල් වැදී ඇති බවටත් මැසිවිලි නැගෙයි, ලිපි පලවෙයි, සංවාද ඇතිවෙයි. එහෙත් මේ බොහෝ කතාබහ තුල පොලීසිය නිදිවැදී ඇත්තේ ඇයිදැයි කෙලින් නොකියවෙයි.

බොහෝවිට සිදුවන්නේ පොලිස්පතිට හා පොලිස් නිළධාරීන්ට බැන වැදීමකි. පොලිසිය නිවැරදි යයි මම නොකියමි. ලෝකයේ සීලාචාර යයි ගතහැකි රටවල් (අප්‍රිකාවේ සෝමාලියාව වැනි රටවල් හැර) ගත්විට අසීලාචාරම, අකාර්යක්ශම පොලිසීය ශ්‍රී ලංකා පොලීසිය විය යුතුය. 

මා ජීවත්වන ඉන්දියාවේ වුවද පොලිසියේ දූශිත ක්‍රියා නිරන්තරයෙන් හෙලිවන නමුත් ඔවුන් මෙතරම්ම කොන්ද පන නැති, නිවට්, බලුගැති තත්වයට පත්ව නොමැත. කවර බලපෑම් එල්ලවුවද ඔවුන් සිය අභිමානය රැකගන්නට මහත් වෑයමක් දරයි. 

මෙයට එක් හොඳ උදාහරණයක් ලෙස ගත හැකි සිද්ධියක් පසුගිය වසරේ අමෙරිකන් ජනපති ඔබාමාගේ සංචාරය තුලදී සිදුවිය. සංචාරයට කලින් අමෙරිකන් ජනපති ආරක්ශක සේවාවේ (මෙය US Secret Service ලෙස හඳුන්වයි) ඉහල නිළධාරීන් මුම්බායි පොලීසියේ නිළධාරීන් හා සාඛච්ඡා කොට මුම්බායි පොලීසියේ වගකීම් හා ඔවුන් ආරක්ශාකල යුතු ස්ථාන මෙන්ම අමෙරිකාවේ සිට එන විශේෂ ජනපති ආරක්ශක සෙබලුන්ගේ වගකීම්  හා ඔවුන් හට රැඳී සිටිය හැකි සීමා පිලිබඳ පැහැදිලි තීන්දු තීරණ ගන්නා ලදී.

එහෙත් ජනපති ඔබාමාගේ සංචාරය ආරම්භවූ විට මුම්බායි පොලිසියට දැක ගතහැකිවූයේ ඇමරිකාවෙන් ආනයනය කරන ලද ජනපති ආරක්ශක සෙබලුන්, මුම්බායි පොලිසීයේ විශේෂ කොමාන්ඩෝ සෙබලුන් ස්ථානගත කලයුතු ස්ථානවල, එනම් මුම්බායි නගරයේ වැදගත් ගොඩනැගිලි වල වහලවල් උඩ පවා කිසිදු අවසරයකින් හෝ දැනුම් දීමකින් තොරව රඳවා ඇති බවත් ඔවුන් මුම්බායි නගරයේ මහජනයා ගමන් කරන මාර්ගවලට පවා සිය අධිබල ස්නයිපර් තුවක්කු එල්ලකරගෙන සිටින බවත්ය. ඔවුන් හට ඉවත් වන ලෙසත්, කලින් ගිවිසාගත් පරිදි රැඳීසිටීමට අවසර ඇති ස්ථාන වල පමණක් රැඳෙන ලෙසත් මුම්බායි පොලිස් කොමසාරිස් දැනුන් දුන් නමුත් ඇමරිකන් නිළධාරීන් එම ඉල්ලීම ඉවත දැමූ නිසා මුම්බායි පොලීසිය හා අමෙරිකන් ජනාධිපති ආරක්ශක අංශය අතර ගැටුමක් නිර්මාණය වූ අතර මේ නිසාවෙන් ඔබාමාගේ පලමුදින, පලමු සංචාරය ප්‍රමාද වන්නට විය.

මුම්බායි පොලිස් කොමසාරිස්වරයා දැඩිව කියා සිටියේ අමෙරිකානුවන් කලින් ගිවිසාගත් පරිදි ක්‍රියාකල යුතු බවටත් අදාල ස්ථාන වලින් ඉවත් නොවුවහොත් ජනපති ඔබාමාගේ නගර සංචාරය අත්හිටුවීමට තමන් ක්‍රියාකරන බවත්ය. ඉන්දියාවේ පොලීසියේ නිළ අවසරය නොමැතිව රාජ්‍ය නායකයෙකුට වුවද ඉන්දියාවේ නගරවල ඇවිදින්නට අවසර නැත. ඔවුන්ගේ ආරක්ශාවේ වගකීම නීතියෙන් පැවරී ඇත්තේ එම නගරයේ හෝ ප්‍රාන්තයේ පොලිසියටයි. නීතිය එයයි. අවසානයේ මුම්බායි පොලීසිය ජයගත් අතර ඇමරිකන් ජනපත් ආරක්ශක සෙබලුන් සිය ආයුධ අකුලාගෙන පල්ලම් බැසීමෙන් පසු ප්‍රමාදවී ඔබාමාගේ නගර සංචාරය ඇරඹින.

මුම්බායි පොලීසියේ ක්‍රියාවට ජනතාවගෙන් පැසසුම් ලැබුනු අතර අදටත් මේ පොලිස් කොමසාරිස්වරයා හා ඔහුගේ නිළධාරී මඩුල්ල මුම්බායි නගරයේ ආරක්ශාව භාරව සිටියි.

ලංකාවේ නම්?

පොලිසියක ක්‍රියාශීලී බව මෙන්ම ආත්ම අභිමානය රැඳී තිබෙන්නේ පොලිස්පති වරයා හෝ පොලිස් නිළධාරින් අත පමණක් නොවේ, එය රැඳී ඇත්තේ පොලීසියට නායකත්වය දෙන දේශපාලකයින් අතය. දේශපාලකයින් පොලිසියට නියෝග දෙන්නට, දඬුවම් කරන්නට, සොරුන් තක්කඩින් බේරාහරින්නට, ස්ත්‍රී දූශකයින් හට ජනපති සමාව දෙන්නට ක්‍රියාකරන විට පොලීසියට බැනීමෙන් පලක් වේද?

අද පඳුරකට පයින් ගැසූවිට ජනපති උපදේශකයෙක්, සම්බන්ධීකරණ නිළධාරියෙක් හෝ ජනපතිගේ ලඟම නෑයෙක් විසිවේ. ජනපතිට එතරම්ම කර්යමණ්ඩලයක් සිටියි. නෑදෑ බුරුත්ත ලංකාවෙන් බාගෙකට වැඩිය. උන් එකෙකුටවත් නිළ රාජකාරි වශයෙන් කිසිවක් නැති නමුත් පොලීසියට බලපෑම් කිරීමට, තක්කඩීයෙකු නිදහස්කර ගැනීමට, චෝදනා වෙනස් කරගැනීමට බලයක් ඇත. ඔවුන් කියනා අන්දමට පොලීසිය කටයුතු නොකලහොත් ලොක්කාගේ සිට සොක්කා දක්වා මාරුකොට හැරීමට මේ ජනපති සුලඟ වදින ජනපති කා.කා.ස ලාට මෙන්ම ජනපති ගේ හිච්චි මාමලාට වගේම ඩෝබි නැන්දලාටද පුලුවන.

පොලීසිය නිදිවැදී ඇත්තේ එබැවිනි. පොලිසිය වැටී ඇත්තේ හොර නින්දකය. හොරට නිදන නිසා මොනයම්ම ක්‍රමයකින් හෝ ඇහැරව ගන්නට බැරිය. ඇහැරී රාජකාරිය කරන්නට ගොස් ස්ථානමාරු දඬුවමක් ලබාගන්නට, උසස්වීම ප්‍රමාද කරන්නට උවමනාවක් ඇත්තේ කාටද?

කියනදේ කරලා දෙන දෙයක් කාලා සිටීම ඊට වඩා හොඳය. පොලීසියේ සිටින්නේද මිනිස්සුය.




Saturday, March 17, 2012

අපනයන හිඟන්නාගේ පාත්තරයට කඩාවැටුනු මෝඩයා හා වාචාලයා


දේශීය අපනයනකරුවා චීනා, ඉන්දියානුවා හා අග්නිදිග ආසියාතියයන් හා කරන ගල උඩ සටන

අපනයන වෙළඳාම යනු ඉතා තරඟකාරී වෙළඳාමකි. විදෙස් ගැණුම්කරුවන් අපනයන වල මිල තීරණය කිරීමේදී අන්තිම සතය දක්වා හෙට්ටුකරයි. අපනයන භාණ්ඩයක් සඳහා ගැනුම් කරුවා ගෙවන මිල (අමෙරිකානු ඩොලර්වලින් - රුපියල්වලින් අපනයන මිල කිරීමක් නැත ) සතයකින් හෝ අඩුකරගත හොත් ආනයන කරුවාට වාසිසහගතය. එහෙත් අපනයන භාණ්ඩයක මිල අමෙරිකානු සතයක් හෝ අඩුවුවහොත්, උදාහරණයක් ලෙස අපේ ඇඟලුම් අපනයන කරුවෙකු ගතහොත් ඔහුට වන පාඩුව රුපියල් වලින් ඊයේ ඩොලර් මිල අනුව නම් රු.1.24කි. ඇඟලුම් ඒකක 50,000ක අපනයන ඇනවුමක් ගතහොත් ඇමරිකන් සතයකින් මිල අඩු කිරීමේ පාඩුව 1.24x50,000 = රුපියල් 62,000ක් වේ.

මෙවැනි පාඩු දරාගැනීම අපේ අපනයනකරුවන් හට ලෙහෙසිපහසු දෙයක් නොවේ. එහෙත් ඔවුන්ගේ තරඟකරුවන් වන චීනයේ, ඉන්දියාවේ, වියට්නාමයේ, තායිලන්තයේ, ඉන්දුනීසියාවේ, බ්‍රසීලයේ පිලිපීනයේ අපනයන කරුවන්හට එය එතරම් අමාරු කරුණක් නොවේ.

එයට හේතු කිහිපයකි. අපේ මේ මනරම්, ලෝකෙන් උතුම් දිවයිනේ නොමැතිවූවාට පාඩුවටහෝ අපනයන ඇනවුම් ලබාගැනීම සඳහා ඔවුන්ගේ රජයන් අපනයන කරුවන්හට ඉතා විශාල ලෙස සහන ලබාදෙයි.

අපනයන කරුවන් රැකගැනීමේ හා ඔවුනට පහසුකම්, දිරිගැන්වීම් හා සහයක සේවා ලබාදීම සඳහා ඇප කැප වුනු රාජ්‍ය ආයතන ඔය සෑම රටකම තිබේ. අඩු පොලී ණය, අපනයන රක්ශණ, අපනයන කර්මාන්ත සඳහා වෙන්කෙරුනු සියලු පහසුකම් සහිත කර්මාන්ත පුරයන්, අපනයන කරුවන්හට බදු වාසි වැනි දිරිමත් කිරීමේ වැඩපිලිවෙලවල් කැපවුනු ඇමතිවරුන්,  කැපවීමක් ඇති රජයේ නිළධාරීන්  මගින් මෙහෙයවයි.

එමෙන්ම සේවකසේවිකාවන් පුහුණු කිරීමේ වැඩපිලිවලවල්, අපනයනකරුවන් පුහුණු කිරීමේ වැඩපිලිවලවල්, අපනයනකරුවන් හට ගැනුම්කරුවන් මුනගැස්වීමේ ප්‍රදර්ශණ හා රැස්වීම් වසර පුරාම සෑම අපනයන කර්මාන්තයක්ම ආවරණය වන පරිදි සිදුවෙයි.

අපනයනකරුවන් අතින් වියදම් කරගෙන විදෙස් ගනුදෙනු කරුවන් හමුවෙද්දී රාජ්‍යනායකයා වන්දිභට්ටයින් සමග රට වන්දනාවේ යාම

අපේ අපනයනකරුවන් පිටරට ගැනුම් කරුවන් හමුවෙන්නට යන්නේ, විදෙස් ප්‍රදර්ශණ වලට සහභාගීවන්නේ අතින් වියදම් කරගෙනය. වෙන රටවල ජනාධිපතිවරු අගමැතිවරු පිටරට සංචාරවල යනවිට තම රටේ ඉන්නා දක්ශතම ව්‍යාපාරිකයින්, අපනයනකරුවන් හා ඔවුන්ගේ සහයට දක්ශ නිළධාරීන් හා රාජ්‍යතාන්ත්‍රිකයින් කැඳවාගෙන ගොස් තම රටට ඇනවුම් ලබාගැනීමට, වෙලඳ අවස්ථා ලබාගැනීමට වෙහෙසෙයි.

එහෙත් අපේ රටේ රජතුමා රට යනවිට ගෙනියන්නේ ව්‍යාපාරිකයින් අපනයනකරුවන් දක්ශ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් නොව නැට්ටුවන්, ඇත්ගොව්වන්, බෙරකරුවන්, වන්දිභට්ටයින් හා රටේ රීරිමාංශය උරාබී කටුත් සූප්පු කරන පල් හොරුන්ය. උන් විදෙස් සංචාරවලදී කරන්නේ සාප්පුසවාරි යාම, ජනතාවගේ බිලට වැඩිම මිල හෝටල්වල සුරසැප විඳීම හා ගණිකා ගුබ්බෑයම් වල රස්තියාදුවීමත් පමණකි.

මේ අනුව බලනකල හව්හරණක් නැති අපේ අපනයනකරුවන් චීන්නුන්, ඉන්දියානුවන් හා අග්නිදිග ආසියාතික තරඟකරුවන් හා කරන්නේ ගල උඩ සටනකි. මෙලෙස අමාරුවෙන් දහස්ගණන් අපනයන කර්මාන්තයෙන් රැකෙන ශ්‍රමිකයින්ගේ රැකියාවන් ආරක්ශාකරමින්  ගල උඩ සටනක් කරමින්  සිටිනා අපෙගේ අපනයනකරුවන්ගේ හිඟන පාත්තරයට රජපස රජයේ ආනුභාවයෙන් මෝඩයෙකු හා වාචාලයෙකු කඩාවැටී ඇත.

ගවනර් මෝඩයාගේ ඩොලර් සූදුව

අප මහබැංකු අධිපති ගවනර් රටේ අපනයන කරුවන් හා විදෙස් ශ්‍රමිකයින් අමාරුවෙන් උපයාගන්නා ඩොලර් ටික පුච්චමින් රජාගේ මූන සුදු කරන්නට රුපියල ඉහල අගයක රඳවාගෙන සිටිමින් අපනයන වලට කෙලවීය. ඉන් නොනැවතුනු ඔහු ඉන්පසු කිසිදු වගවිභාගයකින් තොරව රුපියල කඩාවැටෙන්නට සැලැස්විය. බැලූබැල්මට රුපියල අවප්‍රමාණවීම අපනයනවලට වාසියකි.

එහෙත් වාසිය අවාසිය වන්නේ අපේ අපනයනවල දේශීය අන්තර්ගතය 10%-20% පමණ අවම ප්‍රමාණයේ තිබෙනා බැවිනි. අපේ අපනයන සඳහා බොහෝ අමුද්‍රව්‍ය ආනයනික ඒවා වෙයි. ඇඟලුම් වැනි කර්මාන්ත ගතහොත් දේශිය යෙදැවුම ශ්‍රමයට සීමා වන අතර බොත්තමේ, ඉලාස්ටික් පටියේ සිට ආනයනය කරයි නැතහොත් ඒවා සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරයි.

රුපියල අවප්‍රමාණ වූවිට ආනයනවල මිල වැඩිවෙයි. මේ ආනයන පාරිභෝජනය සඳහා වන ආනයන පමනක් නොව අපනයන සඳහා වන යෙදැවුම්, අමුද්‍රව්‍ය හා ප්‍රාග්ධන භාණ්ඩද වේ. ඒවායේ මිල වැඩිවීමෙන් වන්නේ රුපියල අවප්‍රමාණ වුවද අපේ අපනයන වල වැය අධික වීමයි. ඒ අනුව තරඟකාරී මිලකට අපේ අපනයන විකිණීමට නොහැකිවේ.

ගවනර් මෝඩයාගේ රුපියල් ඩොලර් සූදුව නිසා මුඛපූට්ටුවී සිටිනා අපනයනකරුවාට රජපසලාගේ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ මහා පරිමාණ වංචා දූශණ නිසා සිදුවන පාඩුව මකා ගැනීමට ඉන්ධන මිල, විදුලිබල බිල වැඩිකිරීම හා ඒ අනුව සිදුවන් ප්‍රවාහන ගාස්තු වැඩිවීම සලකනවිට දේශීය අපනයනකරුවාගේ මිනිපෙට්ටියට ඇණ වදිනා ආකාරය පැහැදිලිය.

වාචාලයාගේ ඇමරිකන් විරෝධය

ගවනර් අපනයන කරුවාගේ ඔලුවට කොටන විට වාචාලයා බොරු දේශප්‍රේමී ඇමරිකන් භාණ්ඩ වර්ජනයක් ගැන කෑගසමින් අපනයන කරුවාගේ කකුල්කෙටිදෙක කඩාදමන්නට සැරසෙයි. අපගේ අපනයන කර්මාන්තය රඳාපවතින්නේ ඇමෙරිකාව හා යුරෝපයේ ඇනවුම් මතය. ලංකාව ඇමරිකන් භාණ්ඩ වර්ජනය කලහොත් ලංකාවේ අපනයනවලට තිතතබා ඒවා චීනයෙන් හෝ ඉන්දියාවෙන් ලබාගැනීමට ඇමරිකන් කාරයාට පුලුවන.

අපි ඇමරිකන් බඩු නොගත්තා යයි කියා ඇමරිකන් කාරයායේ මයිලකටවත් හානියක් නැත. හානිය අමාරුවෙන් අපනයන ව්‍යාපාර කරන අපේම එවුන්ටය.

මොලය උඩ ඉඳගෙන උණ්ඩුකපුච්චයෙන් සිතනා වාචාලවන්ංශලාට රටට හෙනගැසූවාට කම්නැත. වාචාලයාට අවශයවන්නේ මුදල් හා යෝනි සැප පමණකි. මේ සියලු නරිනාඩගම් රටට ඇති ආදරය නිසා නොව සල්ලි හා යෝනි සැපයුම රඳවාගැනීමට කෙසේ හෝ ඇමති පට්ටමේ එල්ලී සිටීම සඳහාය. මුගේ දේශප්‍රේමය තරම එලෙසය. ඇමරිකාව පෙන්නන්නට බැරිවුනාට ලමයි ඉස්කෝලේ නිවාඩුවට යන්නේ ඇමරිකාවේ ඩිස්නිලන්තයටය. යුරෝපය පෙන්නන්නට බැරිවුනාට යන්නේ ප්‍රංශයටය.

අපේ අපනයන කරුවන් අමෙරිකන් ගැනුම්කරුවන් එන විදෙස් ප්‍රදරශණ වල රස්තියාදු වෙමින් අමාරුවෙන් ලබාගන්නා අපනය ඇනවුම් මේ වාචාල දේශපාලන හිඟන්නාගේ මෝඩ සටන්පාඨ වලින් වැනසීයන්නට පෙර මේ අමන වාචාලයාගේ කටට පාංකඩ ඔබා දැමීමට රජය තුල සිටිනා මොලේ කළඳක් හෝ ඇති මිනිසුන් පියවරගත යුතුය.








ගූගල් සමාගම යුධ මෙහෙයුම් සඳහා ඇමෙරිකාවට සිතියම් ආශ්‍රිත තොරතුරු සපයනු ලබයි?

// ගූගල් සංවිධානය යුධ මෙහෙයුම් සඳහ ඇමෙරිකාවට සිතියම් ආශ්‍රිත තොරතුරු සපයනු ලබයි....// 

ඉහත වාක්‍යය මා පලකල එක් උපහාසාත්මක බ්ලොග් ලිපියකට ඇනෝනිමස් ලෙසින් කොමෙන්ටුවක් දැමූ අයෙකු පලකල අදහසකි. එය කියවූ මට එක්වරම සිනහා පහලවූවත් ඒ පිලිබඳව යම් ගවේශණයක් සිදුකොට තොරතුරු කිහිපයක් මා පාඨකයින් හමුවේ තබන්නට සිත්වූයේ අපරටේ බොහෝ දෙනෙකු මෙවැනි ළාමක බොලඳ අදහස් හිස් මුදුනින් පිලිගන්නා, වීවරංශාභිධාන අනෙකුත් වාචාලයින්ගේ බොරු හොන්ඩර ගණනින් ගිලදමනා අයවලුන් බව සිහිපත් වීමෙනි. 

 "අමෙරිකන් යුධ හමුදා නායකයින් යුධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට ඇවැසි සිතියම් ලබාගැනීමට ලඟම ඇති සයිබර් කැෆේ එක වෙත දුව ගොස් ගූගල් අර්ත් ඩවුන්ලෝඩ් කරගෙන සිතියම් ලබාගන්නවා යයි ඔබට සිතන්නට පුලුවන්ද?" 

වීරවංශා අනුගාමිකයින් හට නම් එය පරම සත්‍යයකි. ගූගල් මැප්ස් නැතිනම් අමෙරිකන් හමුදාව මිලිටරි ඔපෙරේශන් කරලා හමාරය. එතකොට ගූගල් මැප්ස්, ගූගල් අර්ත් සේවා හඳුන්වාදෙන්නට කලින් අමෙරිකන් හමුදාව මෙහෙයුම් කලේ කොහොමද දන්නේ නෑ නේද? 

මෙවැනි බොලඳ තර්ක පිලිගන්නවුන් අතර උගත්, වැදගත් යමක් කමක් දන්නා, ලොකු රස්සා කරන ඉංග්‍රීසි පොතපත පවා පරිශීලනයට හැකියාවක් දැනුමක් ඇති නෝනා මහතුන්ද විශාලවශයෙන් ඇත. 

වීරවංශලාගේ පට්ටපල් බොරු වලට නොරැවටෙන්න...ඇත්ත දැනගන්න...

අමෙරිකානු ත්‍රිවිධ හමුදාවට සිතියම් සකසන නිළ ආයතනය 

අමෙරිකානු ත්‍රිවිධ හමුදාවට සිතියම් සකසන නිළ ආයතනය වන්නේ අපේ ඇනෝනිමස් මහතා හා ඔහුගේ පාත්‍ර වර්ගයා සිතා සිටිනා පරිද්දෙන් ගූගල් අර්ත් සේවාව නොව National Geospatial-Intelligence Agency නම් රහස් තොරතුරු ඒජන්සියයි. 

මෙම ආයතනය යටතේ; 

Army Map Service (AMS) / U.S. Army Topographic Command (USATC) 
Aeronautical Chart Plant (ACP) 
Defense Mapping Agency (DMA) 
DMA Topographic Center (DMATC) 
National Photographic Interpretation Center (NPIC) 
National Imagery and Mapping Agency (NIMA) 

වැනි සිතියම් හා භූගෝලීය තොරතුරු සපයන ආයතන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි. අමෙරිකානු ත්‍රිවිධ හමුදාවට හා ඔත්තු සේවාවලට අවශ්‍ය සිතියම් හා භූගෝලීය/භූ විශමතා දත්ත ලබාදෙන්නේ මේ ආයතන විසින් මිස වීරවංශ ලෝලීන් විශ්වාස කරන පරිද්දෙන් ගූගල් මුදලාලි විසින් නොවේ. 

අමෙරිකානු ඔත්තු බලන චන්ද්‍රිකා පාලන හා මෙහෙයුම් ඒජන්සිය 

 අමෙරිකානු ඔත්තු සේවාවලට අවශ්‍ය රහස් තොරතුරු හා ඡායාරූප ලබාදෙන ඔත්තු බලන චන්ද්‍රිකා නිර්මාණය කරන්නේත්, ඒවා උඩුගුවනට යැවූ පසු ඒවා පාලනය කරන්නේත් ඡායාරූප හා දත්ත ලබාගෙන ඒවා අමෙරිකානු ඔත්තු සේවා අතර බෙදාහරින්නේත් National Reconnaissance Office හෙවත් NRO නම් බුද්ධි තොරතුරු කාර්‍යංශය මගිනි. එන්.ආර්.ඕ ආයතනය අමෙරිකා එක්සත් ජනපද රජය සතු ඔත්තු සේවා 16 අතරින් ඉතා වැදගත් එකකි. 

NRO ආයතනය සතු ඔත්තු බලන චන්ද්‍රිකා පහත දැක්වෙන ආකාරයට ඒවායේ කාර්‍යභාරය අනුව වර්ගීකරනය කොට ඇත.

High resolution photography (IMINT) 
Measurement and Signature Intelligence (MASINT) - ඉලක්ක මැනුම්කරනය හා ඉලක්කවලට අදාල අනන්‍ය සාධක (signature) පිලිබඳ තොරතුරු රැස් කරන චන්ද්‍රිකා 
Communications eavesdropping (SIGINT) - දුරකථන හා රේඩියෝ පණිවුඩ වලට රහසේ සවන්දෙන චන්ද්‍රිකා 
Covert communications satellites - අමෙරිකානු හමුදා අතර රහස් පණිවුඩ හුවමාරු කරන චන්ද්‍රිකා 
 Missile launch detection satellites 

අමෙරිකානු ඔත්තු බලන ගුවන්යානා බලගණයන් (United States reconnaissance squadrons) 

1st Reconnaissance Squadron, 4th Expeditionary Reconnaissance Squadron, 5th Reconnaissance Squadron 6th Reconnaissance Squadron, 11th Reconnaissance Squadron, 12th Reconnaissance Squadron, 13th Reconnaissance Squadron, 15th Reconnaissance Squadron, 17th Reconnaissance Squadron, 18th Reconnaissance Squadron, 30th Reconnaissance Squadron, 38th Reconnaissance Squadron, 45th Reconnaissance Squadron, 46th Expeditionary Reconnaissance Squadron, 78th Reconnaissance Squadron, 82d Reconnaissance Squadron, 95th Reconnaissance Squadron, 99th Reconnaissance Squadron, 111th Reconnaissance Squadron, 343d Reconnaissance Squadron, 362d Expeditionary Reconnaissance Squadron, 489th Reconnaissance Squadron 

අමෙරිකන් ගුවන් හමුදාව සතුවන, දැනට ගණනින් 22ක් වන ඔත්තු බලන ගුවන් යානා බලගණ සංඛයාවක් සක්‍රිය මෙහෙයුම් වල යෙදී සිටියි. මෙම ඔත්තු බලන ගුවන් යානා අතර නියමු සහිත U2 වැනි ගුවන් යානා මෙන්ම ප්‍රිඩේටර්, රීපර්, මැන්ටිස් වැනි නියමු රහිත යානාද, ස්ථරගෝලය (stratosphere) හා ඊටත් ඉහලින් පාවෙමින් ඡායාරූප ගන්නා ඔත්තු බලන බැලූනද ක්‍රියාත්මක කරවයි. 

අමෙරිකානු ත්‍රිවිධ හමුදාව සිය මෙහෙයුම් සඳහා සිතියම්, තොරතුරු, ඡායාරූප හා රහස් ඔත්තු ලබාගන්නේ මේ සේවාවන් ආධාරයෙන් මිස සයිබර් කැෆේ වල, laptop වල දුවන ගූගල් මැප්ස් වලින් නොවේ.





Friday, March 16, 2012

ශ්‍රි ලංකා-යුරෝපීය සංවර්ධන බැංකුව විවෘතකෙරේ!

Wednesday, 02 January 2014 [ Financial Times - London]

පරිවර්තනය .....

යුරෝපීය රටවල සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට සහභාගිවී උපකාර කල හැකි යාන්ත්‍රණයක් ලෙස බිහිකල ශ්‍රී ලංකා-යුරෝපීය සංවර්ධන බැංකුව ඊයේ (1වැනිදා ) ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රාජපක්ශවාදී මිහින්ලන්ත ජනරජයේ වානිජ අගනුවර වන කොළඹදී උත්සවාකාරයෙන් විවෘත කෙරිනි.

මිහින්ලන්තයේ අග්‍රාමාත්‍ය තැන්පත් බැසිලස් රාජ්පක්ශ උතුමාණන් අතින් විවෘත වුන මේ බැංකුවේ අරමුණ අතිශයින්ම සමෘධිමත් මිහින්ලන්ත රාජ්‍යයේ සීග්‍රයෙන් වර්ධනය වෙමින් කඳු ගැසී ඇති ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සංචිත පලදායි කාර්යයකට යෙදවීමයි. දැන් ණය බරිනි මිරිකී පීඩා විඳින යුරෝපීය වැසියන් දුකින් මුදවාගෙන සුඛිතමුදිත කිරීමේ පුණ්‍යකර්මය වෙනුවෙන් මේ බැංකුව ආරම්ඹ කරන ලද බව බැසිල්ස් උතුමා උත්සව සභාව හමුවේ සිය පැය තුනහමාරේ දේශණයේදී පවසා සිටියේය.

යුරෝපයේ සියලුම රටවල්වල මුදල් ඇමතිවරුන් හා තානාපතිවරුන් සහභාගීවුනු මේ උත්සවයේදී බැසිලස් තුමා යුරෝපය තම රට බංකොලොත් කිරීමට හා ඔහුගේ සදාදරණීය නායක මහින්දතුමා දංගෙඩියට යැවීමට කුමණ්ත්‍රණය කල ආකාරය සිහිපත්කල අතර මහින්ද චින්තනය අනුව යමින් ඒ සියලු ගැටලු වලින් මිදී ශ්‍රී මිහින්ලන්තය ලෝකයේ සමෘද්ධිමත්ම රාජ්‍යය බවට ඉතා කෙටි කලකදී (වසර 2යි)පත්කල ආකාරය දීර්ඝවශයෙන් විස්තර කලේය. එදා තමා අනාගතයේදී මිහින්ලන්තය යුරෝපයට පවා ණය දෙන බව පැවසූවිට යුරෝපයට ගැති අධිරාජ්‍යවාදී වෙබ් අඩවි හා බ්ලොග්කාරයින් තමාව අවඥාවට ලක්කල ආකාරයද සිහිපත්කලේය.

මෙහිදී ස්තූතිකතාව සිදුකල යුරෝපා සංගමයේ සභාපති යුරෝපය විසින් ඇමරිකාවේ නොමග යැවීම මත මිහින්ලන්තයට විරුද්ධව කරන ලද කෙනෙහිලිකම් පිලිබඳව යුරෝපීය ප්‍රජාව වෙනුවෙන් සමාව අයදින ලද අතර යුරෝපය මින් මනතට මිහින්ලන්තයට විරුද්දව වචනයක් හෝ නොකියන කීකරු බලුකුක්කෙකු විලසින් සිටිනා බවට ප්‍රතිඥාදුන්නේය.

යුරෝපයට ණයදෙන බැංකුවේ සභාපති ලෙස පත්කොට ඇති මිහින්ලන්ත මහ බැංකුවේ ගවනර් තැන්පත් කබ්සිරාල් පිරමිඩ් තුමා යුරෝපයට ණය දෙන්නේ දැඩි කොන්දේසි මත පමණක් බව පවසා සිටියේය. යුරෝපීය රටවල නායකයින්ට ජවුසන් නටන්නට බොරු උත්සව නාඩගම් පෙන්වන්නට ණය නිකුත් නොකරන බවට අවධාරනය කල කබ්සිරාල්තුමා ණය දෙන්නේ පහත කොන්දේසි අකුරටම ඉටුකරන රටවල් වලට පමණක් බව පවසා සිටියේය. එම කොන්දේසි මෙසේයි.

* යුරෝ මුදල් ඒකකය පාවෙන්නට හැරිය යුතු අතර යුරෝ සංචිත,ඩොලර් සංචිත පුච්චමින් බලෙන් වටිනාකම් රඳවාගෙන නොසිටිය යුතුය

* යුරෝපයේ පොලී අනුපාත වැඩිකොට ණය දීම් අඩුකොට උද්ධමනය පාලනය කල යුතුය.

* විදෙස් මුදල් සංචිත වර්ධනය වන්නට අපනයන දිරිමත් කල යුතු අතර ආනයන පාලනය කරගත යුතුය

* ණය දෙන්නේ මිහින්ලන්ත රජය අනුමත කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණකි

මෙම උත්සවයට ඇමරිකානු උප ජනාධිපති සහභාගීවී සිටි නමුත් යුරෝපීය නායකයින් ඔහුව මගහරිමින් නොදැක්කා සේ සිටියේ ඇමරිකන් ලනු නිසා නිරපරාදේ මිහින්ලන්තය වැනි වටිනා මිතුරෙකුට කෙනෙහිලිකම් කරන්නට යුරෝපයට අතීතයේදි සිදුවූ බව සිහිපත්කරමිනි.

"ඔය යකා එක්ක කතාබහ කරලා අපිට මිහින්ලන්තයේ නායකයින් තරහකරගන්නට බෑ..." යනුවෙන් යුරෝපීය නායකයින් කිහිප පොලක් ෆයිනෑන්ශල් ටයිම්ස් වාර්තාකරුවාට පවසා තිබුණි. 

කොන්වී සිටි ඔහු උත්සවය අවසානයේ පැවැත්වූ හැලප හා ප්ලේන්ටි සාදයට පවා නොසිට ත්‍රී වීලරයකින් ගුවන්තොටුපොල බලා යන ආකාරය මාධ්‍යවේදීන්ට දැක ගන්නට හැකිවිය.

මෙම උත්සවයට ශ්‍රී මිහින්ලන්ත ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමාට සහභාගීවන්නට නොහැකිවුනේ චීනය හා තායිවානය අතර උද්ගතවී ඇති අර්බුධය සමතයකට පත්කර දෙන ලෙස එම දෙරටේම නායකයින් කරන ලද ඉල්ලීමකට අනුව බීජීං නුවරට හදිසි සංචාරයක් සඳහා ගොස් සිටි බැවිනි. මිහින්ලන්ත ජනාධිපතිතුමාගේ චීන-තායිවාන සංචාරයට එතුමාගේ සහය පිනිස 350කට අධික පරිවාර නිළධාරී හා මැති ඇමතිවරු සේනාවක් සහභාගී වී ඇති බැවින් උත්සව සභාවේ පුටු විශාල ප්‍රමාණයක මැස්සන් ඇහිරි සිටිනු දක්නට ලැබුණි.